IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


නාමල් කුමාරට තහනම් නියෝගයක්


 
 
(නිමන්ති රණසිංහ)
 
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීල්ලට අදාළ කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළි කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (4) එම සිද්ධියේ පැමිණීලිකරු වූ දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයට තහනම් නියෝගයක් නිකුත් කළේය.


පැමිණීලිකරු මුල් අවස්ථාවේදී ලබාදුන් කරුණුවලට අමතරව වෙනත් හා වැඩිමනක් කරුණු මාධ්‍ය වෙත මුදාහැර මෙම විමර්ශන වෙනත් මඟකට යොමු කිරිමට උත්සාහ කරන බව පෙනී යන බවත්, තමන් දන්නා යම් තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් වෙත පමණක් ප්‍රකාශ ලබා දෙන ලෙසත් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්ති ප‍්‍රකාරව නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
 
ඒ අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්තිය අනුව අධිකරණය මෙම තහනම් නියෝගය  නිකුත් කළේය.
 

 



අදහස් (31)

නාමල් කුමාරට තහනම් නියෝගයක්

Bishan Friday, 04 January 2019 02:03 PM

දැක්කම පේනවා මෙයා මොන වගේ කෙනෙක්ද කියලා... පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්න සුදුසුකම් සම්පූර්ණයි.

:       5396       9282

BamunuarachchiSaturday, 05 January 2019 01:56 AM

බැංකු කඩන්න ප්ලෑන් කරන්න කෙනෙක් වුවමනා නම් අපි මෙයාව අපේක්ෂයට, එජාපයට ඡන්දෙ ඉල්ලන්න සදුසුකම් වැඩියෙත් එක්ක තිබෙනවා නේද? රටේ වුණු ලොකුම මංකොල්ලය කරලා තව ලැජ්ජා නැතුව මේ අය පොහොට්ටුවක් ගැන කතා කරනවනේ... තවමත් මහ බැංකුවට තම ආයතනයට සිදු වුණු අලාභය, රටට වුණු පාඩුව ගණන් හදා ගන්න බැරුව ඉන්නවා. මේ ගොයියෝ පොහොට්ටුව ගැන කතා කරනවා. මේ ගොල්ලෝද රටකට ආණ්ඩු තෝරන්නේ?

:       2077       2601

samSaturday, 05 January 2019 03:43 AM

ඔය අලාභය උසාවියකින් ඔප්පු කරනකම් මම බලාගෙන ඉන්නේ. ඔය කියන ගණන් හිලව් ඔක්කොම විශේෂඥ වාර්තාවකින් විසිවෙනවා. මෙතන වෙන්නේ EPF එකට ලැබිය යුතු ලාභයක් නැතිවෙනවා. එකට EPF නිලධාරීන්ට දඬුවම් කරන්න වුවමනායි. හැබැයි එ්කටත් නීති ප්‍රතිපාදන තියනවද බලන්න වෙනවා...

:       364       243

zercornSaturday, 05 January 2019 03:48 AM

ලොකුම හොරකම කියන්නේ හෙජින්ද, හෙල්පින් හම්බන්තොටද, නැත්නම් ජනපති ළඟදි කියපු කාලාන්තරයක් තිස්සේ වෙනවා කියනවා කියන බැඳුම්කර ගනුදෙනුවක්ද? බමුණු, ඔයා දන්නේ නැතිවුණාට කරන්න දෙයක් නෑ. අදටත් ඔයා ඔය අල්ලගෙන ඉන්න මහා බැඳුම්කර ගනුදෙනු (කාගේ කාලයේ හෝ) අභ්‍යන්තර ගනුදෙනු ගැටළුවක් මිස මහ බැංකුවට පාඩුවක් වූ දෙයක් නොවේ. එහෙම පාඩුවක් වුණා නම් ඇයි ඒක කාටවත් සනාථ කරන්න බැරි..? අධිකරණය ඉදිරියේ යම් වංචාවක් සනාථ කරන්න බෑ ඒක අඩුගාණේ ප්‍රමාණාත්මකව කියන්න බැරි නම්... වෙන්දේසි කරලා බැඳුම්කර මිලදි ගන්න වෙලාවකදි ගැණුම්කරුට ප්‍රමාණය හා මිල කියන දෙකම එක විට පාලනය කරන්න බෑ...

:       900       760

shan saudiSaturday, 05 January 2019 05:14 AM

බමුණු, රටේ උන ලොකුම මංකොල්ලය රනිල් ආණ්ඩුවෙන් කල බිලියන 110 ද නැත්නම් 2008 සිට 2014 දක්වා සිදු උනා කියන බිලියන 890 ද ජනපති පැහැදිලිව කියලා තියනවා 2008 සිට 2016 දක්වා බිලියන 1000 මංකොල්ලයක් සිදුවෙලා තියනවා කියලා

:       68       3

BishanSaturday, 05 January 2019 06:18 AM

පොහොට්ටු බමුණෝ ජනපති වාර්තාවට අනුව බැඳුම්කර වංචාව බිලියන 1000 (මෙතෙක්). ඔබතුමා නැට්ට පාගාගෙන කඩේ යන්නේ බිලියන 10 වංචාවට ඉතුරු බිලියන 990 පිළිබඳව ප්‍රශ්නයක් ඔබතුමාට නැත. වහල්ලු කියන්නෙ නිකං ඇයි බමුණෝ...?

:       202       932

Rata PerataSaturday, 05 January 2019 08:09 AM

වැරැද්ද වැරැද්ද හැටියට දකින්න හලෝ මෝඩකම් ප්‍රදර්ශනය කරන්නේ නැතුව... බැංකු මගුල විතරයි කියන්න තියෙන්නේ... ඒකම කියකියා ඉන්නවා. ඒ අයගේ වත්කම් තහනම් කරලා, හිරේ දාලා පරීක්ෂණ කරන එක කියවන්න අකුරු දන්නේ නැද්ද? අනිත් වැරදි ගැනත් කියන්නකෝ ඔච්චර අමාරු නම්, මිහින් ලංකා, එයාර් ලංකා, අැවන්ගාර්ට්, හෙල්පින් හම්බන්තොට, දිවි නැගුම සහ තවත් සිය ගානක්...

:       497       1271

BamunuarachchiTuesday, 08 January 2019 02:34 PM

හෙජින් කොහොමද හොරකමක් වෙන්නේ? එක පාඩුවක් වුනා තෙල් මිල පහත යාම නිසා තෙල් මිල තවදුරටත් ඉහල ගියානම් රටට ලාබයක්. කොහේ හරි හෙජින් ගැන කතා කල අග මුල දන්නේ නැහැ හෙජින් හොරකමක්ලු. දන්නා දෙයක් කතා කරන්න.

:       0       0

niroshanSaturday, 05 January 2019 06:01 AM

මෙහි අදහස් දක්වා ඇති ටොයියන් දෙස බැලූවිට මහබැංකු හොරකම හොරකමක් නොවේ. මගේ හවුසින් ලෝන් එකේ පොලිය 9% සිට 13% දක්වා වැඩි වුණා. එයට මෙම ටොයියන් දායක වී ඇත. මෙවන් අය සිටින තාක් කල් ලංකාවට අඹ සරණයි. ලංකාවට හාමුගේ සහ සමනල නඩයේ පිහිටයි...

:       115       858

ගල්කටස් Friday, 04 January 2019 02:48 PM

මොන මගුලක් හරි කමක් නැහැ... කුමන්ත්‍රණයක් තිබ්බද නැද්ද? කියන එක කෙළින් ජනතාවට කියන්න. මොකද මේක නිසා රටම කැලඹුණා. ජනතාවට අවශ්‍ය මෙයා බොරු කිව්වද නැද්ද මිසක් උගෙ පැටිකිරිය නෙමේ. බොරුවක් කියලා හිරේ යන්න නම් මෙයා පිස්සෙක් විය යුතුයි. නැත්නම් පොලිසියෙන් යම් කථාන්දරයක් හදනවා වෙන්නත් බැරි නැහැනේ...

:       138       3228

samFriday, 04 January 2019 09:19 PM

ගල්කටස්, කුමන්ත්‍රණයක් තිබුණාද? නැද්ද? කියලා සැකයක් නැහැ. කුමන්ත්‍රණයක් තිබුණා. සැකය තියෙන්නේ ඒ කුමන්ත්‍රණය ඔය කියූ පුද්ගලයින් ඝාතනය කිරීමට සැලසුම් කල එකක්ද? එහෙම නැතිනම් ඒ පුද්ගලයින් විසින්ම තමන්ව ඝාතනයට කුමන්ත්‍රණයක් තියනවා කියා යම්යම් වාසි ලබා ගැනීමට ඔවුන්ගේ අනුදැනුම මත සිදුකළ කුමන්ත්‍රණයක්ද කියන එක ගැනයි.

:       145       162

ගල්කටස් Saturday, 05 January 2019 11:37 AM

මට ඔබගෙන් හෝ අන් අයගෙන් පිළිතුරක් අවශ්‍ය නැත .නීතිය සාධාරණ නම් එමගින් හෙළි කල යුතුයි අධිකරණය මගින් කෙලින් පිළිතුරු දිය යුතු වන්නෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.

:       1       0

සෙනෙවි Friday, 04 January 2019 02:48 PM

පොහොට්ටු වීරයා ලෙස සම්මාන දෙමු...

:       3894       3932

Nimal Friday, 04 January 2019 04:58 PM

මෙම පුද්ගලයා ගැන මෙයිට වැඩියේ විමර්ශනාත්මකව පරීක්ෂණ අැරඹිය යුතුයි...

:       2878       4088

dhamneth Friday, 04 January 2019 05:18 PM

පරස්පර අදහස් නේද මෙයා ඉදිරිපත් කළේ? එක දවසක් කීවනේ...පොලිස්පති නාලක සිල්වා මහතාගේ නමට ලියු චෙක්පතක් මෙයාගේ අතට දී ෆොටෝ අරගෙන චෙක් පත ආපසු ගත්ත කියා, තව දවසක් කීවනේ... පොලිස්පති නාලක සිල්වාගේ නමට ලියු 250000 චෙක් පත් දෙකක් අතටදී ෆොටෝ අරගෙන චෙක් පත් ආපසු ගත්ත කියා පොලිස්පතිතුමා විසින්...

:       2954       3413

සෙනෙවි Friday, 04 January 2019 05:39 PM

මිනිහට විතරක් මොකද එවැනි තහනමක්? ඇයි පොලිස්පති සරත් ෆොන්සේකා, මද්දුම බණ්ඩාර සහ රාජිත මේ සම්බන්ධව කියන කතාත් තහනම් නොකරන්නේ..?

:       200       3100

hemal milano Friday, 04 January 2019 09:23 PM

ඇයි මේ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? කාගේ හයියක්ද මෙයා මේ පෙන්නන්නේ?

:       169       685

Anusha Saturday, 05 January 2019 01:11 AM

මේ මනුස්සයාගේ මුහුණ දිහා බලන්න. අලුගුත්තේරු පෙනුමක්... තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිලිබඳ බොරු කරපු කෙනෙක් කියන දේ විශ්වාස කරන්නේ කොහොමද?

:       167       1148

Jagath Leanage Saturday, 05 January 2019 01:18 AM

සිංහලෙන් ඔය වගේ දේවල්වලට කියන්නේ "නටපු නැටුමකුත් නැහැ..., බෙරේ පලුවකුත් නැහැ" කියලයි.

:       82       49

මුනසිංහ Saturday, 05 January 2019 02:00 AM

කොහොම වුනත් මෙයා කියන ඒවා ගැන දැඩි විමර්ශනයක් අවශ්‍යයි. පහුගිය කාලේ කරපු කුමන්ත්‍රණ ගැන මහජනතාවට තිබූ සැකය තහවුරු වෙමින් යනවා. පරික්ෂණ යට ගැසීම හෝ වෙත් අතකට යොමු කිරීම වැරදියි. තවත් මහ බැංකු හොරකමක් බවට පත් නොවිය යුතුයි.

:       62       158

Sanka Saturday, 05 January 2019 02:06 AM

පොහොට්ටුව මෙයාව දාලා ප්ලෑන් කලේ යහපාලන ආණ්ඩුව විනාස කරන්න. නමුත් දැන් වැඩේ එලි වුණා. රටේ නායකයත් දැන හෝ නොදැන උගුලට අහුවුණා. මේවට නාස්තිවෙන මහජන මුදල් අපරාදේ. ලෝකේ කොහෙවත් නැහැ මෙහෙම පිස්සු කෙලින රටක්.

:       247       1954

Jagath LeanageSaturday, 05 January 2019 03:26 AM

"නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ".

:       6       235

Amila Saturday, 05 January 2019 02:22 AM

මෙයාගේ ලෝයර් මහත්තයාට (අරයගේ උපදේශක) නන් අන්න ආණ්ඩුකාර පත්වීමක් අරයා දුන්නා. මෙයාටත් ආණ්ඩුකාර කමක් අරයා දේවිද දන්නේ නෑ. නූගත් මානසික චරිත අරයටම ගැලපෙන මිනිස්සු. ඉස්සර එකට අර හොස්පිටල් එකේවත් හිටියද දන්නේ නෑ.

:       71       1029

ප්‍රසාද් Saturday, 05 January 2019 06:29 AM

නාමල් කුමාර කියන්නේ අතිදක්ෂයෙක්

:       10       62

ශාන් Saturday, 05 January 2019 02:12 PM

ඔන්න අදත් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා මෙයාගේ...

:       0       2

kamil Saturday, 05 January 2019 03:09 PM

මූණ දැක්කම හොර පාට පේනවනේ..

:       0       602

tharidu Saturday, 05 January 2019 03:12 PM

මෙම ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු ප්‍රධාන මේ විගඩමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන පුද්ගලයා නාමල් කුමාර වේ.. එහෙනම් අැයි මෙයාව අත්අඩංගුවට නොගන්නේ..

:       0       769

ranjith Sunday, 06 January 2019 12:35 AM

මෙයාට පොලිස්පතිකම දුන්නා නම් හරි මාධ්‍ය සාකච්ඡාවලට ඇවිත් කතා කරන්නේ රටේම ලොක්කා වගේ...

:       0       0

ajith Sunday, 06 January 2019 01:26 AM

නිවාස ණය පොලිය 19%ට තිබිල 9%ට අඩු කලේ යහපාලන රජයෙනුයි. නැවත 13% කට වැඩි කල එක විතරක් කියන්නේ. අඩුවූ 4% ත් අමතක වෙලා වගේ.

:       103       127

shehan yapa Monday, 07 January 2019 05:09 AM

මේ රටේ මධ්‍යස්ත මිනිස්සුන්ට පැහැදිලිව පෙනෙනවා එහෙම ඝාතන කුමන්ත්‍රණයක් තිබුන බව. වහල්ලු වගේ දේශපාලකයෝ සුද්ද කරන්න යන්න එපා. ඒ වගේම මෙම පුද්ගලයාගේ කලින් වරදිවලටද නිසි දඩුවම් දිය යුතුයි.

:       0       0

julien Monday, 07 January 2019 09:25 AM

මුහුණ දැක්කම කාටත් හිතාගන්න පුළුවන් හොරෙක් කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 88 0

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 71 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 157 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.


ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 312 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
2025 අප්‍රේල් මස 23 189 0

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී


අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 අප්‍රේල් මස 23 587 0

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 630 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site