(අංජුල මහික වීරරත්න)
නව මුදල් නීති මාලාවක් සම්මත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතු බවත් දැන් තිබෙන මුදල් නීති ද සලකා බලා අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එක්සත් රාජධානිය, නවසීලන්තය,ඉන්දියාව වැනි රටවල් වල උදාහරණ ලබාගෙන මීට වඩා ශක්තිමත් සහ බලවත් මුදල් නීතියක් ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව මුදල් නීති සම්මත කරනවා
swiss Sunday, 29 May 2022 08:03 PM
පළමුව නිදහස් අධ්‍යාපනය උසස් පෙළ දක්වා පමණක් දෙන්න. ඉන්පසු විශ්ව විද්‍යාලවල ඉගෙනුමට වසරකට මුදලක් අය කරන්න..! මහපොළ දීමනා ලබා ගනී නම් රැකියාවකට ගියාට පසු අවුරුදු 10ක් ඇතුළත ඒ මුදල 2% පොලී අනුපාතයක් ඇතුළත් කර ගෙවන්න කියන්න..! සැම කෙනෙකුගෙන්ම 15% වාර්ෂික බද්දක් අයකරන්න. ටියුෂන් ගුරුවරු හා චැනල් සෙන්ටර් දොස්තර වරුන්ගෙන් 25% ආදායම් බද්දක් අය කරන්න. පාසල් කාලය උදේ 7:30 සිට දවල් 3:45 දක්වා දික්කරන්න. 'යූ-ටියුබ්' චැනල් හදලා ලොකු ආදායමක් හොයන අයගෙන් බද්දක් අය කරන්න! තදාසන්න නගරයට ඇතුලු වනවිට වාහන වලින් ඇතුළුවීමේ ගාස්තුවක් අය කරන්න! {රජයේ හා පාසල් වාහන හැර...! එංගලන්තයේ කෝටිපති සුද්දාගේ ළමයින්ට පවා ඒ රටේ නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ උසස්පෙළ කරනතුරු පමණයි..! ඉන්පසු විශ්ව විද්‍යාලයට ඇතුල් වුණාම එක අවුරුද්දකට රුපියල් ලක්ෂ 40ක් ගෙවන්න ඕනෑ. පාඨමාලාව අවුරුදු 3-4 ක් නම් හිතාගන්න යන වියදම [ලක්ෂ 40x3 ] ඒ නවාතැන් හා කෑම ගාස්තු නැතිව... මසකට නවාතැන් ගාස්තුව රුපියල් ලක්ෂ දෙකහමාරක්.. ඒ විදුලි බිල හා අන්තර්ජාල බිල් නැතිව..! ඒවාට මසකට ලක්ෂයක් විතර ඕනෑ..!
janahithaMonday, 30 May 2022 09:31 AM
පලමුව පාර්ලිමේන්තුවෙ මසකට වියදම් වන කෝටි ගනන් මුදල් පාලනය කරන්න, කපා හරින්න. මිනිසුන්ගෙ සොරා කාපු මුදල් ආපසු ඔහේ මක්කයි මෙ කියන්නෙ.
විනිවිද Monday, 30 May 2022 02:54 PM
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ තිබෙන ප්‍රධානතම දුර්වලතාවය නම් අධ්‍යාපනය අවසානයේ පිටවන අති බහුතරයක තරුණ, වැඩිහිටි පිරිසට රැකියා අවස්ථා නොමැත. රජය කෝටි ගණනින් මුදල් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළද රටක් වශයෙන් අප ලබන්නා වූ අවසාන ප්‍රතිඵලයක් නොමැත. එයට හේතුව නම් අධ්‍යාපනය අවසානයේ පිටවන අති බහුතරයක තරුණ, වැඩිහිටි පිරිස ඔවුන්ගේ අධ්‍යාපනයට සරිලන රැකියාවන් නොමැතිකම නිසා විදෙස්ගත වේ. "සත්‍ය වශයෙන්ම ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්රතිලාභ අත්කර ගනු ලබන්නේ විශේෂයෙන්ම බටහිර රටවල් වේ". මේ පිළිබඳව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින්නා වූ සියලු දෙනාත් බ්‍රේන් ඩ්රේන් පිළිබඳව අදහස් දක්වන සියලු දෙනාත්, වෘත්තීය සමිතීන් පවා ලංකාවේ මෙවැනි ආර්ථික, සමාජීය වශයෙන් පත්ව තිබෙන තත්වය පිළිබඳව යථාර්තය අවබෝධ කරගත යුතුවේ. අවශ්‍ය මොහොතේ අවශ්‍ය පිළියම් නොදීමේ අවසාන ප්‍රතිඵලය රට මේ වනවිට මුහුණ දෙමින් තිබේ. රටේ පාඩු ලබන ආයතන, අසීමිත ලෙස පත්කර තිබෙන රජයේ රැකියාවන් සහ ජනසවිය, සමෘද්ධි වැනි වෙල් ෆෙයාර් වැඩසටහන් දේශපාලන හේතුන් මත පවත්වාගෙන යාම නිසා රටට අත්ව තිබෙන ඉරණම දේශපාලකයින් ඇතුළු රටේ සමස්ත ජනතාවද අඩු වැඩි වශයෙන් වගකිව යුතුවේ...
sharm warnMonday, 30 May 2022 09:51 AM
100% ක් එකඟයි. ඉතාම කාලෝචිත යෝජනාවලියක්. අපේ මිනිස්සුන්ට නිකන් දෙන නිසා ගොඩක් දේවල්වල අගයක් නැහැ. විශේෂයෙන් ශිෂ්‍යත්වයක් දුන්නාම හිතන්ඉන්නේ ඒක දෙන්න අපි බැඳිලා ඉන්නවා කියලා. අඩුතරමේ ඒකට ස්තුතියක්වත් දෙන්න. අපේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ශාඛාව හැදුවෙම පාසලේ දරුවන්ට ශිෂ්‍යත්වයක් දෙන්න. අවුරුද්දකට 9-10 ක් පමණ දෙනා වැඩසටහනක් අපි කරනවා. නමුත් කියන්න දුකයි. අවුරුදු 24ක් දැන් මෙහෙම කළා. අඩුගානේ ළමයි 250ක් ඉන් ප්රතිලාභ ලබන්න ඇති. නමුත් එක්කෙනෙක් වත් වාර්ෂික මහ සභා රැස්වීමටවත් එන්නේ නැහැ. එයාලා ආගිය තැනක් හොයාගන්න නැහැ.
uddikaMonday, 30 May 2022 09:53 AM
ඇත්තට හොඳ අදහසක්. එතකොට අවුරුදු ගණන් විශ්ව විද්‍යාල බෝඩ් ලෑල්ලට මුවා වෙලා දේශපාලනය කරන අයත් නැතිවෙයි, රටට බරක් නැති, උපාධිධරයින් පිරිසක් බිහිවෙයි..!
Nuwan monarawilaMonday, 30 May 2022 10:23 AM
මුදල් පනත ශක්තිමත් කරවා කියන්නෙ නිිදහස් අධ්‍යපනය කප්පාදු කරව. ඒකටවත් හිතුනු හිතුනු විදියට හතරඅතේ බදු ගහන එකයි දඩ ගහන එකයි නොවේ. මෙකෙන් අදහස් කරන්නෙ රටෙ එකතුවෙන මහජන මුදල් නිසි අකාරයට යොදවන්ඩ. නැත්නම් එවා නාස්තියට දුශනයට ලක්වෙනවද කියලා හොයා බලිම සඳහා මහජන නියොජිතයන්ට ඇති අයිතිය තවඩුරටත් ශක්තිමත් කිරිමයි.
priyantha.Monday, 30 May 2022 10:38 AM
ඒකපුද්ගල ආදායම එංගලන්තය වගේ වුණු දවස්වල මේ කියන සේරම කරන්න...!
saaliMonday, 30 May 2022 11:31 AM
නිදහස් අධ්‍යනය ලද ැවොම රටට සෙවය කල යුතුය.රට හැර යන සියල්ලන් ම අධ්‍යනය ට රජයෙන් වැයවූ මුදල් යම් කාලයක් අතුලත ගෙවිය යුතුය. තව දුරටත් නිහස් අධ්‍යනය විශ්ව විද්‍යාල දක්වා ක්‍රියාත්මක විය යුතුය. අමුතු බදු ගැසීම නීති විරෝධී්ධීය. සැමටම එක හා සමාන ව බදු ක්‍රියාත්මක විය යුතුය. වාහන සඳහා බදු ඉන්දන මිලෙහි අන්තර්ගත වන බවින්, මාර්ග් වාහන නවත්වා බදු ගෙවේමක් අනවශ්‍යය.
පැරකුම්Monday, 30 May 2022 11:51 AM
වටිනා කාලාේචිත අදහස් ගොන්නක්. අවාසනාවකට අපේ රටේ ඕව කරන්න දෙන්නෙ නෑ. එහෙම කලොත් විශ්වවිද්‍යාල වහන්න වේවි.
සමිත සේනක අලුත්ගමගේ.Monday, 30 May 2022 01:50 PM
ඉතාමත් හොඳ අදහස් සමූහයක්. ඒත්, මේවා සියල්ලම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ හොඳ රටක හොඳ වාතාවරණයක් යටතේයි. අපහට එහෙම රටක් තිබේද ? එසේ නම්, මේවා ක්‍රියාත්මක කරන්නට හොඳ රටක් තිබිය යුතුමයි. හොඳට තිබූ රටේ මුදල් හොරකම් කොට පිටරට ගෙනගිය අය අල්ලා ඒ මුදල් නැවත ලබාගැනීම සඳහා කටයුතු කළ යුතුයි. පිටරට සිටින අපේ උගතුන් ඒ පිළිබඳ දැඩි වීමසිල්ලකින් සිටියි. ඒ පිළිබඳ තොරතුරු හා විඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැර ඇත. මේ සඳහා නීතීඥ සංගමයේ කැපවීමද අගය කරමු. පක්ෂ විපක්ෂ දේශපාලකයින්ගේ වත්කම් සොයා හොරා කෑ මුදල් හා දේපල රාජසන්තක කිරීමට කටයුතු කළ යුතුයි. විදුලි බල මණ්ඩලය ඇතුළු සංස්ථා මණ්ඩලවල මුදල් නාස්ති වළකා ඒ මුදල් ජාතික මුදල් සංචිතයට එක්කළ යුතුයි. මේ ආකාරයෙන් රටේ සාර්ථකත්වය ඇතිකරගෙන, පිටරටවල මෙන් හොඳ සංවර්ධනයක් ඇතිකළ හැකියි...
Rasika Sunday, 29 May 2022 08:12 PM
බැංකු හා ෆිනෑන්ස් කම්පැනිවල මුල්‍ය තත්වයට වඩා ඒවායෙන් පහසුකම් ලබාගත් කුඩා, මධ්‍යම, තනිපුද්ගල ව්‍යාපාර දුර්වලවෙලා තියෙනවා. බැංකු හා ෆිනෑන්ස් කම්පැනිවලට පනවා තිබූ දේපළ අත්කර ගැනීමේ තහනම ජුනි මස මැදින් අවසන් වෙනවා. ඉන් ප්‍රයෝජන ගැනීමට දැනටමත් බැංකු හා ෆිනෑන්ස් කම්පැනි ජුනි 15ට පෙර සම්පූර්ණ ණයමුදල පොළිය සමග ගෙවන ලෙස බලකර එසේ නොගෙවන්නේ නම් ජුනි 15න් පසු දේපළ අත්කර ගන්නා බවට ලිපි යවමින් සිටිනවා. එමනිසා 2018 සිට කල් පිරුණු ණය 2020 හෝ 2021 හෝ 2022 වල කොටස් වශයෙන් හෝ පියවා ඇති අය සඳහා නඩු හෝ දේපළ පවරා ගැනීම මේ ආර්ථික තත්වය පහවන තෙක් වහා අත් හිටුවන්න පියවර ගන්න...
ravin Sunday, 29 May 2022 09:19 PM
දැන් කීපාරක් අගමැති වුණාද? රටේ තියෙන සේසතින් සෑහෙන කොටසක් හූරාගත්තායින් පස්සෙද මතක් වුණේ මුදල් නීති ගැන..? මොකක්ද මේ රවටන සෙල්ලම?
වාසුදේව Monday, 30 May 2022 09:45 AM
රටේ අතිබහුතර ජනතාව ලෙස අපි කියනවා රෙජීමය බේරගන්න ආපු රනිල් ඉවත්ව යායුතුයි. මේ රට අද තුන්වේල කන්න නැති, ලෙඩකට බෙහෙතක් නැති, බඩුමිල අහස උසට ගිය බංකොළොත් රටක් කළේ ඔබ පරපුරයි. ණය උගුලක රට හිරකළේ කවුද? දෙයියන්ගේ නාමෙන් යන දේවාලෙක යන්න. මේ රට තවත් විනාශ නොකර... කොහොම වුණත්, තවත් ජනතාවට කොකා පෙන්නුවොත්, මේ සෙට්එකට ගෙවල්වල යනවා තියා මේ රටේ වසනවා නම් බොරු...
Aravinda Monarawila Monday, 30 May 2022 10:13 AM
වසර 74ක් රට පාලනය කෙරුවා.. මෙතුමා 6 වැනි වරටත් අගමැති වුණා. භාණ්ඩාගාරය පතුලට හිඳෙනතුරු බලාගෙන හිටියා මුදල් පනත ශක්තිමත් කරන්න. දැන් හොරකම් කෙරුවා ඇති කියලා හිතුණද? නැතිනම් හොරකම් කරන්න දෙයක් නැතිනිසා කරන්න හිතුණද දන්නේ නැහැ. කොහොම වුණත් මෙදාපාර ඒකවත් හරියට කරන්න..
Prase Monday, 30 May 2022 11:39 AM
නාකි වෙනකම් පාර්ලිමේන්තුවේ ඉදල දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ තීති හදන්න.
Rata Perata Monday, 30 May 2022 11:50 AM
මෙ මනුස්සයට දැනට රටෙ තියෙන ප්‍රශ්න ගැන කිසිම වැටහීමක්නෑවගෙ. සහන අය-වැය තවත් සති ගනනකින් ලු. බෙහෙත් තව සති 6කින් දෙනවලු ඒ වෙනකොට තව සිය ගනක් හාමතේ මැරෙවි.
Hafeel Monday, 30 May 2022 12:39 PM
ඒක තමයි මේ අගමැතිගේ සහන අයවැය කීයටවත් විශ්වාස කරන්න බැහැ. එහෙම සහන අයවැයක් තව සති හයකින් එනවා නම්, ඇයි තෙල්, පාන්පිටි මිල වැඩි කළේ? විෂය භාර ඇමතිත් එහෙම මිල වැඩි කරලත් පාඩුයිලු. ආයිත් විදුලි බිලත් වැඩි කරන්න ඕනෑලු. එහෙම විදුලි බිල වැඩි කළොත්, ජල බිලත් වැඩි කරාවි. ඉතින් කොහොමද සහන අය වැයක් එන්නේ?
Deepal Nirosh Monday, 30 May 2022 02:09 PM
අගමැතිකම බාරගත්තේ නම් පොළවට ඇලවුණු ආර්ථිකයට පණක් දෙන්න කියලා. ඒත් දැන්නම් ඒ ගැන වගේ වගක් නැහැ. අර පනත්, මේ පනත්, ව්‍යවස්ථා සංශෝධන එක එක සභා ගැන තමයි දැන් කතාව. මට පේන විදියට කරන්න ආපු කාරිය කරගන්න බැහැ වගේ තේරිල තමයි මේ එකඑක වල්පල් ගැන දොඩවන්නේ... පින් සිද්ද වෙයි මේ ආර්ථිකය පණ ගහලා එනකම් පවතින විධායක ජනාධිපති ක්‍රමයට හෝ බලතලවලට හෝ අත තියන්න එපා...
sharm warn Wednesday, 01 June 2022 10:38 AM
සුපුරුදු බදු ගැහිල්ලට එහා ගිය දෙයක් මෙයාට දන්නෙම නෑ. බදු ගෙවල නැති ඉහල පෙලේ ව්‍යාපාරිකයන් කෝප් කමිටු කතාවලින් රටම දැන ගත්ත. නමුත් ඒ් අයට විරුද්ධව ක්‍රයාත්මක කරන නීතියක් ගැනවත් නෙගෙවපු බදු හෝ වෙනත් හරියට නොගෙවපු රජයේ ආදායම් අයකරගන්න විදියක් කෙහෙවත් කියවෙන්නෙ නැහැ. ඒ වෙනුවට මහ මහජනතාවම හුරගෙන කන්න වැඩ කරනව. මේකද මේ පින් ගොනාව අගමැති පුටුවෙ වාඩි කෙරුවෙ? මෙයා ආවම සතුටු වෙච්ච කට්ටිය දැන් මෙකද කියන්නෙ.