නුවරඑළියේ වසන්ත උත්සවය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් පිරිසක් එස් එම් එස් කෙටි පණිවුඩ මගින් ගත් ගන්නා උත්සාහයට නොරැවටෙන ලෙස නුවරඑළිය මහ දිසාපති ද, නගර ප්‍රධානීහු ද මහජනයාගෙන් ඉල්ලා සිටී.
සැනකෙළි සමයේ නුවරඑළියට නොයන ලෙස එස් එම් එස් කෙටි පණිවුඩ මගින් මුස්ලිම් ජනයාට දන්වා ඇතැයි දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා ද, පුරපති මහින්ද දොඩම්පේගම මහතා ද, නියෝජ්‍ය පොලිස්පති ආනන් විජේසූරිය මහතා ද පැවසූහ.
මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පැවසූ දිසාපති එම පණිවුඩ නොතකා නුවරඑළි එන ලෙස මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නුවරඑළියට එන හැමගේ ආරක්ෂාව තර කිරීමට ත්‍රවිධ හමුදාව හා පොලීසිය ක්‍රියා කරන බවත් නුවර එළියේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී දිසාපති, පුරපති හා නියෝජ්‍ය පොලිස්පති කීහ.
නුවරඑළිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මොරපේ කුසලඤාණ හිමියන් කතා කරමින් එහිදී පැවසුවේ නුවරඑළිය සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනකුම සහජීවනයෙන් ජීවත් වන බවයි. එස්එම්එස් ක්‍රියාව කඩාකප්පල්කාරී වැඩක් බව කී ඒ හිමියෝ නුවරඑලියට එන මුස්ලිම්වරුනට කිසිම හිරිහැරයක් නොවනු ඇතැයි ද කීහ.
නුවරඑළිය ජුම්මා පල්ලියේ දායක සභාවේ සභාපති හා නාගරික මන්ත්‍රී මොහොමඩ් ෆලීල් මහතා ද කුසලඤාණ හිමියන්ගේ කතාව අනුමත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චරිත් ඔයාගේ කතාව හරියටම හරි. අපිට වර්ගවාදය, ජාතිවාදය එපා. නමුත් ඉතිහාසයේ ඉදලම මෙහි උරුමකරුවන් සිංහලයි. එම අයිතිය අපට සැමදා තිබිය යුතුයි. අනෙක් දෙය මෙහි ශීලා යන නමින් අදහස් පළකර ඇති මහත්මියනි, කරුණාකර ඔබතුමිය නිවැරදිව ඉතිහාසය කියවන්න. (නි)
කට්ටිය ඇමරිකාවට ගියා ද එහෙනම් රට දෙල් තමා ආගම් ටික සුන් තියෙන දේත් ඉවරයි.(නදී)
ඔන්න අයෙත් ලෙඩක් (නදී)
කුරුවිට මේ බාලසුබ්‍රමනියම් වගේ සහෝදරයන් ගැන මහා වංශයේ ලියවිලා තියෙනවා ඒ නිසායි ඒ අය මහාවන්සෙන් කථාකරන්නේ. ඒකෙත් වරදක් නෑ (අ)
කුරුවීට ගේ කටේ සීනි දාන්ට ඕන .ඔයා වගේ අය තමා රටට ඕන (අ)
වැලිමඩ සිංහල දැරියක්ව මුස්ලිම් කෙනෙක් දූෂණය කරලලු නේද? කොමෙන්ට්ස් දාන සර්වාගමිකයෝ ඒ ගැන මොකද කියන්නේ? බොදු බල සේනාවට බැනල වැඩක් නැහැ. බොදු බල සේනාව නිසා කූරගල බෞද්ධයන්ට හිමි උනා... මුහුදු මහා විහාරය ආරක්ෂා උනා.. නිකන් මෝඩයෝ වගේ කතා කරන්න එපා. (අ)
රුසියාවේ සහ ඕස්ට්‍රෙලියාවේ ආණ්ඩු විසින් සුළු ජාතින් ගැන කියා ඇති ප්‍රකාශ ලංකාවෙත් එසේම විය විය යුතුයි. එවිට මෙම ගැටළු කිසිවක් ඇති නොවේවි.(නදී)
බොදුබල සේනාව මුලිම් විරෝදී වැඩ ප්‍රසිදියේ කරනවා මුලිම් වරු සිංහල විරෝදී වැඩ පල්ලියට වෙලා යටිකුට්ටු ආකාරයට කරනවා එම නිසා බොදුබල සේනාවට විතරක් බැනල වැඩක් නැහැ හරියට මුස්ලිම් කට්ටිය බබල වගේනේ කතාව (අ)
මේවා මාතර ඉන්න එක්කෙනාගේ මාධ්‍ය ඒකකයේ වැඩ (ස)
ෆැෂන් බග් ආයතනයට පහර දුන්නේ ආරක්‍ෂක නිලධාරීන් බලා සිටියදීයි. නුවරට එන මුස්ලිම් මිනිසුන්ට ආරක්‍ෂක අංශය ආරක්ෂාව සළසාවි යැයි අපට විශ්වාස කල නොහැක.(නදී)
සමහරු රට විනශ කරනවා. (නි)
අපිට දැන් සර්ව ආගම ගැන කථා කරන්න පුලුවන් . එහෙම කථා කරලා තමන් හරි හොද කෙනෙක් කියලා හිතයි. ඒත් ඒ අය දන්නවද දන්නේ නැහැ ඔය ඇෆ්ගනිස්තාන් මැද පෙරදිග රටවල් ගොඩක් කලින් බෞද්ධ රටවල්. ඒත් අද ඒ රට වල සර්ව ආගම් ගැන කථා කළොත් වෙන්නේ බෙල්ල කපාගන්න හරි නැත්තම් ප්‍රසිද්ධ ස්ථානයක එල්ලිලා මැරෙන්න හරි තමයි. (නි)
ගල්ගහද්දී බලාගෙන ඉන්න ආරක්ෂක අංශ නුවර එළියේදී විශ්වාස කරන්නේ කොහොමද ? (ස)
මම එකක් කියන්නම්. මම නියමම සිංහල බෞද්ධයෙක්. හැබැයි 83 වගේ දෙමල,මුස්ලිම් මිනිස්සුන්ට ජාතිවාදී අරමුණින් අත තියන්න හදන්න එපා. මේ ලංකාවේ නැවත ජාතිවාදී පහරදීමකට ඉඩ දෙන්නෙම නෑ...නෑ....නෑ...නෑමයි. ෆර්සාන්,ඉම්රාන්,අබ්දුල්,සෙන්තිල්,රිස්වාන්,තුවාන්,මොහොමඩ්,සමුසුදීන් ලංකාවේ පොඩි පිරිසක් විතරයි ජාතිවාදී... (නි)
මුස්ලිම් ජනයා කවදාවත් රට ඉල්ලුවෙ නැහැ. අපිට එපා. අපිට අවශ්‍ය සාමය. (නි)
ටිරාන්, ඉස්සර ඉදන්ම කෑවේ හලාල්ද? 2005ට කලින් ඉදන්ම? මමත් මුස්ලිම් තමයි. ඒත් හලාල් නෙමෙයි. අපි සිංහල මුස්ලිම්. ඒක මතක තියාගන්න. (නි)
බාලසුභ්‍රමනියම් මම අහල තියෙනවා දකුනු ඉන්දියාවේ ඉදන් ඉස්සර ලංකාවේ තේ පදුරු යට උම්බලකඩ හොයන්න කටිටිය එනවා කියලා. ඒ මිනිස්සු මෙහෙ නැවතිලා දැන් මහවන්සෙන් කතාකරනවා.(නදී)
සමහරක් මුස්ලිම්වරු ඉන්නවා හොඳ අය. වැඩිපුරම ඉන්නෙ අන්තවාදීන්. බලන්න මියන්මාරය තායිලන්තය කොච්චර ලස්සන සාමයෙන් තිබිච්ච රටවල්ද? අපි පසුගිය දවස් වල දැක්කනෙ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, ඉරානය, ඉන්දුනීසියාව, මාලදිවයි ඉස්සර බෞද්ධ රටවල්. ඒ රටවල සුලුජාතීන්ට සලකන විදිය කවුරුත් දන්නවනෙ. (නි)
මුස්ලිම් පල්ලිවල හවසට හවසට කට්ටිය එකතුවෙලා භාවනා කරනවා ඇති නේ ... අනේ තමන්ගෙ මිනිස්සුම කොයිතරම් මරාගන්න ගමන් සර්වාගමික සහයෝගයක් ගැන කතා කරනවා. හරිම විහිළුවක් නොවෙයිද? (නි)
තිසල්, ඔබ ගැන අපට ආඩම්බරයි. අපි ඉපදුනෙත් ලංකාවේ. මැරෙන්නෙත් ලංකාවේ. අපි ඔක්කොම සහෝදරයෝ. (නි)
මේකක සිසිංහල බෞද්ධ රටක්. මේ රටට වැඩි අයිතියක් තියෙන්නේ සිංහල බෞද්ධයන්ට හැර වෙන කාටවත් නොවේ. මේ වේලාවේදී අපි ඔක්කොම එකතු විය යුතුයි. (ස)
සිංහල මිනිස්සුන්ට හලාල් අවශ්‍ය නැහැෙන්. එවා බලෙන් කවන්න හදන්නෙ ඇයි? අපි සියල්ලන්ම ලාංකිකයන් බව සිංහලයන් සිතුවත් අනෙක් ජාතින් එහෙම නොසිතන බවයි මේ අදහස් වලින් පෙනෙන්නේ. (ස)
ශ්රී ලංකාවේ පැවැති කුරීරු යුධ සමයේ පවා නුවරඑළිය වසන්ත සමය සෑම වසරකම සාර්ථක විනි. මේ වසරේ එනම් 2013 වසරේ ප්‍රථම වරට එය අසාර්ථක වේ. එයට ප්‍රධානතම හේතුව රට තුළ තිබුනු අවිනිශ්චිත්‍භාවයයි. * තවත් වීශේෂ කරුණක් කියන්නම් (2013) නුවරඑළිය වසන්ත සමයට සෙනග නොමැතිවීම හා නොයෑමට හේතුව දන්නෝ දනිති. (නොදන්නෝ නොදනිති). (නි)
සිංහලයන් බහුතරය ජාතිවාදී නොවන නිසා සුළුතර අපිට බියක් නැත. (නි)
අපගේ මුතුන්මිතුවන් මේ රටට ආවේ පිරිමි අය විතරමයි. ගෑණු අය ආවේ නොමැත. කසාද බැන්දේ සිංහල ගෑණු අයව, ඒ කාලේ වෙලදාමට ආරාබියෙන් ආපු අපේ අය කෑම ගන්නා විට හලාල් ද නැද්ද කියලා චෙක් නොකරන්න ඇති. ඉතින් මේ රට තුල සමගිය නැතිවන දේවල් නොකල යුතුයි කියා සිතනවා. මෙතන දේෂපාලන පුශ්ණය තමා තියෙන්නේ, ඇත්තටම ලංකාවේ ඉන්න අය සිංහල මුස්ලිම්, අපිට අරාබි අය වාගේ දැනෙන්නේ නැහැනේ.. (ස)
අවසානයේ අපේ සියලු දෙනාට මෙම මෝඩකම්වලට එකට වන්දිගෙවීමට සිදුවනු ඇත. (ස)
මමත් මුස්ලිම්. අපි ඉපදුනෙත් ලංකාවේ මැරෙන්නෙත් ලංකාවේ. ජාතිවාදී ,ආගම්වාදී නොවී ඉන්න ටිකේ සතුටින් ඉන්න බලමු. සේනාවත් වැඩක් නැහැ උලමත් වැඩක් නැහැ. (ස)
මගේ අදහස මුස්ලිම් ජනතාව නොයා ඉන්න එක තමයි හොඳ. අනවශ්‍ය ප්‍රශ්නවලින් ගොඩක් දුරට බේරෙන්න පුළුවන්. අපි දන්නවා නුවර එළිය ගොඩක් ලස්සන සහ අපි ආශා කරන තැනක්. ගොඩක් දුකයි අපිට (ස)
මමත් චතුරඟට එකයි. මුස්ලිම් අය ගිය තැන ලෙඩක්. නුවර එලියට මුස්ලිම් කට්ටිය නොයන තරමට හොදයි. මොකද වසන්ත උදානයේ වැඩි හරියක් අපචාර කරන්නේ මේ අය තමයි.
ශාන් ගේ කතාව ඇත්ත. ගොඩක් හිංගල අපේ ඈයොන්ට අපේකම අහක් වෙලා. (නි)
මුස්ලිම් ජනයා ආවේ නැත්නම් මෙම උත්සවය අසාර්ථක වේ නම් , නුවරඑළියේ වසන්ත උත්සවය පවත් වන්නේ මුස්ලිම් කට්ටිය සඳහා පමණක්ද යන පැනයට බලධාරීන් හා සංවිධායක කමිටුව පිළිතුරු සැපයිය යතු වේ. හොටෙල් කාමර මිල ගණන් බැලුවම තේරනව ඕනෑම කෙනෙකුට එම මුදල සාමාන්‍ය සිංහල දෙමල මුස්ලිම් මුදලාලිලා නොවන අයට දරාගන්න බැරි බව. දැන් වහාම හෝටල් කාමරවල මිල ගණන් නවාතැක් පොලවල මිල ගණන් ප්‍රසිදියට පත් කරලා රූපවාහිනියෙන් හා ගුවන්විදුලියෙන් රටට කියන්න. වෙනදා ආවේ නැති නුවරඑළිය දැකල එහි සුන්දරත්වය විඳලා නැති මිනිස්සු එවි.(නදී)
අපට වගේම සංස්කෘතියක් දෙමල, වැදී, මුස්ලිම්, ක්‍රිස්තියානි වගේ සැම කෙනෙක්ටම තිබෙනවා. ඔය ශාන් වගේ ඉස්කෝලේ ගියේ නැති මිනිස්සු තමයි මේ රට හාන්න ලෑස්ති වෙන්නේ. හරි නම් මේවා කියන්න ඕනෑ දබානේ ඉන්න ආදී වැසියෝ. (නි)
හලාල් ආහාර මුස්ලිම් වන අපිට ලබාගැනීම අපහසු වෙන නිසා මේ සැරේ මුස්ලිම් වන අප එහි පැමිණීමට අඩු උනන්දුවක් දක්වන්නෙමු. පසු ගිය වසර වල එම ගැටලුව නොමැති නිසා අප නිදහසේ අපේ ආහාර වර්ග තොර ගත්තෙමු. (නි)
මේ බලසේනාව හිතන්නේ මේ රට එයාලගේ විතරක් කියලද (ස)
හැම එකක්ම බලසේනාව පිටින් දාන්න එපා. බුද්ධිමත්ව බලන්න උත්සහ කරන්න. (ස)
මට හිතන විදියට මේක පිටිපස්සේ ඉන්නේ කිසිම ලාංකික බල සේනාවක් නොවෙයි. ලංකාව අවුල් කරන්න හදන පිරිසක්. (නි)
වහාම මේකට පියවරක් ගන්න. (නි)
යම් රටක සංස්කෘතිය ගොඩ නැගුවෝ එම රටේ අයිතිකරුවන් වේ. මේ රටේ මුල් බැස ගත් වාරි සංස්කෘතිය සිංහල බෞද්ධයා විසින් ඇති කරන ලද එකකි. මේ රටේ හැම බිම් අඟලකම ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. (නි)
ගරිල්ලා මාර්කටින්... (නි)
අවස්ථාවාදී කුමන්ත්‍රණකාරයින් මේ රට වනසන්න හදනවා. බල සේනවා හැම දෙයටම අල්ලගන්න එපා. (නි)
මොනවත් නෙමෙයි, මේ කට්ටියට ඕනෑ තව යුද්ධයක්...කියලා වැඩක් නැහැ (නි)
අර කට්ටිය එහෙත් ගිහින්ද? (නි)
නුවරඑළියේ පල්ලියේ ඉමාම්තුමනි, ඔබ බයවෙන්න එපා. අපි එනවා කොළඹ ඉඳලා ඔබේ ආරක්ෂාවට. (නි)
ශාන් මහත්තයෝ, අපිත් ආවේ බෝට්ටු වල එල්ලිලා. මේ රටේ හරි උරුමක්කාරයෝ ඉන්නේ දඹානේ. නිකන් වර්ගවාදී කතා නොකියා ඉන්න. (නි)
අර විදෙස් මාධ්‍යය කහ ත්‍රස්තවාදේ කියලා සදහන් කරපු අයත් ගිහින්ද? (නි)
ශාන්, ඉතිහාසේ කියවලා බලන්න. (නි)
කඩාකප්පල්කාරයෝ, සුළුතර වර්ගවාදියෝ, ආගම්වාදියෝ කියලා අපි අත පිහදාගනිමු. (නි)
කුවේණි හිටියා නම් ශාන් වගේ අයට උත්තර දෙයි ඇදුමේ මළපහ වෙන්න. (නි)
ශාන් හරි. රටකට, ජාතියකට අනන්‍යතාවයක් තියෙන්න ඕන. මේක සිංහල, බෞද්ධ රටක්. ඒක කෙලින් කියන්න කොන්දක් තිබුනේ ශාන්ට විතරයි. වදපු අම්ම ගැනයි , උපන් රට ගැනයි කියන්න බය ඇයි.(නදී)
මෙවන් ප්‍රයෝජනයක් නැති අඥාන වැඩ අපේ එදිනෙදා ජන ජීවිතයටත් බලපානවා. (නි)
ශාන්, සම්පත් වගේ මිනිස්සු හින්දා අවුරුදු 30 ම අපි දුක් වින්දා. ආයේ නම් එහෙම වෙන්ඩ දෙන්ඩ බැහැ. බලමුකෝ ඔය අයිතිවාසිකම් කියන අය ඉස්සහරට එන හැටි.(නදී)
ආදරණීය ශාන් සහ සමිපත් වෙත. මේ දවස්වල බල ෙස්නාව ඇමරිකාවට වැඩියා. අපි හිතන්නේ රටේ අනන්‍යතාවය ගැන ඇමරිකානුවන් සමග කථාකරන්න වෙන්න ඇති.(නදී)
රීටා ඔයා මාර කථාවක් කියලා තියෙන්නේ.(නදී)
ටිරාන්, මුස්ලිම් මින්සුන් ගැන ගොඩාක් දේවල් බලසේනාව නිසා සිංහල මිනිස්සු දැනගත්තා. (නි)
රටම අවුස්සලා ෆැෂන් බග් ප්‍රහාරයෙන් පාඩමක් ඉගෙන ගත්තා මදිද? අදහස් දක්වන අය කට පරිස්සම් කර ගන්න. (නි)
දැන්වත් අදහස් දක්වන අය පාඩමක් ඉගෙනගන්න. වචන තිබෙන පලියට අදහස් දාලා කට වරද්දාගන්න එපා. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! මේ ප්‍රතිචාර වලටත් ගහගන්නවානේ.... මේ කට්ටිය කවදාවත් හැදෙන්නේ නැහැ. (නි)
ඉම්රාන්, අහමඩ් ඔබ දෙදෙනා හරි, අපේ මිනිස්සුන්ට මේ පාඩම මදි වගේ. (නි)
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියන කතාව ඇත්ත තමයි නේද? (නි)
නුවර එළියේ සියලු ජාතීන් එකමුතුවෙන් ජීවත් වෙනවා. මෙහෙ අදහස් දක්වන අය අතර තමා එකමුතුවක් නැත්තේ. (නි)
මුස්ලිම් මිනිස්සුන්ගේ දියුණුව ඉවසා ගන්න බැරුව තමයි සමහරු කෑගහන්නේ. (නි)