IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නිලූකට පෝලන්ත පුහුණුකරුගේ සහය ලැබුණා

ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී නිලූක කරුණාරත්නගේ ඉල්ලීමට අනුව පෝලන්තයේ ජාතික බැඞ්මින්ටන් පුහුණුකරුගේ සේවය ලබා දුන් බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසීය. පෝලන්තයේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කොරියානු ජාතික කිම් යන්ග් මැන් මහතාය. මාධ්‍ය මෙන්ම ක‍්‍රීඩා ලෝලීන් ද නිලූකගේ පුහුණුකරුධුරය පිළිබඳව විවිධ මත පල කර ඇති බවත්, නිලූක සහභාගිවු තරග දෙකේදීම පෝලන්ත පුහුණුකරු නිලූකට උපදෙස් ලබාදුන් බවත් බස්නායක මහතා පවසයි. කිම් යන්ග් මහතා පෝලන්ත බැඞ්මින්ටන් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම නිසා නිලූක සහභාගි වු තරගවලදී පුහුණුකරු ලෙස ළඟ සිට උපදෙස් ලබාදීමේ හැකියාවක් ඔහුට නොමැති වු බවද බස්නායක මහතා කීය. ලූවී කරුණාරත්න මහතා නිලූකගේ පෞද්ගලික පුහුණුකරු ලෙස පත් කරන ලෙස ඔහු කළ ඉල්ලීම ජාතික ඔලිම්පික් කමිටුවට බැඞ්මින්ටන් සංගමය ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වු කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ජාතික ඔලිම්පික් කමිටුව අනුගමනය කළ ප‍්‍රතිපත්ති අනුව එය ක‍්‍රියාත්මක නොවු බවද ඔහු පැවසීය. මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගි වු ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දෙනා සඳහා කළමනාකරුවන් පත්කර තිබුණ ද ඔවුන් සඳහා පුහුණුකරුවන් පත්කර නොතිබුණි. කිම් යන්ග් මහතාගේ සේවය ඉදිරියේදී යළිත් නිලූකට ලබාදීම පිළිබඳව සාකච්ඡා පැවැත් වු බවද බස්නායක මහතා පවසයි.



අදහස් (0)

නිලූකට පෝලන්ත පුහුණුකරුගේ සහය ලැබුණා

එරික් Tuesday, 07 August 2012 07:07 AM

කරපු පවු පිටිපස්සෙන් එනවා මහත්තයෝ. මිනිස්සු ගොනාට අන්දන්න හදන්න එපා. පුහුණුකරු පුහුණුවන්නා ළඟ සිටිය යුතු නිත්‍ය කෙනෙක්. වෙන කොහේ හරි කලින් පුහුණු කරපු කෙනෙක් මුණ ගැහිලා පුද්ගලිකව උපදෙස් ගත්ත එක මේකට ගාව ගන්නේ ඇයි? රට වෙනුවෙන් නිලුකට තව ඉස්සරහට යන්න, සමහර විට පදක්කමක් දක්වා වුණත් යන්න තිබුණු අවස්ථාව නැති වුනේ, පුහුණුකරුවන්ට යාමට අවස්ථාවක් ලබා නොදීම නිසයි. කියමු බලන්න, පුහුණුකරු නොයවා ඔබතුමා එතනට ගියා කියලා නිලුක වෙනුවෙන් හරි රටේ බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් හරි මොනවාද වුණේ කියන එක ? (නි)

:       0       0

වරුණ Tuesday, 07 August 2012 07:26 AM

මේවා කොහොම කියනවද දන්නේ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 August 2012 07:51 AM

අවශ්‍ය අවස්ථාවේදී නැත්නම් දැන් ඒ ගැන කතා කරලා ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

චානක Tuesday, 07 August 2012 09:25 AM

කියන්න බලන්න ක්‍රීඩකයන්ට අමතරව ගිය අනෙක් කට්ටිය කවුද කියලා. (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 07 August 2012 04:33 PM

අනවශ්‍ය අයනෙ ගිහිං තියෙන්නෙ..!!(නු)

:       0       0

විජය Tuesday, 07 August 2012 10:10 AM

දැන් බොරුවට බයිලා කිවුවට වැඩක් නැහැ. රටම ඇත්ත දැනගෙන ඉවරයි. (නි)

:       0       0

ජයකොඩි Tuesday, 07 August 2012 05:24 PM

ලංකාවේ ක්‍රිඩාව සදහා චින සහය ලබාගත නොහෑකිද? (අ)

:       0       0

ජනක Tuesday, 07 August 2012 11:46 AM

නිලූකට පෝලන්තයත් එක්ක තරගයක් තිබුණා නම් අපිට හොද තරගයක් බලා ගන්න තිබුණා. (නි)

:       0       0

එල්ටීකේ.ගමගේ Tuesday, 07 August 2012 12:37 PM

පුදුම කතාවකේ නේ මේක. ක්‍රීඩකයට වඩාත් අවශ්‍යවන්නේ පුහුණුකරු. සභාපතිලා හෝ කළමනාකරුවා නොවේ. ඔය ගේන තර්කය අනුව පෝලන්ත බැඩ්මින්ටන් සංගමයේ සභාපතිට හෝ පෝලන්ත කණ්ඩායමේ වෙන නිලධරියෙකුට ලංකාව ගැන හොයල බලන්න කිව්වනම් ඉවරෙනේ...(නු)

:       0       0

රුක්ෂාන් Tuesday, 07 August 2012 12:54 PM

ලංකාවේ ක්‍රීඩකයන් එක්ක කළමනාකරුවන් විතරක් ගියාට ලෝකයේ අනෙක් රටවල ක්‍රීඩකයන් එක්ක පුහුණුකරුවන් ඉන්නවා. මේ හැම ක්‍රීඩකයකුම සෙල්ලම් කරද්දී ඒ අයට තමන්ගේ පුහුණු කරුවන් උපදෙස් දෙන විදිය අපිට පේනවනේ. ලංකාවට කොහොමද මේ විදියට පදක්කමක්වත් ගන්න අවස්ථාව ලැබෙන්නේ? සුසන්තිකා,සුගත්,දමයන්ති,ශ්‍රියානිලාගෙන් පස්සේ අපේ මළල ක්‍රීඩාව නැත්තටම නැතිවෙලා. මේ හැම දේටම වග කියන්න ඕනෑ විපක්ෂය. රටට මේ තරම් විනාශයක් වෙලා තියෙන්නේ හරියට කොන්ද පණ තියෙන හරි විපක්ෂයක් නැති එක නිසයි. (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 07 August 2012 01:24 PM

මේකත් අර බාල තෙල් කතාව වගෙයි නේද? (නි)

:       0       0

ස්ලික් Tuesday, 07 August 2012 01:47 PM

රුක්ෂාන්, වැරදි වැඩ නොකරන්න විපක්ෂයක් ඕනෙම ද? එහෙම බැලුවොත් ගෙයක් බිඳපු හොරෙකුට වුණත් පුළුවන් හොරකම සාධාරණීකරණය කරන්න, ගෙදර දොර ජනෙල් ශක්තිමත්ව හදල තිබුණේ නැහැ කියලා. යම් තනතුරක් දරන අය දැනගන්න ඕනේ වගකීමෙන් වැඩ කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1497 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1999 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1511 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8552 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2470 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10501 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site