IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘නවක වදය නිසා වසරකට 2,000ක් සරසවි යන්නේ නැහැ’

(නාලක සංජීව දහනායක)
 
නවක වදයට මුහුණ දීමට සිදුවන බැවින් සිසුන් 2,000ක් පමණ වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (9) පැවැසීය.

එය ඉතා නරක තත්ත්වයක් බව කී ජනාධිපතිවරයා එවැනි ක‍්‍රියාවලට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි යැයිද කීය.

අරලියගහ මන්දිරයේ අද (9) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
 
දියුණු රටවල තරුණ තරුණියන් වයස අවුරුදු 20 වනවිට උපාධිය ලබාගෙන රැකියා සඳහා යොමුවන බව කී ජනපතිවරයා ශ්‍රී ලංකාවේ උසස්පෙළ විභාගය සමත්වන සිසුන්ට සරසවියට ඇතුළත්වීමට වසර ගණනාවක් බලාසිටීමට සිදුවන බවද සඳහන් කළේය.
 
එසේ සරසවි පිවිසෙන සිසුන්ට යම් යම් හේතු නිසා උපාධිය ලබාගැනීමට තවත් වසර ගණනාවක් සරසවියේ ගතකිරීමට සිදුවන බවද හෙතෙම පැවැසීය.
 
එම ක‍්‍රමය වෙනස්කිරීමට කාලය එළඹ තිබෙන බව කී ජනාධිපතිවරයා එම වෙනස්කම් කිරීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය.

( ඡායාරූප- ඉෂාන් සංජීව ) 

 



අදහස් (55)

‘නවක වදය නිසා වසරකට 2,000ක් සරසවි යන්නේ නැහැ’

Chathuri Thursday, 09 January 2020 01:25 PM

මේ විදියට අසරණ උදවියට වද දීලා සතුටු වෙන්න තරම් මේ නරුමයින්ට, මොකක්ද ලැබෙන සහනය? තමන්ගේ චණ්ඩිකම් පෙන්වන්න අසරණ මිනිසුන් යොදාගන්නවා. ඔයතරම් චණ්ඩිනම් උසාවි යන්න බය වෙන්නේ අැයි?

:       0       6

mihira Thursday, 09 January 2020 01:28 PM

නවක වදය දෙන අයට මරණීය දණ්ඩනයම දෙන්න........

:       0       3

wije Thursday, 09 January 2020 01:30 PM

අතිගරු ජනාධිපතිතුමනි, රටේ සියලුම දැවෙන ප්‍රශ්න පිළිබදව ඔබතුමා සොයා බලා සුදුසු පියවර ගනිමින් පවතිනවා. අපි ඒ පිළිබදව ඔබතුමාට ස්තුතිපුර්වකව ගරු කරනවා. මේ වගේම සහල් මෝල් වල සිද්ධවෙන අක්‍රමිකතා පිළිබදවත් සොයාබලා නිසි පියවර අරගෙන ඔවුන්ගේ ඒකාධිකාරිය බිදදමලා මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ කුස්සියේ ගින්දර නිවලා දෙන්න ඔබතුමාට ගොඩක්ම පින් සිද්ධ වේවි.

:       0       3

සේන Thursday, 09 January 2020 01:44 PM

රටටම සෙතක් වන බව සහතිකයි. ඒකයි පිටරටවල සිටි අපි පොදි ගැහීගෙන ඇවිත් ඡන්දේ දීලා නැවත ආවේ. කිසිම පෞද්ගලික වාසි බලාපොරොත්තු නැත. රටම එකට නැගිටිය යුතුයි.තෙරුවන්ගේ , සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයද ලැබේවා !

:       0       1

saman Thursday, 09 January 2020 01:50 PM

සමහරු පොලීසියත් දාලා රට යනවා.....

:       0       2

පිටිගල මිලානෝ Thursday, 09 January 2020 02:47 PM

ජනාධිපතිතුමනි, බුද්ධි අංශය යොදවා මේ කඩාකප්පල් වැඩ නවත්වන්න.

:       0       2

ලැවොයිසියර් Thursday, 09 January 2020 02:51 PM

නවක වදය සහමුලින්ම තුරන් කළා නම් එම කර්තව්‍යයට හවුල්වන සියල්ලන්ටම මෙලෝ පරලෝ වශයෙන් වැඩ සිද්ද වනවා නොඅනුමානයි.

:       0       7

nisha Thursday, 09 January 2020 02:52 PM

එ් වගේම තමයි සුදු වෑන් නිසා ගොඩක් ලංකාව අතහැරලා යනවා.

:       9       15

chandima Thursday, 09 January 2020 02:58 PM

විදේශ රටවල්වල ඉහළම පෙලේ විශ්වවිද්‍යාලවල පවා තෝරාගත් පන්ති ඔන්ලයින් ක්‍රමයට පවත්වනවා. මේ පළමු වසරේ සමහර පන්ති දේශනයකට පමණක් සීමාවූ ඒවා... මේ දේශන පන්ති ඔන්ලයින් ක්‍රමයට ගෙදර සිට නැති නම් අන්තර්ජාල පහසුකම් සහිත ග්‍රාමීය පුස්තකාල හරහා ලබාදීමට පුළුවනි. එමගින් ජාතික ධනය ඉතිරි වනවා මෙන්ම මේ නවකවදයටත් පිළියමක් විය හැකියි. එමගින් සමහරක් සමාජයීය ප්‍රශ්නද විසඳනවා. එහෙත් මුළු පාඨමාලාවම ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීමෙන් නම් මනා ප්‍රමිතියකින් යුතු උපාධි ලැබෙන්නේ නැහැ. මේ නිසාම බොහොමයක් පිළිගත් විශ්වවිද්‍යාල සිසුන් හුවමාරු කිරීමේදී පූර්ණකාලින ඔන්ලයින් පාඨමාලා පිළිගැනීම සිමාකර තිබෙනවා. නොඑසේ නම් මුළුමනින්ම නවතා දමා තිබෙනවා.

:       0       6

kulapathi Thursday, 09 January 2020 03:07 PM

ජනාධිපතිතුමනි, දැන්වත් ඒ අසාධාරණය නතර කරමු. ඒ පිළිලය සදහටම ඉවත් කරමු. ඉවසුවා ඇති. අපි බලාපොරොත්තු වෙන්නේ විනයගරුක රටක් වගේම විනයගරුක විශ්වවිද්‍යාල පද්ධතියක් මේ රටේ..

:       0       18

mewan Thursday, 09 January 2020 03:18 PM

ජනාධිපතිතුමනි, මේ සඳහා ඔබතුමාගේ අවධානය යොමුවීම සම්බන්ධව ඉතාමත් සතුටු වන අතර සමස්ථ රටවැසියාගේම ස්තුතිය සහ ගෞරවය ඔබතුමාට ලැබෙනු ඇත.

:       0       4

කපුරු හාමි Thursday, 09 January 2020 03:18 PM

කාලකන්නි නවකවදය නවත්වන්න ඔබතුමා ගත්තු තීරණය අගය කළයුතුයි. මෙවැනි දේවල් අපේ රටේ සිද්ද වෙන එක ගැන අපිටම ලැජ්ජයි.

:       0       109

Chandima Thursday, 09 January 2020 04:04 PM

කොල්ලන් ටිකක් පොත් දීලා විශ්ව විද්‍යාලයට යැව්වා නම් නවකවදේ දවසෙන් ඉවරයි..

:       0       3

sam Thursday, 09 January 2020 05:38 PM

මගේ දුවට A 3ක් තිබුණත් සරසවි යන්න අකමැති වුනේ මේ හේතුවට...

:       0       56

dilanFriday, 10 January 2020 11:28 AM

ඉතින් මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවේ නැද්ද?

:       362       15

sunilFriday, 10 January 2020 12:32 PM

කාවද? අන්තරේ ඉන්න වහු පැටව් ටිකද?

:       1       332

CHANDIMAFriday, 10 January 2020 02:09 PM

දිලාන් වෘෂභ ලග්නෙන් නේද ඉපදිලා තියෙන්නේ?

:       0       117

ChannaFriday, 10 January 2020 02:20 PM

කාවද මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕනේ?

:       2       18

GuneSaturday, 11 January 2020 03:34 AM

ඔබ බෙහෙත් ගන්න වෛද්‍යවරයාට පෙන්නුවොත් මදිද දිලාන් ?

:       0       2

chandima Thursday, 09 January 2020 05:57 PM

මේ නිදහස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමට මුදල් දෙනවා වෙනුවට ඇමෙරිකාවේ වැනි රටවල වගේ සිසුන්ට කැමති තැනකින් කැමති පාඨමාලාවක් හැදෑරීමට මුදල් දෙනවා නම් ඔවුන් මේ නවක වාදය දෙන ආයතන මගහැර වෙනත් ආයතනවලට ඉගෙනීමට යයි. එවිට ක්‍රමයෙන් නවක වාදය දෙන ආයතනවල ශ්‍රේණිය පහත වැටුණාම මේ නවකවදය වළක්වා ගැනීමට ඒ ආයතන බලධාරීන් කටයුතු කරයි. රජයෙන් කෝටි, ප්‍රකෝටි ගණනක් වැයකොට ඉගෙනීමේ දක්ෂයන් බිහිකොට නොමිලේ ඉගෙනගෙන රටට වැඩදායි ශ්‍රම හමුදාවක් බිහිකිරීමට යද්දී එය කඩාකප්පල් කරන්නවුන්ගෙන් එම මුදල විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව හෝ අය කරගත හැකිවන නීතිරීති සම්පාදනය කළ යුතුයි. එමෙන්ම ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය ඔවුන්ගේ විශ්ව විද්‍යාල වාර්තාවට ඇතුළු කළ යුතුයි.

:       86       265

ගාමිණී Thursday, 09 January 2020 06:17 PM

නවකවදය දීපු නැතිකර තිබූ ජපුරේ නවක වදය නැවත ඇතිකරපු එක්කෙනා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති කරගත්තාම කොහොමද ඔය කියන දේ නවත්තන්නේ.

:       34       75

de silva berlin Thursday, 09 January 2020 06:23 PM

ජනපතිතුමනි, කරුණාකර මේ විකාර නවක වදය ලංකාවේ විශ්ව විද්‍යාල තුලින් ඉවත් කර දෙන්න. මෙහෙම බහුභූත දියුණු රටවල නොමැත.

:       0       54

Deepal Edirisinghe Thursday, 09 January 2020 11:38 PM

නවක වදය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය. දෙවනුව සියලුම දේශපාලකයින්ට සියලුම විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපය ආයතන තහනම් කළ යුතුයි. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සියලුම ශිෂ්‍යයන් පිළිබදව දෙමාපියන් සොයා බැලිය යුතුය.

:       0       64

denin Thursday, 09 January 2020 11:58 PM

වසර නොවෙයි දසක ගණනාවක සිට කතාවට පමණක් සිමාවී ඇති අපේ දක්ෂ දු දරුවන්ගේ තරුණ කාලය විනාශ කරන මේ ප්‍රශ්නයට මේ පාර නම් ඔබතුමා විසදුමක් දෙවි කියන එකයි අපේ විශ්වාසය..

:       31       281

sigithi Friday, 10 January 2020 01:58 AM

ජනාධිපති තුමනි අපිට එම්.සී.සී ගිවිසුම නම් එපා. අපේ රටේ දුප්පත්කම තිබුනට අපි වංශවත් හා අභිමානවත් ජාතියක්. අපේ පෞඪත්වයත් කෙලෙසී යාවි මේ ගිවිසුම නිසා. මේ ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොදෙන්නඅපේ රට කුරිරු යුද්ධයෙන් මුදවා ගත් අපේ එඩිතර අප්පච්චි................................

:       102       43

Sugath prasanna Friday, 10 January 2020 02:05 AM

රුහුණේ වාගේ බය නැති උපකුලපතිවරුන් නිර්මාණය කරන්න. දැන් රුහුණේ ඔය මුකුත් නෑ. බය නැති අය පත් කරන්න.

:       9       71

sunil Friday, 10 January 2020 02:05 AM

නීතියේ ප්‍රකාර ඔය නවක වදකයින් දෙන්නෙක් විතර බරපතල වැඩ සහිතව වසර දෙකකට හිරේට යැව්වානම් ඕවා නිකම්ම නවතියි.

:       6       102

Chandra weerasinghe Friday, 10 January 2020 02:16 AM

මෙය සාහසික ලෙස ප්‍රබන්ධ කළ බොරුවකි. අපිද විශ්ව විද්‍යාල වල නවක වදයට පාත්‍ර වූවෝ වෙම්හ. නවක වදය පවතිනුයේ දවස් කීපයක් පමණි. නවක වදයට පාත්‍ර වූවන් දින කීපයක් ජ්‍යෙෂ්ට සිසුන්ගේ විහිළු වලට පාත්‍ර වූ පසු ජ්‍යෙෂ්ට සිසුන් සමග අත්වැල් බැඳගෙන යන සැටි අවශ්‍ය නම් ඔබලාට දැකිය හැකිය. විශ්ව විද්‍යාලයේ සිසුන්ට මෙය මිත්‍රත්වය ගොඩ නැගීමේ එක් විනෝදාත්මක පියවරක් පමණි.

:       840       31

sugathFriday, 10 January 2020 11:09 AM

එතකොට රුහුණු විශ්ව විද්‍යාලයේ බාල්දියේ තිබුණු ඒවා පාවිච්චි කරලා තිබුනෙත් විහිළුවටද? ඔබ වැනි අය වචනෙන් හෝ දක්වන අනුග්‍රහය නිසා තමයි ඔය වනචර නවකවදය තවමත් ලංකාවේ පවතින්නේ...

:       0       177

Chandima FonsekaFriday, 10 January 2020 02:46 PM

මේ නම් බොරු කතාවක්. විහිලුත් තියෙනවා තමයි. හැබැයි ඊට වඩා තියෙන්නේ තිරිසන් වැඩ. බිම බඩගාන්න කීම, දණහිස් වලින් උඩ පැන්නවීම, බිම වැලි දමා ඒ මත හිඳුවා තවකෙක් ලවා කරකැවීම හෙවත් තෙල් හිඳීම, වැසිකිලි පෝච්චි වලට මුහුණ පාත් කර ඩිප්ස් ගැස්සවීම, වැලමිට බිත්තියේ ඇනගෙන කරන්ට් වද්දාගැනීම, බොහෝ පිරිසක් කුඩා කාමරවලට ගාල් කර පැය ගණන් මෙකී නොයෙකුත් වද දීම, උදාහරණ ස්වල්පයක් පමණි.

:       26       80

GuneSaturday, 11 January 2020 03:42 AM

ඔබ පාත්‍ර වී ඇත්තේ නවක වදයට නොව ප්‍රධාන කෝකියාගේ ඇනුම් බැනුම් වලට විය හැක. කුස්සියේ වැඩ අතපසු කර සිසුන් දිහා ජනේලෙන් එබෙන්නට ගිහාම ඒ මිනිහ නොබැන ඉඳීය..

:       0       3

lankaSaturday, 11 January 2020 09:16 AM

තව කෙනෙක් සමග මිත්‍ර වීමට, එම තැනැත්තාව ප්‍රථමයෙන් හිංසනයකට භාජනය කළ යුතුමද? ඔබ වැනි ගල් යුගයේ අදහස් වලින් පිරි අය නිසා තමයි ලංකාවේ මේ පාදඩ සංස්කෘතිය තවමත් රදා පවතින්නේ.

:       0       2

Ranasighe Friday, 10 January 2020 03:38 AM

එපමණක් නොවේ පිටරට ක්‍රමයටම තනතුරු කොන්ත්‍රාත් ක්‍රමයට ඇති කරානම් රටට හුගක් වැඩ වෙනවා. අපේ විශ්ව විද්‍යාල දැන් තියෙන්නෙ ශ්‍රේණිගත කිරීම අනුව හුගක් පහළ..........

:       1       41

jayath Friday, 10 January 2020 04:01 AM

ඒ විතරක් නෙමේ ජනපතිතුමනි, සරසවියට ගිහිල්ලා ඒක අතරමගදී දමලා යන , පුද්ගලික සරසවි තෝරාගන්න ගණන ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඔබතුමාට විතරයි පුළුවන් මේ මන්ද මානසික ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න. ඒක මේ අලුත් අධ්‍යයනවාරයෙන්ම පටන්ගන්න ඔබතුමාට හැකිවේවා කියල පතනවා ! මහාචාර්ය සුජීව අමරසේනලා වගේ කොන්දක් තියන අන්තරේ "අයගෙන් " "ගේම" ඉල්ලන උපකුලපතිතුමන්ලා ඔබට උදව් කරාවි ! ජයවේවා !

:       100       209

amila Friday, 10 January 2020 04:07 AM

නවක වදේ දෙන අයට දැඩි දඬුවම් දිය යුතුයි.

:       5       67

අනුර Friday, 10 January 2020 05:19 AM

ඉතා හොඳ, කළ යුතුම වැඩක්. අපි විශ්වවිද්‍යාලයට ඇතුළුවුනේ 70 දශකයේ අග භාගයේදි. ඒ් කාලෙදිත් බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලයෙන් පිටවුනේ වයස 22- 23 දි. ඒ් අනුව මෙය කළ හැකි දෙයක්.

:       0       67

rana Friday, 10 January 2020 05:37 AM

ඔය ඊයේ පෙළපාලි අාපු 80% වත් දේශනා වලට එන් නැති ඈයොන්ට ඔය බව කියන්න.

:       34       64

Anuradha. Friday, 10 January 2020 06:31 AM

අතිගරු ජනාධිපතිතුමනි, අපේ රටට අතිමහත් ව්‍යසනයක්, අතිමහත් විනාශයක් හා විශාල පිළිලයක් වෙලා තියෙන විශ්ව විද්‍යාල,උසස් අධ්‍යාපන ආයතන පමණක් නොවෙයි රටේ බොහෝ තැන්වල ජඩ, මන්ද බුද්ධිකයින් පිරිසක් විසින් මෙහෙයවන හා කරන නවකවදය කියන මේ අධම ක්‍රියාව කවදා නතරවේදෝයි අපේ රටේ බහුතර ජනතාවක් සිතමින් සිටින වෙලාවක එය සහමුලින්ම නතර කිරීමට ඔබතුමා ගත් මේ සෘජු ක්‍රියා මාර්ගය අති විශිෂ්ටයි.

:       107       331

sunil perera Friday, 10 January 2020 06:45 AM

මේ නවක වදය කියන්නේ සිංහල බොදු රටේ තරුණයන්ගේ පිරිහීම රටටම හුවා දැක්වීමක්. අනෙක් ආගම් අදහන දියුණු රටවල් වල උසස් ඉගෙනීම් ලබන තැන් හරිම වෙනස් . කෙසේ වෙතත් ලෝකේ අනෙක් විශ්ව විද්‍යාල හා සසදනවිට අපි ඉන්නේ සිය ගණනක් පිටුපසින්. අපේ විනය ඉතාම පහත මට්ටමක තිබෙන මේ අවධිය සෝචනීයයි. මේ දේශපාලන සමාගම්, සමිති, ශිෂ්‍ය සංගම් සියල්ල අහෝසිකර ඉගෙනුමට තැන දී, නවකයන්ගේ ආරක්ෂාවට හමුදා භටයන් හෝ පොලිසියේ සහය ඒ කාලයටවත් ලබා දෙනවානම් ඉතාම ඵලදායකයි. නවක වදය දී අසුඋන විට වහාම නෙරපා දමා ඒ වෙනුවට ලකුණු අඩු අය වහා ඇතුල් කිරීම යහපත්.

:       5       267

චන්න Friday, 10 January 2020 06:47 AM

ලංකාවේ ඉහල පෞද්ගලික පාසලකට ගිය දරුවකු 2018 උසස් පෙළ විභාගයෙන් සමත්ව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරුනත් නවක වදය නිසා ඔහු ගියේ නැත. දක්ෂ දරුවෙකුට විශ්ව විද්‍යාල යාමේ අයිතිය අහිමි වුනා.

:       4       515

පරාක්‍රම Sunday, 12 January 2020 05:20 AM

ඔය නවක වදය ගැන ගොඩාක් පුරසාරම් දොඩන ඈයෝ ඒ පිළිබඳව යතාර්ථය නොදනී. මම මගේ අත්දැකීමෙන් මේ අදහස ගෙනහැර පාමී. මම විශ්වවිද්‍යාලයට යෑමට පෙර නවක වදය පිළිබඳ බියකින් පසු උනෙමි. විශ්වවිද්‍යාලයට යෑමෙන් පසු මුල් සතිය සාමන්‍ය ලෙස ගත උනි. පසුව අප හට නවක අනුරූපීතාවයට ලක් වීමට හෝ නොවීමට තෝරා ගැනීම් දෙකක් තිබිනි. කවුරුන් හෝ අකමැති නම් නවක අනුරූපීතාවයට ඔහුට ඇන්ටි රැග් විය හැකිය. මම නවක අනුරූපිතාවට ලක් උනෙමි. ඒ කාලය තුල අපගේ ආකල්ප අදහස් සමාජ ආර්ථික මට්ටම් තේරුම් කරගන විශ්වවිද්‍යාලය පිළිබද අවබෝධයක් අන්‍යොන්‍ය සුහදත්වය වර්ධනය කරන ලදී. ජේෂ්ඨ ශිෂ්‍යයන් සැර උන අවස්ථාද නැතුවා නොවේ. එම නවක අනුරූපීතාවයෙන් පසු ජේෂ්ඨ ශිෂ්‍යයන් අඹ යහලුවන් විය. අපගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය සහය,නොදන්නා දෑ,මිත්‍රත්වය වර්දනය කරවීය. විශ්වවිද්‍යාලය කියන්නේ පොතේ අධ්‍යාපනේ පමණක් නොව සමාජ,දේශපාලන ,ආර්ථික සංස්කෘතික පෝෂණය ලැබිය යුතු තැනක්. විශ්වවිද්‍යාලය පද්ධතිය රදා පැවැත්වීමට නවක අනුරූපීතාවය අවශ්‍යයයි යන්න මගේ මතයයි.

:       423       0

ravi Friday, 10 January 2020 06:54 AM

කවුද ගණන් කළ ? කමල්ද, විමල්ද?

:       117       14

RaveendraFriday, 10 January 2020 08:08 AM

කවුරු ගණන් කළත් සහ ප්‍රමාණය 2000 ක් හෝ එක සිසුවෙක් උනත් එයට විරුද්ධව නැගී සිටිය යුතුයි යන්න අපගේ හැගීමයි. මොකද මේ " මෝඩ වාදය " ලබාදීමට මුලිකත්ව ගන්න අන්තරේ ඉන්න මෝඩ නුගත් අන්දරේලා නිසා අපගේම අනාගත පරපුර විනාශ වෙනවා දැකීමට හා අපගේම බදු මුදල් නැති නාස්ති කරන මෙම මෘගයන් අදාළ සරසවි වලින් පන්නා දැමීම සෑම රජයක්ම කළ යුතුව තිබුනත් මෙතෙක් ඒ සදහා නිසි ක්‍රියා මාර්ගයක් නොගැනීම රටේ අනාගත පරපුරව හොදක් නරකක්ද සිදුවී ඇත්තේ යන්න ඔබට මෙන් අර " අන්තරේ ඉන්න බුරුවන්ට " නොතේරෙන්නේ මන්ද ?? අප තරයේ විස්වාස කරනවා මෝඩ වාදය සදහා ක්‍රියා කරන ඒ මෝඩ මෘගයන් හට දැඩි දඩුවම් ලබා දී ශිෂ්‍යභාවය නැතිකොට කිසිදු රැකියාවක් නොලබා ජිවිත කාලයටම දියව් දියව් කියමින් කෑමොර දීමට ක්‍රියා කිරීමෙන් මේවා සදහටම නැවැත්විය හැකි බවටය.

:       5       244

Dharshana Friday, 10 January 2020 07:35 AM

නියමයි. නියමයි. මගේ සහෝදරයාට 2001 වසරේ සරසවි වරම් ලැබිලත් නවක වදය නිසා ඒක අත හරින්න උනා. නැවතත් එවැනි අසාධාරණයක් කිසි කෙනෙකුට වෙන්න දෙන්න එපා. නවක වද වදකයින්ට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න.

:       2       174

සේනක~ඉතාලිය Friday, 10 January 2020 08:04 AM

ජනාධිපතිතුමණි, මේවට සම්පුර්ණයෙන්ම වග කිවයුත්තේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යය බල මණ්ඩලයයි. කරන්න තියෙන එකම දේ මේ කාළකණ්ණී මනසික ලෙඩ්ඩුන්ගෙ සංවිධානය සියලුම විශ්වවිද්‍යාලයන්ගෙන් තහනම් කරලා දාන්න ඕනි. එහෙම නැත්නම් එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්නකොට කළා වගේ එකා උස්සගෙන ගිහිල්ලා අතුරුදන් කරන්න ඕනි.

:       73       305

chamindaFriday, 10 January 2020 11:01 AM

ජවිපෙ මොන තරම් ඡන්ද රැස්වීම් පැවැත්වුවත් ඔය වගේ වැඩ නිසා තමයි ජවිපෙට කිසි දිනක මිනිසුන් ඡන්දය දෙන්නේ නැත්තේ.

:       0       82

RaveendraFriday, 10 January 2020 02:18 PM

සහතික ඇත්ත.. රතුහැට්ටකාරයන් වස්ත්‍රය උඩදාගෙන කොච්චර කෑමොරදුන්නත් රටේ පුරවැසියන් හොඳින්ම දන්නවා "අන්තරේ ඉන්න මූසල, නූගත් බූරු අන්දරේලාව නටවන්නේ " මේ ගොන් තකතීරු රතුහැට්ටකාරයින් කියලා. ඒ නිසානේ මේ සැරෙත් " 300% " ඉහලින්ම ප්‍රතිඵල ලැබුනේ. අපේ රටේ අනාගත පරපුර විනාශකිරීමට මූලිකව කටයුතු කරන මේ මූසල රතුහැට්ටකාරයින් දැන්වත් තේරුම් ගතයුතුයි. තමන් බලය ලබාගන්න මේ කරන ක්‍රියාවලිය වැරදි බවට... කොහෙද ඉතින් එ් ටිකවත් තේරුම් ගන්න තරම් මොලේ කළඳක් නැති මීහරකුන් ටිකක්නේ. හැම රෙද්දටම දියව් දියව්..!!! මේ අය ගෙවල්වලත් ජීවත්වෙන්නේ දියව් දියව් කියාගත්ත ගමන්ම වෙන්න ඇති...

:       0       53

Nirmala Friday, 10 January 2020 09:30 AM

නගුටට ඕන විදියට බල්ලා නටවපු විශ්ව විද්‍යාල ක්‍රයට තිත තියමු. ඔබතුමා හැර වෙනත් කිසිදු කොන්ද පන තියෙන පාලකයෙක් නෑ මේ ප්‍රශ්නේ විසඳන්න. කරුණාකරලා මේ වදකයන්ගෙන් අපේ දරුවන්ගේ ජීවිත හා අධ්‍යාපනය ආරක්ෂා කරලා දෙන්න. ඔබතුමාට පින්.

:       23       232

nimal Friday, 10 January 2020 10:39 AM

මගේ මල්ලිත් නවකවදය නිසා විශ්ව විද්‍යාලයට ගියේ නැහැ.

:       0       52

Bishan Friday, 10 January 2020 10:40 AM

එහෙනම් ඔයා මොන හරි කරන්නකෝ..........

:       50       0

bamunuarachchi Friday, 10 January 2020 11:15 AM

මේ 2000 ගැන හිතා නවක වධකයින්ට සුදු වෑන් ට්‍රිප් එකක් දෙන්න. ඉබේම නවක වදය නවතීවි...

:       106       79

nimalFriday, 10 January 2020 12:52 PM

bamunuarachchi, ඔය සුදු වෑන් එක ඔබ සොයා එනකම් එහි සුදුපාට ඔබට නොපෙනේ...

:       1       10

BamunuarachchiFriday, 10 January 2020 02:56 PM

ඒ කියන්නේ ඔබ නවක වදයට කැමතියි කියලද? මගේ යෝජනාවටත් ඔයතරම් බය නම් එක්කෙනෙකුට ට්‍රිප් එකක් දුන්නොත් මෙතෙක් කල් නවකවදය නිසා අධ්‍යාපනය, ජීවිත නැතිකරගෙන අබ්බගාත වුණු සිසු දරුවන්ට සහනයක්...

:       1       2

nimalMonday, 13 January 2020 06:15 AM

බමුණුආරච්චි, අවිනීතියෙන් නීතිය රකින්න බැහැ.

:       0       0

sampath Tuesday, 14 January 2020 11:21 AM

මාසතුනක් පරණ ළමයින්ට සරසවි වහලා අලුත් ළමයින්ට සරසවි පටන් ගන්න. මේක අවුරුදු දෙකක් කළොත් ප්‍රශ්නේ අවසන් අාසන්නම අවුරුද්දේ ළමයි තමයි අලුත් කණ්ඩායමට රැග් කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1682 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1896 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1337 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 279 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 758 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 558 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site