සැප්තැම්බර් 8 වැනි දා ඡන්දයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරී පත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අන්වර් රම්ලාන් මොහොමඩ් හා අසන් සාටක් ලෙබ්බේ මොහොමඩ් මවුලවි ලැබූ මනාප ඡන්ද අභියෝගයට ලක් කරමින් මුත්තූර්හි නීතිඥ ජෙයිනුදීන් මොහොමඩ් ලහිර් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙළේය. සිසිර ද ආබ්බෘ හා සුනිල් රාජපක්ෂ යන විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම ගොනු කැරිණි. මනාප ඡන්ද එකතුව නිවැරදි නොවන බවත් හොරට ගණන් කර ඇති බවත් එම ප්‍රතිඵල අවලංගු කිරීමට සර්ෂියෝරාරි ආඥාවක් ද, ඡන්ද යළි ගණන් කිරීමට මැන්ඩාමුස් ආඥාවක් ද, නිකුත් කරන ලෙස ඔහු ඉල්ලයි. නොවැම්බර් 14 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මැතිවරණ කොමසාරිස් හා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් ඇතුළු 17 දෙනකු නොතිසි නිකුත් කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු මේකට මොනවා වෙයිද කියලා.(නදී)