ශ්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ ජාතික කෙටි දුර පිහිනුම් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවිකා හමුදා පිහිනුම් පිල සමත් විය. මෙම තරගාවලිය තෙදිනක් මහනුවර හිල්වුඞ් විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්විණි.
මෙහිදී නාවික හමුදා පිහිනුම් පිල නව ජාතික වාර්තා 10 ක් පිහිටුවීමට සමත් විය. මෙහිදී හේෂාන් උනම්බුව විශිෂ්ට දස්කම් දක්වමින් නව තරග වාර්තා පහක් සහ නාවික හමුදා පිරිමි සහාය පිහිනුම් පිල නව වාර්තා පහක් පිහිටුවීය.
නාවික හමුදා පිහිනුම් පිලේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු පිහිනුම් ශූරයකු වන ජූලියන් බෝලින් කටයුතු කරයි.
නාවික හමුදා පිහිනුම් සංචිතයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී රියර් අද්මිරාල් ඞී. එස්. උඩවත්ත සහ එහි සභාපති කපිතාන් එච්. ජේ. ඒ. ගමගේ යන මහත්වරු මෙම ජයග‍්‍රහණ සඳහා කැපවී කටයුතු කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd