මිග් 27 ප්‍රහාරක ජෙට් යානයේ නියමු ගුවන් හමුදා පියාසර නිලධාරී තරිඳු හේරත්ගේ පැරෂුටය අනතුර සිදුවූ ස්ථානයෙන් කිලෝමීටර තුනක් ඈත මුට්ටිබැඳිවිල නිවෙසක වහලකට පහත් වූ බව ගැමියෝ කියති.කිසිම අනතුරක් නොවූ නියමුවා ගුවන් හමුදාව විසින් රැගෙන යනු ලැබීය.
කටුනායකින් පිටත් වූ යානය අද පස්වරු 1.35 ට පමණ නාත්තන්ඩිය හැවන ප්‍රදේශයේ පොල්වත්තක ඉහළ අහසේදී ගිනි ගත් බව සිද්ධිය සියැසින් දුටුවෝ කියති. එම යානය ගුවනේදී පිපිරී කඩා වැටුණු කැබැලි කිලෝමීටරයක් පමණ දුර විසිරී තිබිණි. එය යානය බිමට වැටී පැය දෙකක් පමණ ගිනි ගත් බවත් ගැමියෝ කියති. යානය වැටුණු මීපුර වත්තේ පොල්ගස් 25ක් පමණ ගිනිගෙන හෝ කරටි කඩා වැටී විනාශ වී තිබිණි. යානයේ කළු පෙට්ටියද සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 40 විතර පරණ මෙම යානය ලොකයේ අනිකුත් රටවල් පවිච්ච්යෙන් ඉවත් කර තිබේ. අලුත් එකක් ගත්තොත් නේද හොද.