IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නාමල්ගේ නම ස්ථීර කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දැන් පැවැත්වෙන විශේෂ උත්සවයේදී ඒ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බව එම එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනය කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා පසුගිය පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍ය ධූර කීපයක කටයුතු කළේය.

තිස්අටවැනි වියේ පසුවන නාමල් රාජපක්ෂ මහතා 2010 මහ මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙක් වන නාමල් රාජපක්ෂ මහතා දක්ෂ රග්බි ක්‍රීඩකයෙකි. ඒ මහතා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වය ද දැරිය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 

 



අදහස් (59)

නාමල්ගේ නම ස්ථීර කරයි

Perera Wednesday, 07 August 2024 09:10 AM

මොලයක් තියන එකෙක්වත් මූට චන්දෙ නොදෙන එක ස්ථිර වේ

:       21       141

Buddika Wednesday, 07 August 2024 09:11 AM

රාජපක්ෂ නාමයක්වත් මේ රටට එපා.මුලු පරපුරක් එකතුවෙලා මේ රට විනාස කලා.මේ රට මෙ තත්වයට වැටිල තියෙන්නෙ මේ හැතිකරේ නිසා.රටේ සල්ලි ,බලය මුන් පාව්ච්චි කලෙ අම්මගෙ අප්පගෙ බූදල් වගේ.හොරකම වංචාව තුලින් මෙ හැත්ත අපේ රට විනාස කලා.මුන්ට චන්දෙ දෙන්න ලන්කාවෙ නම් මිනිස්සු නෑ

:       21       104

Sameera Wednesday, 07 August 2024 09:13 AM

ජන්ද ලක්ෂ 5 ගන්නේ නැහැ! මේ වගේ අයට ජන්දේ දේන්න එපා!

:       31       223

KumaraWednesday, 07 August 2024 12:50 PM

මෝඩ පුතානෝ ට වඩා නම් නාමල් හොඳයි. ඒත් ඒ දෙන්නටම බෑ අනුරට කිට්ටූ කරන්නවත්. දැන් රැල්ල අනුරට​.

:       78       142

ChandimaWednesday, 07 August 2024 01:39 PM

මේ මරි මෝඩ ගොන් "කුමාරල" තමයි ගෝටට චන්දෙ දුන්නෙත්.මේ කුමාරගෙ මොලේ තාම ලදරුයි.ඒකයි මේ ගොන් තකතීරු කමෙන්ට්ස් දාන්නෙ

:       24       36

වත්සි Wednesday, 07 August 2024 09:16 AM

සුබ පැතුම්! තාත්තා මෙන්ම රටට වැඩදායී නායකයෙක් වේවා!

:       246       44

Mohamed Wednesday, 07 August 2024 09:37 AM

බලයට කෑදරකම හොඳට පේනවා. මේක නාමල් ගේ වෙලාව නෙවි. බාප්පට වෙච දෙයක් තම වෙන්නෑ. දම්මික ට වෙන්නේ ලලිත් කොතලාවලට වෙච දැයි තම

:       18       148

lankaputha Wednesday, 07 August 2024 09:37 AM

රාජපක්ෂ පාලනයේ අවසානය. අවුරුදු 2කින් කඩා වැටුන එක ගැන ගොඩක් සතුටුයි.

:       23       163

sene Wednesday, 07 August 2024 09:41 AM

නාමල් පුතේ, ඔබ ඔබේ පියා කල වැරදි , නයින්ව අයින් කර, සාටකය ඉවත් කොට, මින් ඉදිරියට වැරදි කාරයින්ට අච්චු කොට වෙච්ච දේ පාඩමක් ලෙස ගෙන ,ඔබගේම දේශපාලන මගකට පිවිසෙන්න. ඔබේ ජයග්‍රහණය ඇත්තේ එතන. තවමත් අවන්ක කමට සිහලුන් ගාව ඉඩක් ඇත .

:       151       50

රෙක්ස් Wednesday, 07 August 2024 09:41 AM

ජීවිතයේ කිසිම නඩුවක් කථා නොකල අති දක්ෂ නීතීඥයෙක් ලෙසද එතුමා ප්‍රසිද්ධය.

:       14       176

අරවින්ද මොනරවිල Wednesday, 07 August 2024 09:42 AM

පොහොට්ටු රග දැක්වු නාඩගමේ අවසන් ජවනිකාව විකාරරූපී උනා. නංගිව පෙන්නලා අක්කව නොවෙයි ආච්චිව දෙන්නයි රාජපක්ෂ කල්ලිය ට්‍රයි එක දැම්මේ.

:       15       144

රම්සි Wednesday, 07 August 2024 09:43 AM

ලංකාවෙ රට මීහරක් කීයක් ඉන්නවද කියල දැං හරියටම ගනංකරතෑකි.

:       19       153

ranjith Wednesday, 07 August 2024 09:45 AM

පොහොට්ටුවේ චන්ද නාමල්ටම තමා

:       104       38

මහසෙන් Wednesday, 07 August 2024 09:53 AM

නාමල් පිපෙයි.හැබැයි කල් යයි.

:       29       75

wasantha Wednesday, 07 August 2024 10:03 AM

හැම දේටම ඉතිහාසය අරගෙන කෑගහන්නේ වයිෆ් ල. එහෙම නොවී මේ මනුස්සයටත් ඇහුම්කම් දෙන්න බලන්න. හැම දේම කඩා වැටුන වෙලාවේ මේ වගේ ඉදිරිපත් වෙන්න තියන මානසික ශක්තියවත් අගය කරන්න.

:       105       35

samWednesday, 07 August 2024 11:48 AM

ඔයාලා වගේ නූගතුන්ට ඡන්දේ ලබාදීලා රට මෙහෙම තියන එකත් ලොකු දෙයක්

:       13       99

වසන්ති Wednesday, 07 August 2024 11:57 AM

එහෙමනම් වසන්තයෝ ගෝඨයිම්බර බාප්ප පස්සේ දොරෙන් පලායද්දී අප්පට කපුටු බාප්පට රටේ වසන්නම බැරිවුනාම කඩා වැටුණු රටේ පාලනය භාරගන්න බැරිවුනේ ඇයි කියපංකො රනිල්ගෙ පිහිටෙන් අතපය වාරුවක් ඇතිවුනාම හිතෙනවා ඇති මම තමයි ලොක්කා කියලා අන්තිමට පොහොට්ටුවට අනිච්ඡාවත සංඛාරා කියලා තමයි

:       13       60

Sara Wednesday, 07 August 2024 10:08 AM

22 බලමු % කීයද ප්‍රතිශතය කියලා .මම හිතන්නේ 5 %

:       14       73

යෝගා Wednesday, 07 August 2024 10:09 AM

මේක ජනාධිපතිවරණය නෙමෙයි මහ මැතිවරණය ඉලක්ක කරගත් දේශපාලන තීරණයක් වගේ. මහ මැතිවරණයේ ආසන පහක් ගත්තත් ඒක තීරණාත්මක වෙන්න පුළුවන්.

:       6       53

chinthaka Wednesday, 07 August 2024 10:17 AM

මහා චෞරයාගෙන් පොඩි චෞරයාට

:       14       84

Kazi Shajahan Wednesday, 07 August 2024 10:19 AM

රනිල් සීයාට වඩා චන්ද ගන්න සුදු පුතේ .ඔබව දාලා ගිය ගුණමකු මිනිස්සුන්ට අඩෙන්න

:       58       38

පොඩිඑකා Wednesday, 07 August 2024 10:42 AM

මේක දැක්කම මට හිතුනා රැපියල් හැත්තැදාහක් දීලා පොල් කරැවවත් ඉදිරිපත් කරන්න. ඌටත් මෙයාට වැඩිය ලයික් තියෙනවා.

:       13       71

Lalla Wednesday, 07 August 2024 10:43 AM

දක්ෂතම රග්බි ක්‍රීඩක සම්මානය.... මැරයෝ දමා විරුද්ධවාදී කණ්ඩායම භීතියට පත්කර බලෙන් ජයග්‍රහණය කල අති දක්ෂ කණ්ඩායම....ජනපතිවරණයත් එහෙම කරන්න උත්සාහ කරයිද?

:       11       80

Prabha Wednesday, 07 August 2024 10:48 AM

ඔච්චරද එයා ගැන කියන්න තියෙන්නේ ?

:       6       38

max Wednesday, 07 August 2024 11:21 AM

අනාගත ජනපති ඔබයි රජුණි

:       93       17

pissa Wednesday, 07 August 2024 11:21 AM

හරි සන්තෝසයි

:       68       23

fairoos Wednesday, 07 August 2024 11:41 AM

රටට අබ සරණයි

:       19       90

third Eye Wednesday, 07 August 2024 11:45 AM

සරණාගත වීසා ඉල්ලන්න වෙන්න ඇති. ඒත් වෙලාව මදි වෙයි ....

:       11       69

dasun Wednesday, 07 August 2024 12:09 PM

ඡන්දය පාවිච්චි කරනකොට ඉතා සුළු පිරිසකට අත් වැරදීම් වෙනවා.. ඒ වගේ ඡන්ද තමයි මේ සැරේ නාමල්ට සහ අනෙකුත් ත්‍රීවිල් අපේක්ෂකයන්ට ලැබෙන්නේ... පුළුවන් නම් ඡන්ද ලක්ෂයක් අරන් පෙන්වන්න.

:       11       69

Nimal Wednesday, 07 August 2024 12:32 PM

මොන නාට්‍යයක්ද? මේ

:       5       27

Ruwan R Wednesday, 07 August 2024 12:37 PM

21 වෙනිාට දෛවයේ සරදම් බලන්න පුලුවන් ....

:       7       40

පිටිගල මිලානෝ Wednesday, 07 August 2024 12:48 PM

අරගලේට ගහන්න ප්ලෑන් කලෙත් මේ අය මේ විදියටමයි. මෙතනින් වැඩි හරියක් ළගදීම හිරේ යනවා….

:       10       52

හේරත්‍බණ්ඩා Wednesday, 07 August 2024 01:11 PM

නාමල් පුදුම බල තණ්හාවෙන් මත්වෙලා... අනේ මෙහෙමත් තණ්හාවක්. මැරෙන්නේ නෑ කියලා හිතාගෙන මේ බලයට පොරකන්නේ බැරි බව දැනගෙනත්...

:       11       41

MVH Wednesday, 07 August 2024 01:20 PM

ඔබට ජය නියතයි.... කැප කිරිම් කරන්න....

:       46       13

upul Wednesday, 07 August 2024 01:25 PM

මේක තමයි මේ ඡන්දේදි එළිදක්වන රාජපක්ෂ පැරා මීටරය. එළහරක් ගණන හරියටම සංගණනය කරගත්තෑකි...

:       12       44

ජනරළ Wednesday, 07 August 2024 01:50 PM

දැක්කහම වෙලාවකට දුකත් හිතෙනවා. පව් අප්පා පව් පුතා කියල. තමන්ට බලය තිබ්බ කාලේ හරි පාරේ හරි විදියට අවංකව ප්‍රතිපත්ති ගරුකව වැඩ කරන්නේ නැතුව කරන්න පුළුවන් තරම් හැම ජවුසමක්ම නටලා ගහන්න පුළුවන් හැම ගැහිල්ලක්ම ගහලා හොඳට ජොලියේ ඉඳලා දැන් තෙල් ඉවර වෙලා නිමෙන්න යනකොට නිකම් නන්නත්තාර වෙලා බුහුත නාඩගම් පෙන්නනවා. මිනිහෙක්ගේ ඉරණම තමා මේ.

:       5       33

saman Wednesday, 07 August 2024 02:05 PM

දැන් අඩුගානේ බය නැතුව ඡන්දේ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. අනිත් අය රට බෙදන්න ඉන්දියාවට පොරොන්දු වෙලා නේ ඉන්නේ.

:       29       11

Sagara Kariyawasam Gobbaya Wednesday, 07 August 2024 02:17 PM

නොදකින් කාලකන්නියා.

:       5       26

සෑම් Wednesday, 07 August 2024 02:21 PM

රටේ ඉතිරි වෙලා ඉන්න සොච්චම් ගව සම්පත දක්කන්න ගොපළු පියා විසින් ගොපළු පුතාට කෙවිට බාර දුන් වගයි

:       7       32

amila Wednesday, 07 August 2024 02:27 PM

ආයේ කවදාවත් රාජපක්ෂ පවුලට සම්බන්ද කිසිම කෙනෙක්ට මගේ ජන්දේ දෙන්නේ නෑ. නමුත් මම හිතන විදියට නෙමේ රටේ අනිත් මිනිස්සු හිතන්නේ එක නිසා මෙදාපාර නාමල් ජන්දෙට ඉදිරිපත් වෙලා පරාජෙකින් ගමන ආරම්භ කරන එක මෝඩ තීරණයක්

:       9       29

ලසන්ත Wednesday, 07 August 2024 02:35 PM

ආ.. ඔය කපුටු රජාත් මොකවත් නොවුනා සේ, කල එලි බැහල ඉන්නේ!

:       7       35

Saman Wednesday, 07 August 2024 03:10 PM

තාත්තගෙන් පුතාට යන දේශපාලු ක්‍රමය අවසන් කළ යුතුමයි.

:       3       38

නන්දන පනා-මිලානෝ Wednesday, 07 August 2024 03:18 PM

නාමල් ජනාධිපති කරලා තිස්සකුට්ටියා අගමැති කරමු.

:       4       33

pakeer Wednesday, 07 August 2024 03:42 PM

මේ පාර ඡන්දෙන් හරියට කියන්න පුළුවන් බුරුවෝ ලංකාවේ කී දෙනෙක් ඉන්නවාද කියලා

:       3       29

මොලහතා Wednesday, 07 August 2024 04:22 PM

දැක්කද බොලව් මගෙ පොහොට්ටුවෙ බලේ. මල්ලිට කෙලියා. අයියට කෙලියා. අයියගේ කොල්ලට කෙලියා. තව කාටද කෙලවගන්න ඕන.

:       0       0

ගමේ එකාලා Wednesday, 07 August 2024 04:51 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ... ජරාපක්ෂලා රටට සාපයක්..

:       4       27

Nandana Wednesday, 07 August 2024 06:14 PM

ආයෙත් කොළඹ රේස් පදිමු මචන්

:       1       10

මoජුල Wednesday, 07 August 2024 07:16 PM

පවුලේ ජන්ද ටික හරි තැනට වැටෙන්න වැඩ කලානම් හොදටම ඇති.

:       1       5

විපරමා Wednesday, 07 August 2024 07:18 PM

හොර පෙරකදෝරුවෙක්.මස් මාලු නොකන කෙනෙක්ලූ.ඒ උනාට ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කෑවා. මෙයා කරපුවා දන්නෝ හොන්දාකාරවම දනිති .

:       3       14

බණ්ඩා Wednesday, 07 August 2024 07:32 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යැයි පක්‍ෂයක් නැත​. ඇත්තේ රාජපක්‍ෂලාගේ පවුලේ යහපත පිණිස අටවා ගත් එකතුවකි. එහි පැවත්ම උදෙසා ඔවුන් රට,ජාතිය ආගම කෙරෙහි ජනතාව තුල ඇති භක්තිය තම පැවැත්ම උදෙසාම යොදාගැනීමේ දී ඉදිරියෙන් සිටී. එහෙත් ඇත්ත දන්නෝ දනිති.

:       5       14

බණ්ඩාWednesday, 07 August 2024 10:58 PM

ඒ නිසා රාජපක්‍ෂලා කොයිකත් එකම වල්ලේ පොල්‍ ය. නාමල් වැනි මැට්ටෙක්ව ඉදිරියට ගැනීමට ඔවුන් දරණ ප්‍රයත්නය කෙරෙහි සියල්ලෝම අනුකම්පා කරත්වා...!

:       0       0

රංබොඩ Wednesday, 07 August 2024 07:46 PM

රටට සිංහල බෞද්ධ නායකයෙක් අවශ්‍යයි. තරුණ කමත් ඉතා වැදගත්. රජ පෙළපතකින් පැමීනීමත් හොඳයි . මේ අවස්ථාව සුදුසුද කියා නොදනිමි. නමුත් අනාගතයේ මොහු ජනපති වේවි.

:       20       6

Swene Thursday, 08 August 2024 04:36 AM

සිංහල බෞද්ධ නොවන නායකයින් සහිත බලවත් රටවල් ඕනතරම් තිබෙනවා. කිසිම ආගමකට හෝ ජාතියකට ගැති නොවී අවංක, ධෛර්යමත්, කැප කිරීමට සූදානම්, ඥාණවන්ත සහ සාධාරණව හිතන නායකයෙකුයි, කණ්ඩායමකුයි අපට අවශ්‍ය. ඉන් අනතුරුව ජනතාවත් දේශමාමක ලෙස අවංකව වැඩ කළයුතු යුගයක් අවශ්‍ය වී ඇත. එහෙම නැතුව මේ රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සිහිනයකි. එම උතුම් කල්පනාව සියලුම දෙනාට පසක් වේවා..!

:       0       0

GangodageThursday, 08 August 2024 06:14 AM

කොහෙන්ද මිනිහෝ රජ පෙළපතක්. මොවුන්ගේ මුත්තා වලවේ බැලමෙහෙවර කරන්න ඇවිල්ලා මොකක්ද මගඩියයක් කර වලව්ව අල්ලාගත්තා කියලනේ කියන්නේ... පුළුවන් නම් බදුල්ල පැත්තේ රාජපක්ෂලා කියන්නේ කවුද බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වේවි.. ඊළඟට අපූරු සිංහල බෞද්ධ කම...

:       0       0

Sameera Wednesday, 07 August 2024 11:14 PM

අපේ ගොනා අපිට හොඳයි.

:       0       0

චතරි Thursday, 08 August 2024 01:27 AM

මේ වගේ එකෙක් ජනාධිපති කරන්න. මිනිස්සු මේ වගේ හරක් කියලා හිතන් ඇති. මොවුන්ගේ පව්ලේ රෙකෝඩ් එක ගත්තාම. තාත්තා මහ හොරා. බාප්පලා ලෝක හොරු... මුලු ලෝකෙම හිනස්සලා කෙනෙක් පුටුවත් දාලා ගියා. අම්මන්ඩි මුදල් රත්තරන් වන්චා... නැන්දලා, මාමලා... නම ගිය හොරු බේබි ජනාධිපති ඇතුලු අනික් දෙන්නා. නම ගිය පුත්තු ඉගෙනීමක් නැහැ. පියාගේ බලෙන් රටේ ඉහළ පුටුවල වැජඹුනේ ඒ රැකියා සේරම. පියත් එක්කම ඉවරයි. ඛෙත්තාරාමේ විදුලි බල්බ් හොරකම බලහත් කාරයෙන් මොවුන් සේරම හිරේ ඉන්න ඕනෑඅය. තවත් තප්පුලන ටිකකුත් එක්ක හුරේ දානවා. අනුර එනකම් ඉන්න සාදකේ. හරියට බෙල්කට් කරලා අන්දයි..

:       0       0

kumara Thursday, 08 August 2024 05:17 AM

ප්‍රතිචාර බලන්න ආපු අය මේ කොනට...

:       0       0

කීර්ති Thursday, 08 August 2024 06:32 AM

වමනෙට එනවා මූන දැක්කහම! මහින්දව කෑවේ මේ අමනයා!

:       0       0

Jayasekara Thursday, 08 August 2024 11:43 AM

ස්ථිර පරාජය තවත් ඉක්මන් විය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 946 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5749 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3284 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 283 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1454 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1571 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28426 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site