IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නියන සොරකම් වැලක් හෙළි කරයි

මත් කුඩු පැකට් 10ක් යට ඇඳුමේ සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් 35 හැවිරිදි එක්දරු පියකු ගෙන් වැඩිදුර ප්‍රශ්න කරගෙන යෑමේදී ගෙවල් බිඳ දේපොළ සොරා ගැනීමේ අපරාධ 33ක් ගැන තොරතුරු අනාවරණය වූ බවත්, අපරාධ 18ක රුපියල් තුන් ලක්ෂ පනද් දහසක පමණ භාණ්ඩ සොයා ගත් බවත් ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.

මත් කුඩු ජාවාරම්කරුවකු වැලිවේරිය පන්සලක් අසළ සිටින බවට ඉරිදා උදේ ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයට  ලද තොරතුරක් අනුව එහි ස්ථානාධිපති කේ ඒ එස් කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි වැලිවේරියට ගොස් සැකකරු පරීක්ෂා කළහ.

ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ හෙරොයින් මත් කුඩු පැකට් දහයක් (මිලි ග්‍රෑම් 300) සොයා ගත් බවත්, ඒ සමගම ඉණේ ගසාගෙන සිටි අඟල් නවයක් පමණ දිග ඉස්කුරුප්පු නියනක් හමුවූ බවත්, ඒ ගැන ඇති වූ සැකයක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩි දුර ප්‍රශ්න කිරීම් කළ බවත් පොලීසිය කියයි.

ප්‍රශ්න කිරීම්වලදී ගෙවල් බිඳ භාණ්ඩ සොරා ගැනීමේ අපරාධ 33ක් ගැන සැකකරුගෙන් තොරතුරු හෙළි කර ගත් පොලීසිය ඉන් 18ක භාණ්ඩ සොයා ගත්තේය.

සොයා ගත් භාණ්ඩ අතර රන්මාල, මුදු, කරාබු, බෙන්ඩන්ට්, බේස්ලට්, ලැප්ටොප් පරිඝණක, පිත්තල භාණ්ඩ, ඩිවීඩී යන්ත්‍ර, කැමරා, ඔරලෝසු අදිය ද වෙයි. දැනට අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ වල වටිනාකම ලක්ෂ තුන හමාරකි.

ගම්පහ, වැලිවේරිය, නිට්ටඹුව, මිනුවන්ගොඩ, වේයන්ගොඩ සහ වීරගුර පොලිස් බල ප්‍රදේශවල මේ සොරකම් සිදු කර ඇත.

නිට්ටඹුව කත්තොට පාරේ පිදිංචි විවාහක එක්දරු පියකු වන සැකකරු මත් කුඩු පානයට ඇබ්බැහි වී ඇතැයි පොලීසිය සැක කරයි.

සැකකරු පොලින් නිලධාරියකුගේ ද නිවසක් බිඳ පවුම් 25ක පමණ රන් බඩු සොරා ගත් බවට ද තොරතුරු ලැබුණු  බව පොලීසිය කියයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ කොට්ඨාස භාර පොලිස් අදිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ ඒ එස් කරුණාරත්න, පොලිස් සැරයන් 26952 වසන්ත, 64950 නිමල්සිරි, පොලිස් කොස්තාපල්වරුන් වන 12840 ජනක, 55466 සෙනවිරත්න, 380769 කුමාර සහ  68073 ඉසුරු යන මහත්වරු සැකකරු කළ තවත් පරධාර 15ක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.



අදහස් (0)

නියන සොරකම් වැලක් හෙළි කරයි

ප්‍රනාන්දු Monday, 20 May 2013 11:20 PM

පොලිසියේ මහත්තයට පවුම් 25ක රත්තරන් කොහෙන්ද ? (නි)

:       0       0

රූපවතී Tuesday, 21 May 2013 12:23 AM

හොරා මේවා විකුනන්නෙ නැතුව මෙපමණ කලක් තියාගෙන හිටියා ඇති. මිනිසුන් සාධාරණ මුදලින් උපයපු නිසා ඒවා හොරාට පත්තියන් වෙලා නැහැ වගේ. (නි)

:       0       0

උපාලි Tuesday, 21 May 2013 03:35 AM

මිනිහ කුඩු විකුනන්නෙක්ද, කුඩු බොන්නෙක්ද, ගෙවල් බිදින්නෙක්ද, වඩු බාස් කෙනෙක්ද කියලා මම මේ පැටලිලා ඉන්නේ. බිඳපු ගෙවල් ගණනේ හැටියට නම් ප්‍රධාන රැකියාව ඒක වගේ. (නි)

:       0       0

ලුවිස් අප්පුහාමි Tuesday, 21 May 2013 04:31 AM

අත්තනගල්ලටත් සිරිසඟබෝ රජතුමාටත් නිග්‍රහයක් නේද පොලෝසියේ මහත්තුරුනේ!! (නි)

:       0       0

වරුණ Tuesday, 21 May 2013 08:04 AM

කුඩු ගෙන්නන මහා කෙරුමෝ හිර කරන්නේ නැතුව විකුණන අයවයි, ගහන අයවයි අල්ලලා මේ ව්‍යසනේ නවත්තන්න බැහැ. කුඩු සමාජයෙන් ඉවත් කරන තුරු මේ අපරාධ වැඩිවෙනවා මිසක් අඩුවීමක් නැහැ. අපේ පාලකයන්ට මේ ටික තේරෙන්නේ නැති එකයි පළමු ව්‍යසනේ (නි)

:       0       0

අපොන්සු Tuesday, 21 May 2013 08:38 AM

වරුණ, පාලකයන්ට මේක තේරෙන්නේ නැතිවාද නැතිනම් මේවාට සම්බන්දයක් තියෙනවාද?(නදී)

:       0       0

කසුන් Tuesday, 21 May 2013 09:33 AM

මාතලේ රත්තොට පොලිස් බල ප්‍රදේශයේත් මේ වගේ හොරකම් 13 වුනා එක දිගට... එහෙත් පොලිසියට තවම අල්ො ගන්න නම් බැරි වුණා හොරුන්ව..... (නි)

:       0       0

සරත් Tuesday, 21 May 2013 10:34 AM

ලුවිස් සීයේ ඔයාගේ ඉතිහාසය පිලිබද දැනුම මදි. සිරිසඟබෝ රජතුමා ගම්පහ අත්තනගල්ලේ හිටියේ නැහැ.(නදී)

:       0       0

මිහිර Tuesday, 21 May 2013 11:05 AM

පෙනඳුට මොකද මේ අල්ලපු හොරා ගැන තියෙන අමාරුව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 1559 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 673 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 1493 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 7097 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 815 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 306 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38113 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25087 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 813 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site