IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නිරෝධායන සම්මතයට පිටින්යාම සදාචාරාත්මකද?

කොරෝනා මාරාන්තික වයිරසයට ගොදුරු වූ මෙරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවයි. මෙය වූ කලී ඉතා භයානක තත්ත්වයකි. රට සෙමින් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ටැක්සි මීටරය මෙන් ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය. සෞඛ්‍ය පිළිවෙත් එලෙසින්ම අනුගමනය කිරීම කොරෝනා මාරාන්තික වයිරසයට ප්‍රත්‍යක්ෂ ඖෂධය වේ. එහෙයින් සෑම පුරවැසියකුම එකී සෞඛ්‍ය පිළිවෙත්වලට යටත්ව තම චර්යා පවත්වාගෙන යා යුතුය. කිසිවකුට හෝ මුග්ධ හැසිරීමකට ඉඩක් නැත.

විදේශයක සිට මෙරටට පැමිණෙන ඕනෑම අයකු දින 14 ක කාලයක් නිරෝධායනයට යටත් විය යුතුය. ඉන් පසුව තව දින 14 ක් නිවෙස තුළ ස්වයං නිරෝධායනයට ලක්විය යුතුය. කොරෝනා රෝගය වැළඳුණ ආසාදිතයන්ගෙන් සියයට හැටක පිරිසක් කිසිදු රෝග ලක්ෂණ නොපෙන්වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. එහෙයින් නිරෝධායනය අනිවාර්ය වේ. එය කඩ කිරීමට කිසිවකුට හැකියාවක් නැත. එයට තරාතිරම් බේදයක් නැත.

කරුණු කාරණා එපරිදි වුවද මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් මහතාගේ දියණිය එම සෞඛ්‍ය පිළිවෙත් වලට යටත්ව ක්‍රියාකර නොමැති බව ඊයේ වාර්තා විය. එංගලන්තයේ සිට මෙරටට පැමිණි එම දියණිය මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ දින 14 ක් නිරෝධායනයට ලක්වී යාපනයේ නල්ලූර් හි චෙම්මිනි පාරේ පිහිටි නිවසට ගොස් ඇත. නිවෙස තුළද දින 14 ක කාලයක් නිරෝධායනය විය යුතු වුවද එම දියණිය කොළඹ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණ ඇතැයි කියැවෙයි. ඒ මහාචාර්යවරයකු බව කියන සිය පියා සමඟය. මහාචාර්යවරයකු වන පියා නිරෝධායන නීති නොදැන සිටියේ නම් එය විමතිය දනවන්නකි. විශේෂයෙන්ම ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකි. රටේ වැදගත්ම ආයතනයක වගකීමක් දරන මහාචාර්යවරයකු මෙසේ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය ලක් කළ යුත්තකි.

මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව පළඳින ඇතැම් නූගත් පුරවැසියෝ රටම අනතුරට හෙළමින් ඉකුත් සමයේ ක්‍රියාකළහ. සුදුවැල්ලේ කුඩු කාරයන් එයට කදිම නිදසුනකි. සුදුවැල්ලේ කුඩුකාරයන් රටට කළ හානිය ගණනය කළ නොහැකිය. කෙසේ වෙතත් ඔවුහු කුඩුකාරයෝ වෙති. කුඩුකාරයන්ගෙන් විශිෂ්ට හැසිරීමක් අපේක්ෂා කළ නොහැකිය. එහෙත් දැන උගත් පුරවැසියන්ගෙන් කුඩුකාරයන්ගේ හැසිරීම් ප්‍රදර්ශනය වන්නේ නම් ඔවුන්ගේ දැන උගත්කම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවීම වැළැක්විය නොහැකිය.

එංගලන්තයේ සිට පැමිණි මහාචාර්ය දියණිය මෙරට නිරෝධායන නීති නොදන්නේ යැයි අපි නොසිතමු. එංගලන්තයේ සිට පැමිණි දිනයේදීත් මෙම දියණිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරුණ බවටද පුවත් පළවිය. ඇතැම් විට රටට කුමක් වුවත් ‘‘මම කරන්නේ මට අවශ්‍ය දේ’’ යැයි මහාචාර්යතුමාත් මහාචාර්යතුමාගේ දියණියත් සිතුවා දැයි අපි නොදනිමු. එංගලන්තයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්ගෙන් දෙදෙනකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව මාධ්‍ය වාර්තා කළේය. එම පසුබිම තුළ පියාගේත් දියණියගේත් හැසිරීම සුළුකොට තැකිය නොහැකිය.

මහාචාර්ය රත්න ජීවන් හූල් සහ ඔහුගේ දියණිය පැමිණ තිබෙන්නේ කොළඹ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයටය. ඒ අනුව එම කාර්යාලයේ සෑහෙන පිරිසකගෙන් සමන්විත කාර්ය මණ්ඩලය බලවත් භීතියකට පත්ව සිටි බවද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එමෙන්ම මහාචාර්ය පියාත්, දියණියත් යාපනයේ සිට කොළඹ පැමිණි ගමනේදී කොහේ කොහේ කරක් ගැසුවේදයි අපි නොදනිමු.

රටේ පිළිගත් ආයතනයක වගකිව යුතු ධූරයක් හොබවන්නකුගේ හැසිරීම එම ආයතනයේ ගෞරවයට හෝ අගෞරවයට හේතුවන බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. ඒ අනුව මහාචාර්ය රත්න ජීවන් හූල් ගේ හැසිරීම මැතිවරණ කොමිෂන් සභාවට ගෞරවයක්ද අගෞරවයක්ද යන්න ජනතාව තීරණය කරනු ඇත. කෙසේ වෙතත් මහාචාර්යවරයා පිළිගත් පොදු සම්ප්‍රදායට පිටුපාමින්, සාමූහික වගකීම් නොසලකාහරිමින් කටයුතු කරන බවට විවිධ අවස්ථාවල චෝදනාවලට ලක්විය. තම විෂය පථයේ සීමාවෙන් පිට පැන විවිධ බලවේග පිනවන ආකාරයට කටයුතු කරන බවටද මහාචාර්යවරයාට එරෙහිව චෝදනාවකි. නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, නිරෝධායනය විය යුතු සිය දියණිය කැටිව යාපනේ සිට කොළඹ පැමිණියේද රටේ පොදු නීති තමන්ට අදාළ නොවේයැයි ඔහු සිතන නිසා දැයි සැකයකි. කෙසේ වෙතත් මෙම හැසිරීම සම්බන්ධයෙන් බලධාරීන් කවර පිළිවෙතක් අනුගමනය කරන්නේ දැයි අපි බලාසිටිමු.



අදහස් (9)

නිරෝධායන සම්මතයට පිටින්යාම සදාචාරාත්මකද?

Lal Thursday, 21 May 2020 05:59 AM

රත්නජීවන් හූල් කියන පුද්ගලයායි, සුදුවැල්ලේ කුඩුකාරයන් අතරෙහි වෙනස මොකක්ද?

:       3       320

පැතුම් Thursday, 21 May 2020 06:10 AM

ආසාදිතයින් ප්‍රමාණය දහස ඉක්මවූ පමණින්ම එය ඉතා භයානක තත්වයක් යැයි පැවසීම ඉක්මන් නොවිය යුතු බව මාගේ හැඟීමයි. එමෙන්ම එය මහජනතාව අතර අනිසි බියක් ඇතිකිරීමකි. සැබැවින්ම සලකා බැලිය යුත්තේ නේවාසික රෝගීන් ප්‍රමාණයේ වෙනස් වීම නොවේද? මන්ද, තත්ත්වයේ භයානක බව තීරණය වන්නේ රටක සෞඛ්‍ය සේවයට දැරිය හැකි නේවාසික රෝගීන් ප්‍රමාණය මත වීමයි...

:       0       24

samanthi Thursday, 21 May 2020 06:17 AM

මෙයාව ඔය තනතුරට දැම්මේ ඇයි? ඔහු 1990 ගණන්වල සිටම එල්.ටී.ටී.ඊ. එකට පක්ෂව ජාත්‍යන්තරයට ලියපු කෙනෙක්. ඒ බවට සාක්ෂි තිබෙනවා. අනික ඔහුත් ඡන්ද පුරවැසියෙක් නේද?

:       38       110

නුවන්සර Thursday, 21 May 2020 07:02 AM

අර්බුද තුළින් වින්දනයක් ලැබීම, මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් අපහසුතාවට පත් කිරීමද මේ සිදු වෙමින් පවතින්නේ? 'ස්වාධීන' යන වචනයද අනතුරේ වැටී ඇත.

:       1       36

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 07:34 AM

අගනා කරුණු කාරණා ඇතුළත් කතුවැකියක්. එයට ස්තූතියි.

:       0       14

prabhash Thursday, 21 May 2020 10:52 AM

රටට විනකරන තවත් බළල් අතක්...

:       0       64

surendra Friday, 22 May 2020 05:20 AM

රටේ පිළිගත් ආයතනයක වගකිව යුතු ධුරයක් හොබවන්නකුගේ හැසිරීම එම ආයතනයේ ගෞරවයට හෝ අගෞරවයට හේතුවන බව මහාචාර්ය රත්න ජීවන් නොදන්නේද, නැතහොත් රටට කෙලවිමට සිතන්නේද...? වහා මෙසේ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය ලක්කළ යුත්තකි...

:       0       1

prabash Friday, 22 May 2020 10:04 AM

මට කියන්නකෝ නිරෝධාන නීති කැඩුවම දඬුවමක් තියෙනවද? හූල් නමැති අයට ඒකෙ භුක්තිය හිමිද කියලා?

:       0       0

tikiri Tuesday, 26 May 2020 02:35 AM

රජයේ නියමයන්ට ගරු නොකරන මහජන මුදලින් යැපෙන රජයේ උසස්ම නිලධාරියෙක්...! නමුත් ඔහුව එම තනතුරෙන් ඉවත් කරන්න මහජන ඡන්දයේ පත්වුණු ජනාධිපතිටත් බැහැ වරද කොතැනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 403 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1712 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1056 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1792 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1256 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 920 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site