විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වන තරගවල ලකුණු සටහන් කිරීම සදහා එහි ගිය ලකුණු සටහන් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සූදානම් කර නොතිබීමෙන් ඔවුන් ඊයේ (20 වැනිදා) දැඩි අපහසුතාවට පත්වූ බව වාර්තාවේ. කොළඹින් ඊයේ (20) පෙරවරුවේ පිටත් වූ ලකුණු සටහන්කරන නිලධාරීන් පස් දෙනාට රාත‍්‍රි 10.00 වන විටත් නවාතැන් පහසුකම් ලැබී නොතිබූ බව වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් නවාතැන් පහසුකම් බාරව කටයුතු කළ නිලධාරිනියට දන්වා ඇතත්, තමන් ලකුණු සටහන්කරුවන්ගේ නවාතැන් පිළිබදව නොදන්නා බව ඇය පවසා ඇති බව ද වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා මැදිහත් වීමෙන් පසුව නවාතැන් පහසුකම් සැලසීමට කටයුතු කළ බව ද වාර්තා වේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු සටහන් කරන අයගේ හෝටල් ගාස්තුව පිල්ලි ගිහිං වගේ..!(නු)
තව ටිකදවසකින් ක්‍රීඩකයන්ගේ විනිසුරුවන්ගේ ලකුණු සටහන්කරන්නන්ගේ නවාතැන් පහසුකම් අයි සී සී එකෙන්ම සූදානම් කරයි.. වැටුප් ගෙවනවා වගේ.!(නු)
කොහේද තැන (ස)
මොනවා කරන්න ගියත් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇන ගන්නවා..(ස)
මෙයාලට මේ ලෝකේ දෙයක් හරියට කරගන්න බැහැනේ. (නි)
හැබැයි මේ සදහා සල්ලි දැනටමත් අයකරගෙන අදාල අය බැංකුවලටත් දාගෙන ඇති..!(නු)
නවාතැන් භාර නිලධාරියා දන්නේ නැතිනම් අපි මොනවා කරන්නද?(නු)