බීඩි එතීමට ගන්නා කුඩුම්බේරිය ගස් බහුලව ඇති බිබිල නිල්ගල ඖෂධ වන රක්ෂිතයේ පෙර දින හටගත් ගින්න අදත් ඇවිලී යයි. අක්කර 50ක 60ක අරළු, බුළු, නෙල්ලි වගාව පිලිස්සී ඇතැයි ගැමියෝ කියති. පිලිස්සුණු වගාව අක්කර 10කට නොවැඩි යැයි වන සංරක්ෂණ නිලධයෝ කියති.
ගින්නට හසුවන කුඩුම්බේරිය ගස් යළි දළු දා වැඩුණු විට බීඩි කොළ එතීමට ලොකු අස්වැන්නක් නෙලා ගත හැකි යැයි කියති. ගිය වසරේ හය පාරක් ගිනි ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ වෙන්නෙ...
ගින්නෙන් පස්සේ ලොකු අස්වැන්නක් ලැබෙනවනම්..............හිත හොද මනුස්සයෙක් ගිනි තියන්න ඇත්තේ ..හොඳ වැඩක්
ලොකු අපරාදයක් ....
බීඩි බොන්න කැලේ ගිනි තියල හරියනවාද? ඔසු උයනක් ගිනි තිබ්බ කියන්න වෙද මහත්තයට ගිනි තිබ්බ වගේ අපරධයක්
මේකත් සමහර දේශපාලනඥයන්ගේ වැඩක් වෙන්න ඇති.
ගිනි තිබ්බද? ගිනි ගත්තද? ගිනි තිබ්බනම් ඒක නරුම වැඩක්....
නාට්‍යයේ පිටුපස සිටින්නේ කවුද ?.
බීඩි බීඩි ....රටට මොනව උනත් කමක් නෑ කියල හිතන කුහකයොයි වැඩිය ඉන්නේ....වනන්තර ගිනි තියන එක එයාලගේ දරුවන්ටත් පව් පිරෙන අපරාධ.. සත්තු කොච්චර පිළිස්සෙනවද? මේ වගේ අපරාධ වලට රජ කාලේ දඩුවම් දිය යුතුයි....
ඔසු උයන, ගිනි තියා ගත්තවත්ද ?
ඔය කුඩුම්බෙරිය ගස් ටික කපල දැම්මනම් ආයේ ගිනි ගන්න එකක් නැහැ ඔසු උයන
මේක ගිනි තිබ්බේ සිදාදියට එවන ඔසු පැළ ටිකවත් නවත්වන්නද දන්නේ නෑ
හුළං සහිත වියලි කාලයට වානාන්තර ගිනි ගන්නවා. ඒකට ගිනි පටි යොදන්න ඕන. ඒක වන සංරක්ෂණේ වැඩක්. ගිනි ගත්තට පස්සේ තමයි ඒවා මතක් වෙන්නේ. ඉදිරියේදී තවත් වනාන්තර ගිනි ගනීවි. ඊට පෙර ගිනි පටි යෙදීම ආරම්භ කළයුතුයි.
කුහකයෝ තමන්ගේ මල්ල තරකරගන්න ගිනි තියන්න ඇති මොන තරම් අපරාදයක්ද බෙහෙත් වලට වඩා කාසේ හදන බිඩි කොළ ලොකුවෙලා මේ වැහි කාලේ නිකම්ම ගිනි ගන්න විදිහක් නෑ
අපිට මේවා තේරෙන්නේ නෑ