එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එම සංවිධානයේ සාම සාධක හමුදා උපදේශක මණ්ඩලයට පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ මතු කරන සැක සංකා අසාධාරණ හා අචාර සම්පන්න නොවන බවට එහි ශ්‍රී ලංකා දූත මණ්ඩලය කියයි. කොටි සංවිධානය සමග 2009 දී පැවැති අවසන් සටනේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි බල සේනාවට අණදුන් ශවේන්ද්‍ර සිල්වාට එවැනි තනතුරක් දීම ගැන තම බිය හා සැකය නවීන් පිල්ලේ විසින් මහාලේකම් බෑන් කී මුන්හට දන්වා ඇත. ස්ථිර නොවු චෝදනා හා අපවාද පදනම් කැරගෙන දැනට කැරෙන ප‍්‍රචාරය තේරුම් ගත නොහැකි යැයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එය අසාධාරණයි. ආචාරශීලි නොවෙයි. සැබැවින්ම එය සාධාරණත්වයේ ගුණාංගවලට නොගැලපේ යැයි ද එම නිවේදනය පෙන්වා දෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd