ඉන්දියාවේ චෙන්නායි දුම්රිය ස්ථානයේදී වතුපොළ වංගීස හිමියනට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි කියයි.
චෙන්නායිහි පෙරියමඩු පොලීසිය විසින් සිදු කැරුණු විමර්ශන වලින් පසු අද මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නාම් තමිලර් නැමැති කොටි හිතවාදී සම්බන්ධයෙන් ක්‍රියාකාරීන් පිරිසක් බව ද හෙළිවී තිබේ.
පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ අන්වෙන් (26), සරවන ප්‍රකාශ් (29) හා ප්‍රභාකරන් (24) නමැති තරුණයන් තිදෙනෙකි.
අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔවුන් චෙන්නායි පෙරියමඩු පොලීසියට පවසා ඇත්තේ ලාංකික භික්ෂූන් වහන්සේට අවවාදයක් දීම සඳහා ගිය අවස්ථාවේදී උන්වහන්සේ නොසැලකිලිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම නිසා මෙම පහරදිම සිදුවූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීහු පරීක්ෂණ පවත්වති.
දඹදිව සංචාරය සඳහා පැමිණ සිටි වංගීස හිමියන් ඉකුත් සඳුදා (18) චෙන්නායි දුම්රිය ස්ථානයේදී කොටි හිතවාදින්ගේ පහරකෑමකට ලක්වූ අතර එය දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීය යුත්ත එයයි (දී)
වීඩියෝ එක බැලුවහමම ඔප්පු වෙනවා උගත්කමේ තරම. (නි)
අයියෝ සල්ලි (දී)
කන්න පින තියෙනවනම් ඉබ්බා කැන්ටිමට එනවලු.(නදී)
ඉන්දියාවේ දේශමාමිකයින්ව ලංකාවේ වගේ අත්අඩ‘ගුවට ගන්නවද?(නදී)
වෙලාව ආවම බඹරේ වැල්ලේ කැරකෙනවලු.(නදී)
මොවුන් ගැන ඉන්දියාව ගන්නා අධිකරණ ක්‍රියා මාර්ග ගැනද විමසිල්ලෙන් සිටිය යුතුයි. (නි)
අත්අඩංගුවට අරන් මදි (දී)
ලංකාවේ හුග දෙනෙක් දන්නෙ නැහැ තමිල්නාඩුවේ මොනවද වෙන්නෙ කියලවත්. (නි)
ජයවේවා...ජයවේවා...(දී)
අත්අඩංගුවට අරගෙන නිකන් ඉන්න එපා, දඩුවම් දෙන්න (දී)
අවවාද මොකද්ද දඩුවම් දෙන්න (දී)
ලංකාවේ හාමුදුරුන්ට ගහන එක අපි දැඩි පිළිකුල් සිතින් හෙලා දකිනවා (දී)
ජයවේවා (දී)
හාමුදුරුවන්ට පහර දුන් වයසක කෙනාව අහු වෙලා නැහැ වගෙයි. (නි)
වැරදි කල අය සොයා ගන්න ඕනේ (දී)