IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නව අමාත්‍යවරු දිවුරති

(අජන්ත කුමාර අගලකඩ සහ ළහිරු හර්ෂණ)

ඇමතිවරු අටදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දී අද (23)පෙරවරුවේ දිවුරුම් දුන්හ

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් ද,විදුර වික්‍රමනායක මහතා බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා වශයෙන් ද ,රොෂාන් රණසිංහ මහතා වාරිමාර්ග ,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් ද,අහමඩ් නසීර් මහතා පරිසර ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ.

ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා ධීවර අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් අතර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයකු වන මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය වශයෙන් දිවුරුම් දුන්නේය.

කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් ලෙස කලින් දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් එම අමාත්‍ය ධුරවලට අමතරව , තවත් අමාත්‍යධුර දෙකක දිවුරුම් දීම ද විශේෂත්වයක් විය.

ඒ අනුව ,කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට අමතරව, ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැවිලි ඇමැතිධුරයට අමතරව කර්මාන්ත ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

 



අදහස් (13)

නව අමාත්‍යවරු දිවුරති

Hafeel Monday, 23 May 2022 12:33 PM

ඩීයූ ගුණසේකර හරියට කිව්වා මේ ඇමති මණ්ඩලය හරක් පට්ටියක් වගේ කියලා. සතියෙන් සතිය ඇමැතිලා දිවුරුම් දෙනවා. ජනාධිපතිටත් ලැජ්ජාවක් නැහැ. දිවුරුම් දෙන ඇමැතිලාටත් ලැජ්ජාවක් නැහැ. මෙතන රමේෂ් පතිරණ පමණක් අවස්ථා ගණනාවකදී දිවුරුම් දුන්නා. තවමත් එතුමාගේ සුදුසුකමට ගැලපන ඇමැතිකමක් ලැබිලා නැහැ. අඩුතරමින් එතුමා අවබෝධ කරගන්න එපැයි...

:       5       41

BamunuarachchiMonday, 23 May 2022 06:34 PM

එකම එක මුස්ලිම් හාදයෙක් ඉන්නවා. මොකට දා ගත්තද මන්දන්නේ නැහැ... රට කරන්න මුස්ලිම් ගොයියන් වුවමනා නැහැ කියන ප්‍රතිපත්තියේ ඉන්නවා. නමුත් ලෝකෙට පෙනෙන්න එකෙක් දෙන්නක් දා ගන්නවා...!

:       7       3

sena Monday, 23 May 2022 12:36 PM

අපේ රටේ මුදල් ඇමැති කවුද කියලා දන්න කෙනෙක් කියනවද?

:       3       42

PereraMonday, 23 May 2022 01:21 PM

මුදල් නැතිනම් මුදල් ඇමැති කෙනෙක් මොකටද?

:       1       55

siri Monday, 23 May 2022 02:39 PM

මුලදී කිව්වේ දහඅටයි කියලයි. ඒක විස්ස වුණා. දැන් විසිපහ වෙලා. ඔහොම ගිහින් හෙට, අනිද්දා වෙනකොට 225 වෙයිද කියන්නත් බැහැ. දරුවන්ට දෙන්න කිරිපිටි ගන්න නැති සල්ලි. මේ වගේ දේවල්වලට නම් ඕනෑපදම් තියෙනවා.

:       2       18

ගමේ එකාලා Monday, 23 May 2022 04:05 PM

ඇමැති මණ්ඩලය පත්කෙරුවා විතරනේ? හෙට අනිද්දා වෙනකොට පැටව් ගහන්නත් පටන් ගනී...

:       0       1

sugath Monday, 23 May 2022 04:18 PM

අරහේ රටේ මිනිස්සු පෝළිම්වල දිව්රනවා.

:       0       3

වැඩපරක්කුගේ Monday, 23 May 2022 04:23 PM

කොහොම කිව්වත් වැදගත්ම අමාත්‍යාංශයක් වන මුදල් අමාත්‍යාංශයට සැලකීමක් නැහැ වගේ... සැලකීමක් තිබේ නම් සුදුස්සෙක් නැහැ කියලා හිතෙනවා. මුදල් ගැන නොසලකා වැඩක් කරන්නේ කොහොමද?

:       0       2

Demuni Uduwara Monday, 23 May 2022 04:50 PM

ලැජ්ජා, බයට කටයුතු කරන අය තමයි සුදුසු... මේ අයට මේ සුදුසුකම් තියෙනවද?

:       0       2

Nihal Monday, 23 May 2022 05:31 PM

ආයෙත් පරණ සෙල්ලම පටන් ගත්තානේද?

:       1       5

de silva Monday, 23 May 2022 05:41 PM

ජනතාවට ගෝඨාභය සහ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒක නිසා විදේශ ශ්‍රමිකයා මුදල් එවන්නේ නැහැ. මිනිස්සු උද්ඝෝෂණ, වර්ජන දිගටම කරනවා. ව්‍යාපාරිකයා අලුත් ආයෝජනවලට යන්නේ නැහැ. ඔලුගෙඩි මාරු කරලා ජනතා අප්‍රසාදයට ලක්වුණු පරණ අමාත්‍ය මණ්ඩලයම නැවත පත්කිරීම මේකට විසඳුම නොවේ. සජිත් හෝ අනුර ප්‍රමුඛ විපක්ෂයට ආණ්ඩුව දුන්නත් මේක විසඳන්න බැහැ. කරුණාකර අලුත් ඡන්දයකට යන්න. එවිට කැමැති කෙනෙක් පත්කර ගැනීමේ කලබල නැති වේවි. පරණ සෙට් එක මාරුවෙන් මාරුවට එල්ලිලා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ජනතාවට ජනාධිපති ගැන හෝ පාර්ලිමේන්තුවේ බහුතරයක් ගැන හෝ විශ්වාසයක් නොමැති නම් වැඩක් වෙන්නේ නැහැ.

:       2       5

Semuthu Monday, 23 May 2022 06:10 PM

දැන් එතකොට විසිපහක් වුණද? රනිල් ආවා කියලා වැඩක් වුණේ නෑ නේද? එහෙනම්? පරණ කුරුවල් වෙච්චි පොල්මයි.‍‍ රනිල්, ඔයත් අකුළන් යන්න.

:       1       5

sharm warn Wednesday, 25 May 2022 10:41 AM

රනිල් ආවේ මැජික් පෙන්නන්න නොවේ. රාජපක්ෂලාව සුරකින්න. 2015 කරපු විදිහටම චොපර් වලින් යන්න එන්න දීලා, නඩු යට ගහලා අවුරුදු 5ක් නළවලා දුන්නනේ. දැන් කරන්නෙත් ඒකමයි. නාමල් එනකන් පුටුව බලාගෙන ඉන්න එක තමයි රනිල්ගේ ඇත්තම මෙහෙයුම. සජිත්, අනුර දෙන්නා අගමැති වෙන්න බැහැ කිව්වේ ආයම්මා වැඩේ කරන්න තමයි. කට්ටියට දැන්වත් තේරෙනවද මන්දා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැපැල් ජන්ද සළකුණු කිරීම අද ඇරැඹේ
2025 අප්‍රේල් මස 24 39 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
2025 අප්‍රේල් මස 24 353 0

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි
2025 අප්‍රේල් මස 24 453 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 1119 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 55 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 1321 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 681 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site