නව විදුලි ගාස්තු වැඩි කිරීම ගෘහස්ථ පාරිභෝගිකයන්ට ඉතාමත් අසාධාරණයක් යැයි සදහන් කරමින් එමගින් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩ වන හෙයින් එම ක්‍රමය අත්හිටුවිමට නියෝග කරන ලෙස ඉල්ලා ‘මානව අයිතිවාසිකම් සදහා නීතීඥයෝ‘ සංවිධානයේ නීතී නිලධාරී ජේ. කේ රත්නා දයාංගනී මෙනවිය ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අඟහරුවාදා (21) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සමාන්‍යධිකාරී නිහාල් වික්‍රමසිංහ ,මහජන උපයෝගීතා කොමිසමේ හි සභාපතිනි ආචාර්ය උපතිස්සද කොස්තා මහතා සහ නීතිපති නම්කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද කරන්නේ? දෙන දේ භාරගන්න වෙනවනේ (දී)
ජනතාවට සාදාරන තීන්දුවක් ලැබේවී. (නි)
ඔය වැඩිකිරීම දේශපාලන මැති ඇමතින්ට හා ව්‍යාපාරිකයන්ට එතරම් ගැටලුවක් නැහැ. තව අන්ධ කොටසක් ඉන්නවා ආණ්ඩුව මොන දේ කළත් කටක් හොල්ලන්නෙ නැති, තියෙන දෙයක් කාලා වෙනදෙයක් දිහා බලාගෙන ඉන්න කොටසකුත්. එතකොට වැඩි කොටසකට ප්‍රශ්නයක් නෙමේ. (නි)
රජයේ සේවකයන්ට රුපියල් 750/= පඩි වැඩි කරලා විදුලි බිල රුපියල් 1000-1500 ප්‍රමාණයකින් වැඩිකිරීම මොනතරම් පහත් වැඩක්ද. (නදී)
විදුලි ගාස්තුව බරක් නොවන ලෙස පවත්වා ගැනීමට පුළුවන් බව මම අත්දැකීමෙන් දන්නවා අවශ්‍ය නම් ඔබලාට කියා දෙන්නම්.(නදී)
මේ ගාස්තු වැඩි කිරීම අසාදාරනයි. පාලකයිනි වහාම මෙය අකුලා ගනිව්.(නදී)
යුධෙන් පස්සේ ජනතාවට දෙනවා කිව සහනද මේවා , කරුණාකර පාඩු ලබන මිහින් ලංකා , ශ්‍රීලන්කන් වැනි ආයතන විකුණා දමන්න නැත්නම් කළමනාකරණය සුදුසු කෙනෙකුට පවරන්න , අමෙති මණ්ඩලය අඩු කරන්න . කරුණාකර නෑදෑයන්ට සහ හිතවතුන්ට රජයෙන් දක්වන විශේෂ සැලකිලි නැති කරන්න , විදුලිබලය වැනි ජනතාවට අත්‍යවශ්‍ය සේවාවකට සහනාධාර නොදී පාඩු ලබන ගුවන්යානා සමාගම් සහ විශාල ඇමති මණ්ඩල නඩත්තු කිරීම ජනතා ද්‍රෝහී මෝඩ ක්‍රියාවකි .(නදී)