ලෝකය වෛද්‍ය විද්‍යාව අතින් ඉහළ ස්ථානයක පැවතුනත් වෛද්‍ය විද්‍යාවෙන් මිනිසාට ලැබෙන අවම පහසුකම්වලින් දශමයක්වත් නොලැබෙන රටවල් තිබෙන බව එක්සත් ජාතීන්ගේ ”සේව් ද චිල්ඞ්රන්” අරමුදල 2013 වාර්තාවෙන් පෙන්වා දෙයි.
මේ වාර්තාව අනුව දරු ප‍්‍රසූතිය සඳහා ලෝකයේ නරකම රට කොංගෝ සමූහාණ්ඩුව ලෙස නම්කර තිබේ.
ඔවුන්ගේ එම නිගමනය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති මේ ඡායාරූපය ඒ අනුවේදනීය කථාව කියාපායි.
මෙය කොංගෝ ජනරජයේ තුන්වැනි විශාලතම නගරය වන මුබුජිමායි නගරයේ රෝහලක ප‍්‍රසූතිකාගාරයයි. සිමෙන්ති ගල්වලින් තැනූ කුඩා කාමරයක අඩි 6ක් දිග අඩි 5ක් පළල මේසයකි. මේ ගැබිණි කාන්තාව සිය දරුවා ප‍්‍රසූත කරන්නේ මේසය මත උඩුබැලි අතට වැතිරෙමිනි.
ජීවිතයත් මරණයත් අතර කෙරෙන මේ සටනින් දරු ප‍්‍රසූතියේදී සෑම කාන්තාවන් 30 දෙනෙකුගෙන්ම එක් අයෙක් මියයයි. උපදින සෑම දරුවන් හත් දෙනෙකුගෙන් එක් දරුවෙක් මිය යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අතින් අපි වාසනාවන්තයි. අපේ දේශපාලකයෝ ජනතාවට හරියට සේවය කරනවා නම්, ජනතාවගේ මුදල් කාබාසිනියා නොකර. එහෙනම් ලෝකේ ජීවත්වෙන ගොඩක්ම වාසනාවන්ත මිනිස්සුන් ඉන්නේ ලංකාවේ වෙන්න පුළුවන් (නි)
අපෙත් ඊයේ පෙරේදා බොරැල්ලේ පැත්තේ එක දිගට මව්වරු මිය ගියා නේද? ඕකෙන් අපි ඉන්නේ කීවැනි තැනද අයුබෝන් ? (නි)
කොන්ගෝව එක්කම ලංකාව ගැනත් පොඩ්ඩක් හිතන්න. (නි)
කෝ පොටෝ එක?(නදී)
ඡායාරූපයක් ඵල කරන්නකෝ.(නදී)
මේ යන විදියට ගියොත් අපේ රට කොන්ගෝවටත් එහා ගිහින් නවතින්නේ. (නි)
ඔය සොබාව ධර්මෙන් දායාද කරලා තියන දියමන්ති රත්තරන් තෙල් හොර නොකන රටට වැඩ කරන පාලකයෝ පත් කර ගත්තා නම් ඔහොම වෙන්නේ නැහැනේ. දැන් ඉතින් ලොකු රටවල් ආධාර දෙන්නේ නැහැ කියලා දෙස් දෙවොල් තිය තියා යන්න. (නි)
ලෝකයේ ලොකුම කේක ගෙඩිය, ලෝකයේ ලොකුම පීසා එක වගේ නිර්මාණ කරන අතරේ මේ ගැනත් හිතුවොත් නේද හොද? (නි)
අපි සියළු දෙනා මේ ගැන කණගාටු වියයුතුයි (නි)
මම ගොඩක් කල් ඉඳගෙන අහන්න හිතාගෙන ඉන්නේ,ලෝකේ මැව්වා කියන දෙවියන් වහන්සේලා මොකද දන්නේ නැහැ මේ වගේ දුක් විඳින මිනිස්සු ඉන්න රටවල් මැව්වෙ? එයාලා ඉතින් පුනුරුප්පත්තිය විශ්වාස කරන්නෙත් නැති එකේ මොකද දන්නේ නැහැ මෙහෙම කන්නු කොරු,ගොළුවෝ,බීරො මැව්වෙ? මේවා අහනකොට තමයි තේරුම් ගන්න පුළුවන් මේ දෙවියන් වහන්සේලා පුදුම ජාතියේ පපුව නරක අය කියලා. (නි)
කොංගෝවේ මෙතෙක් පහල වූ ශ්‍රේෂ්ඨතම නායකයා වූ පැට්‍රිස් ලුමුම්බා. එතුමාව බෙල්ජියම් ආණ්ඩුවයි ඇමෙරිකාවයි එකතුව කරපු කුමන්ත්‍රණයකින් මරා දැම්මා. එහෙම නොවෙන්න අද කොංගෝව විශිෂ්ඨ රාජ්‍යයක්. (නි)
මහේෂ්, ඔබතුමාට මාත් එකගයි කිසිම තර්කයකින් තොරවම. (නි)
දන්නා කෙනෙක් ඉන්නවා නම් මහේෂ්ගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න. මම මහේෂ් එක්ක එකගයි. (නි)
මම නම් ඔය මහේෂ්ගේ ප්‍රාථමික අදහස් වලට එකඟ නැහැ. දෙවියන් වහන්සේට බේදයකින් මිනිස්සු මවන්න ඕනෑත් නැහැ. බුදු හාමුදුරුවෝ පවා මාලිගාවල ජීවිතයට සමුදීලා සරල ජීවිතය සොයාගෙන ගියේ ඔබලා වගේ අයගේ ඔයවගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න තමා.දෙවියන් දන්නවා මිනිසා කියන්නේ උසස් සත්වයෙක් වුණාට ගොඩක් පටු ආත්මාර්ථකාමිත්වයෙන් පෙලෙන පිරිසක් බව. ඒ අයට මොනම දෙයකින්වත් සෑහීමකට පත්වන්නත් බැරි බව. ඔබලා හිතන විදිහට අතට පයට හැමදේම දෙන්න නම් මොකටද මනුෂ්‍යයෙක්.හැමදේම දෙවියන්ගෙන් ලැබෙනකන් බලන් ඉඳල දෙවියන්ට බනින්න තරම් ඔබ නුගත්ද. මේ මිනිස්සු දෙවියන්ගෙන් ඉල්ලනවා මිසක් දෙවියන්ට දුන්නු දෙයක් නැහැ කවදාවත්. ලජ්ජා නැතුව කතාත් කරනවා. (නි)