මුළු මහත් ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ ඉල්ලීම් නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ආණ්ඩුව හොර රහසේ කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකදි පැවසීය.
‘නව ව්‍යවස්ථාවක් මගින් බෙදුම්වාදී බලතල ලබා දෙන්න ඉඩ දීලා අපි බලා හිටියොත් අපේ අනාගත පරපුරට මේ රට ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා ඕනෑ කමින් මේ රටේ මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන් හා සමාජ බලවේග වෙතින් ඉල්ලනවා මේ ජාත්‍යන්තර කොන්ත‍්‍රාත්තුව, දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ගේ වුවමනාව ඉටු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදී නිහඬව ඉන්න එපා කියලා. ව්‍යවස්ථාවට අදාළ අවසන් කෙටුම්පත එළියට එනතෙක් නොසිට මෙවැනි අතුරු වාර්තා මගින් කියන දේ වටහාගෙන ඊට එරෙහිව ජනතාව පාරට බැස්සවීමට අපි කටයුතු කළ යුතුයි‘ යැයි ද ඔහු කීය.
විඩියෝ ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හදන්නේ බෙදුම්වාදී ලේබල් ගහලා සාධාරණ බලය බෙදීමක් වළක්වන්න. පිට පළාත්වලට නොදී බලය කොළඹම තියාගෙන ඉන්න. ජාතිවාදයට මුහුණ දෙන්න කොන්ද තියෙන ආණ්ඩුවක් ඕනෑ (ම)
දැන් ඉතින් බොරුවට බලය ලබා ගැනීමට කෑ ගහන්නේ නැතුව ,අනාගතයේදී පක්ෂය කුමක් වේවා සිංහලයෙකුට පාර්ලිමේන්තු යාමේ හැකියාව ඇති කිරීමට පෙරමුණ ගන්න.(හේ)
කසුන්.කපිල ඩුබායි කියන්නේ මම නෙමෙයි.එ්ත් පිට රටවල ඉන්න අපි සත්‍ය හොදින් දන්නවා.සත්‍ය හොදින් වැටහෙනවා.ඒ නිසා අතේ සතේ නැතිව හිටිය විමල් එක පාරටම කෝටිපතියෙක් වුනේ කොහොමද?ඉන් නොනැවතී කරන්නේ මොනවා කියල අපි දන්නවා (බ)
කන්න අඳින්න නැතුව, තේ කහට කෝප්පය බිලා සෙරෙප්පු දෙකක් නැතුව අඩු පහසුකම් සහිත පාසලට යන දරුවන් ලක්ෂ ගණනක් ඉන්න රටක, අසරණ දුක් විඳින ජනතාවක් සිටින රටක මහජන මුදල් ගසා කාපු අයට හොඳක් නම් වෙන්න එපා (නි)
අනේ ඉතින් අපිට මේවා කියලා අපි මොනවා කරන්නද?
මම මොහුගේ දේශපාලනයට අකමැති වුවත් මේ බලය බෙදීමේ න්‍යායෙන් ඊළමට පාර කපන බව නම් පිළිගන්නවා. (නි)
බලය නොව පරිපාලනයයි බෙදිය යුත්තේ. (නි)
පාර්ලිමේන්තුවේ සෙට් එකට වටහලා දෙන්න බැරි දෙයක් කොහොමද ජනතාවට කියන්නේ. (නි)
මහත්මයාණනි, ශ්‍රී ලංකාවේ සියලුම ජාතින් ලාංකිකයන්ය. ඔවුන් සියලු දෙනාටම එක හා සමාන අයිතින් තිබිය යුතුය යන්න ඔබ තුමාට තේරුම් ගන්න බැරි නම් එකම සිංහල ජාතියක් වසන රටක පාර්ලිමේන්තුවක මන්ත්‍රීකමක් ඔබතුමා ලබාගත යුතුය. එසේ නැත්නම් නව ලෝකයට ගැළපෙන නව දේශපාලන සංස්කෘතියකට සරිලන මානසිකත්වයක් ලබා ගැනීමට තමන්ගේම මනස සදාගත යුතුයි (නි)
නරකද තමන්ගේ ගෙදර පැත්තේ මොනවද වෙන්නේ කියලා සොයලා බැලුවොත් මේ පිටස්තර දේවල් වලට කලින්. (නි)
කපිල ඩුබායි, තිලක් ඩුබායි නම් වෙනස් කරගත්තත් මතයේ නම් වෙනසක් සිදු වී නැති හැඩයි (නි)
බලය සාධාරනව බෙදී යන්න ඕනෑ.....ඇර කිරි කැකිරි න්‍යාය නැතුව (ම)
ජනවාරි අට ණය ගෙවිය යුතුයි (බ)
ගොඩක් කාලෙකට පස්සේ එලියට බැහැල.පහුගිය දවස් ටිකේ හැංගිලා හිටිය නේද එලියටවත් බහින නැතුව. (බ)
ජනතාව රට ගැන බලාගනිවී. ඔබ ඔබේ ප්‍රශ්න ටික බලාගන්නකෝ. නිහඬ මිනිස්සු මේ රටට වැඩ කරනවා, රට රකිනවා (නි)
ඔබතුමා කොයි කාලෙක ඉඳලද ඕක වළක්වාගන්න හැදුවේ. දැන් පෙරහැර පිටත්වෙලා තියෙන්නේ. වෙඩි හඬත් ඇහුනා. තව ටිකකින් කසකාරයෝ ටික සැපත්වේවි. තවත් උඩ පැන පැන හිනාවෙන්න හැළියේ හිටපු කකුළු රැල වගේ. (නි)
ඔය කතා පැත්තක තියලා ඔබතුමන්ගේ ප්‍රශ්න ගැන හොයලා බැලුවොත් හොඳයි නේද (නි)
තමන්ට තිබෙන චෝදනා ගැන කලින් කතාකළා නම් හොඳයි (නි)
කියව කියවා ඉන්නේ නැතුව ඔබතුමන්ලා මුල්වී මේකට මොකක්හරි කරන්න (නි)
ඉතින් අපිට කියලා මොනවා කරන්නද? (නි)
මේවගේ තව දහදෙනෙක් හිටියා නම් කොහොමත් රටක් ඉතුරුවෙන්නේ නැහැ. අතේ සතේ නැතුව දේශපාලනයට ඇවිල්ලා අද මහා මන්දිර වල ඉන්න කෝටිපතියෝ වෙලා (නි)
ඉස්සෙල්ල තමුන්ගේ ගෙදර ගැන බලන්න.. (බ)
ඔයා කියනකම් බලාහිටියේ පාරට බහින්න (බ)
මොන ව්‍යවස්ථාවක් හෑදුවත් ඒක සම්මත කරගන්න ඕනෙ පාර්ලිමේන්තුවෙ නේද? තමුන් ඒකට පත් කරලා තියෙන්නෙ රටට අහිතකර දේවල් වලට කතා කරන්න නේද? (බ)