හුරීකඩුව විද්‍යාසාගර පරිවේනාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන පෙමසිරි නාහිමියෝ (90) මින් මද වේලාවකට කලින් ශ්‍රීලංකා රාමඤ්ඤ නිකායේ නව මහා නාහිමි ලෙස ඒකච්ඡන්දයෙන් පත් කරගනු ලැබූහ.
පෙමසිරි නාහිමියෝ රාමඤ්ඤ නිකායේ දහතුන් වැනි මහා නාහිමියෝය.
නව නාහිමියෝ 1998 සිට අධිකරණ සංඝනායක ධුරය හොබවති. රාමඤ්ඤ මහා නිකායේ සංඝ කරක සභාවට 120 නමක් ඇතුළු වෙති. මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යලයයේ අද පැවති රැස්වීමට 76 නමක් වැඩම කර සිටියහ. පෙමසිරි හිමියන් නව නායක පදවියට පත් කළ යුතුයැයි මඩිතියවෙළ මේධංකර අනුනාහිමියෝ යෝජනා කළහ. ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ යෝජනාව ස්ථිර කළහ. වෙනත් යෝජනා නොවුයෙන් පෙමසිරි හිමියන් නව මහා නායක හිමියන් ලෙස ඒකමතිකව පත් වූ බව ලේඛකාධිකාරි මාතලේ ධම්මකුසල නාහිමියෝ ප්‍රකාශයට පත් කළහ.
මහනාහිමියෝ 1923 ජනවාරි 20 වැනිදා මහනුවර උඩ ගම්පහ කෝරලයේ නාපානේ දී උපත ලැබුයේ ඇත්තේ ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බන්ඩාර නමිනි. ඒකනායක මුදියන්සේලාගේ මහ කුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමා හා නියංගොඩ හිටි බන්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැනිකේ මහත්මිය උන්වහන්සේගේ මව්පියෝය. පවුලේ සහෝදර සහොරියෝ හත් දෙනෙකි.
පරම විඥානාර්ථ සමිතිය වලල ගම්මානයේ පවත්වාගෙන ගිය පාසලෙන් හා අමුණුගම ගුන්නෑපාන විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබු ටිකිරි බණ්ඩා 1933 ජූලි මස අටවැනිදා හුරීකඩුව මහා මහේන්ද්‍ර පුස්තකාලයේදී නාපාන පෙමසිරි නමින් පැවිදී බවට පත්ව ඇත්තේ තෙලිපැහැ සීරි සීලවංශ අනුනාහිමියන්ගේ 42 වැනි ගෝල හිමිනම වශයෙනි.
1935 සිට වැල්ලවත්ත ධර්මෝදය මහ පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ පෙමසිරි සාමනේර හිමියෝ 1943 අගෝස්තු හය වැනිදා කටුගස්තොට පිගාඔය උධකුක්ඛේප සීමාමාලකයේ දී උපසම්පදාව ලදහ. 1945 සිට නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනේදී අධ්‍යාපනය හැදෑරූ පෙමසිරි හිමියන් විනය විශාරද උපාධිය ලදහ. 1954 දී රාජකීය පණ්ඩිත උපාධිය ලැබූ පෙමසිරි හිමියෝ 1967 ඇරඹුණු හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ ප‍්‍රථම පරිවේනාධිපති ධූරයටද පත්වූ අතර 1975 දී එම පිරිවෙන් විහාරාධිපති පදවියට ද පත් කරනු ලැබූහ.
1980 දී මහනුවර සංඝ සභාවේ සභාපති පදවියටද 1986 දී ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනුවර ප‍්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරි පදවියටද,1987 දී නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරි ධූරයටද , පත්ව ඇති පෙමසිරි නාහිමියෝ 1998 ජූනි 27 වැනිදා අධීකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලදහ.
සදසිරි දුනුවිල සදගිරිලෙන් විහාරය, කුණ්ඩසාලේ වරාපිටිය බෝධිරුක්ඛාරාමය, පල්ලෙකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය, හාමින්දාගොඩ සිරි සුමනාරාමය, රජවැල්ල ශී‍්‍ර පූර්වාරාමය සහ රජවැල්ල අළුත්වත්ත මිහිදු ධර්මපීඨ විහාරයේ අධිපතිත්වය හොඹවන ඒ හිමියනට 2008 දී මියන්මාර රජයෙන් ”අග්ගමහා පණ්ඩිත ”ගෞරව උපාධීය පිරිනැමීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදාර සේවයක් කිරීමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි ඔබවහන්සේට. (නි)
නාපාන පෙමසිරි මහානායක හිමියන්ට දීර්ඝායු ලැබී සසුනඹර ඒකාලෝක කිරීමට පුණ්‍ය මහිමය ලැබේවා(ස)
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! සම්බුදු සරණින් චිරාත් කාලයක් සසුනට සේවය කිරීමට වාසනාව උදාවේවා !(ස)
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. නිදුකින් නීරෝගීව බුදුසසුන වෙනුවෙන් එඩිතරව කටයුතු කිරීමට තෙරුවන් සරණින් සුපින් මහිම ලැබේවා (ස)
උදාර සේවයක් කරන්න ,වැඩකට නැති අය පන්නන්න උදව් කරන්න..(ස)
වයසට යද්දි අපේ වටිනාකම අඩු වෙනවා ..හාමුදුරුවන්ලගේ වටිනාකම වැඩි වෙනවා...(ස)
ඔබ වහන්සේට දීර්ඝායු වේවා ...ඔබ වහන්සේට අප සැමගේම සුභ පැතුම්...(ස)
සුභ පතනවා. (නි)
සම්බුද්ධ සාසනයේ අමිල මෙහෙයක් කිරීමට ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා....(ස)
චිරාත්කාලයක් ආගමික හා ශාසනික සේවාව කරගෙනයන්නට ශක්තිය ධෛර්යය සහ දීර්ඝායුෂ ලැබේවා..!! සම්මා සම්බුදු සරණයි..!!(නු)
ඔබ වහන්සේට දීර්ඝායු පතමි.....(ස)
සාදු! සාදු! සාදු! නව නායක මාහිමිපාණන් වහන්සේට දිඝායු වේවා. තරග ඇති නොකර කටයුතු කලාවූ රාමඤ්ඤ මහා නිකායේ සංඝ කරක සභාවට සාසන ගෞරවය හිමිවේවා. අපවත්වූ මහනායක හිමියන්ට නිවන්සුව අත්වේවා. (ස)
මගේ ගෞරවණීය නමස්කාරය අපේ හිමියන්ට පුදකර සිටිමි..(ස)
සාදු ! සාදු ! බුදු සසුන බැබලේවා . (ස)
ඔබ වහන්සේට තුණුරුවන්ගේම සරණයි. ! (ස)
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි (ස)
සාධු... සාධු... සාධු...! (නි)
මෙම මහා නාහිමිට බුදුසසුන වෙනුවෙන් චිරාත් කාලයක් සේවය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
උදාර සේවයක් කිරීමට ශක්තිය ලැබේවා .දිඝාසිරි පතමි..(ස)
සාධු... සාධු... සාධු...! (නි)
මුනි සමිදු පිට දුන්න බෝ සදු පුදා පිං දෙනව රැක ගන්න බුදුසුන අරා....(ස)