මෙරට මුස්ලිම් ජාතිකයික් තිස් දෙදෙනකු ඉස්ලාමීය අන්තවාදී අයිඑස් ත‍්‍රස්ත සංවිධානය හා එක්ව සිටින බවට චෝදනා කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු යැයි නැගෙනහිර මහ ඇමති හාෆිස් නසීර් අහමද් මහතා පැවසීය
මොවුන් කවුරුන්ද යන්න අධිකරණ අමාත්‍යවරයා විසින් මුලින්ම ප‍්‍රකාශ කළ යුතු බවද මහ ඇමතිවරයා පැවසීය
අම්පාර සායින්දමරුදු ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව කීය.
මුස්ලිම් ජනතාවට එරෙහිව විවිධ ක‍්‍රියා සැලසුම් සහගතව ක‍්‍රියාත්මක වන මොහොතක බුද්ධි අංශ විසින්ද ප‍්‍රතික්ෂේප කරන ලද ප‍්‍රකාශයක් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිරීම මුස්ලිම් ජනතාවට එරෙහි ක‍්‍රියාවන්ට අනුබල දීමක් බවද හෙතෙම කීවේය
ලෝකයේ මුල්ම වරට ත‍්‍රස්තවාදයට එරෙහිව හඩක් නැගූ එකම ජාතිය මුස්ලිම් ජාතිය යන සත්‍ය සියලු දෙනා අවබෝධ කරගත යුතු බවත් ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ තිබුන කුරිරුම ත්‍රස්තවාදය මේ ලක්බිමෙන් අතුගා දමන්න ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ හිටපු හමුදාපති හෑල්ලු කළ මිනිසෙක් ඇත්ත කිව්වත් ගණන් ගන්නේ නැති තත්වයට ඇද වැටීම ශෝචනීයයි. (බ)
ඇත්ත කියන්න බිය විය යුතුද?(හේ)
නිවටයෝ දුටු තැන එළුවොත් රැවුල පානවාලු. මොනවා වුණත් විජයදාස මහතා කොන්ද පණ තිබෙන ඇමැති කෙනෙක් (බ)
මහා ඇමති සුදු හුණු ගාන්න දගලන්න එපා . වැරද්දක් තිබෙන නම් හදාගන්න, ඔබත් නාඩගම නැටුවා අමතකද? (බ)
අයවැය විවාදයට ඇවිත් අයවැය ගැන කතා නොකරන එකම කෙනා. කරන හැමදේම ඇණගන්නවා. කිසිම දෙයක් පිළිවෙලකට කරන්න දන්නේ නැහැ. දේශපාලකයන් දන්නේ මිනිසුන්ට පරිභව කරන්න අපහාස කරන්න විතරයි. මොවුන් රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද? (නි)
ඔහු කී දේ 200%ක් හරි. සමහර මහා ඇමතිලා හිතාගෙන ඉන්නේ ඔක්කොම එක වගේ කියලා. අපට ඕනෑ ප්‍රශ්නවලට හැංගෙන නායකයෝ නොවේ, කෙළින් මුහුණ දියහැකි නායකයෝ! (නි)
අයිඑස් සංවිධානය නිසා ලංකාවේ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් නැති බවයි මගේ නම් අදහස (නි)
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්. නමුත් විජයදාස අමාත්‍යතුමාට මම ගරු කරනවා. හරි දේ හරි විදියට කියනවා (නි)
විජයදාස රාජපක්‍ෂ මහතාගේ කතාව 100% හරි. සත්‍ය එළියට එනකොට මේගොල්ලෝ නලියනවා. (නි)
සමහරුන්ට මේ ඇත්ත තිත්ත බව පෙනේ. (හේ)
විජයදාස රාජපක්‍ෂ මහතාගේ චෝදනාව අප 100%ක් පිළිගන්නවා.එතුමා කළ ප්‍රකාශය සත්‍යය හා නිවැරදි නිසා සිදුකළ ප‍්‍රකාශය ඉල්ලා අස්කර නොගත යුතුයි.සමහර විට මීට වඩා ප්‍රමාණයක් ලංකාවෙන් අයිඑස් එකට බැදිලා ඇති ලෝකය වනසන ක්‍රියාවලියට සම්මාදන් වෙන්න. (බ)
‘ලෝකයේ මුල්ම වරට ත‍්‍රස්තවාදයට එරෙහිව හඩක් නැගූ එකම ජාතිය මුස්ලිම් ජාතිය යන සත්‍ය සියලු දෙනා අවබෝධ කරගත යුතු බවත් ඔහු කීය‘ කොහෙද තියෙන්නේ (බ)
මොකක්ද මේ කතාව.(හේ)
පේනවා,පේනවා..හීනියට මුළුලෝකයේ ත‍්‍රස්තවාදයට එරෙහිව හඩනඟන හැටි. (බ)
මෙයා අයි එස් ද කොහෙද! අනේ අපි නොදන්නා ඔයාලගේ කරුණාව! මුළු ලෝකෙම දන්නවා ඔයාල කව්ද කියල. බලහල්ලකෝ මුගේ තිබෙන ගණන්! (බ)
පේනවා,පේනවා..හීනියට ලෝකයේ ත‍්‍රස්තවාදයට එරෙහිව හඩනඟන හැටි.(හේ)
මට නිකන් පිස්සු හැදෙන්න එනවා වගේ! (හේ)
බයවෙන්න දෙයක් නැහැ අපට ඉන්නවා ප්‍රායෝගික අත්දැකීම් වලින් පිරිපුන් ත්‍රිවිද හමුදාවක් , (හේ)
අනේ මේ අයගේ බොරු කයිවාරු.(හේ)
කරන්න හොදයි කියන්න නරකයි (ම)
අයිඑස් එකෙන් නම් බේරෙන්න වෙනවා. කොහෙන් කොහෙන් මතුවෙයිද දන්නේ නැහැ. අායෙත් යුද්දයක් නම් එපා. (බ)