ගාල්ල රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයේදී සාමාන්‍ය ඇඳුමින් සැරසී රිච්මන්ඩ් විදුහලේ වර්ණයට සමාන හිස්වැස්මක් පැළඳ කඳුළු ගෑස් ගැසූ පුද්ගලයා සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් සාමාජිකයෙකියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
ඔහු රිච්මඩ් විදුහලේ වර්ණයෙන් හිස්වැසුමක් පැළැඳ සිටීමෙන් පක්ෂග්‍රාහී බවක් නොපෙනේදැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් පතිනායක මහතාගෙන් විමැසූ විට ඔහු කීවේ ‘ඒ ගැන මට මොකවත් කියන්න බෑ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් අසා දැනගන්න‘ යනුවෙනි.
කැරලි මර්දන බළ ඇණියේ පොලිස් නිලධරයකු නිල ඇඳුමින් සැරසී සිටින තාක් පමණක් කඳුළු ගෑස් ගැසිය හැකි බව නම හෙළි කිරීමට අකමැතිවූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෙක් කීවේය.
නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයන් සිටියදී සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පුද්ගලයකු එක් විදුහලක කැප් තොප්පියක් පැළඳ කඳුළු ගෑස් ගැසීම පොලිසිය පක්ෂග්‍රාහී බව ක්ෂණිවම එහි සිටි අනෙක් පාර්ශ්වයට පෙන්නුම් කිරීමක් බවත්, එය ලොකු කැරැල්ලක බීජයක් වන්නට ඉඩ තිබූ නමුත් ගාල්ලේදී එසේ නොවීම පාසල් දෙකේම වාසනාවක් බවත් එම නිලධරයා සඳහන් කළේය.
තමා දන්නා තරමින් සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධරයකුට කඳුළු ගෑස් ගැසිය හැක්කේ එම පුද්ගලයාගේ ජීවිතයට අනතුරක් ඇති විටක බවත්, ඒ සඳහා ද උසස් නිලධරයකුගේ නියෝගයක් ලැබිය යුතු බවත් එම නිලධරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාරද ? ලංකාවේ කොහෙද නීති ...? (ස)
අපේ බ්ග් මැචි එකේ මීට කලිනුත් ප්‍රශ්න වෙලා තියෙනවා. අතීතය මතක ඇති අය දන්නවා. 1987 දි බිග් මැච් එකේදි මහින්ද කූඩාරමට ගිනි තියාගත්තා. ඒක කළේ මහින්ද ආදි සිසුන්. ඊට පසු කාලෙකදි තෑගි ප්‍රදානෝතසවයකදි අවසාන මොහොතේ පුටු වලින් ගහගත්තා. දෙපැත්තම තුවාල වුනා. පොලිස් ආරක්ෂාව දුන්නා. මේක ඒ තරමි පෙන්නගෙන උලුප්පගෙන දගලන්න අවශ්‍ය නැහැ. බිග් මැචි දවසට ඔවැනි දේ සිදුවෙනවා. පොලිසියට එල්ල කරන චෝදනා වෙනම දෙයක්. සමහර විට අර සිවිල් පොලිස් නිලධාරියා එල්ල කරපු කදුලු ගෑස් ප්‍රහාරයෙන් පසුව තත්වය පාලනය වුනා වෙන්නත් පුලුවන්.(නදී)
මේ වනවිට රටේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරින් යොදවලා තිබෙනො. ඒ නිසා මොනයම් හෝ අවශ්‍යතාවකදී ක්‍රියාත්මක වෙන්න සිවිල් ද යුනිෆෝම් ද කියන එක වැදගත් වෙන්නෙ නැහැ. (නි)
පුදුම රටක්. කිහිප දෙනෙක් මැරෙන්න පෙර කදුලු ගෑස් ගහලා බේරාගත්තම අහනවා යුනිපෝම් ඇදලද හිටියේ කියලා. බලල මැටියෙන් වුනත් කමක් නැහැ මීයෝ අල්ලනවා නම්. හැබැයි මිනිස්සු කියන්නේ ලෙඩා මලත් බඩ සුද්දෙට තියෙන්න ඕනේ කියලා.(නදී)
මේවා සුළු සිදුවීම් විතරයි. ගණන් ගන්න එපා. (නි)
ලංකාවේ ඉන්නේ උද්දච්ච මිනිස්සු. ඒකයි මෙතන තියෙන ගැටළුව.(නදී)
ආස්චර්යයේ බලපත්‍ර.(නදී)
මගේ ප්‍රශ්නය ඇයි මෙතනට සිවිල් ඇඳුමෙන් ඉන්න පොලිසියේ අය දාල තියෙන්නේ කියන එකයි. මිනිසුන් අතරට එහෙම අය යවන්නේ වෙනම කාරණයකට නේද? හොඳට හිතල බලන්න මේ සිවිල් කට්ටිය අපි යන එන හැමතැනම අද ඉන්නවා.(නදී)
දැන් ඊළගට කට්ටිය කියයිද දන්නෙ නැහැ ඇදුම නැතුව වුණත් පොලිසියට කදුළු ගෑස් ගහන්න පුළුවන් කියලා? (නි)
අපිට නීතියක් තිබේද? (නි)
බිග් මැචි නවත්තමු. මෙක මල විකාරයක්.(නදී)
නිල වශයෙන් කලයුතු හැම දෙයක්ම ඒ විදියට වෙනවද? නිල නොවන වශයෙන් කොපමණ දෑ සිදුවෙනවද?(ස)
89 / 89 කාලේ ආයෙත් ඇවිල්ලද ? (ස)
මේක මාර වැඩක්නෙ නිල්පාට කැප් දාන හැමෝම රිච්මන්ඩ්ද? මෙතන පක්ෂාග්‍රාහීයි (ස)
අපි මේ ගැන කියලා පෝස්ට් කාර්ඩ් එකක් යවමු. (නි)
නිල ඇදුම් නැතුව මෙවන් කාර්යයන් කිරීමට ඉදිරිපත් වන කාටවුචද අපි විරුද්ධ වියයුතුයි. (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (ස)
ප්‍රශ්නය: නිල ඇඳුම් නැතිව කඳුළු ගෑස් ගැසිය හැකිද? පිළිතුර: එය කල හැක, මෙය සිරි ලංකාව බව අමතක නොකළ යුතුයි. (ස)
අනිවාර්‍යයෙන්ම රාජකාරිය තහනම් කල යුතුයි (ස)
නිල් පාට තොප්පි තියෙන්නේ රිචිමන්ඩ්ලට විතරද? (නි)
පාසැල් ඇදුම ඇදගෙන පොලිසියට ගලක් විසි කරා නම් ඒ දරුවට මොකද වෙන්නේ.(නදී)
ඒ කව්ද? ගෑස් ගැසූ පුද්ගලයා පැළද සිටින්නේ රිච්මන්ඩි තොප්පියක් නෙමෙයි.(නදී)
වරද කරුවන්ට දඩුවම් කරන්න (දී)
පොලිසිය පක්ෂග්‍රාහී නිසාද රිචිමන්ඩි ටෙන්ටි එකට කදුලු ගෑස් ගැහැව්වේ.(නදී)
මේක අපේ ලංකාව. නීතිය බල්ලට ගිහින් තියෙන්නේ.(නදී)
ලංකාවේ පොලීයේ අය මොන වැරැද්ද කළත් උසස් නිළධාරීන්ට කිවුවට වැඩක් නැහැ. මටත් ඒ ගැන හොද අත්දැකීම් තිබෙනවා. (නි)
අසත්‍ය රටට ප්‍රචාරය නොකරන මෙන් මාධ්‍යවලින් වගතීමෙන් ඉල්ලා සිටිමි.(නදී)
මෙවර බොහෝ පාසල් වල තරග අතර වාරයේ රණ්ඩු ඇතිවී පාසල් ළමුන් ද රෝහල් ගත වු නමුත් මෙම සිදුවීමේ දී කිසිවෙකු රෝහල් ගත වී නොමැත. මෙම පාසල් දෙකෙහිම සිසුන් දැඩි විනයක් ඇති හික්මුණු සිසුන් වන අතර මෙහි කලබල කළේ දෙමාපියන් සහ ආදී සිසුන්ය. (නි)
අපේ රටේ නීතිය දැන් පාළු ගෙයක් වගෙයි. (නි)
ඡායාරූපයක් ඇත්නම් එය සමග පොලිස් පතිතුමාට ලිකිතව දැනුම් දෙන්න.(නදී)
ප්‍රභාත්, කට..කට. (නි)
දැන් නීතිය වල් වැදිලයි තියෙන්නේ. (නි)
එහෙනම් ඔය ගැහුවේ යසට? (නි)
කිසිම හදිසි හේතුවක් නැතුව මෙහෙම කරපු එක වැරදියි. ඒ ගැන පරීක්ෂණයක් කරාවි. (නි)
මේ නිළධාරීන්ට නිසි පුහුණුවක් ලබාදිය යුතුයි නේද? (නි)
මෙහෙමනේ... එක එක සිද්ධි වලට අනුව අපේ ලංකාවේ පොලිසියට අදාළ නීති වෙනස් වෙනවා. ඒකනේ උසස් නිළධාරියෙකුගෙන් අහපුවම මොකවත් කියන්න බැහැ කියලා තියෙන්නේ. ඉතින් නීතිය බල්ලට ගිහින් කියන එකට වඩා සාධාරනයි නේද නීතිය පොලිසියට ගිහින් කියලා කිව්වම. (නි)
බිග් මැච් සම්බන්ධයෙන් මගේ අදහස නම්, සම්පූර්ණයෙන්ම තහනම් කළයුතු බවයි. අපේ රටේ නීතිය වල් වැදිලා තියෙන්නේ. රටේ හැම අංශයකම පාදඩකරණය රජවෙලා. අදාළ අංශවල බලධාරීන් මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකීම දැරිය යුතුයි. සමස්ත අධ්‍යාපනයට අදාළව කැබිනට් ඇමතිවරු තුන් දෙනෙක් ඉන්නවා. නමුත් දිනෙන් දින අධ්‍යාපන පද්ධතිය පිරිහෙනවා. කරුණාකර ඉදිරියටවත් මේ වගේ දේවල් නොවන්න කටයුතු සම්පාදනය කරන්න. (නි)
ඒ නිසා අපි කතෝලික බැතිමතුන් හැටියටැත්, මුස්ලිම් භක්තිකයන් හැටියටත් මේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ. ඒ අය ඕනෑ දෙයක් කරගෙන ඒ ජාතිය සහ පවුල විනාස කරගත්තදෙන්. (නදී)