IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


නවක මන්ත්‍රිවරුන්ට ගෙවීමේ පදනම මත අලුත් වාහන

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ක්‍රියාත්මක කළා තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බැවින් මෙම පියවර ගැනෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවීමේ පදනම මත ජිප්රථ ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන වල අවශ්‍යතාව පෙන්වා දෙමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් ද යොමු කරනු ලැබීය.

ටොයොටා ලංකා සමාගම විසින් ආනයනය කරනු ලබන මෙම වාහන කල්බදු පහසුකම් යටතේ ලබාගැනීමට යෝජිතය..

මීට අමතරව, රජයේ හදිසි වාහන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ගිලන්රථ 50ක් ,ඩබල් කැබ් රථ 50ක් සහ බවුසර් 50 ක් ද ඉහත පහසුකම් යටතේ ලබා ගැනීමට රජය සැලසුම් කර ඇත .

 



අදහස් (60)

නවක මන්ත්‍රිවරුන්ට ගෙවීමේ පදනම මත අලුත් වාහන

sam Monday, 24 May 2021 01:32 AM

ඔය එන්නේ දොළ පිදේනි ගාණට...

:       0       19

කුවෛට් පොඩි එකාFriday, 28 May 2021 02:14 AM

1. වෛද්‍ය සුදර්ශනී කියනවා එන්නත ගන්න ආධාර කරන්න කියලා 2. ජොන්ස්ටනුයි, අගමැතිගේ පුතායි කියනවා ආණ්ඩුවට ඇති තරම් සල්ලි තියනවා කියලා 3. පෝට් සිටී පනත සම්මත වෙනවා 4. ඊළඟට අගමැතිතුමා කියනවා මැතිඇමැතිවරුන්ට වාහන ඕනේ.. වාහන ගේනවා කියලා 5. දේශපාලන නායකයින්ගෙන් සහ රටේ මහජනතාවගෙන් විරෝධය එනවා 6. පාර්ලිමේන්තුවේ ඉන්න පොහොට්ටුවේ කාලකන්නි ටික කියනවා ඔවුන්ට වාහන ඕනෙමයි කියලා 7. මහජන විරෝධය නිසා අගමැති කියනවා රටෙ ආර්ථිකේ අවුල් වාහන ගේන්නේ නෑ කියලා.. 8. 69 ලක්ෂය හුරේ දානවා. විපක්ෂයේ අය බොරුවට කෑගහනවා. අගමැතිතුමා වාහන ගේන එක නැවැත්තුවා කියලා.. 9. ලංකා බැංකුව කියනවා ණයවර ලිපි ඇරලා ඉවරයි.. ඒවා ඇරියේ අප්‍රේල් වල කියලා. මේවා කැන්සල් කළොත් ලංකා බැංකුව අසාදුගත වෙනවා කියලා.... 10. හුරේ දාපු අය කටේ නයවර ලිපිය හිර කරන් බලන් ඉන්නවා.. 11. ඒ අවු අස්සෙ රසායනීක ද්‍රව්‍ය අඩංගු නැව ගැන මිනිසුන්ට අලුතෙන් හිතන්න දේවල් එළියට එනවා.. ම්ම් කවද්ද ලංකාවේ මිනිස්සු අලුතින් හිතන්න ගන්නේ...? තමුන්ගේ දරුවන්ට අලුත් ලංකාවක් නිර්මාණය කරන්නේ...

:       0       0

Kooralage Monday, 24 May 2021 01:41 AM

හානේ... ඉතින් රටම මළ ගෙයක් වෙලා... ආර්ථිකයත් බිංදුවටම බැහැලා තියෙන වෙලාවේරටට සත 05ක වැඩක් නොකරන මේ පින්නුන්ට මොන වාහනද? කොරෝනා අස්සෙම කළේ ගැහිල්ලනේ.. මේවා බයියන්ට හොඳ පාඩම්...

:       1       26

මහසෙන් Monday, 24 May 2021 01:50 AM

අනේ වාසනාවන්!!! මේ මොහොතේ ජනතාවගේ හදවත් තුල බුර බුරා දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු සෙවීම ගැන. හරිම සනීපයක් දැනෙනවා..

:       0       26

saliya Monday, 24 May 2021 01:52 AM

මන්ත්‍රීන්ගෙන් කෙරෙන සේවයක් නැත. පරණ කැබ් රථයක් වත් දීම අනවශ්‍යයි. ඔවුන් ඔය ලීසින් ගෙවන්නෙත් නැහැ. කොරෝනා 19 සඳහා පමණක් විදේශ මුදල් වෙන් කළ යුතුය.

:       0       32

දිනේෂ් සිල්වා Monday, 24 May 2021 01:53 AM

කවුද ගෙවන්නේ? ජනතාවද?

:       0       32

පූජා.Monday, 24 May 2021 11:05 AM

කවුරු ගෙව්වත් මොකද? ඒ උත්තමයන් හුදී ජනයාට සේවය කරන්නට සැදී පැහැදී ඉන්න පිංකඳන්නේ... මම නම් කියන්නේ එක වාහනයක් මදි.. ඒ උත්තමයන් මහජනතාවට සේවය කරන්න ගියාම පවුලේ උදවියටත් එකක් දෙකක් දුන්නොත් තමයි හුදී ජනයා ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන්නේ.. නැද්ද මම අහන්නේ..

:       0       33

මහසෙන් Monday, 24 May 2021 01:53 AM

අනේ වාසනාවන් !!! මේ මොහොතේ ජන හදවත් තුළ බුර බුරා නැගෙන ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා අනේ වාසනාවන්... !!!

:       0       22

Namal Monday, 24 May 2021 02:21 AM

රථ ගාය ඉහටත් උඩින්...

:       2       108

[email protected]Monday, 24 May 2021 06:02 AM

රටේ සාමාන්‍ය මිනිස්සු ගැන කිසිම අනුකම්පාවක් හැඟීමක් නැති බව මේ වැඩෙන් පේනවා. ඒත් අපේ මෝඩ මිනිස්සු උදේ පාන්දරම ගිහින් කතිරෙ ගහලා එනවා..

:       0       29

RaveendraMonday, 24 May 2021 09:03 AM

අප මේ කිසිඳු රතු, කොළ, නිල් කටරොලු මල් හාදයින්ට අප වෙනුවෙන් මහජන සේවයට එන්නයි කියා කිසිදා කිසිවිට ආරාධනා කරද නැත. ඒ ඒ ගොන් පාටවල අම්බරුවන් බලෙන්ම අපි මහජනතාව වෙනුවෙන් ඕනෑම දුක් ගැහැටක් විඳීමට සූදානම් කියමින් "උඩු බුරමින්" පැමිණියා හැරෙන්නට 225 න් "කාටවත්" අනේ අපි වෙනුවෙන් සේවය කරන්න කියා කොතැනකදීවත් කියා නොමැති බව නොරහසකි. එබැවින් මහජන සේවයට අකමැති නම් මොන කෙහෙල් මලකටද අතින් පාන් ගිලමින් පට්ටියේ ලගින්නේ. වැඩ කිරීමට ආවා නම් "225 ම වැඩ කරපියව්"... නැති නම් පට්ටිය පාලුවෙන්න තබා පැදුරු කඩමලුත් ඔතාගෙන කැලේට ගොස් තණකොළ ගිලීම ඉතාමත්ම නම්බුකාර බව "නිල්, රතු, කොළ මුග්ධයන්ට" කීමට කැමැත්තෙමු.

:       2       27

roshan gunasekara Monday, 24 May 2021 02:28 AM

කොරෝනාවලට ගොදුරු වූ මිනිස්සුන්ට පාස්කුවට බිලිගත් මිනිස්සුන්ට කිසිම සාධාරණයක් ඉටු නොවූ කල මේ රටේ ලොකු පුටුවල වැජඹෙන අය මේ මොන නැටිල්ලක්ද නටන්නේ..?  මේ අයට යන්න අපායවල් නැහැ. මේකද කරන්න තියෙන ලොකුම දේ...? කොරෝනා එන්නත් නැහැ. ඇඳන් නැහැ. ICU ඇඳවල් නැහැ. මේ දූපත යන්නේ කොහේද කියලාවත් හිතාගන්න බැහැ.

:       2       142

Raveendra Monday, 24 May 2021 02:34 AM

දැන් එතකොට ගෙවීමේ ක්‍රමවලට වාහන මෙරටට ගෙනෙනවිට විදේශ විනිමය ඒ වාහන ගෙන්වන රටවලට යන්නේ නැද්ද? අපේ රුපියල් වලින් ඒ රටවල් ගනුදෙනු කරනවාද? අප මේ නොදන්නා නිසා මේ අහන්නේ? එසේ නොමැති නම් මේ තවත් වංගුවක් ගහලා පට්ටියේ අලුත් අම්බරුවන්ට මහජන මුදලින් සැප ලබාදීමට උත්සහයක් නේද යන්න අප මුල් පුරවැසියාගෙන් විමසීමට කැමැත්තෙමු. පට්ටියේ අලුත් අම්බරුවන්ට වාහන ලබාදෙන ආකාරයටම රටේ පුරවැසියන්ටත් එලෙසම ගෙවීමේ ක්‍රමයට ඒ ඒ අයගේ කැමැත්ත අනුව වාහන ලබාගැනීමට කටයුතු කිරීම මුල් පුරවැසියාගේ යුතුකම් ලෙස අප තරයේ විශ්වාස කරන්නෙමු. මක්නිසාදයත් රටේ පුරවැසියන්ගේ පහසුව, සුබසිද්ධිය, රටේ ආරක්ෂාව මෙන්ම මූලිකත්වය දිය යුතු බැවිනි...

:       1       157

Bandara Monday, 24 May 2021 02:41 AM

ගෙවන්න තියෙන්නේ මාසෙටම රුපියල් දෙකක්ද?

:       0       104

Dannajaya Monday, 24 May 2021 02:48 AM

මොන පඬි වැඩක් ද මේ? තියෙන වාහනේ පාවිච්චි කරන්න බැරිද? ඇයි අපි මේ අයට ඡන්දෙ දෙන්නේ..? 

:       2       106

රුක්මාල් Monday, 24 May 2021 02:51 AM

ඇයි පයින්ද යන්නේ...?

:       13       106

සමිත සේනක අලුත්ගමගේ. Monday, 24 May 2021 03:04 AM

ඇත්තටම, අපේ පාර්ලිමේන්තුවේ ඉන්නා මන්ත්‍රීවරුන් ටික කරනා අනුපමේය සේවය වෙනුවෙන්, මේ පහසුකම ලබා දුන්නාට කමක් නැහැ. මොකද කෝවිඩ් වෙනුවෙන් රටේ ජනතාවගේ දුක සැප බැලුවා. දැන් ලෙඩ්ඩුන්ට හා ලෙඩේට නිරෝධායනය වෙච්ච අයට සියලු සැප පහසුකම් තියෙනවා. සියලුම රටවාසීන්ට එන්නත විද්දා. දැන් රටේ එක කෝවිඩ් ලෙඩෙක් මියයන්නේ නැහැ. ඒ සියලු ප්‍රශ්න විසඳිලා තියෙන නිසා මේ ජනහිතකාමී මන්ත්‍රී පිරිසට වාහන ලබාදීම ජාතික යුතුකමක්... එය කළයුතුම දෙයක්...

:       2       211

විජිත් Monday, 24 May 2021 07:27 AM

සහතික ඇත්ත සමිත. අපේ රට හෙවත් ධර්මද්වීපය දැන් කිරි පැණියෙන් පමණක් නොවෙයි කසිප්පු, කුඩු, පාතාලයන්, ආදියෙන් පමණක් නොව " කොරෝනා " වලිනුත් සුඛිත මුදිත කළ මේ රජයේ ඇමැතිවරුන්ට, මන්ත්‍රී "උත්තමයින්ට" අලුත් කාර් එකක් ලබාදීමෙන් කරන්නේ අපහාසයක් කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා ඔය "උත්තමයෝ " 225 ටම කුඩා ගුවන් යානය බැගින් ලබාදෙන්න කියලා. සල්ලි ප්‍රශ්නයක් නැහැ. ජොනී උත්තමයා කීව්වනේ රටේ ඕනතරම් සල්ලි තියෙනවා කියලා. දැන් ඩුබායි වලටත් සල්ලි දෙන්නේ අපිලු. කොහොමද සව්භාග්‍ය...? හැමතැනම.

:       0       25

sachith Monday, 24 May 2021 03:39 AM

රටට තිබුණු ලොකුම ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරපු අාණ්ඩුවට හදපිරි ප්‍රණාමය. නැතිනම් ඉතින් අපේ කැපවීමෙන් වැඩ කරන අවංක මන්ත්‍රීන්ට ගමනට එන්නවත් විදිහක් නෑ...

:       1       112

සෙනෙවිරත්න Monday, 24 May 2021 04:03 AM

⁣ඩොලර් බේරගෙන වැඩේ ගොඩදාන්න නම් මේ කියන විදියට ජපානෙටද ගෙවීමේ ක්‍රමයට වාරික ගෙවන්නේ...?

:       1       78

Shalika maduranga Monday, 24 May 2021 04:12 AM

පව්, රටට සේවය කරන්න වෙන්න ඇති

:       0       151

රට ණය කර ගන්න සැප Monday, 24 May 2021 04:39 AM

රජය විසින් ලබාදෙන සියලුම තීරුබදු රහිත වාහන ලංකාව තුල එකලස් කල ඒවා කළයුතුයි. අනික වාහන වර්ග 2-3 කට සීමා කළා නම් රජයේ සේවකයින්, ඇමතිලාට ,මන්ත්‍රීලාට දෙන වාහන වලට යන වියදම අඩු කරගන්න පුළුවනි. බලමු දැන් විපක්ෂයේ, ආණ්ඩුවේ මන්ත්‍රීලාගේ හැසිරීම... දවස් 10ට පාර්ලිමේන්තු ඇවිල්ලා, තීරු බදු පර්මිට් එක ගත්තු ජාතික වස්තූන් ඉන්න රටක් මේක...

:       0       31

Liya Monday, 24 May 2021 04:50 AM

දැන් සැපද?

:       0       35

Sarath silva Monday, 24 May 2021 05:18 AM

ඒ වාහන ටිකත් චීනාගෙන්ම ගන්න. අපේ කට්ටිය ඒවායේ නැගලා යනකොට කාටද අාඩම්බර...?

:       0       33

ravi Monday, 24 May 2021 05:24 AM

ඡන්දේ දීපු මිනිස්සුන්ට පරණ ගිලන්රථ, වාහන අලුත්වැඩියා කරලා දෙන්නේ.. මෙයාලට බ්‍රෑන්ඩ් නිව් 2022... අපේ සල්ලි...

:       0       13

Nihal Monday, 24 May 2021 05:50 AM

මැරුණත් මේ පුරේ.. මේ මනරම් සමේ.. උපදින්න මතු වාසනා...

:       0       10

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 24 May 2021 06:17 AM

නිරාවලට ගියාට පස්සේ ආයෙ මනුස්ස ලෝකයක් දකින එක නම් බොරු මහත්තයෝ... මෙච්චර රට වැසියා පීඩාවට පත් වෙලා ඉද්දී දැන් රටේ තියෙන ලොකුම අවශ්‍යතාවය මන්ත්‍රීවරුන්ට වාහනද..?

:       0       18

Akila Monday, 24 May 2021 06:25 AM

එක රටක්... එක නීතියක්, මේ රජය ගේන්න මැරීගෙන වැඩකරපු දැන් වලේ වැල් නැතිව ඉන්න වාහන සේල් කාරයින්ට මේ ගැන මොනවද හිතෙන්නේ?

:       2       14

WCA Monday, 24 May 2021 06:29 AM

ගෙවීම් වාරික විදියට ගෙවීම් කරන්නේ ජපානයේ ඔය කියන ආයතනයට නෙවෙයිනේ.... ඒ ගොල්ලන්ට ඔක්කොම ගෙවනවනේ... වාරික ගෙවන්නේ මෙහෙ තියෙන ආයතනයටනේ.. එතකොට රටේ සල්ලි ගිහින් ඉවරයිනේ... කාටද මේ බොරු කරන්නේ? මේක රටේ මිනිස්සු මුලාකරන්න හදපු අලුත් මොඩ්ල් එකක්..

:       0       14

ajith Monday, 24 May 2021 06:32 AM

ජනාධිපතිතුමාගෙන් ඉස්සෙල්ලා අහන්න එයා දන්නවද ඉස්සෙල්ලා මේක ගැන කියලා නැත්නම් පස්සේ මහජන විරෝධය ආවට පස්සේ ඇවිල්ලා කියයි.. මගේ අණින් නැවැත්තුවා කියලා අන්තිමට ඒ ලකුණු ටිකක් එයාට...

:       1       13

Hewa Monday, 24 May 2021 06:39 AM

මගේ පුංචි නැතිවුණා සති 02කට කළින්... එයාට ICU එකක් හරි වෙලාවට හම්බ වුණේ නැහැ. එයාට හරි වෙලාවට ICU ඇඳක් හම්බ වුණා නම් එයා සමහර විට දැන් ජීවත් වේවි.. මෙයාලා මිනිස්සු ගැන හිතන්නේ නැහැ. හිතන්නේ තමන්ගේ සැප පහසුව විතරයි. මොන දෙයියන්ට මේ අවනඩුව කියන්නද?

:       1       34

pradeepa Monday, 24 May 2021 07:19 AM

අපි මුලු ලෝකෙ වටේටම ණයයි නේ.. තවත් බොරුවට ණයවෙන්නනේ හදන්නේ. කවුද මේ පිස්සු කරන්නේ..? ඔය තියන විදිහට මේ අමාරු කාලේ යන්න කියන්න. වාහන ගෙන්වන්න එපා...

:       0       21

පප්ප Monday, 24 May 2021 07:31 AM

පර්ම්ට් විකුණ ගනිල්ලා, ඕක තමයි ලංකාවේ තියෙන සුපිරිම ජොබ් එක, සැප ගන්න, සල්ලි හම්බ කරන්න, රට රාජ්‍යවල රස්තියාදු ගහන්න, පොලිසියේ මහත්තුරු සැලියුට් ගහන්න. සුදුසුකම් ඕන නැති එකම රස්සාව...

:       0       12

saman Monday, 24 May 2021 07:33 AM

හෙණ තමයි ඉල්ලන්න තියෙන්නේ...

:       0       19

නලීන් Monday, 24 May 2021 08:00 AM

වාහන ගත්ත තරමට දේශපාලකයන් රටට සේවය කළානම් අද මේ රට ඇමරිකාවටත් වඩා දියුණු රටක්... දේශපාලකයින්ට දෙන අවස්ථාව සාමාන්‍ය ජනතාවටත් හිමිවිය යුතුයි. මොකද ඒ මිනිස්සු ඊට වඩා රටට දෙයක් කරන නිසා...

:       0       10

siri Monday, 24 May 2021 08:08 AM

නෑ නෑ මේවා බොරු කතා. මේ සැප වාහන වගේ පෙනුනට ඒවා සියල්ලම කොවිඩ් වසංගතය මේ රටින් තුරන් කිරීමේ මහා සටනට විශේෂයෙන් සකස්කළ ගිලන් රථ. කිසිදේකට බයවෙන්න කාරණාවක් නැහැ. අපේ මහාචාර්ය ඇදුරුතුමා කියන ආකාරයට කිසිදු පක්ෂ භේදයකින් තොරව මේ සැප ජීප් වගේ පෙනෙන "නවීකරණය කරන ලද" ගිලන්රථ බෙදා දුන්නාට පස්සේ අපේ නවක මන්ත්‍රීවරුන් සියලුම දෙනාගේ කැපවීමෙන් මේ වසංගත මාරයා මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් එලවනවා එලවනවාමයි. අායේ දෙකක් නෑ.

:       0       9

Nuwan Monday, 24 May 2021 08:10 AM

විදේශ විනිමය රැක ගන්න කහ ගෙන්වන්නේ නැහැලු... නමුත් කෝටි ගාණක වාහන ගෙන්වන්න පුළුවන්. සර් ඔයා නම් අතිවිශිෂ්ඨයි.

:       0       24

මුණසිංහ Monday, 24 May 2021 08:14 AM

ඉතාමත් වැරදි වැඩක්. මේ මුදල් කරුණාකරලා එන්නත් ගේන්න යොදවන්න. නැත්නම් ඒ මුදලින් ඇම්බියුලන්ස් ගෙන්වන්න. දැන් බලන්න පුළුවන් ජනහිතකාමී නියෝජිතයන් කවුද කියලා. රටම අගාධයකට යමින් තියෙන මේ වෙලාවේ මේ වැඩේ සම්පූර්ණයෙන් හෙළා දකිමු.

:       0       17

ruwan Monday, 24 May 2021 08:28 AM

මොනවද කියන්නේ රට ස්වයංපෝෂිත කරලා, දියුණු කරලා කොච්චර වැඩ කරලා තියෙනවද? ඉතින් වාහන ඕනෙමයි... නොදකින්...

:       1       16

දොන් ජුවන් ධර්මපාල Monday, 24 May 2021 08:33 AM

අනෝරා වැස්සෙන් බේරෙන්න වැස්සට බැනලා වැඩක් නෑ. අඩුම තරමේ පැලක් වත් අටවා ගනිල්ලා.. අවුරුදු 73 ක්ම තෙමනා ලෝකේ නැති වසංගත හදාගත්තා. ඒත් නුඹලා අපිට පැලක්වත් අටවා ගන්න වුවමනාවක් නෑ...

:       0       10

Lamaya Monday, 24 May 2021 08:34 AM

මුන්ට බරකරත්ත දීපල්ලා...

:       0       14

විපරමා Monday, 24 May 2021 08:50 AM

දේශපාලනයට එන්නේ ලැබෙන වරප්‍රසාද ගැන හිතාගෙන වෙන්න ඇති. නමට නම් මහජන සේවකයන්...

:       0       14

fairoos Monday, 24 May 2021 09:04 AM

69 ලක්ෂයට විතරක් නොවේ .. දැන් අපි හැමෝටම සැප තමයි.

:       0       15

පිටිගල මිලානෝ Monday, 24 May 2021 09:05 AM

වැහි නැති හෙන... වැහි නැති හෙන...!

:       1       19

nissaa Monday, 24 May 2021 11:43 AM

ණයට කාර් ගෙනැල්ලා දර්ශන දාන්න පුළුවන් අයට... කොරෝනා එන්නත් ගෙනැල්ලා මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරිද?

:       0       6

sam Monday, 24 May 2021 12:14 PM

පනතට ඡන්දෙ දුන්නා නම් බඩුම තමයි. ඔය එන්නේ ගානට...

:       0       6

gqmqge Monday, 24 May 2021 12:51 PM

මාසෙකට රුපියල් 30,000.00ක් නැති අපේ කෑම වේලටත් බදු ගහන ඔක්කොම බංගවේවා...!!!

:       0       5

Rohana Monday, 24 May 2021 12:57 PM

ලබන ආත්මේ ලංකාවේ උපදිනවා නම් අඩුම තරමින් මන්ත්‍රී කෙනෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.

:       0       3

Sam Monday, 24 May 2021 12:59 PM

ලැජ්ජයි, ඔවුන්ට ඡන්දය දුන්නු අයට හොඳ වැඩේ. එජාපයත් ඕකම තමයි.

:       0       8

සෙනෙවිරත්න Wednesday, 26 May 2021 02:45 PM

දුන්න කෙනෙක් නැහැනෙ

:       0       1

Sam Monday, 24 May 2021 01:01 PM

මේ අයට කොරෝනා වත් නැද්ද?

:       0       6

chandima Monday, 24 May 2021 01:16 PM

කෝවිඩ් ලෙඩ්ඩු එහා මෙහා ගෙනියන්න වෙන්න ඇති මන්ත්‍රීලාට වාහන දෙන්නේ...

:       0       5

ranji Monday, 24 May 2021 02:13 PM

මේ අයට හෙණ ගහන්න එපෑයැ... මේ කොරෝනා විපතත් එක්ක කරන ජරා වැඩ... ඇම්බියුලන්ස් ටිකක් ගෙනාවා නම් මොකද MOH නිලධාරීන් බිම් මට්ටමේ කොරෝනා වැඩ කරන අය එයාලට වාහන ගෙනත් දුන්නා නම් මොකද වෙන්නේ..? ඔය අපරාද කරලා මේ අය කොහේ යන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැනේ...

:       0       7

Oshan gunathilaka Monday, 24 May 2021 02:20 PM

ගොන්නු කියලා හිතුවේ නැහැ මේ අය...

:       0       6

chandima Monday, 24 May 2021 10:26 PM

ඇත්ත පොරොන්දු වුන දේවල්, කොන්ත්‍රාත්තුවේ අත්සන් කරපු දේවල් ඔක්කොම දෙන්න වෙනවා.

:       0       3

Demuni Uduwara Tuesday, 25 May 2021 03:59 AM

"රෝමය දැවෙන අතරතුර නීරෝ ගීතය වාදනය කළේය."

:       0       4

Rata Perata Tuesday, 25 May 2021 06:30 AM

වැඩ බැරි ආණ්ඩුව එළවලා දාමු.

:       0       5

ariyarathna Tuesday, 25 May 2021 07:01 AM

මෙම අවස්ථාවේදී මෙය මොන විකාර තීරණයක්ද. ඔවුන්ට වාහන අවශ්‍ය ඇයි?

:       0       3

Demuni Uduwara Tuesday, 25 May 2021 11:27 AM

රොමේ ගිනිගනිද්දී, විනා වයනවා වගේ වැඩක්නේ.

:       0       4

bandula Tuesday, 25 May 2021 03:10 PM

මේක නිකන් දෙනවා වගේනේ... දියුණු රටක් නම් මේ ඔක්කොම ගෙදර.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 1 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 423 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 383 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 812 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 720 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 764 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 51 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1380 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site