IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නීතිය සුරකින්න කමිටුවක්

නීතියේ ආධිපත්‍ය උල්ලංඝණයවීම නිසා අසාධාරණයට ලක්වූවන්ට කරුණු වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීතියේ ආධිපත්‍ය පිළිබඳ ස්ථාවර කාරක සභාවක් පත්කර ඇත.
එම කමිටුවට හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අංක 153, මිහිඳු මාවත, කොළඹ 12 යන ලිපිනයට ලිඛිතව හෝ සංගමයේ  ඕනෑම ශාඛාවකට තමන්ට වූ අසාධාරණයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හැකි බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ”ලංකාදීප”යට පැවැසීය.
නීතිඥ ප‍්‍රියන්ත ගමගේ මහතා කැඳවුම්කරුය, මෙම කමිටුවේ චන්ද්‍රා කුමාරගේ, ජේ.සී. වැලිඅමුණ, ඇන්ටන් පන්තියනායගම්, කමල් නිශ්ශංක, කේ.එස්. රත්නවේල්, සුනිල් ජයරත්න, සුනිල් වටගල, විජය නිරංජන් පෙරේරා යන නීතිඥවරු ද නාලිනී මනතුංග, නාලිනී ජයතිලක හා හරිෂ්කා සරමනායක යන නීතිඥවරියෝ ද සාමාජිකයෝය.



අදහස් (0)

නීතිය සුරකින්න කමිටුවක්

රොහාන් Wednesday, 15 May 2013 03:29 PM

මේ සංගමෙයේ ඉන්නේ ඇත්තටම මේක කරන්න උවමනා අය නෙමේයි.(නදී)

:       0       0

පෙරේරා Thursday, 16 May 2013 09:01 AM

මාලක, නීතිඥවරයෙක් ඔය කියන විදිහේ නඩුවකට හිටියොත් නිදහසට කරුණු කියල පෙර වැරදි නැත්නම් ඒ බවත් කියලා දඬුවම ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලාවී. තමුන්ටත් තමුන්ගේ නඩුවේදී එහෙම කළහැකියි හැබැයි හුඟක් අය වැරදි කරු කියල නිකන් ඉන්නවා එතකොට දඬුවම ඊට වඩා වැඩියි.(නදී)

:       0       0

කමල් Wednesday, 15 May 2013 03:31 PM

මේක විපක්ෂයේ තවත් එක සංගමයක්.(නදී)

:       0       0

නෙතුමිණි Wednesday, 15 May 2013 08:32 PM

නීතිය සුරකින්න නම් උසාවියේදී මේ නීතිඥවන්ට සත්‍ය පැත්තට විතරයි කතා කරන්න වෙන්නේ. එයා ඔබලාට කළ හැකිනම් ඉතාමත් හොඳයි. නීතිය පොත පතට විතරක් නොරැක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවානම් ගත් පියවර අගෙයි.(නදී)

:       0       0

මාදව Wednesday, 15 May 2013 04:35 PM

නාලන්දා විදුහලේ විදුහල්පති අකටයුතුකමක් සම්බන්ධයෙන් ඔහුටත් චෝදනා ඇති නිසා ඔහුටත් මෙමගින් යම් නීති විරෝදී යමක් කර ඇත් නම් නිතිය ඉදිරියට ගෙන එනු ඇති බව අපි විශ්වාස කරනවා. මන්ද ඔහු නිසා ලොකු අසාධාරණයක් විදුහලට වී ඇති බැවිනි.(නදී)

:       0       0

නුවන් Wednesday, 15 May 2013 10:41 PM

මොහොමඩ් සලාම්, කලබල නොකරන සේනාව ගැනත් අපි හොදට දන්නවා (නි)

:       0       0

මෙතුජ Wednesday, 15 May 2013 11:47 PM

ලන්කාවෙ සමස්ත නිති පද්ධතියම දුර්වලයි. ඔය මොනවා කළත් වෑඩක් නැහැ. මුල ඉදන්ම හදන්න ඕනෑ. ඒ වැඩේ කරන්න පුලුවන් කාටද කියලා දන්නවා ඇතිනෙ.. (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 15 May 2013 01:33 PM

මේ විදියටවත් නීතිය රැකගන්න පුලුවන් නම් ලොකු දෙයක්. (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 May 2013 05:41 PM

මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය යන්නේ නීතිය සුරකින්න නෙමේ. කාගේ හෝ පටු දේශපාලන අරමුණු වලට සහය දෙන්න. මේ අය තමා ඕනෙම ජරා වැඩත් මිනි මරණ අය වෙනුවෙන් බොරු කියන්නේ සල්ලි වලට. නම් වලින් නොකිව්වට පසුගිය වකවානුවේ වුන සිද්දීන් දිහා බලන්න. අහිංසක මිනිස්සු හිරේ. සල්ලි තියෙන මිනි මරුවෝ එළියේ. මේ නීතිය සුරකින අයගේ පිහිටෙන්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 01:40 PM

මේවට ගිහිල්ල අන්තිමට සුදු වෑන් වලින් ගෙදර එනවට වඩා හොඳයි මේ විදිහටම ඔලුව පාත් කරගෙන මැරිලා යනවා (නි)

:       0       0

උපාලි Thursday, 16 May 2013 02:31 AM

නීතිඥයින් කරන්නේ තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමයි. ඒක පැමිණිල්ල වෙනුවෙනුත් විත්තිය වෙනුවෙනුත් කරනවා. නීතිඥයෙක් බොරු කියනවා නම් අනික් පැත්තේ නීතිඥයන්ට හෝ පොලිසියට හෝ ඒ බව විනිසුරුට කිව හැකියි. ඇත්ත නැත්ත තෝරා බේරාගෙන තීන්දුවක් දෙන්නයි උගත් විනිසුරුවරයෙක් ඉන්නේ. දැකලා නැද්ද බොරු පැමිණිලිවලට පොලිසියෙන් අහිංසකයෝ පටලවපු අවස්ථා? ඒ මිනිස්සු බේරා ගන්න කතා කරන්නේ කවුද? දැන් මෙතනදී නීතිඥ සංගමය කරන්න යන්නේ බලධාරීන් නීතිය වැරදි ලෙස යොදල බැට දෙන මිනිස්සු වෙනුවෙන් පිහිටක් වෙන්නයි. හැම දෙයක්ම පාට කන්නාඩියෙන් බලන නිසා අපට හොඳ හොඳක් හැටියට දකින්න බැහැ. (නි)

:       0       0

තිලක් Wednesday, 15 May 2013 06:14 PM

අන්තිමේදී ජේ.වී.පිය යු.ඇන්.පියත් එක්ක එකතු වෙන්න හේතුවක් හොයා ගත්තා. එල්ලෙන්න වැල් නැතිව හිටපු ජේ.වී.පියට යන්තම් ආණ්ඩුවෙන් විදුලි බිල වැඩි කරලා හේතුවක් හදලා දුන්නා. විලි ලජ්ජා නැනේ හැබැටම. ජේවීපිය 70 වේ සිරිමා දිනෙව්වා 71 සිරිමගෙන් ගුටිකෑවා. 94 චන්ද්‍රිකා දිනෙව්වා චන්ද්‍රිකාත් ගැහුවා. 2005 මහින්ද දිනෙව්වා ඒ පාර නැති බංග කළා. දැන් රනිල්ට කඩේ යනවා. දිනුවට පස්සේ කොරන දේ බලන්න පුළුවන්.(නදී)

:       0       0

සුනිල් Thursday, 16 May 2013 04:24 AM

තිසල්, ඔයා හරි.මමත් ඉඩම් නඩුවක 20 අවුරුද්දක් ඉන්න කෙනෙක්. නීතිඥයින් දෙපැත්තම නඩුව කල්දමා දමා මුදල් හම්බකරනවා.නීති සංගමය මුලින්ම තම සාමාජිකයන්ගේ මේ ක්‍රියාකලාපය හදන්න. එසේම නඩු වලට අය කිරීම් සඳහා ක්‍රියාපටිපාටියක් හදන්න.සමහර අය ගෝලයකුත් ගෙනල්ලා දෙන්නටම රුපියල් 45000 වගේ විශාල මුදලක් අය කරනවා. මේවා පව් වැඩ නේද? (නි)

:       0       0

තිසල් Wednesday, 15 May 2013 02:33 PM

මිනිස්සු වැඩියම අසාධාරණයට ලක්වන්නේ නීතිඥවරු නිසා.මුදල් ගරාගැනීම සඳහා නඩු වාර කල් දැමීමෙන්, සාධාරණය ඉටුවීමට බොහෝ කල් ගත වෙනවා. දුර බැහැර පළාත්වල මිනිස්සු වැඩිපුරම බස් වල නැගලා නගරයට එන්නේ රෝහලටයි උසාවියටයි.එක නඩුවකට පැටලුනොත් සේසතම විනාශයි. පැමිනිලිකාරයත්, විත්තිකාරයත්,සාක්ෂිකාරයත් කියන පාර්ශව තුනම මැරෙනතුරුම උසාවියේ. මේ නිසා මිනිස්සු අපරාධයක් දැක්කත් අහකබලාගෙන යනවා. පැටෙලෙන්න වෙයි කියලා.සමහරු කඩුවක් පිහියක් අරන් තමන්ම විසඳගන්න යනවා. මිනිස්සුන්ට උදව්කරන්න අවශ්‍යනම් කරුණාකර තම සාමාජිකයන් හරි මගට ගන්න. එය මුළු සමාජයටම කරන සේවයක්. (නි)

:       0       0

පෙරේරා Wednesday, 15 May 2013 06:34 PM

කමල්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 11000ක සම්පුර්ණ සාමාජිකයෝ ඔක්කොම විපක්ෂේ අයද? හරි හැටි කරුණු දන්නේ නැතිව අඥාන කතා කියන්න එපා. (නි)

:       0       0

මොහමඩ් සලමි Wednesday, 15 May 2013 02:39 PM

වැඩියෙන්ම චෝදනා තියෙන්නේ අර කලබල සේනාවට විරුද්ධව වෙන්න ඕනෑ

:       0       0

දි මෙල් Wednesday, 15 May 2013 02:47 PM

බොහොම හොඳියි. මෙමගින් ඔහු කල අත්තනෝමතික නීති විරෝදී වැඩ සොයා බලා නිතිය ඉදිරියට ගෙන එනු ඇති බව අපි විස්වාස කරනවා. මන්ද ඔහු නිසා ලොකු අසාධාරණයක් විදුහලට වී ඇති බැවිනි.(නදී)

:       0       0

පෙරේරා Thursday, 16 May 2013 07:50 AM

සුනිල්, නඩුවකට නීතිඥවරයෙක් තියන්න අනිවාර්යයි කියලා නීතියක් නැති නිසා ඔයාට ඔයාගේ නඩුවට පෙනිසිටින්න පුළුවන් නේ. මොකටද නිකන් සල්ලි පුදන්නේ නීතිඥවරුන්ට? (නි)

:       0       0

පෙරේරා Wednesday, 15 May 2013 07:10 PM

සේරම්, මේ රටේ වැස්සටත් බනින අව්වටත් බනින අයනේ ඉන්නේ. හොඳ දේ අගේ කරන්න හුඟක් අය දන්නේ නැහැ. සමහර මිනිමරුවන්ව බොරු කියලා බේරගන්න හදන සමහර නීතිඥවරුන්ට ඉහළම වරප්‍රසාද ලැබෙනවා කියලත් දන්නවද? (නි)

:       0       0

මාලක Thursday, 16 May 2013 08:18 AM

සමහර නඩුකාරතුමන්ලාත් නීති සහය නැත්නම් දඩය දෙගුණ තෙගුණ කරනවා. රිය පැදවීමේ නඩු වලදී වැරදිකාරයා කිව්වම නීති සහය ගත්තද කියලා අහලා නැහැ කිව්වොත් දඩය දෙගුනයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 25 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 230 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 414 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 494 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 299 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 168 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38188 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site