රශ්මි රූත් යාලගල වන ඇයගේ වයස අවුරුදු 20 කි. ඒ ගෙවී ගිය විසි වසරක ජීවිත කාලයේදී ඇය කළ කී දේ දිහා බැලූවිට කළ දේ නම් බොහෝ යැයි හැෙඟ්. එතරම්ම දක්ෂතා ඇති අපූරු තරුණියකි. ඇය ගැන කලා ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා කතා කිරීමට පටන් ගත්තේ පසුගියදා පැවැති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය ලද නිසාය. එතැනින් එහාට ඇය ගැන කතා කිරීමට හේතුව වී ඇත්තේ, ලන්ඩන් ඒ ලෙවල් (London A/L) විභාගයේ ගණකාධිකරණ (Accounting)අංශයෙන් ලෝකයෙන්ම පළවෙනියා වී ඇති නිසාය. මීට අමතරව ඇය ගැන කතා කිරීමට ඇති තවත් දේ බොහෝය. රුව මෙන්ම හරයෙන්ද පොහොසත් රශ්මි රූත් සමග අද අපි ඒ සියල්ල කතා කරමු. පවුලේ විස්තර : අම්මා කුමුදු, තාත්තා ජනිත් අබේසේකර සහ මගේ අයියා.
රශ්මි ගැන කෙටියෙන්
සම්පූර්ණ නම :- රශ්මි රූත් යාලගල ගම :- බොරලැස්ගමුව පාසල :- කොළඹ දකුණ ජාත්‍යන්තර පාසල වයස :- අවුරුදු 20 යි ලග්නය :- මේෂ
රශ්මි ඔබගෙ හැකියාවන් සමග කලා ක්ෂේත‍්‍රයට ආ හැටි මුලින්ම කතා කරමු. කුඩා කාලයේ සිටම පාසල් ජීවිතය පටන් ගත්තේ. කොළඹ දකුණ ජාත්‍යන්තර පාසලෙන්. පාසලේ ඉගෙනීම් වැඩ කටයුතුවලට අමතරව බාහිර අංශයේ බොහෝ දේවලට කුඩා කාලයේ සිටම සහභාගි වුණා. ක‍්‍රීඩා කටයුතුවලටත් උපරිම ලෙස දායක වුණා. දිවීමේ ඉසව් වගේම උස පැනීම සහ දුර පැනීමේ ඉසව් නියෝජනය කළා. කණ්ඩායම් නායිකාව සහ නිවාස නායිකාව ලෙසත් කටයුතු කළා. ඒ අතරේ කලාශූරී කුලසිරි බුදවත්ත ගුරුතුමා යටතේ නර්තනය ප‍්‍රගුණ කළා. නර්තනයට අමතරව චිත‍්‍ර අඳින්න සහ ගායනයටත් හැකියාව තිබෙනවා. පියානෝ වාදනයටත් හැකියාව තිබෙනවා. මේ සියල්ලට අමතරව ආත්මාරක්ෂක සටන්ක‍්‍රම හදරා කළු පටි ලබා තිබෙනවා. කරාතේ ක‍්‍රීඩාව ඉගෙන ගත්තේ රුවන් සතරසිංහ සර් යටතේ. මේ සියල්ල අතරේ 2010 ලන්ඩන් ඒ ලෙවල් විභාගයට මුහුණ දුන්නා. එහිදී එකවුන්ටින්, ගණකාධිකරණ අංශයෙන් ලෝකයේම පළවෙනියා වුණා. ලකුණු 600 න් 600 ම ඒ විෂයට ගත්තා. ඒ වෙනුවෙන් පාසලෙන් සහ ලන්ඩනයේ මේ විභාගය පවත්වන ”එඩෙක්සෙල්” වෙතින් ත්‍යාග සහ සම්මාන ලැබුණා. දැන් ඊළඟ අරමුණ කුමක්ද? සිමා (Cima) විභාගය සමත්වී ගණකාධිකරණ අංශයෙන් ඉහළටම ඉගෙන ගැනීම. කලා අංශයට ආවේ කොහොමද? බුදවත්ත සර් යටතේ නර්තනය හදාරණ විට ගයාන් ශ්‍රීමාල් අයියා සර්ගේ ශිෂ්‍යයෙක්. ඒ හඳුනා ගැනීම මත ගයාන් අයියා සිරසට මාව හඳුන්වලා දුන්නා. නිවේදනයෙන් ආ ගමනේදී අරුණ ජයවර්ධන අයියා සිරසට කළ ”සුළඟට එන්න කියන්න” ඒකාංගික ටෙලිනාට්‍යයේ රඟපාන්න ලැබුණා. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී නැගී එන හොඳම නිළිය ලෙස තේරුණේ එහි රඟපෑ චරිතයටයි. එතැනින් එහාට රඟපාලා නැද්ද? ඊට පෙර චින්තක අයියා කළ ”මාමා හා මා” කියන නාට්‍යයේ රඟපෑවා. එය තවම විකාශය වෙලා නැහැ. දිගටම රඟපෑමේ උනන්දුවක් නැද්ද? මම කැමති නිතර දකින චරිතවලට වඩා එහාට ගිය වෙනස් චරිත රඟපාන්නයි. ඒ නිසා චරිත පසුපස හඹායාමේ ආසාවක් නැහැ. හොඳ චරිත විතරක් ලැබුණොත් කරන්නම්. මේ සියලූ හැකියාවන් ඔබ හඳුනාගත්තෙ කොහොමද? දෙමාපියන් මාව ගොඩක් උනන්දු කළා. විශේෂයෙන්ම සියලූ දේ පිටුපස සිටින්නෙ අම්මායි. අයියත් මාව හරියට ආරක්ෂා කරනවා. එයා ඉංජිනේරු අංශයෙන් ඔස්ටේ‍්‍රලියාවේ සිට වැඩිදුර හදාරනවා. ඇත්තටම ගෙදර අයගෙ උදව් මත නිසා තමයි මේ තරම් දේ කරන්න ලැබුණේ. ඇත්තටම ඔබ රඟපෑමට ආවේ ලස්සනයි කියලා හිතන නිසාද? රඟපෑමට ලස්සන විතරක් තිබිලා බැහැ. දක්ෂතාවය තමයි ප‍්‍රමුඛවෙන්නෙ. නමුත් බොහෝ විට චරිතයක ආකර්ශනය සඳහා මේ දෙකම බලපාන්න පුළුවනි.
රයිගම් උළෙලේ නැගී එන හොඳම නිළිය රශ්මි රූත්
හැකියාවන් හඳුනාගෙන ඒ සියල්ල ප‍්‍රායෝගික කරගන්න ඔබ කාලය යොදා ගත්තෙ කොහොමද? මම හිතන්නෙ අපි කම්මැලි විය යුතු නැහැ. කරන දේ ආසාවෙන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සියල්ල ජය ගන්න පුළුවනි. මම කරන සියල්ල කැමැත්තෙන් ආදරෙන් කළේ. මේ සියල්ල අතරේ කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. ලතින් බෝල්රූම් ඩාන්ස් පවා (චන්ද්‍රතිලක සර් යටතේ) ඉගෙන ගත්තා. සමහරු ඔබට ලෝකල් කරීනා කියලා කියනවා නේද? ගොඩාක් අය එහෙම කියනවා තමයි. මේ සියල්ල අතරේ අනාගත සහකරු ගැන හිතන්නෙ කොහොමද? මට තව බොහෝ දුරක් යන්න තියෙනවා. තව අවුරුදු අටක් දහයක් යනකල් ඒ ගැන හිතන්නෙ නැහැ. ජීවිතේ අරමුණ මොකක්ද? මේ ඔක්කෝටමත් වඩා යහපත් පුරවැසියෙක් වීම අරමුණයි. නැත්නම් ඉගෙන ගත්දේ යථාර්ථයක් වෙන්නෙ නැහැ. රටට වඩාත් යහපත්ම පුරවැසියකුවීම එකම බලාපොරොත්තුවයි.
ඡායාරූප/සටහන - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එක් විශිෂ්ට කලාකරුවෙක්. සුභ අනාගතයක්! (නි)
අක්කේ, ඔබට සුභ පැතුම්! (නි)
අක්කේ ඔයාට සුභ පතුම් (අ)
මම හිතන්නේ ඇගේ බුද්ධිමත්. හොඳ ලිපියක්. ඔබේ අනාගතයට සුභ පතමි. (අ)
හොඳයි..සුභ පතනවා....(ස)
විශිෂ්ටයි. (නි)
ඔය මේකප් නැත්නම් ඇත්තටම ලස්සනයි...සුභ පැතුම්....(ස)
සුභපැතුම් ඔබට
ඔබට සුභ අනාගතයක්! කොණ්ඩය නම් කපන්න එපා. (නි)
ඔබ කියලා තිබෙන දේවල් ටික තුළින් ඔබ ගොඩක් බුද්ධිමත්ව හිතන කෙනෙක් කියල හැමෝටම තේරෙනවා නංගියේ. ඒත් ඔබගේ ෆොටෝ වල තියන තියන මේක්අප් වලදී ඔයාට වැරදිලා. ඔයාගේ නියම ලස්සන තියෙන්නේ ඇස් වලට ලෙන්ස් නොදා, ඕනවට වැඩිය මේක්අප් නොකර තිබුණා නම් කියලයි මට හිතුණේ. කොහොම වෙතත් ඔයාට ලස්සන අනාගතයක් සහ වාසනාවන්ත ජීවිතයක් ලැබේවා! (නි)
අයියෙ මමත් ලස්සනයි.මගේ කොණ්ඩෙත් ගොඩක් දිගයි. මේ අක්කා හරිම ලස්සනයි මම වගේම. (ස)
ඉතා හොදයි. මම ඔබට කැමතියි. (නි)
තව ටික කාලෙකින් පබා වගේ වෙයි.. එනකොට ඔහොම තමයි කවුරුත්..! (නු)
ඔබගේ කතාව බුද්ධිමත්. නිතර දකින චරිතයක් වෙන්න එපා. දැන් ටෙලි නාට්‍ය වල දැකලා දැකලම අපිට සමහරු එපාවෙලා තියෙන්නේ. (නි)
මම නම් හිතන්නේ හැංගිලා ඉදලා ඉදලා කලාතුරකින් මුහුණ පෙන්නුවයි කියලා විශිෂ්ටයින් බිහිවන්නේ නැති බවයි. (නි)
ඇත්තටම නංගි ඔයා ලස්සනයි..සුභ පැතුම්..(ස)
නෝනා ඔහොම යන්කෝ. (නි)
බුද්ධිමත්කම ලස්සනට තවත් ආභරණයක් වේවි (නි)
හරි ශෝක් සූටි කෙල්ල නේද? (ස)
ඔයා ඇත්තටම ලස්සනයි...(ස)
නිතර නොදකින තරමට හොදයි
අනාගතයට සුභ පැතුම්! (නි)
සුභපැතුම්
ඇත්තටම ලස්සනයි සුභ පැතුම් නංගී (අ)
ඇත්තටම ගොඩක් ලස්සනයි. අපගේ සුභ පැතුම් ඔයාට අක්කා... (ස)
"මට තව බොහෝ දුරක් යන්න තියෙනවා. තව අවුරුදු අටක් දහයක් යනකල් ඒ ගැන හිතන්නෙ නැහැ." එච්චර කල් අපට නම් බලාගෙන ඉන්න අමාරුයි නංගියේ. (නි)
"මට තව බොහෝ දුරක් යන්න තියෙනවා. තව අවුරුදු අටක් දහයක් යනකල් ඒ ගැන හිතන්නෙ නැහැ." එච්චර කල්? සොරිම තමයි. (නි)
මීටරයක් වගේ..... (ස)
ඔබගේ ලස්සන කොණ්ඩය ඔබට ආභරණයකි. (නි)
ඇය බුද්ධිමත්. අපේ සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
හොඳ උත්සාහවන්ත චරිතයක්. ඔබට මම හදවතින්ම සුභ පතනවා. (ස)
ඔබේ අදහස මම අනුමත කරනවා
ලස්සනයි වගේම ඇය දක්ෂයි, සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
නගේ, බොරු සෝබන වැඩක් නැහැ. රටට වැඩදායක කාන්තාවක් වෙන්න උත්සාහ කරන්න. (නි)
ඉතා විශිෂ්ටයි. සුභ පැතුම්! (නි)
නගේ, දැන් කසාදයක් කර ගත්තොත් නරකද? (නි)
සුභපතනවා මම ඔබට
රගපාන්න එන්න එපා එහෙනම්