IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නෙළුම් රේණු පවුලක් රකී

කතරගම කිරි වෙහෙරට පූජා කැරුණු නෙළුම් මල්වලින් තම ජීවිතය ගැට ගසා ගන්නා පවුලක් කතරගම සිටී.

කතරගම ගෝතමී ගම පදිංචි ආර් ලෙච්චමී නැමැති තිදරු මව, දරුවන්ද තම මවද පෝෂණය කරනුයේ කිරිවෙහෙරට සැදැහැවතුන් විසින් පූජා කරනු ලබන නෙළුම් මල්වල රේණු එකතු කර වේලා බෙහෙත් කඩවලට විකිණීමෙනි.

අවුරුදු පහක පමණ කාලයක සිට මෙම ජීවිකාව කරගෙන යන බවත් නෙළ්ම් රේගු කිලෝවක් රුපියල් දෙසීය බැගින් සිංහල බෙහෙත් කඩවලට විකුණා ගත හැකි බවත් ඇය කියන්නීය.

දිනපතා උදෑසන හත පමණ වන විට කිරිවෙහෙරට පැමිණ සවස 3 දක්වා   ඉවත ලන නෙළුම් මල්වල රේණු එකතු කිරීමට ඇයට දරු දෙදෙනාද සහාය වෙති.

‘අපි උදේම පන්සල ළඟට එනවා. චෛත්‍ය පුටුලසට පරවෙන මල් ඔක්කොම ගෙනත් දානවා. ඒ මල්වලින් තමයි අපි පවුලම ජීවත් වෙනේනේ. ළමයි ටික ඉස්කෝලේ යවන්නෙත් මේ ආදායමෙන්. ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරෙන් ඇවිත් විසිකරපු මල් පටෝගෙන යනවා. ඊට කලින් අපි රේණු ටික එකතු කර ගන්න ඕනෑ.‘

 

 

 



අදහස් (0)

නෙළුම් රේණු පවුලක් රකී

චාන්දනී Thursday, 18 April 2013 05:46 PM

වගකිවයුත්තනි , මේ පවුලට පිහිට වෙන්න. (නි)

:       0       0

සත්යා Saturday, 20 April 2013 04:44 PM

කෝ අර සුබ අනාගතේ (නදී)

:       0       0

දයාන් තිලින කුමාර. Friday, 19 April 2013 07:34 AM

මීටත් වඩා අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ලංකාවෙ කොච්චර සංවර්ධන වැඩ කරත් ජනතාවගෙ ආදායම් මාර්ග දියුනු වෙලා නැහැ. සංවර්ධනය කියන්නෙ මේක නෙවෙයි කියල ආන්ඩුව දැන්වත් තෙරුම් ගන්ඩ ඕනි.(නදී)

:       0       0

සුසන්ත Friday, 19 April 2013 07:46 AM

දැන් ඉතින් මේ අය එලවලා දාලා වෙන ලොක්කෙන්ගෙ කවුරු හරි දායිද දන්නෙ නැහැ ඔතෙන්ට... (නි)

:       0       0

ආනන්ද ආර් Friday, 19 April 2013 07:55 AM

මහජන මුදල් ගසාකන ඇතැමුන්ට වඩා මේ මව කෙතරම් ශ්‍රේෂ්ටද? (නි)

:       0       0

ප්‍රියංක Thursday, 18 April 2013 06:48 PM

අද මිනිස්සු කරන්නේ ලේසියට හිගාකන එක. නමුත් මේ අම්මා රටටම ආදර්ශයක්. මොවුන්ට අනුකම්පා නොකර අත්වැලක් සැපයීම තමයි හොද. ඒකට අපි වැඩපිළිවෙලක් හදමු. (නි)

:       0       0

මහින්දපාල Thursday, 18 April 2013 06:53 PM

ඇගේ ගෙදරට විදුලිය තියනවානම් 12 වේනිදායින් පස්සේ බිල ගෙවන්ට තවත් රේනු කිලෝ 5 අවශ‍යයි ආඩම්බර තාත්තාට මහත් අභිමානයක්.(නදී)

:       0       0

අරුණ Thursday, 18 April 2013 07:20 PM

කාටත් කරදරයක් නැති " සුවද හමන මල් " (නදී)

:       0       0

සජිත් Sunday, 21 April 2013 11:56 AM

චානක, ඔහොම කියලා වැඩක් නැහැ. ඒක ඔයාට ප්‍රකෝටියක් වුණාට ඒ අම්මට හරිම අඩු ගානක්. පුළුවන් නම් කඩයක් දාගන්න උදව් කරන්න. නිකන් පලක් නැති කතා කියන්නේ නැතුව (නි)

:       0       0

ප්‍රසාද් Friday, 19 April 2013 09:12 AM

හනී‍ෆාගේ කතාවනම් හරියටම හරි. (නදී)

:       0       0

පද්මි Friday, 19 April 2013 05:45 PM

මුදු අත් වලට සවි බල දිරි ලැබේවා! මව් සෙනෙහසට සහසක් මල් පිපේවා!!! (නි)

:       0       0

චරිත් Friday, 19 April 2013 09:51 AM

බොහොම කණගාටුයි. ඒත් සතුටුයි. ජය වේවා.....! (නි)

:       0       0

සෑම් Thursday, 18 April 2013 08:17 PM

හේමන්ත කොහොමද එහෙම කියන්නේ.. කතරගම ගොඩක් දෙවිවරු ඉන්නවානේ..!(නු)

:       0       0

සෝමදාස Friday, 19 April 2013 10:29 AM

ආදර්ශමත් මවක්. මේ දරුවන්ගේ අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ. ඇය ඔවුන්ට හොඳට උගන්වාවි. අපේ අම්මලා ඉස්සර කලා වගේ. ජයවේවා!!! (නි)

:       0       0

රූපවතී Friday, 19 April 2013 10:31 AM

අනුරාද කිවුවා වගේ , ලංකාදීප පමනයි අපිට විශ්වාස. හැකිනම් අරමුදලක් පිහිටවන්න. ආධාර කරන පුද්ගලයා කැමති කෙනාට අනුව ආධාර කරාවි. ලංකාදීප පාඨකයන්ගේ ඇරයුමක් නිසා මා හිතනවා මේ ගැන අපේ කතෘ මණ්ඩලය තීරණයක් ගනීවි කියලා. දිරිය මාතාවට හා දරු තිදෙනාට සියලු දෙවි රැකවරනයි. (නි)

:       0       0

ලක්මාල් Friday, 19 April 2013 10:41 AM

කවුරුහරි මෙයාලට උදවු කරනවා නම් ඒක තමයි මනුස්සකම (නි)

:       0       0

සජිත් Friday, 19 April 2013 10:42 AM

කිරිවෙහෙරේට මල් පූජා කරන එකට වැඩිය හොඳ වැඩක්නේ මේ අසරණයන්ට කන්න මොනවා හරි දෙන එක. සිංහලයනි, දැන්වත් මේ අන්ධ විශ්වාස අත්හැරලා බුදුහාමුදුරුවෝ කිවුවා වගේ අනුන්ගේ දුකට පිහිට වෙන්න, මේ මල් වලින් බුදුහාමුදුරුවන්ට වැඩක් නැහැ. (නි)

:       0       0

ජීව Thursday, 18 April 2013 03:28 PM

අහිංසක රස්සාවක්. (ස)

:       0       0

රත්න Thursday, 18 April 2013 03:29 PM

කෝටි ගණන් මහජන සල්ලි සූරාකන පව්කාරයිනේ, ඇස් ඇරලා බලන්න නුඹලාට වඩා මොවුන් කොතරම් වටිනේද? (ස)

:       0       0

ධනුකේ Thursday, 18 April 2013 09:14 PM

මෙය දරුවන්ගේ සහයත් මවට තියෙනවා.ඉතාමත් ලස්සන වගේම සංවේදී දසුනක්. මෙය සඳහා පුළුවන් විදිහට සහයෝගයක් දෙන්න අපි හැමෝම උත්සහ කරමු. එක සැමටත් සම එකටත් කියන සංකල්පය ශ්‍රී ලංකාවට ඉතාමත් උචිත වෙයි කියා හිතනවා.(නදී)

:       0       0

වරුණ Thursday, 18 April 2013 03:29 PM

අනිත් අය ලැජ්ජ වෙන්න ඕන මේ අසරණ මිනිස්සු දිහා බලල.. ! (ස)

:       0       0

ජීවන්ත Thursday, 18 April 2013 03:31 PM

දැන් ප්‍රාදේශිය සභාවෙන් මෙයාලගෙනුත් බද්දක් අය කරාවිද ? (ස)

:       0       0

ජ.හේරත් Friday, 19 April 2013 10:55 AM

හෙට උදේ වෙද්දී කතරගම ඉන්න නගරන්කාරයෝ ටික මල්ගොඩ බදු ගනීද දන්නෙ නැහැ. (නි)

:       0       0

රණ රාල Thursday, 18 April 2013 03:33 PM

පරපුටුවන්ට වඩා මෙවගේ අය උතුම්! (ස)

:       0       0

සෙනරත් Thursday, 18 April 2013 09:24 PM

අයියෝ දැන් ඉතින් ඒ රස්සාවත් ඉවර තමා පව් අහිංසක පවුල .(නදී)

:       0       0

වසන්ත Friday, 19 April 2013 11:01 AM

මේ වැඩේ කඩාකප්පල් නොකර පුලුවන් නම් නෙලුම් මල් රේණු වලට හොඳ මිලක් අරගෙන දෙන්න බලන්න. (නි)

:       0       0

අමල් Tuesday, 23 April 2013 02:51 PM

එකතු වෙන්න උදව් කරන්න. (ස)

:       0       0

ශාමන් Tuesday, 23 April 2013 02:53 PM

බලන්න හසන්ත මහත්තයෝ එකෙත් හැටි...(ස)

:       0       0

රංගන Thursday, 18 April 2013 03:42 PM

ලොකු ලොක්කෝ සාද දාන්නේ මේ වගේ අහිංසක මිනිස්සුන්ගෙ ඊරි මාන්ශෙ උරා බීලා (නි)

:       0       0

බුදධික Thursday, 18 April 2013 03:45 PM

ජීවන්තගේ කතාවත් හරි. වෙන්නේ ඔහොමම වැඩනේ, හෙට දවසේ කන හැටි මේ අයට හීනයක්ම ම තමයි. (ස)

:       0       0

පුෂ්පා Thursday, 18 April 2013 03:52 PM

දිරිය පවුලක්. මගේ ප්‍රනාමය. මේ වගේ අයට උදව් කළ හැක්කේ කෙසේද? (ස)

:       0       0

සෙන්තිල් Thursday, 18 April 2013 03:53 PM

ඕව ගිහිල්ල කියන්න ඕගොල්ලන්ගේ ලොක්කන්ට සහ කම්මැලි ඇමති මණ්ඩලේට. අපි දෙමල,මුස්ලිම් අය ඕවට කටදාන්න ගිහින් නැත්නම් අදහස් ලියන්න ගිහින්, ඊළගට මෙතන අන්තවාදය සහ ජාතිවාදය මතුවුණා කියයි. එනිසා අපි අපේ පාඩුවේ ඉන්නවා. (නි)

:       0       0

ඉසුරු Wednesday, 24 April 2013 12:28 AM

මුදු අත් වලට සවි බල දිරි ලැබේවා! මව් සෙනෙහසට සහසක් මල් පිපේවා!!! (නි)

:       0       0

අසේල Thursday, 18 April 2013 03:54 PM

දැන් කට්ටිය කියන්නෙ මේක කරන්න එපා කියලද? නැත්තන් මේ අය මේ රස්සාවෙන් ගලවා ගමු කියලද? එතකොට කවුද බෙහෙත් කඩවලට නෙළුම් රේණු ගෙනත් දෙන්නේ? මේ ප්‍රවෘතිය දාපු කෙනාද?(ස)

:       0       0

අනුර Thursday, 18 April 2013 03:55 PM

අහිංසක කතාවක්, එකතු වෙන්න උදව් කරන්න (ස)

:       0       0

Dilitha Thursday, 18 April 2013 03:56 PM

ම්ම්ම්ම් ජීවන්ත ඇත්තටම බද්දත්...(ස)

:       0       0

සෑම් Thursday, 18 April 2013 04:00 PM

අදම කවුරුහරි මේක කරන්න පටන් ගනීවී. අනේ අහිංසක පවුලට බඩේ පහර තමා.(ස)

:       0       0

කොස්වත්ත Thursday, 18 April 2013 10:14 PM

කතරගම දෙයියන්ටත් පෙනේනේ නැතුව ඇති අපේ රටේ ආස්චර්ය.(නදී)

:       0       0

ප්‍රසන්න Friday, 19 April 2013 11:53 AM

අද දුප්පතාට පිහිටට ඉන්නේ ස්වභාව ධර්මය විතරයි (නි)

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 04:02 PM

සැගවුණු ආදායම් මාර්ගයක්. කැළණි විහාරයේ මොනතරම් නෙලුම් මල් තොගයක් වීසි කරනවද දිනකට? කැළණි‍යේ චන්ඩි මේ ආදායම් මාර්ගය නොදන්නවා ඇති. (නි)

:       0       0

චාමර Friday, 19 April 2013 11:53 AM

සමහර අය දාලා තියෙන අදහස් මල් වගේම ලස්සනයි. (නි)

:       0       0

සෆා Friday, 19 April 2013 11:58 AM

ජීවන්තගේ කතාව වැරදියි. කුලී වැඩකාරයගේ පුතත්, හැමදාමත් කුලී වැඩකාරයෙක් විදිහට ඉන්න ඕනෑද? මේ මිනිස්සුන්ටත් හොද ‍රැකියාවක් කරන්න අයිතියක් තියෙනවා (නි)

:       0       0

රන්ගශනී Thursday, 18 April 2013 10:32 PM

දෙවියන් විස්වාස නොකරන මම ඔබ සියලුදෙනාට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

සරත් Thursday, 18 April 2013 04:08 PM

වැරදි වැඩ නොකර ගෞරවාන්විතව ජීවිකාව ගෙනයන පවුලක්. (ස)

:       0       0

ගිම්හානි Friday, 19 April 2013 12:16 PM

බලන්න චින්තනය කොයිතරම් ලස්සනද කියලා? (නි)

:       0       0

නිශා Thursday, 07 May 2015 05:34 PM

බුදුසරණයි (අ)

:       0       0

උපේක්ෂා Thursday, 18 April 2013 04:08 PM

ඔබ සබැ දියණියක් සබැ මවක්.. (ස)

:       0       0

දේවි Thursday, 18 April 2013 10:37 PM

මේවා කියවල හදවතින් අපි වේදනා වින්දට පුටු රත් කරන අයට දුක වේදනාව පෙනෙන්නේ නැහැ . ලංකාදීපය පිටරටවල ඉන්න හැම කෙනෙක්ම බලන නිසා මුදලින් උදව් කරන්න ඕන අයට ඒවා කරන්න පහසු කමක් සලසනවානම් ලොකු දෙයක් . රිසානාගේ ,අචලගේ වගේ සිදුවීම් වලදී මිනිසුන්ගේ හිත කම්පා වෙනකොට ආදාර කරන්න හිතෙනවා. ඩිනර්, ඩොලර්, යූරෝ, පොඩි මුදලකින් ගොඩ දෙයක් කරන්න පුළුවන් .(නදී)

:       0       0

කමල් Thursday, 18 April 2013 04:16 PM

මේ අයට මේ වගේ පත්තරෙන් ප්‍රසිද්දියක් නොදී ඒ වැඩේ කර ගෙන යන්න ඉඩ දුන්න නම් හොඳයි කියලයි මම නම් කියන්නේ. දැන් මේ වැඩේ තවත් අය. කරන්න ගනීවි. සමහර විට මේ අහිංසකයන්ට ගහලා එළවලා මේ තැන අල්ල ගන්නත් ඉඩ තියනවා මේ ධර්ම ද්වීපයේ.(ස)

:       0       0

නෙතුමි Thursday, 18 April 2013 04:21 PM

උත්සහවන්තකම අගයකළ යුතුයි, රැකියා නොමැතිව නීතිවිරෝදී වැඩ කරන අයට, මෙවැනිමවූ නොයෙකුත් රැකියා මේ රටේ තිබෙනවා, මේවට ලැජ්ජා විය යුතු නැහැ. ආඩම්බර වියයුතුයි. තමන්ගේම යටතේ තමන් වැඩකරන එක ගැන, සුබපතනවා මොවුන්ට,,,,,(ස)

:       0       0

හේමන්ත Thursday, 18 April 2013 04:25 PM

බුදුන් නිසානේ මෙහෙමවත් රැකවරණයක්. ඉතාමත් අහිංසක රස්සාවක්. (ස)

:       0       0

චන්දන Thursday, 18 April 2013 04:27 PM

කෝ ජනසවියද අර සවියද කියල තියෙන්නේ කොහෙද දන්නේ නැ (ස)

:       0       0

දම්මි Thursday, 18 April 2013 04:33 PM

හෙට අනිද්ද වෙනකොට මේ මිනිස්සුන්ට ප්‍රාදේශීය සභාවෙන් බද්දක් දායිද දන්නෙ නැහැ (නි)

:       0       0

දිඅස් -ඩුබායි Friday, 19 April 2013 01:02 AM

ඔබ ඉතා දහිරියවන්ත කාන්තාවක් ඔබට ජය.(නදී)

:       0       0

රජින්ද Thursday, 18 April 2013 04:35 PM

උදේට කතරගම වැදලා, පහුවෙනිදා රෑට, රාත්‍රී සමාජශාලා වලයි, සාද වලයි සැප අරගෙන, ඊටත් පස්සේ දවසේ, තමන්ගේ අමාත්‍යන්ශේ හෝ ආයතන වල පුටුවට බර වෙලා රටේ ප්‍රශ්න විසදන්න ඉන්න කට්ටියට, බලල - හදවතින් හඩන්න වටිනා ලිපියක්..!! (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 19 April 2013 01:19 AM

මේ වගේ ප්‍රවෘත්ති නම් පපුව පිච්චෙන ප්‍රවෘත්ති. ඔය කතරගමට ටිකක් එහා නේද අවුරුද්දට ලොකු උත්සවයක් එහෙමත් තිබුණේ? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 18 April 2013 04:38 PM

අහිංසක මව්තුමිය ඔබට නිරෝගි සුවය සහ ශක්තිය ලැබේවා ! (ස)

:       0       0

සම්පත් Thursday, 18 April 2013 04:43 PM

කෝ අපේ නිලධාරීන්? කෝ දුප්පත්කම නැති කරන්න ආපු ව්‍යාපෘති? ඊළගට මෙයාලව එලවලා බද්දක් ගහලා කාටහරි මේක බදු දෙයිද දන්නෙ නැහැ. අනේ මාධ්‍යයෙන් මම ඉල්ලන්නේ, මේ වගේ ඒවා අනාවරණය කරන්න එපා. (නි)

:       0       0

සම්පත් Thursday, 18 April 2013 04:44 PM

දිවිනැගුමේ නිලදාරීනි හැකි ඉක්මනින් මේ අයට උදුව් කරන්න. (ස)

:       0       0

රංජිත් Saturday, 20 April 2013 03:36 PM

බලදරයනි, මේ පොඩි ළමයි ටික ඉස්කෝලේ යනවද කියන හොයල බලන්න.(නදී)

:       0       0

කුසුම් Tuesday, 23 April 2013 11:18 AM

මල් වලට යන වියදම දුන්නොත් මල් කැකුළු වලට පුංචි බඩ පිරී අහිංසක සිනහ‍ රැ‍ෙඳේවි. පින් ලැබේ ඔයාල හැමෝටම හිතන්න දානය උතුම් බව. (ස)

:       0       0

වීරසේකරගේ Saturday, 20 April 2013 04:00 PM

හිස තෙල් ගාගන්න කතරගම ගිය අයට ඕක ආරංචි උනේ නැද්ද.?(නදී)

:       0       0

හනී‍ෆා Thursday, 18 April 2013 05:13 PM

රුපියල් 200.00ක් ලැබෙන නිසා පෝලිමේ සෙනග ඉදීවි මල් එකතුකරන්න. හිගන්නාගේ පාත්තරේට හෙනහුරා ලගාවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුරාධ. Thursday, 18 April 2013 05:23 PM

කාරුණික ලංකාදීපය වෙතටයි. මා පෙරකළ ඉල්ලීම පරිදි අරමුදලක් පිහිටුවා ගතහොත් මෙවැනි අය‍ට පිහිටවිය හැකියි නේද? (නි)

:       0       0

සංදීප් Thursday, 18 April 2013 05:34 PM

සොරකම් නොකර, කාටවත් කරදරයක් නොවී මෙහෙම ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක් (නි)

:       0       0

කීර්ති Thursday, 18 April 2013 05:46 PM

ඔය මල් 3ක වට්ටියක් රුපියල් 30ක්, 50 ක් විතර වෙනවා. ඔච්චර කාලයක් ඉදලත් මල් වෙළදාම කරන්න අදහසක් පහල වුණේ නැත්තේ ඇයි? (නි)

:       0       0

චානක(ලොස් අන්ගේලෙස්) Sunday, 21 April 2013 09:34 AM

මගේ අම්මේ, වැදගත් කියන සමහර පුද්ගලයන් අධර්මයෙන් හම්බ කරන කෝටි ගණන් මුදල් වලට වඩා මගේ අම්මා දුක් මහන්සියෙන් උපයා ගන්න මේ මුදල් ප්‍රකෝටි ගණනක් වටිනවා. මගේ අම්මට තුනුරුවන් පිහිටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1301 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 796 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1327 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 942 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 773 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 451 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site