IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නිශ්ශංක සේනාධිපති මහාධිකරණයට රැගෙන එයි

නිමන්ති රණසිංහ

අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඩ් මැරිටයිම් ආයතනයේ සභාපති යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අද (17) මහාධිකරණයට රැගෙන එනු ලැබීය.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගැණිනි.

 

 



අදහස් (23)

නිශ්ශංක සේනාධිපති මහාධිකරණයට රැගෙන එයි

Rasika Pradeep Thursday, 17 October 2019 09:00 AM

මේවා දේශපාලන වාසි බලාගෙන දාපු නඩු කියන එක දැන් හොඳටම පැහැදිලියි. ආර්ථික දැක්මක් නැති දේශපාලන බලවාදයම මූලික කරගත්ත කුහක දේශපාලනයක ඉත්තන් වෙන්න මේ මිනිස්සුන්ට සිද්ධ වෙලා. රටක විදේශවිනිමය ඉපැයීමට හැකි දේශීය ආයෝජන අවස්ථාවන් දියුණු කිරීම වෙනුවට මේ වගේ දේශපාලනික අරමුණු වෙනුවෙන් පාවාදීම කුමන දේශපාලනික කොනකින්වත් සාධාරනීකරණය කළ නොහැක්කක්...

:       4349       4437

mahiThursday, 17 October 2019 09:25 AM

ඔව් නෙහ්

:       52       135

MaheeThursday, 17 October 2019 10:13 AM

පාට කණ්ණාඩිය ගැලෙව්වොත් ඔබට පෙනෙයි, දැන් නාවික හමුදාව මේ කාර්යය බාර අරගෙන උපයන කෝටි ගණන් විදේශ විනිමය කලින් ගියේ, නාවික හමුදාව සතු ආයුධ නොමිලේම පාවිච්චි කරමින් අටවාගත් අැවන්ගාඩ් කොම්පැනියට බව... නිශ්ශංක සේනාධිපති යනු මහමොලයේ සේවකයෙක් පමණකි. නමුත් පාට කණ්ණාඩි ගලවන්නත් සත්‍යය දකින්නත් තරම් නිවහල් මානසිකත්වයක් බොහෝ වහලුන්ට නැති වීම රටේ අවාසනාව... රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිසුන්ට ගැලපෙන ආණ්ඩුවකි". අපටත් ඒ කියමන අදාළයි.

:       292       1811

Rasika PradeepThursday, 17 October 2019 10:47 AM

නාවික හමුදාව පවරාගත්තේ තව කෙනෙක්ගේ ව්‍යවසායකත්ව සංකල්පයක්. ඔබතුමාත් දාගෙන ඉන්නේ පාට කණ්ණාඩියක්ම තමයි. වෙනසකට තියෙන්නේ අපි දෙන්න පාට දෙකක. ඔය සංකල්පේ කොතැනිත් ආවත් එ්ක වැදගත් ආයෝජනයක්... මේ ආණ්ඩුවෙන් ඕකට අත තියන්නේ සත් භාවයෙන් නෙවෙයි කියලා නොතේරෙන තරම් වහල්ලුත් යහපාලනෙත් එක්ක තවමත් ඉන්න බව නම් පැහැදිලියි. මේ ආණ්ඩුව ඔච්චර මිලියන ගාණක් අරන් රටට ඇති කරලා දීලා තියෙන ආර්ථික ඉලක්ක මොනවද? ආර්ථික වරදාන වේගය 2.7%, 1$ = 178 , සහල් ටික ආනයනය කරනවා. දේශීය නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටිලා, නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට පරිභෝජන ආර්ථිකයකට අපි ගිහින්. කොටින්ම සුළු අපනයන බෝග අාර්ථිකෙත් ආදේශන සහ පතිඅපනයන නිසා බිඳවැටිලා. ඔය මොනවත් නොකර මහබැංකුවටත් කෙලියා. ඔයාලා කියන්නේ පවතින ක්‍රමය අනුමත කරන එක නිවහල්කම කියලා නම් අපි වහල්ලු. මේ ක්‍රමය වෙනස් වෙනකම් අපි වහල්ලු...

:       496       330

chinthakaThursday, 17 October 2019 11:10 AM

නාවික හමුදාව කවදද ජාත්‍යන්තර මුහුදේ මුහුදු කොල්ලකරුවන්ට විරුද්ධව සටන් කරලා ඔය කියන කෝටි ගාන එපැයුවේ?

:       23       182

MaheeThursday, 17 October 2019 11:33 AM

රසික මහතාණෙනි, පළමුවැනි දේ තමයි මගේ පාට කණ්ණාඩි නැති බව. ඔබ නොකිව්වත් මේ ආණ්ඩුව රට විනාශ කළ බව මධ්‍යස්ථව හිතන ඕනෑම කෙනෙක් එක හෙළාම පිළිගන්න දෙයක්. නාවික හමුදාව හෙවත් රජය සතු දේපල යොදාගෙන පුද්ගලික සාක්කු පුරවා ගැනීම මහා ආර්ථික සංකල්පයක් කියලා ඔබ හිතනවා නම් අපේ 225 දෙනාම මහා සංකල්ප ආචාර්යවරු කියලත් පිළිගන්න පුළුවන්. කට්ටියම කරන්නේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයේ මහජන දේපල සාක්කුවේ දා ගන්න එකනේ. මේ ආණ්ඩුව ආපු වෙලාවේ ඔය මහජන දේපල ගසා කෑමේ ව්‍යාපාරය ඉවත්කර රජයේ අවිආයුධ ටික ආපසු ගත්තේ පළිගැනීමේ චේතනාවෙන්ම විය හැකියි. නමුත් මහතාණෙනි, දැන් ඒ මුදල යන්නේ රජයේ භාණ්ඩාගාරයට. මේ සත්‍යය දකින්න නම් පාට කණ්ණාඩිය ගැලවිය යුතුම වෙනවා...

:       374       194

Rasika PradeepThursday, 17 October 2019 12:06 PM

මම ඔබේ මතයට ගරු කරනවා සහ අගය කරනවා. මම මෙතැනදී උලුප්පා දැක්වීමට සහ විවේචනයට ලක් කිරීමට උත්සාහ කලේ යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම දේශපාලනික වශයෙන් ප්‍රතිවාදීන් මර්දනය සඳහා කරගෙන යන වැඩපිළිවෙල. නිශ්ශංක සේනාධිපති යහපාලනේට සහයෝගය දැක්වූවෙක් වුණානම් ඔය තියරිය වෙනස් වෙන්න තිබුණා නේද? මම දන්නා විදියට නාවික හමුදාව තරගකාරී විදියට මේ බිස්නස් එක කරන්නේ නෑ. දේශපාලන මතය කුමක් වුණත් අපි රට පැත්තේ හිටගන්න ඕනේ වෙලාවක්. මේ වෙලාවේ රටට සුබදායක නායකත්වයේ 100% විශ්වාසයෙන් හොයන්න බැරි වුණත් හානිය අඩු විසඳුම තෝරන්න ඕනේ වෙලාවක්... ජයවේවා...!!! 

:       131       128

ලෙබ්බේThursday, 17 October 2019 12:13 PM

ශ්‍රී ලංකාවේ හමුදා වලට බිස්නස් කරන්න බැහැ කියලා නීතියෙන්ම ලියවිලා තියනවා කියලා දන්නේ නැද්ද? රණ විරුවන් දහස් ගාණක් ජීවත් වුනේ ඒ ලැබුණු වැටුපෙන් කියලා දන්නවද? දාගෙන ඉන්න කණ්ණාඩි දෙක කොළ පාට වගේ පේන්නේ... අහලා තියනවද වචනයක් පලිගැනීම කියලා? නැතිනම් 17 වෙනිදායින් පස්සේ කියලා දෙන්න පුළුවන් පොඩ්ඩක් ඉවසන්න...

:       427       234

nisha Thursday, 17 October 2019 09:10 AM

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමකින් තොරව සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන වාදනය කිරීම පමණක් සිදුවිය. ජාතික ගීය ගායනය කිරීම වෙනුවෙන් උත්සව සභාවට ළමුන් ගෙන්වා තිබුණත් ළමුන් ලවා ජාතික ගීය ගායනය කිරීමක් සිදුනොවුණි.

:       58       257

thilakThursday, 17 October 2019 09:55 AM

ජාතික ගීය ගැයීම ළමයින් විසින්ම කළ යුතුද? රැස්ව සිටින "ප්‍රභූවරුන්ට" ජාතික ගීය ගයන්නට බැරිද?

:       34       117

lakmal Thursday, 17 October 2019 09:12 AM

අධම මජර දේශපාලන වැඩ හේතුවෙන් රටේ ආර්ථිකයට යම් තරමකින් හෝ දායකත්වයක් ලබාදුන් ව්‍යාපාර විනාශ වී ඇත. ඒහෙයින් මෙවැනි ක්‍රියා මින් මත්තට සිදු නොවන්නට මෙම කුහක දේශපාලන අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුය. නොඑසේ නම් මෙවැනි අපරාධ ඉදිරියටත් රටට විනාශයම ගෙන දෙනු ඇත. දේශපාලන අපරාධකරුවන්ගේ පරම්පරාවන්ද ඉදිරියට පවතිනු ඇත.

:       174       77

Bamunuarachchi Thursday, 17 October 2019 09:15 AM

මහත්තයෝ කොහොමත් මේ අවනඩුව නොවැම්බර් 16 පසුව කුනුකුඩේට යනවා නැවත ඔබ සභාපති.

:       197       136

ranaThursday, 17 October 2019 11:46 AM

දවස ඉවරවීමට පෙර දවසේ ගුණ ගායනා.. පෙර දවසත් ඔය ලෙසම කිව්වා නේද?

:       34       131

BamunuarachchiThursday, 17 October 2019 02:18 PM

කියා කටගන්න ලැබුනේ නැහැ නඩුවලින් නිදහස්... සමහරු නිදොස් කොට නිදහස්. මොකක්ද ප්‍රශ්නය...?

:       1       0

Bandara Thursday, 17 October 2019 09:24 AM

තවත් යුඑන්පි ගැටයක්.

:       310       387

kamal Thursday, 17 October 2019 09:36 AM

කී පාරක් උසාවි ගෙනාවද තාම දඩුවම දුන්නේ නැහැනේ.

:       1       121

සේන Thursday, 17 October 2019 10:01 AM

මේ මනුස්සයා කොච්චර ආදායමක් රටට ගෙනාවද ? කීදෙනකුට රැකියා දුන්නද ? කොටියි අනෙකුත් අන්තවාදීනුයි ඔඩොක්කුවේ දමාගෙන. පට්ට හොරු හුරතල් කර කර රටට වැඩක් කරපු අයට නඩු දානවා. මේ වගේ පාලනයක් කවදාවත් රටේ තිබ්බෙ නෑ

:       744       697

GuneThursday, 17 October 2019 10:35 AM

විදේශ විනිමය... රැකියා... මට කියන්න වුවමනා දේ ඉහත මහීගේ සටහනේ තියෙන නිසා මට කියන්න තියෙන්නෙත් ඒකමයි. ඇස් අරින්න මහත්තයෝ, ඇස් අරින්න...

:       320       13

AnuruddaThursday, 17 October 2019 11:28 AM

රටට ආදායම් ලැබෙනවා නම් නාවික හමුදාවට අයිති රාජකාරිය ඇවන්ගාර්ඩ් එකට දුන්නට කමක් නැහැ කියලද කියන්නේ? එහෙනම් බම්බුවකටද තිරිකුණා මලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දෙනවට මැරෙන්න හැදුවේ. ඒකත් ආයෝජනයක්නේ..හරිදේ හරි කියන්න. වැරැදි දේ වැරැදියට දකින්න පුරුදු වෙන්න..

:       34       137

BamunuarachchiFriday, 18 October 2019 12:42 AM

ප්‍රශ්නය නාවික හමුදාව ඔය ජොබ් එක කලින් දැනගෙන සිටියේ නැහැනේ. කවුරුවත් අලුතින් වැඩක් පටන්ගෙන එය සාර්ථකව කෙරීගෙන යනවිට එය අපේ ජොබ් එකක් කියලා බදා ගැනීම සාධාරණ නැහැනේ. තමන්ගේ ආදායම් නොමැති සේවා පිටරැටියන්ට විකුනන්නයි අනුන්ගේ ආදායම් ලබන සේවා තමන්ගේ කියලා බදා ගැනීමයි මේ යහපාලකයෝ කරන්නේ. තව මොවුනට බැරි වුනා රැකියා උත්පාදනය වෙන කර්මාන්ත හෝ සේවාවන් පටනගන්න. රටේ හමුදාව කුලියට වැඩකරන එක ගැන ප්‍රශ්නක් තිබෙනවා නේද? තවම නඩුව කතා කලේ නැහැනේ බලමු මොකද වෙන්නේ කියලා

:       1       1

BamunuarachchiFriday, 18 October 2019 01:02 AM

රටට ආදායම් ලැබෙනවා නම් නාවික හමුදාවට අයිති රාජකාරිය ඇවන්ගාර්ඩ් එකට දුන්නට කමක් නැහැ කියලද කියන්නේ? ඔව්! ඒ ඔවුන් සේවාව පටන් ගත්ත නිසා.

:       1       0

dilan Thursday, 17 October 2019 11:19 AM

දැන් මේ රටේ නීතියක් තියනවද? මේකත් අර "සදගිරිසෑයට" රත්තරන් දුන්නු රේගුවේ දෙන්නගේ සිද්දිය වගේම තමයි. රටට, ආගමට සේවයක් කරන උදවිය උසාවි ගෙනැල්ලා, ආණ්ඩුවේ වන්දිභට්ටයෝ ලව්වා ඇති තරම් අපහාස කරවනවා. අන්තිමට උසාවියෙන් නිදොස් කොට නිදහස් කරනවා.

:       31       103

Bishan Thursday, 17 October 2019 12:16 PM

හොරාට හොරා කියන්න බයවෙන්නේ ඇයි? මොන කණ්ණාඩියෙන් බැලුවත් වැඩක් නෑ. පට්ට හොරෙක්...

:       106       466

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 44 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 624 1

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති
2025 අප්‍රේල් මස 24 468 0

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 637 1

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1048 6

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 748 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 712 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 354 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site