ත්‍රිකුණාමලයේ ඓතිහාසික ෆෙඩ්රික් කොටුව ඉදිරිපිටදී ශ්‍රී ලංකාවේ 65 වැනි ජාතින නිදහස් උළෙ මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද උදේ ඝාම්භිර ලෙසත් අභිමානවත් ලෙසත් සැමැරිණි.
උදෑසන වැස්සෙන් පසු ත්‍රිකුණාමලයේ උදා හිරු රැස් දැඩී පීඩනයක් එල්ල කළේ නැත. මුහුදින් හමා ආ සුළං රැල්ල පරිසරය තවත් සිසිල් කෙළේය. උදෑසන සිටම එහි ආ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ මුහුණුවල සතුට බලාපොරොත්තුව ලියැවී තිබිණි.
ත්‍රිවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනපති ජාතික කොඩිය එසැවීමෙන් පසු ජාතික ගීය ගැයිණි.
ත්‍රිවිධ හමුදා උත්තමාචාරයත් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සැමැරීමත් උත්සවයේ විශේෂාංග අතර විය.
ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක සේනාවලද, පාසල් සිසුන්ගේද ආචාර පෙළපාලින් දැයේ අභිමානාය තවත් නැංවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් දේශයක් (දී)
ලෝකේ නිදහස් එකම රට (දී)
ලැබූ නිදහස දිනාගත් නිදහස සැමදා රැකගමු..(දී)
ලක් මාතාවගේ නිදහස නැති කරන්න උදවි දෙන අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් කළ යුතුයි. ඒකයි මගේ නිදහස් පැතුම.(නදී)
මැද පෙරදිගට අපේ කාන්තාවන් වහල් සේවය සදහා යවලා අපට අභිමානවත් ජාතියක් වෙන්න පුළුවන්ද?(නදී)
හැම අවුරුද්දෙම වගේ පෙබරවාරි මාසයේ මේ කතාව අහනවා. නමුත් ලෝකයේ අනෙත් රටවල්වලට සාපේක්ෂව අපේ රටට මොකද වෙන්නේ.(නදී)