පාදුක්ක මීගොඩ ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන 77 හැවිරිදි හිටපු සෞඛ්‍ය සේවිකාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පෙම්වතුන් ලෙස ඇයගේ සේවය පතා ගිය පොලිස් කතක හා පොලිස් කොස්තාපල්වරයක් මේ වැටලීමේ උපාය ධූතයෝ වූහ. මහළු කතගේ ගාස්තුව රුපියල් දස දහසකි.
පොලිස් කතට පරණ සිලිංජරයකින් එන්නතක් දීමට සැරසෙද්දී සෙසු පොලිස් නිලධරයෝ ක්‍රියාකාරී වූහ. ඇගේ සහායට සිටිනුයේ ඇගේ මෙහෙකාරියක බව කියන මන්ද මානසික තරුණියකි.
අඩු ගණනේ ඇය ගබ්සා 50ක්වත් කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහසට ගොඩක් අය විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ගබ්සා නීතිගත කරන්න ඕනෑ. අත් වැරැද්දක් ජීවිත වලට කරන හානිය මීට වඩා බරපතලයි. (නි)
මිහිපිට අපාය තියෙන්නෙත් ලංකාවේ වගෙයි පෙනෙන්නේ. (නි)
ඇයි ආච්චිට දරු මුණුබුරෝ දකින්න ආසාවක් තිබුණේ නැද්ද ? (ස)
තාම කාගෙන්වත් පැමිණිල්ලක් නෑනේ ලෙඩ වෙලා කියලා. ඒ නිසා ඔන්න ඔහේ කරගෙන ගියාවේ (ස)
පොලිසිය තව ටිකක් පරක්කු වුණානම් මාර ප්‍රශ්නේ වෙන්නේ (ස)
කිරි අම්මලා කරන වැඩක්ද මෙයා මේ කරලා තියෙන්නේ (ස)
ඉතින් කොහොමද ජාතිය ගොඩනගන්නේ (ස)
මොන එහෙකට මේ වගේ පව්කාර වැඩ කරනවද මේ අය (ස)
අම්මයි, දරුවයි දෙන්නම මැරෙන ඒවා වළක්වන්න පුලුවන් මේක නීතිගත කළොත්. (නි)
ගණන් ගන්න එපා . කැමැත්තෙන් එන අයටනේ එයාගේ සේවාව ලබා දෙන්නේ (ස)