නාපොලි නුවර ශ්‍රි ලාංකිකයකූට අයත් ආපන ශාලාවකට තවත් ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් පහර දී අලාභ හානි කළැයි ඉතාලි පොලීසියට පැමිණිලි කර ඇත. මීගමුවේ ව්‍යාපාරිකයකූට අයත් මෙම ආපන ශාලාවට පහරදී තිඛෙනුයේ තවත් මිගමුවේ තරුණ පිරසකි.
ව්‍යාපාරිකයා තම ආපන ශාලාව ඉදිරිපිට බිමතින් ඉතා අසෝබන ලෙස හැසිරුන තරුණයින් (15 දෙනකු පමණ) පිරිසට ඵම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පැවැසීම ඊට හේතුව බව කියති.
ආපන ශාලාවේ මුදල් ලාචිචුව අතූරුදන්ව ඇති බවත් යුරෝ 3000ක ආලාභයක් ආපන ශාලාවට සිදුව ඇති බවත් පොලිසීය පවසයි. මොවුන් සියලු දෙනා අත්අඩංගූවට ගැනිම සදහා පොලිසිය පරීක්ෂණ පවත්වයි. පහර දුන් අය අතර මත් ද්‍රව්‍ය ගත් පිරිස් සිටි බවට ද පොලීෂියට පැමිණිලි ලැබී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු වෙලත් මෙහෙම වැඩ කරනවාද (දී)
අයියෝ සල්ලි (දී)
ලංකාවේ අයනේ. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ (ස)
අයියෝ සල්ලි
පිට රටක සිට ලංකාවේ නම කැත කරන වැඩ කරන අයට උපරිම දඬුවම් දෙන්න ඕනෙ. (ස)
රම්‍යා නිවැරදියි. හුගක් පිටරට කට්ටිය අපේ රට ගැන දරන අදහස ඕක තමයි. (නි)
නෑ නිත්‍යා, අපේ අය කැපී පේන්න වැඩ කරනවා.ඒකයි. (ස)
ගමේ ගතිය වෙන්න ඇති. (නි)
ඉතාලියේ ජනග්‍රහනයෙන් කැපී පෙනෙන ප්‍රමාණයක් සිටින්නේ ලංකාවේ අයද ? (ස)
මෙවැනි දේ කරන, අපේ රටේ නම කන්නන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
බලු නැට්ට කෙළින් කරන්න බැහැ වගේම මිනිස්සු රට ගියත් එයාලගේ ගතිය වෙනස් වෙන්නේ නැහැ. (නි)
මීගමුව වෙනුවෙන් මීගමුව (ස)
අපිටත් ලඟඳිම දවසක එන්න වෙයි වගේ... මෙයාලා කරන මේ වැඩ නිසා. (නි)
එයාලා ලංකාවේ කියලා ලෝකයටම පෙන්නන්න එයාලට ඕනෑවෙන්න ඇති. (නි)
මම ඉන්නේ පින්ලන්තයේ. හැමෝම කියන්නේ ලංකාව ලස්සනයි, හැබැයි වැඩ කැතයි කියලා. (නි)
ලංකාවේ අය ගිය තැන ඉවරයි. (නි)
අපේ මිනිස්සුන්ට කොහේගියත් ජන්ම ගති අමතක කරන්න බැහැ වගේ නේද? (නි)
ගම කෑවා මදිවට රටත් කනවනේ මෙයාලා. (නි)
මේ මීගමුවේ අය නිසා අපිටත් දැන් හරි කරදරයි. (නි)
අපේ රටේ අයට ලෝකයේ කොහේ හිටියත් සුපුරුදු පුරුදු අත්හළ නොහැක. (නි)
බෝට්ටු වලින් ඉතාලි පැනපු අඩු අධ්‍යාපන මට්ටමේ අයනේ වැඩිපුර එහෙ ඉන්නේ. (නි)
වෙන්නප්පු - මීගමු ප්‍රජාව අතර මෙවැනි දේවල් සුලභයි. (නි)
අපේ මිනිසුන්ට පිටරටකට ගියත් සමගියෙන් ඉන්න බැහැනෙ. ඉතින් කොහොමද අපි එකාවගේ නැගී සිටින්න පුලුවන් වෙයි කියල හිතන්නේ. (දී)