IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නිල ඇඳුම් නැතිව කඳුළු ගෑස් ගැසිය හැකිද?

ගාල්ල රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයේදී සාමාන්‍ය ඇඳුමින් සැරසී රිච්මන්ඩ් විදුහලේ වර්ණයට සමාන හිස්වැස්මක් පැළඳ කඳුළු ගෑස් ගැසූ පුද්ගලයා සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් සාමාජිකයෙකියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

ඔහු රිච්මඩ් විදුහලේ වර්ණයෙන් හිස්වැසුමක් පැළැඳ සිටීමෙන් පක්ෂග්‍රාහී බවක් නොපෙනේදැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් පතිනායක මහතාගෙන් විමැසූ විට ඔහු කීවේ ‘ඒ ගැන මට මොකවත් කියන්න බෑ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් අසා දැනගන්න‘ යනුවෙනි.

කැරලි මර්දන බළ ඇණියේ පොලිස් නිලධරයකු නිල ඇඳුමින් සැරසී සිටින තාක් පමණක් කඳුළු ගෑස් ගැසිය හැකි බව නම හෙළි කිරීමට අකමැතිවූ  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෙක් කීවේය.

නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයන් සිටියදී සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පුද්ගලයකු එක් විදුහලක කැප් තොප්පියක් පැළඳ කඳුළු ගෑස් ගැසීම පොලිසිය පක්ෂග්‍රාහී බව ක්ෂණිවම එහි සිටි අනෙක් පාර්ශ්වයට පෙන්නුම් කිරීමක් බවත්, එය ලොකු කැරැල්ලක බීජයක් වන්නට ඉඩ තිබූ නමුත් ගාල්ලේදී එසේ නොවීම පාසල් දෙකේම වාසනාවක් බවත් එම නිලධරයා සඳහන් කළේය.

තමා දන්නා තරමින් සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධරයකුට කඳුළු ගෑස් ගැසිය හැක්කේ එම පුද්ගලයාගේ ජීවිතයට අනතුරක් ඇති විටක බවත්, ඒ සඳහා ද  උසස් නිලධරයකුගේ නියෝගයක් ලැබිය යුතු බවත් එම නිලධරයා කියයි.



අදහස් (0)

නිල ඇඳුම් නැතිව කඳුළු ගෑස් ගැසිය හැකිද?

ප්‍රභාත් Sunday, 24 March 2013 09:00 PM

මේක අපේ ලංකාව. නීතිය බල්ලට ගිහින් තියෙන්නේ.(නදී)

:       0       0

සුරංග Sunday, 24 March 2013 09:39 PM

ලංකාවේ පොලීයේ අය මොන වැරැද්ද කළත් උසස් නිළධාරීන්ට කිවුවට වැඩක් නැහැ. මටත් ඒ ගැන හොද අත්දැකීම් තිබෙනවා. (නි)

:       0       0

නෙත්මිනි Sunday, 24 March 2013 09:51 PM

අසත්‍ය රටට ප්‍රචාරය නොකරන මෙන් මාධ්‍යවලින් වගතීමෙන් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

දිසානායක Monday, 25 March 2013 10:56 AM

89 / 89 කාලේ ආයෙත් ඇවිල්ලද ? (ස)

:       0       0

මතීෂා Sunday, 24 March 2013 09:54 PM

මෙවර බොහෝ පාසල් වල තරග අතර වාරයේ රණ්ඩු ඇතිවී පාසල් ළමුන් ද රෝහල් ගත වු නමුත් මෙම සිදුවීමේ දී කිසිවෙකු රෝහල් ගත වී නොමැත. මෙම පාසල් දෙකෙහිම සිසුන් දැඩි විනයක් ඇති හික්මුණු සිසුන් වන අතර මෙහි කලබල කළේ දෙමාපියන් සහ ආදී සිසුන්ය. (නි)

:       0       0

නිමන්ත Monday, 25 March 2013 10:58 AM

මේක මාර වැඩක්නෙ නිල්පාට කැප් දාන හැමෝම රිච්මන්ඩ්ද? මෙතන පක්ෂාග්‍රාහීයි (ස)

:       0       0

ලලිත් Sunday, 24 March 2013 10:09 PM

අ‍පේ රටේ නීතිය දැන් පාළු ගෙයක් වගෙයි. (නි)

:       0       0

චූලා Monday, 25 March 2013 11:48 AM

අපි මේ ගැන කියලා ‍පෝස්ට් කාර්ඩ් එකක් යවමු. (නි)

:       0       0

රුයන් Sunday, 24 March 2013 10:58 PM

නිල් පාට තොප්පි තියෙන්නේ රිචිමන්ඩ්ලට විතරද? (නි)

:       0       0

රත්නපාල Sunday, 24 March 2013 10:54 PM

ප්‍රභාත්, කට..කට. (නි)

:       0       0

වීරසේකරගේ Sunday, 24 March 2013 11:08 PM

දැන් නීතිය වල් වැදිලයි තියෙන්නේ. (නි)

:       0       0

හේරත් Sunday, 24 March 2013 11:30 PM

එහෙනම් ඔය ගැහුවේ යසට? (නි)

:       0       0

සදරුවන් Sunday, 24 March 2013 11:47 PM

කිසිම හදිසි හේතුවක් නැතුව මෙහෙම කරපු එක වැරදියි. ඒ ගැන පරීක්ෂණයක් කරාවි. (නි)

:       0       0

සෙනරත් Sunday, 24 March 2013 11:55 PM

මේ නිළධාරීන්ට නිසි පුහුණුවක් ලබාදිය යුතුයි නේද? (නි)

:       0       0

අශාන් Sunday, 24 March 2013 11:53 PM

මෙහෙමනේ... එක එක සිද්ධි වලට අනුව අපේ ලංකාවේ පොලිසියට අදාළ නීති වෙනස් වෙනවා. ඒකනේ උසස් නිළධාරියෙකුගෙන් අහපුවම මොකවත් කියන්න බැහැ කියලා තියෙන්නේ. ඉතින් නීතිය බල්ලට ගිහින් කියන එකට වඩා සාධාරනයි නේද නීතිය පොලිසියට ගිහින් කියලා කිව්වම. (නි)

:       0       0

දයා Monday, 25 March 2013 12:35 PM

නිල ඇදුම් නැතුව මෙවන් කාර්යයන් කිරීමට ඉදිරිපත් වන කාටවුචද අපි විරුද්ධ වියයුතුයි. (නි)

:       0       0

වන්නිගමගේ@රත්නපුර Monday, 25 March 2013 12:13 AM

බිග් මැච් සම්බන්ධයෙන් මගේ අදහස නම්, සම්පූර්ණයෙන්ම තහනම් කළයුතු බවයි. අපේ රටේ නීතිය වල් වැදිලා තියෙන්නේ. රටේ හැම අංශයකම පාදඩකරණය රජවෙලා. අදාළ අංශවල බලධාරීන් මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකීම දැරිය යුතුයි. සමස්ත අධ්‍යාපනයට අදාළව කැබිනට් ඇමතිවරු තුන් දෙනෙක් ඉන්නවා. නමුත් දිනෙන් දින අධ්‍යාපන පද්ධතිය පිරිහෙනවා. කරුණාකර ඉදිරියටවත් මේ වගේ දේවල් නොවන්න කටයුතු සම්පාදනය කරන්න. (නි)

:       0       0

සැන්ඩ්‍රා Monday, 25 March 2013 12:45 PM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (ස)

:       0       0

අපොන්සු Monday, 25 March 2013 12:45 PM

ප්‍රශ්නය: නිල ඇඳුම් නැතිව කඳුළු ගෑස් ගැසිය හැකිද? පිළිතුර: එය කල හැක, මෙය සිරි ලංකාව බව අමතක නොකළ යුතුයි. (ස)

:       0       0

හේරත් Monday, 25 March 2013 12:48 PM

අනිවාර්‍යයෙන්ම රාජකාරිය තහනම් කල යුතුයි (ස)

:       0       0

අශෝක Monday, 25 March 2013 12:49 AM

ඒ නිසා අපි කතෝලික බැතිමතුන් හැටියටැත්, මුස්ලිම් භක්තිකයන් හැටියටත් මේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ. ඒ අය ඕනෑ දෙයක් කරගෙන ඒ ජාතිය සහ පවුල විනාස කරගත්තදෙන්. (නදී)

:       0       0

නමිදු Monday, 25 March 2013 12:55 AM

බිග් මැචි නවත්තමු. මෙක මල විකාරයක්.(නදී)

:       0       0

ප්‍රභාත්-ජිනීවා Monday, 25 March 2013 01:26 AM

අපේ බ්ග් මැචි එකේ මීට කලිනුත් ප්‍රශ්න වෙලා තියෙනවා. අතීතය මතක ඇති අය දන්නවා. 1987 දි බිග් මැච් එකේදි මහින්ද කූඩාරමට ගිනි තියාගත්තා. ඒක කළේ මහින්ද ආදි සිසුන්. ඊට පසු කාලෙකදි තෑගි ප්‍රදානෝතසවයකදි අවසාන මොහොතේ පුටු වලින් ගහගත්තා. දෙපැත්තම තුවාල වුනා. පොලිස් ආරක්ෂාව දුන්නා. මේක ඒ තරමි පෙන්නගෙන උලුප්පගෙන දගලන්න අවශ්‍ය නැහැ. බිග් මැචි දවසට ඔවැනි දේ සිදුවෙනවා. පොලිසියට එල්ල කරන චෝදනා වෙනම දෙයක්. සමහර විට අර සිවිල් පොලිස් නිලධාරියා එල්ල කරපු කදුලු ගෑස් ප්‍රහාරයෙන් පසුව තත්වය පාලනය වුනා වෙන්නත් පුලුවන්.(නදී)

:       0       0

ජීව Monday, 25 March 2013 02:56 AM

මේ වනවිට රටේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරින් යොදවලා තිබෙනො. ඒ නිසා මොනයම් හෝ අවශ්‍යතාවකදී ක්‍රියාත්මක වෙන්න සිවිල් ද යුනිෆෝම් ද කියන එක වැදගත් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

තිසල් Monday, 25 March 2013 03:50 AM

පුදුම රටක්. කිහිප දෙනෙක් මැරෙන්න පෙර කදුලු ගෑස් ගහලා බේරාගත්තම අහනවා යුනිපෝම් ඇදලද හිටියේ කියලා. බලල මැටියෙන් වුනත් කමක් නැහැ මීයෝ අල්ලනවා නම්. හැබැයි මිනිස්සු කියන්නේ ලෙඩා මලත් බඩ සුද්දෙට තියෙන්න ඕනේ කියලා.(නදී)

:       0       0

දිසානායක-කැනඩා Monday, 25 March 2013 06:15 AM

මේවා සුළු සිදුවීම් විතරයි. ගණන් ගන්න එපා. (නි)

:       0       0

නාමල් Monday, 25 March 2013 06:29 AM

ලංකාවේ ඉන්නේ උද්දච්ච මිනිස්සු. ඒකයි මෙතන තියෙන ගැටළුව.(නදී)

:       0       0

වරුණ Monday, 25 March 2013 07:33 AM

ආස්චර්යයේ බලපත්‍ර.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 25 March 2013 08:18 AM

මගේ ප්‍රශ්නය ඇයි මෙතනට සිවිල් ඇඳුමෙන් ඉන්න පොලිසියේ අය දාල තියෙන්නේ කියන එකයි. මිනිසුන් අතරට එහෙම අය යවන්නේ වෙනම කාරණයකට නේද? හොඳට හිතල බලන්න මේ සිවිල් කට්ටිය අපි යන එන හැමතැනම අද ඉන්නවා.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 25 March 2013 08:51 AM

දැන් ඊළගට කට්ටිය කියයිද දන්නෙ නැහැ ඇදුම නැතුව වුණත් පොලිසියට කදුළු ගෑස් ගහන්න පුළුවන් කියලා? (නි)

:       0       0

ලාල් Monday, 25 March 2013 09:44 AM

අපිට නීතියක් තිබේද? (නි)

:       0       0

අචිනි Monday, 25 March 2013 09:49 AM

විකාරද ? ලංකාවේ කොහෙද නීති ...? (ස)

:       0       0

පිටිගල-මිලානෝ Sunday, 24 March 2013 08:19 PM

ඡායාරූපයක් ඇත්නම් එය සමග පොලිස් පතිතුමාට ලිකිතව දැනුම් දෙන්න.(නදී)

:       0       0

ශාන්ත ලාල් Sunday, 24 March 2013 08:24 PM

පාසැල් ඇදුම ඇදගෙන පොලිසියට ගලක් විසි කරා නම් ඒ දරුවට මොකද වෙන්නේ.(නදී)

:       0       0

රඛිත Monday, 25 March 2013 10:19 AM

නිල වශයෙන් කලයුතු හැම දෙයක්ම ඒ විදියට වෙනවද? නිල නොවන වශයෙන් කොපමණ දෑ සිදුවෙනවද?(ස)

:       0       0

ලහිරු Sunday, 24 March 2013 08:41 PM

ඒ කව්ද? ගෑස් ගැසූ පුද්ගලයා පැළද සිටින්නේ රිච්මන්ඩි තොප්පියක් නෙමෙයි.(නදී)

:       0       0

සංජිව Sunday, 24 March 2013 08:45 PM

වරද කරුවන්ට දඩුවම් කරන්න (දී)

:       0       0

රවී Sunday, 24 March 2013 08:48 PM

පොලිසිය පක්ෂග්‍රාහී නිසාද රිචිමන්ඩි ටෙන්ටි එකට කදුලු ගෑස් ගැහැව්වේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1410 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 592 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1231 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site