(ලහිරු හර්ෂණ සහ මනෝප්‍රිය ගුණසේකර )
ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ මේ වන විට පෙනී සිටින එම ආයතනයහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට සිය ප්‍රකාශ ලබා දෙමින් සිටී.
මෙම ආයතනයන්හි සිදු බව කියන විවිධ අක්‍රමිකතා දුෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් විවිධ ප්‍රකාශ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබු අතර ඒ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය දැනගැනීම සඳහා කොමිසම මගින් ඔවුන් කැඳවා තිබේ.
උදෑසන 8.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ සාක්කි ලබා දීම සඳහා පැමිණ ඇති අතර මේ වන විටත් ඔවුන්ගෙන් සාක්කි සටහන් කරගනිමින් පවතී.
2006 ජනවාරී මස පළමුවැනිදාත් 2008 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත් කරන ලදී.



(ඡායාරූප - ලහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිශාන්ත වික්‍රමසිංහ - කපිල චන්ද්‍රසේන ජනාධිපති කොමිසම හමුවේ
sam Thursday, 23 August 2018 07:23 AM
ඕ ලෙවල් වත් හරියකට නැති සභාපතිතුමා මේ තරමට කලා මදිද ??
Chandima Thursday, 23 August 2018 07:24 AM
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමාගේ ගමන අතරමග කඩා කප්පල් කර ගන්න එක ප්‍රධාන හේතුවක් වුනේ මෙන්න මේ වගේ අදාල බාරධුර රාජකාරියට කොහෙත්ම නොගැලපෙන කිසිම අදාල කුසලතාවයක් නැති තමන්ගේ නෑ හිතවතුන් පත් කරපු නිසයි.
de silva berlin Thursday, 23 August 2018 07:33 AM
කරුණාකර මොහුව අත්අඩංගුවට ගන්න නැත්නම් මොහුත් කොමිසමේ වාර්තා එනකොට මහේන්ද්‍රන් වගේ රට පනිවි .
Ranjan Thursday, 23 August 2018 09:05 AM
මේ අයට දඩුවම් ලැබේවිද නැතිනම 2020 වෙන ආණ්ඩුවක් එනතුරු මේවා දිගට ගෙනයාවිද.?
Kumar (gulf) Thursday, 23 August 2018 09:30 AM
කෝ අර වාස් මල්ලි ඇවිල්ලා නැද්ද? ඒ තමා මහම මාෆියා රජා.
Hafeel Thursday, 23 August 2018 10:21 AM
මේ කොමිසම පත්කරන්නම අවුරුදු තුනහමාර ගත වුනා නං, මේකේ තේරුම 2020 වෙනකං අදිනඑක තමයි.
bandula Thursday, 23 August 2018 11:02 AM
මෙයට හොඳට ඉංග්‍රීසි කතාකරන පුළුවන් කම තමා එකම සුදුසුකම
de silva Thursday, 23 August 2018 03:37 PM
ඕක තව අව්රුද්දක් විතර ඇදගෙන ගිහින් තව කෝටි 4-5 විතර කාබාසිනියා කරලා දමල අන්තිමට කියාවි මොහුට දඩුවම් දෙන්න කොමිසමට බලයක් නැහැ කියල , එතකොට මේක අධිකරණයට දැම්මහම සැකකරු රටපනිවී , සැකකරුට අවරුදු 3-4 තිබෙනවා දේපල විකුණලා හරි පවරලා හරි එකලාසයක් කරලා , සල්ලිත් රට පටවල කිසිම කරදරයක් නැතුව පිට රට ගිහින් සේටල් වෙන්න , මේවා අපිව මුලාකරන්න කරන නාඩගම් ,