අම්පාර තිරික්කෝවිල් වෙමිබෙඩිකුලමි කැලෑවේ තිබු ඓතිහාසික චෛත්‍යයක් නිධන් හොරුන් විසින් හාරා විනාශකර දමනු ලැබ ඇත.
අක්කරපත්තුව සිංහල සංවිධානයේ ලේකමි එචි.සමන්මහතාට ලැබුණු තොරතුරක් අනුව තිරික්කෝවිල් පොලීසිය සමග එම ස්ථානයට යනවිට නිධන් හොරුන් උදලු අලවංගු දමා පැනගොස් ඇත.
මෙම පුදබිම අඩි 20 ක් පමණ හාරා තිබෙන චෛත්‍යය අඩි10 ක පමණ හරහට හාරා ඇත.මෙම පුද බිම සද්ධාතිස්ස රජසමයේඉදිකරන ලද බව විශ්වාස කරතියි කි‍්‍ර.පු.7 - 5වසරවල බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂක ඩබ්.එන්.ඵ.සුමනදාසමහතා අද (17) එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු පැවසීය.චෛත්‍යයඅඩි 35 ක වට රවුමක් ඇති අතර අඩි 20ක් හාරා තිබේ.මෙම චෛත්‍යය අවට විශාල වශයෙන්පුරාවස්තු විහිදී තිබේ.
චෛත්‍යය ආසන්නයේම අඩි 12ක් දිග උඩි 05 ක් පලල මල් ආසන ගරයක් හමුවේ. එම ස්ථාන යටද හාරා ඇත.මෙයට අමතරව සඳකඩපහන් කැබැලි ගල් කණු ගල් පඩිපෙළ ඒ අවට දැක ගැනීමට හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහොමඩ්,නිදන් හාරන එකට මුස්ලිම් අය සම්බන්ධ නම් නිසි දඩුවම් දෙන්න ඕනෑ. ඒක කළේ සිංහල අය නම් ඊට වැඩි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
රනිල් මොනවද කියන්නේ? එතකොට බෞද්ධ අපි අන්‍යආගමිකයන්? මේ රටේ මහජාතිය කවුද ? (නි)
මම කියන්න හදපු දේ අද රට යන අත බලා මෙන්න මෙහෙම වෙනස් කළා. ජාතික උරුමයන් මොන එහෙකටද? කන්නද? බොන්නද? අම්මා තාත්තා විකුණල හරි ඩොලර්, පවුම්, යුරෝ, දිනාර් ටිකක් හොයන්න ගන්න පුළුවන් නම් අන්න මලේ එළකිරි! (නි)
මේ ජාතික උරුමයන් වැළලීයන ඉතිහාසය අන් ආගමිකයන්ගෙන් ආරක්ෂා කරගැනීමට සියලුම ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ජනතාවන් එකතුවිය යුතු කාලයක් (අ)
පුරා විද්‍යාව කන්නද කියලා අහන පුරා විද්‍යා නිලධාරින් තමයි දැන් වැඩි. ඇයි මේවා රකින්න පාර්ලිමේන්තු ගිය උන්නාන්සෙලා නිදිද? (නි)
අක්කරපත්තුවේ සමන් මහතාණෙනි ඔබට ස්තුතියි.(නදී)
මොහොමඩ් , ඒකද මුහුදු මහා විහාරයට යන පාර ඔහේලා වහගෙන ඉන්නේ? තංගල්ලේ ඉන්නේ සිංහලයෝද? එයාලට තංගල්ලේ විහාර මහා දේවි විහාරයට වෙලා තියන දේ පෙනෙන්නේ නැද්ද ? (නි)
මේක අපේ ජාතික උරුමයන්. අපි අපේ ඉතිහාසය ආරක්ෂා කරන්න ඕනේ. එක ට ආගමක් දහමක් කියල නෑ ශ්‍රී ලාංකිකයන් වන අපි හැමොගේම වස්තුවක් හා අනන්‍යතාවයක්. (ස)
මොහොමඩ් ඉල්ලගෙන කන්න හදන්නේ. (නි)
අපේ රටේ උරුමය විනාශකරන්නේ හෙළයා විසින්මයි. මෙය දශක ගණනාවක් සිට කෙරිගෙන යනවා. නමුත් කියන්න කණගාටුයි මෙතරම් විශාල මහ සංගරත්නයක් ඉඳලත් ඔවුන් මේ පිළිබඳව මුනිවත රකිමින් සිටීම, සුළු දේවල්වලට පාරට බැහැල පෙළපාලි යන උදවිය මේ වනතුරු නිහඬව සිටීම නිධන් හොරුන්ට පාර කැපීමකි. (නි)
කවුරු කරත් ඒක නම් වැරදි වැඩක්. මුස්ලිම් හෝ සිංහල මොන ජාතියවුනත් කරපු එවුන්ට දඩුවම හරියටම දෙන්න ඕනේ.(ස)
දැන් ඉතින් වෙන්නේ ඇස් ගෙඩි වලට හෙනගහලද සිහලුන්ගේ කියන්න නෙමෙයි (නි)
ඒක තමා මොහමඩ්,ඔය සිංහල බෞද්ධයන්ගේ වැඩ.බුද්ධාගමට අයිති දේවල්වල වටිනාකම දන්නේ ඒ අයනේ. (නි)
හරි දැන් පටන් ගන්න බලන්න ජාතිවාදී අදහස් 100ක් පමණ. හොඳ දෙයක් වෙනකොට අදහස් මොකුත් නැහැ. මේකටත් දැන් ඉතින් මුස්ලිම් මින්ස්සු තමයි හේතුව. (නි)
මොහමඩ් අහන්නත් දෙයක්ද? පෙනෙන්නේ නැද්ද කුරගලට වෙලා තිබෙන දෙය. (නි)
හොරාට ඉස්සෙල්ල කෙසෙල් කැන පැන්නා කියලා ප්‍රස්ථා පිරුලක් තියෙනවනේ.මොහමඩ් දන්නවා නේද? (නි)
සමහර අය බලන් ඉන්නේ සිංහල අපෙන් වරදක් වෙනකම් (නි)
මුස්ලිම් එක්කෙනෙක් අර පැත්තෙන් ගිය නිසා එයා කරලා කියලා ආරංචියක් ආවා. (නි)
පුදුම මිනිස්සු
ඔව් අන් ජාතින් අපේ ඉතිහාසේ විනාස කරනවා තමයි (නි)
මමත් අම්පාරේ තමයි. මෙන්න බොලේ බළලා මල්ලෙන් එළියට පැනලා (නි)
මම හරියටම නොතේරෙන නිසා අහන්නේ. රුවන් වැලි මහා සැය විතරද දැන් ඉතුරුවෙලා තියෙන්නේ? (නි)
ශ්‍රී සත්ධර්මය තමයි අපි ලබපු ලොකුම ලාබය.සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ හිතේ සැනසිල්ලයි.ධර්ම මනසිකාරය හැර සැනසීම ලබන අන්කිසිමගක් ලෝකේ නැහැ.ඒ නිසා ධර්මය හුඟක් වටිනවා.මුළු ලෝකෙටම පිහිට බණ ටිකේ පිහිට පමණයි.බුදුරජාණන් වහන්සේගේ නික්ලේසී හෘදයෙහි ඉපදිලා කරුණාවෙන් පෝෂණය වෙලා දළඳා වහන්සේගේ ස්පර්ශය ලබාගෙනයි ඒ දෙසනා ධර්මය පිට වුනේ.ඒ ධර්මයයි මේ විනාස කරන්නේ. (නි)
දෙවියොම බලා ගන්න ඕනේ
මෙන්න හොරාට කලින් කෙහෙල්කැන පැන්නෝ (නි)
අපේ දේවල් අපි ආරක්ෂා කරන එක ගැන කතා කරන එක ජාතිවාදී අදහස් නෙමෙයි.එහෙම කතා නොකරපු බංගලිදේශයට සහ අනික් බෞද්ධ රටවල් වලට වෙලා තියෙන ඉරණම අද පේනවා නේ. (නි)