නීතියේ ආධිපත්‍ය උල්ලංඝණයවීම නිසා අසාධාරණයට ලක්වූවන්ට කරුණු වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීතියේ ආධිපත්‍ය පිළිබඳ ස්ථාවර කාරක සභාවක් පත්කර ඇත.
එම කමිටුවට හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අංක 153, මිහිඳු මාවත, කොළඹ 12 යන ලිපිනයට ලිඛිතව හෝ සංගමයේ ඕනෑම ශාඛාවකට තමන්ට වූ අසාධාරණයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හැකි බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ”ලංකාදීප”යට පැවැසීය.
නීතිඥ ප‍්‍රියන්ත ගමගේ මහතා කැඳවුම්කරුය, මෙම කමිටුවේ චන්ද්‍රා කුමාරගේ, ජේ.සී. වැලිඅමුණ, ඇන්ටන් පන්තියනායගම්, කමල් නිශ්ශංක, කේ.එස්. රත්නවේල්, සුනිල් ජයරත්න, සුනිල් වටගල, විජය නිරංජන් පෙරේරා යන නීතිඥවරු ද නාලිනී මනතුංග, නාලිනී ජයතිලක හා හරිෂ්කා සරමනායක යන නීතිඥවරියෝ ද සාමාජිකයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 11000ක සම්පුර්ණ සාමාජිකයෝ ඔක්කොම විපක්ෂේ අයද? හරි හැටි කරුණු දන්නේ නැතිව අඥාන කතා කියන්න එපා. (නි)
මාලක, නීතිඥවරයෙක් ඔය කියන විදිහේ නඩුවකට හිටියොත් නිදහසට කරුණු කියල පෙර වැරදි නැත්නම් ඒ බවත් කියලා දඬුවම ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලාවී. තමුන්ටත් තමුන්ගේ නඩුවේදී එහෙම කළහැකියි හැබැයි හුඟක් අය වැරදි කරු කියල නිකන් ඉන්නවා එතකොට දඬුවම ඊට වඩා වැඩියි.(නදී)
සමහර නඩුකාරතුමන්ලාත් නීති සහය නැත්නම් දඩය දෙගුණ තෙගුණ කරනවා. රිය පැදවීමේ නඩු වලදී වැරදිකාරයා කිව්වම නීති සහය ගත්තද කියලා අහලා නැහැ කිව්වොත් දඩය දෙගුනයයි. (නි)
සුනිල්, නඩුවකට නීතිඥවරයෙක් තියන්න අනිවාර්යයි කියලා නීතියක් නැති නිසා ඔයාට ඔයාගේ නඩුවට පෙනිසිටින්න පුළුවන් නේ. මොකටද නිකන් සල්ලි පුදන්නේ නීතිඥවරුන්ට? (නි)
තිසල්, ඔයා හරි.මමත් ඉඩම් නඩුවක 20 අවුරුද්දක් ඉන්න කෙනෙක්. නීතිඥයින් දෙපැත්තම නඩුව කල්දමා දමා මුදල් හම්බකරනවා.නීති සංගමය මුලින්ම තම සාමාජිකයන්ගේ මේ ක්‍රියාකලාපය හදන්න. එසේම නඩු වලට අය කිරීම් සඳහා ක්‍රියාපටිපාටියක් හදන්න.සමහර අය ගෝලයකුත් ගෙනල්ලා දෙන්නටම රුපියල් 45000 වගේ විශාල මුදලක් අය කරනවා. මේවා පව් වැඩ නේද? (නි)
නීතිඥයින් කරන්නේ තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමයි. ඒක පැමිණිල්ල වෙනුවෙනුත් විත්තිය වෙනුවෙනුත් කරනවා. නීතිඥයෙක් බොරු කියනවා නම් අනික් පැත්තේ නීතිඥයන්ට හෝ පොලිසියට හෝ ඒ බව විනිසුරුට කිව හැකියි. ඇත්ත නැත්ත තෝරා බේරාගෙන තීන්දුවක් දෙන්නයි උගත් විනිසුරුවරයෙක් ඉන්නේ. දැකලා නැද්ද බොරු පැමිණිලිවලට පොලිසියෙන් අහිංසකයෝ පටලවපු අවස්ථා? ඒ මිනිස්සු බේරා ගන්න කතා කරන්නේ කවුද? දැන් මෙතනදී නීතිඥ සංගමය කරන්න යන්නේ බලධාරීන් නීතිය වැරදි ලෙස යොදල බැට දෙන මිනිස්සු වෙනුවෙන් පිහිටක් වෙන්නයි. හැම දෙයක්ම පාට කන්නාඩියෙන් බලන නිසා අපට හොඳ හොඳක් හැටියට දකින්න බැහැ. (නි)
ලන්කාවෙ සමස්ත නිති පද්ධතියම දුර්වලයි. ඔය මොනවා කළත් වෑඩක් නැහැ. මුල ඉදන්ම හදන්න ඕනෑ. ඒ වැඩේ කරන්න පුලුවන් කාටද කියලා දන්නවා ඇතිනෙ.. (නි)
මොහොමඩ් සලාම්, කලබල නොකරන සේනාව ගැනත් අපි හොදට දන්නවා (නි)
නීතිය සුරකින්න නම් උසාවියේදී මේ නීතිඥවන්ට සත්‍ය පැත්තට විතරයි කතා කරන්න වෙන්නේ. එයා ඔබලාට කළ හැකිනම් ඉතාමත් හොඳයි. නීතිය පොත පතට විතරක් නොරැක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවානම් ගත් පියවර අගෙයි.(නදී)
සේරම්, මේ රටේ වැස්සටත් බනින අව්වටත් බනින අයනේ ඉන්නේ. හොඳ දේ අගේ කරන්න හුඟක් අය දන්නේ නැහැ. සමහර මිනිමරුවන්ව බොරු කියලා බේරගන්න හදන සමහර නීතිඥවරුන්ට ඉහළම වරප්‍රසාද ලැබෙනවා කියලත් දන්නවද? (නි)
මේ විදියටවත් නීතිය රැකගන්න පුලුවන් නම් ලොකු දෙයක්. (නි)
අන්තිමේදී ජේ.වී.පිය යු.ඇන්.පියත් එක්ක එකතු වෙන්න හේතුවක් හොයා ගත්තා. එල්ලෙන්න වැල් නැතිව හිටපු ජේ.වී.පියට යන්තම් ආණ්ඩුවෙන් විදුලි බිල වැඩි කරලා හේතුවක් හදලා දුන්නා. විලි ලජ්ජා නැනේ හැබැටම. ජේවීපිය 70 වේ සිරිමා දිනෙව්වා 71 සිරිමගෙන් ගුටිකෑවා. 94 චන්ද්‍රිකා දිනෙව්වා චන්ද්‍රිකාත් ගැහුවා. 2005 මහින්ද දිනෙව්වා ඒ පාර නැති බංග කළා. දැන් රනිල්ට කඩේ යනවා. දිනුවට පස්සේ කොරන දේ බලන්න පුළුවන්.(නදී)
මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය යන්නේ නීතිය සුරකින්න නෙමේ. කාගේ හෝ පටු දේශපාලන අරමුණු වලට සහය දෙන්න. මේ අය තමා ඕනෙම ජරා වැඩත් මිනි මරණ අය වෙනුවෙන් බොරු කියන්නේ සල්ලි වලට. නම් වලින් නොකිව්වට පසුගිය වකවානුවේ වුන සිද්දීන් දිහා බලන්න. අහිංසක මිනිස්සු හිරේ. සල්ලි තියෙන මිනි මරුවෝ එළියේ. මේ නීතිය සුරකින අයගේ පිහිටෙන්.(නදී)
නාලන්දා විදුහලේ විදුහල්පති අකටයුතුකමක් සම්බන්ධයෙන් ඔහුටත් චෝදනා ඇති නිසා ඔහුටත් මෙමගින් යම් නීති විරෝදී යමක් කර ඇත් නම් නිතිය ඉදිරියට ගෙන එනු ඇති බව අපි විශ්වාස කරනවා. මන්ද ඔහු නිසා ලොකු අසාධාරණයක් විදුහලට වී ඇති බැවිනි.(නදී)
මේක විපක්ෂයේ තවත් එක සංගමයක්.(නදී)
මේ සංගමෙයේ ඉන්නේ ඇත්තටම මේක කරන්න උවමනා අය නෙමේයි.(නදී)
බොහොම හොඳියි. මෙමගින් ඔහු කල අත්තනෝමතික නීති විරෝදී වැඩ සොයා බලා නිතිය ඉදිරියට ගෙන එනු ඇති බව අපි විස්වාස කරනවා. මන්ද ඔහු නිසා ලොකු අසාධාරණයක් විදුහලට වී ඇති බැවිනි.(නදී)
වැඩියෙන්ම චෝදනා තියෙන්නේ අර කලබල සේනාවට විරුද්ධව වෙන්න ඕනෑ
මිනිස්සු වැඩියම අසාධාරණයට ලක්වන්නේ නීතිඥවරු නිසා.මුදල් ගරාගැනීම සඳහා නඩු වාර කල් දැමීමෙන්, සාධාරණය ඉටුවීමට බොහෝ කල් ගත වෙනවා. දුර බැහැර පළාත්වල මිනිස්සු වැඩිපුරම බස් වල නැගලා නගරයට එන්නේ රෝහලටයි උසාවියටයි.එක නඩුවකට පැටලුනොත් සේසතම විනාශයි. පැමිනිලිකාරයත්, විත්තිකාරයත්,සාක්ෂිකාරයත් කියන පාර්ශව තුනම මැරෙනතුරුම උසාවියේ. මේ නිසා මිනිස්සු අපරාධයක් දැක්කත් අහකබලාගෙන යනවා. පැටෙලෙන්න වෙයි කියලා.සමහරු කඩුවක් පිහියක් අරන් තමන්ම විසඳගන්න යනවා. මිනිස්සුන්ට උදව්කරන්න අවශ්‍යනම් කරුණාකර තම සාමාජිකයන් හරි මගට ගන්න. එය මුළු සමාජයටම කරන සේවයක්. (නි)
මේවට ගිහිල්ල අන්තිමට සුදු වෑන් වලින් ගෙදර එනවට වඩා හොඳයි මේ විදිහටම ඔලුව පාත් කරගෙන මැරිලා යනවා (නි)