මුල් විවාහයේ දික්කසාද නොවී තවත් සැමියකු හා ආවාහ වූ කොම්පඤ්ඤවීදියේ 19 හැවිරිදි පාතිමා රශ්ඞීන් නම් කතට මාස හයක සිරදඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා එය පස් වසරකට අත්හිටවීය. රුපියල් 1500 ක දඩයක්ද නියම කළේය. පොලිසියට පැමිණිලිකර ඇත්තේ මුල් සැමියාගේ මවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමින්ට වගේම ගැහැණු අයටත් සමානව අයිතිවාසිකම් තියෙන්න ඕනෑ. පිරිමින්ට හතර දෙනෙක් එක්ක විවාහ වෙන්න අයිතිය තියෙන්නත් ඕනෑ. (නි)
පවු අහංසක කෙල්ල. මේ රටේ වෙන දේවල් වල හැටියට ඕක මහලොකු දෙයක් නෙමෙයි. (නි)
ෆාරු, ෂෙරීෆ්, රියාස්, මොහොමඩ් , ඔයාලට සිංහල ලියන්න පුළුවන්වීම ගැන මම පුදුම වෙමි..(ස)
මොහොමඩ් , බොහොමත්ම ස්තුතියි ඔබගේ පැහැදිලි අර්ථකථනයට !!!(ස)
මොහොමඩ්ගේ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි ,මිනිස්සු නොදන්න දේවල් තමයි ඒ (ස)
මොහොමඩ් ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි.(ස)
කෙටියෙන් කියෙනවා නම්, නීතිරීති සම්පූර්ණ කළ හැක්කේ නම් (විශේෂයෙන්ම භාර්යාවන් අතර සාධාරණය හා සමානත්වය ඉටු කළ හැක්කේ නම්) ඉස්ලාමයේ පිරිමින්ට එක්කෙනෙකුට වැඩියෙන් (උපරිමය 4කි) විවාහ කරගත හැක. මෙය අනුමත කිරීමකි, අනිවාර්ය දෙයක් නොවේ. මෙමගින් අනියම් ඇසුරු කිරීම් වලට වැටක් බැදෙනවා ඇත. එපමණක් නොව, ලෝක ජනග්‍රහණයෙන් වැඩි කොටසක් කාන්තාවන් වන මේ කාලයේ එම අතිරික්ත කාන්තාවන්ගේ ප්‍රශ්ණයට හොදම පිළිතුර වන්නේ බහු විවාහයක් කරගත හැකි අයට එයට අනුබල ලබා දීමයි. එසේ නොමැති නම් එම කාන්තාවන්ට සිදුවන්නේ තමන්ගේ කාමුක අවශ්‍යතා සපුරා ගැනීම සදහා අනෙකුත් විකල්පයන් සොයා යන්නටය. මෙය අනුමත කළ දෙයක් පමණි, මා හට (අවශ්‍ය නම්) දෙවැනි විවාහයක් කරගැනීමට ඕනෑ කරන නිති රීති සපුරා ගැනීමට හැකියාවක් ඇත. නමුත් ඒකට මට අවශ්‍යතාවක් නැත. එනිසා නොකර සිටිමි. (නි)
දුමින්ද, ඔවු. ගැහැණුන්ට සහ පිරිමින්ට නීති දෙකක් අවශ්‍යයි. ඔයා ඔලිම්පික් බලන්න ඇතිනේ. හැමෝම දන්න මීටර් 100 ඉඳන් පටන් ගත්තම හැම ගේම් එකක්ම වගේම ගැහැණු පිරිමි වෙන වෙනම නේද තිබුණේ? ගැහැණුන්ට ගැහැණු අයතිවාසිකම් වගේම පිරිමින්ට පිරිමි අයිතිවාසිකම් තිබිය යුතුයි. වෙන වෙනම නීතිත් තිබිය යුතුයි. මනුෂ්‍යයන් ලෙස පොදු අයිතිවාසිකම් පොදු නීතිත් තිබිය යුතුයි. (නි)
නීතිය ඇස් අරවාවි. (නි)
එක යතුරකින් ඉබ්බන් කීයක් වුවද ඇරීමට පුලුවන් නම් එය මාස්ටර් කී කියා පැසසුමට ලක් කෙරේ. නමුත් ඉබ්බෙක්ව ඕනෑම යතුරකින් ඇරීමට පුලුවන් නම් ඒකට කියන්නේ මොකක්ද? කරන්නේ මොකක්ද? ප්‍රායෝගික ජීවිතයට මේක ගලපලා බලන්න.(මෙය නරක අරුතක් ඇති දෙයක් නොවේ) පිරිමියෙකු නීත්‍යානුකූලව කාන්තාවන් 2-3-4 ලෙස විවාහ වී එයින් දරුවන් ඇති වුණාට කිසිම් නීත්‍යානුකූල හෝ වෙන යම් ප්‍රශ්නයක් ඇති වන්නේ නැත. නමුත් එක් කාන්තාවක් කිහිප දෙනෙකු සමග දීග කනවිට දරුවෙක් ඉපැදී නම් දරුවාගේ තාත්තා කවුද කියන එක විශාල ප්‍රශ්නයක් වනු ඇත. මෙපමණක් නොව, තව බොහෝ දේ මේ සම්බන්ධව කිව හැක. (නි)
මොන ගෑණිද කැමති තමන්ගෙ මිනිහා වෙනත් ගෑණියෙක් ගේනවට? මේව ඔක්කොම බොරුකතා. තමන්ගේ මනුස්සයා වෙන ගෑණියෙක් සමග කතා කරනවටවත් කැමති නැති ස්ත්‍රි වර්ගයා තවත් ස්ත්‍රියක් ගේන්න අවසරදෙයිද? මේක ආගම දඩමීමා කරගෙන, තමන්ගෙ බිරිද වහලියක් කියා සිතාගෙ ස්ත්‍රි වර්ගයාටම කරන බලවත් අසාධාරණයක්. උගත් මොහොමඩ්ලාට මෙම පහත් අසාධාරණය වැටහුණු දවසට ගෙවල් හතරක පුරුෂාධිපත්‍යයෙන් මානසිකව ශාරීරිකව පිඩාවිදින ස්ත්‍රි ආත්මයන්ට සුගතියක් සිදුවේවි. අනිත් කාරණය තමයි බිරින්දෑවරුන් හතර දෙනෙක් ගන්න මිනිසුන්ගේ කායික ශක්තිය පරික්ෂා කරන්නෙ කවුද? මේ වගෙ මිත්‍යාකථා හොදයි මෝඩයන්ට. ආගම සහ ලෝකය දෙස විවත මනසකින් බලන්නට මොහොමඩ්ලාට ශක්තිය ලැබුණුදාට මුස්ලිම් ලෝකය තුල දුක්විදින පීඩාවිදින ස්ත්‍රින්ට සෙතක් වනු ඇත. (නි)
මං ළිදේ නම්, ළිද මගේ නම් කාටවත් ඇයි වේදනා?.... (නි)
"එවැනි කසාදයක් සිදුකරගත හැක්කේ ද පළමු හෝ අනෙක් භාර්යාවන්ගේ සම්පූර්ණ කැමැත්ත මතය"-මොහොමඩ් මෙහෙම කෑල්ලක් කුරානයේ නෑ නේද? ඇයි බොරු කියන්නෙ ? (ස)
ලංකාවේ සම්මත නීතියට අනුව මේක වරදක් (නි)
ඉන්කොගේ අදහසට මමත් එකගවෙනවා.(නු)
සමන්, ඔබ හරි අනික් භාර්යාවන්ගේ කැමැත්ත අනුව යන කොන්දේසීය නවීන කාලයේ එක් එක් රටවල ඇතුල් කල දේවල්, මූලික හා මුල් කොන්දේසීන් වල එහෙම නැහැ, සමානත්වය/සාධාරණය කිරීමේ හැකියාව තමා මූළික කොන්දේසිය. ඉනෝකා, පිළි ගන්නවා, නවීන පන්නයේ ගැහැනුන් අතර තමන්ගේ පුරුෂයාට පංගු දාන්න කැමති නැති අයත් ඉන්නවා, එක් පිරිමියෙකුට කොටු වීමට අකැමති අයත් ඉන්නවා. මේක කාලය හා සමාජය පදනම් කරගෙන සිදුවන දේවල්. කැමැත්තෙන්ම තමන්ගේ පුරුෂයාට තවත් කසාදයක් කරන්න ඉඩ දෙන හා තමන් විසින්ම හොද මනාළියක් බලා ඔහුට දෙවැනි කසාදයක් කරවල දෙන කාන්තාවනුත් අතීතයේ පමණක් නොව නූතන ලංකාවෙත් ඉන්නවා. මගේ මිතුරකුගේ සහෝදරයෙක් මේ ලෙස දෙවැනි කසාදයක් කර ගත්තා. (ස)
මොහොමඩ්, ඔබගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි . නමුත් ලංකාවේ මෙවැනි විවාහය ඇත්තේම නැත කීමනම් වැරදිය..(ස)
මොහමඩ්, අපි ගන්න ඕනෑ අහඹු ලෙස සිදුවන දෙය නොවෙයි. බහුතරයකගේ පිළිගැනීමයි. තමන් නිවැරදි බව කියන්න කරුණු සොයන එක නෙමෙයි, සත්‍යය දකීමට උත්සාහ ගන්න. (නි)
කැඩුනට පසුව ලණු පොට ළිද දිය ඇද්ද ඒ ළිද වසන සිරිතක් නම් කොහි ඇද්ද කැඩුණූ ලණු පොටින් වන්නට වැඩ සිද්ධ වෙන ලණුවකින් දිය ඇද්දම වරදක්ද (නි)
අයියෝ ඕව අපේ ගම්වල ගනන් ගන්නෙ වත් නෑනෙ..(නු)
1500ක් දීලත් ගත්තෙ පරණ එකක් නෙ. (ස)
නැන්දම්මා එහෙම කළාට පුතා මොනතරම් වාසනාවන්තද? (නි)
අයියෝ! ඕවත් වැඩද? අපේ ගමෙත් ඉන්නේ ලස්සනට හොර සැමියත් එක්ක. (නි)
මුස්ලිම් අයට එක විවාහයකට වඩා කරගන්න පුළුවන් නේද? ඉතින් කලින් විවාහයෙන් දික්කසාද නොවී වෙන විවාහයක් කර ගත්තම වරදක්ද? (නි)
නැද්දම්මා දන්නේ නැතුව ඇති මුස්ලිම් ආගමට අනුව තව පස් දෙනෙකු එක්ක යන්න පුලුවන් බව. (නි)
මුස්ලිම් ජාතික කාන්තාවන්ට අර නීතිය නැහැ. පුරුෂ පක්ෂයට පමණයි තියෙන්නේ. (නි)
මාස 6ක සිරදඩුවම අවුරැදු 5 කට අත්හිටවලා තිබෙන නිසා අළුත් සැමියව අවුරැදු 5කට අදාලව 3 වැනි කසාදය කරගැනීමට නොහැකි වන ලෙස තීන්දුවක් ලැබීම ගැන සතුටු වෙමි. පවුල් ජීවිතවල ගැටලු නැති ජාතියක් ලංකාවේ නැත. මෙහි සිදුව ඇත්තේ අසාධාරණයකි. අඩුම තරමේ ඇයට තිබුණේ කලින් මිනිහව දික්කසාද කර විවාහ වීමටය. මෙවැනි ගැටලුවකට මුහුණ දෙන කෙනා දනී මෙහි වේදනාව. මුස්ලිම් ආගමේ 4දෙනෙකු විවාහ විය හැක්කේ ඒ 4 දෙනා එකසේ සමානව නිවෙස් හතරක තබා ජීවත්කරවිය හැකි හා එක සමානව සැළකිය හැකි ආර්ථික වශයෙන් මෙන්ම ශාරීරික වශයෙන් ශක්තිමත් පුද්ගලයින්ට පමණි. එවැනි කසාදයක් සිදුකරගත හැක්කේ ද පළමු හෝ අනෙක් භාර්යාවන්ගේ සම්පූර්ණ කැමැත්ත මතය. එවන් විවාහයන් සිදුකරගත් පුද්ගලයින් ලංකාවේ නම් නැත්තටම නැත. (නි)
පව් අනේ දෙවැනි කසාදෙ සැමියා.. මාස හයක් ඉන්න එපැයි දැං..!(නු)
මුස්ලිම් කාන්තාවකට පිරිමින්ට තියෙන අයිතිවාසිකම් නෑ කියලා දන්නේ නැද්ද ?(ස)
ස්තූතියි මොහොමඩ් ,නියම පැහැදිලි කිරීමක්...(ස)
ගැහැනුන්ට එක නීතියක් , පිරිමින්ට එක නීතියක් කොච්චර අසාධාරණද ????දන්න කෙනෙක් උත්තර දුන්නොත් හොඳයි...(ස)
මේකට ජාතිවාදය ගාව ගන්න එපා ..පුද්ගලික ප්‍රශ්න මිසක් මේවා ජාති, ආගම් ප්‍රශ්න නෙමෙයි නේ....(ස)
අපේ ආගම අනුව මේක පවක්.(ස)
මොහොමඩ් ගොඩක් ස්තූතියි...(ස)
මෝඩ අදහස් ප්‍රකාශ කරන්න එපා මිනිසුනේ (නි)
ගල් ගහලයි මෙයාව මරන්න තියෙන්නේ. (නි)