IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නව නිපන්දු නීතියක්

ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 අන්තර්ජාතික තරග සදහා නව නිපන්දු නීතියක් හදුන්වාදීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව පන්දුව යවමින් සිටියදී පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල පන්දු යවන්නා විසින් බිදළනු ලැබුව හොත් එම පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවරයා විසින් සංඥා කෙරෙනු ඇත.

මෙම නීතිය මේ මස (අපේ‍්‍රල්) 30 වැනිදා සිට කි‍්‍රයාත්මක වේ. මෙම නීතියට යටත් වන පළමු තරගය වන්නේ මැයි මස 3 වන දා බුලවායෝහිදී සිම්බාබ්වේ සහ බංග්ලාදේශ් අතර පැවැත්වෙන තරගයයි.

 



අදහස් (0)

නව නිපන්දු නීතියක්

නිෂේන්දු Friday, 05 April 2013 06:12 PM

මම හිතන්නේ පන්දු යවන්නා පන්දුව තම අතින් නිදහස් කරන මොහොතේදී , එනම් අත කරකවන අවස්ථාවේදී පන්දුව තිබෙන අත කඩුල්ලේ දවටුනහොත් එය නිපන්දුවක් ලෙස සැලකේ .(නදී)

:       0       0

අනිල් ද සිල්වා Friday, 05 April 2013 06:10 PM

රාවන බලකාය අනුමත කරාද දන්නේ නැහැ.(නදී)

:       0       0

නන්දලාල් Friday, 05 April 2013 07:40 PM

අනිල් ද සිල්වා ඔය මොලේ අමාරුවට බෙහෙත් ටිකක් බොන්න.(නදී)

:       0       0

ජනක - බහරේන් Friday, 05 April 2013 03:59 PM

පකිස්ථාන් අය ගොඩක් වෙලාවට මේ වැඩේ කරනවා .(නදී)

:       0       0

චින්තන Friday, 05 April 2013 03:55 PM

මෝඩ නීතියක්. පන්දු යවන්නාගේ අන්තයේ පිතිකරු තණතිල්ල මැදට ආවත් දවා ගන්න බෑ. අනාදිමත් කාලයක සිට පැවතෙන ක්‍රිකට් නීති හදල තියෙන්නේ මෝඩයෝ නොවේ.(නදී)

:       0       0

රකිත Friday, 05 April 2013 10:48 AM

එතකොට පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවාව දුවද්දී දැවී යාමකට හසු කරගන්න බැරිද, අනතුරු ඇඟවීමකින් පසුවවත්? (ස)

:       0       0

අනිල් පෙරේරා Friday, 05 April 2013 10:57 AM

ඒක හොද දෙයක් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ,තවත් ඉදිරියට යාවි .පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුගේ විනයානුකුල බවත් ,ඔහු රැක ගත යුතුයි. (ස)

:       0       0

වජ්ජා Friday, 05 April 2013 04:17 PM

ඔක්කොම තේරුම් අරන් තියෙන්නේ වැරදියට. නිපන්දුවක් වුනත් දුවද්දී දැවී යාමකට හසු විය හැකියි. මෙහි කියන්නේ පන්දු යවමින් සිටියදී යවන්නාගේ අතේ වැදී කඩුල්ල කැඩුනොත් සිදුවන දෙයයි. පන්දු යවන අන්තයේ ඉන්න පිතිකරුවා දුවද්දී දැවී යාමකට හසු කරගන්නවා කියන්නේ, කොහොමත් පන්දුව යවල නෑනේ. ඒක ගණන් ගන්නේ ඩෙඩ් බෝල් හැටියටයි. නමුත් පිතිකරු තම සීමාව ඉක්මවා සිටියේනම් ඔහු දැවී ගිය ලෙස විනිසුරු තීන්දු කරනවා. (නදී)

:       0       0

ශාන්ත ලාල් Friday, 05 April 2013 04:31 PM

එතකොට එම අන්තයේ ඉන්න පිතිකරුවා සීමාව පැන්නොත් පන්දු යවන්නාට කඩුල්ල බිදින්න බැරිද? ඒක මෝඩ නීතියක්නේ.(නදී)

:       0       0

සුමිත් Friday, 05 April 2013 12:28 PM

ෂෝන් පොලොක් ගොඩක් වෙලාවට මේ වැඩේ කරනවා (ස)

:       0       0

ෂහීම් Friday, 05 April 2013 12:41 PM

මෙම නව නීතිය බොහෝ දුරට බලපාන්නේ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ‘ස්ටේවෙන් ෆින්න්‘ ටයි. (ස)

:       0       0

රමේශ් Friday, 05 April 2013 05:30 PM

මෝඩ නීතියක්. පහර නොදෙන පිතිකරු පන්දුව යැවීමට පෙර ඉදිරියට ගියොත් කරන දේ ගැන කිසිම සඳහනක් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 593 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 228 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1319 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2543 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 208 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1490 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site