විදුලිබිල අඩු කළ ජනපතිට වැඩ කරන ජනතාවගේ ප්‍රණාමය පුද කිරීමේ පා ගමනක් කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ සිට කොටුව බලා පිටත්විය. ප්‍රවාහන අමාත්‍යංශය ඉදිරිපිටින් ඇරැඹුණු පා ගමනට වනජීවි ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා නායකත්වය දුන්නේය. වැඩිකළ විදුලි බිලට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කැම්බල්පිටියෙන් කොටුව දුම්රිය පොළ දෙසට පා ගමනක් ඇරැඹීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීදි නාට්‍ය කියන්නේ මේවට තමා.(නදී)
කට්ටියම එකතු වෙලා ජලාශ ආශ්‍රිතව ඇති වන සම්පත රැක ගන්න යමක් කරනවද? කොලේ හංගගෙන බෙදුවා ඇති දෙපැත්තම. (නි)
මේ ඔක්කොම මෙහෙම අද ආවට ගෙදර ගිහිල්ලා පස්සෙ කියවයි ලයිට් බිල නම් වැඩියි වගේ කියලා. (නි)
මන් දන්නවා ඇයි වනජීවී ඇමති ඔතන ඉන්නේ කියලා.(නදී)
මෙයාලට තව ටිකක් බිල වැඩිකරලා දෙන්න (නි)
සු ගාලා 25 ක් විතරයි ඉන්නේ. මේකෙන්ම පේනවා ආණ්ඩුවේ නොහැකියාව. (නි)
අර උඩම ෆොටෝ එකේ ස්වයං රැකියාලාභින්ගේ සම්මේලනය කියන්නේ මොන බිස්නස් කරන අයගේ එකක්ද? (නි)
මොකද්ද අඩු කළේ? ඒත් රටවල් වල දුක් විදින අපිට නම් අඩු කරපු එක දැනෙන්නේ නැහැ. කෝ අර දෙනවා කියපු ඒකක 66/96/126 ඒවා? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? (නි)
මහේෂ්ට ප්‍රශ්නයක් නැහැ සෞදි වල නම් තෙල් තියෙනවනේ. ප්‍රශ්නේ නොපෙනෙන්නේ ඒකයි.(නදී)
සමහර මිනිසුන්ගේ ස්වයං රැකියාව වෙන්න ඇති මේ කරන්නේ... ඒ මිනිස්සුවත් දන්නේ නැතුව ඇති මේ මොකටද කෑ ගහන්නේ කියලා. (නි)
සූ ගාල පන්සීයක් විතර ඉන්නවා නේද? (නි)
මොනවා වැඩි කළත් කමක් නැහැ. පුන්නක්කු මිළ නම් වැඩිකරන්න එපා (නි)
මහේෂ්-සෞදි, මෝඩ කථා කියන්න එපා. ඔයා හිතුවද මේ සෞදිය කියලා? (නි)
ඔය යන අයගේ වැටුපෙන් රුපියල් 2000 ක් විදුලි බල මන්ඩලයට යැව්වා නම් හරි පාඩුව අඩුකරගන්න.(නදී)
මේ සමෘද්ධි කපනවා කියලා බය කරලා ලංගම බස්වල එවපු සෙනග ගොඩක් නේද? (නදී)
අනිවාර්යෙන්ම සාදාරන පදනමකින් විදුලි බිල වෙඩි කළ යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ මේ ආයතන වල තියෙන පාඩු රජය දරන එකයි. රජය කියන්නේ අපේ සල්ලි. ඇයි මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැත්තේ? මිල වැඩිනම් මිනිස්සු එදාට පාරට බහීවි මේ ආයතන කාර්යක්ෂම කරන්න කියලා. හොරකම් අඩු කරන්න කියලා. එහෙම වෙනකන් මේ රට හැදෙන්නේ නැහැ. (නි)
මේ හැම දේකින්ම තැලෙන්නේ මහ ජනතාව. අර පැය ගානක් වැඩ කරලා එන මිනිස්සු ගෙවල්වලට යන්න අද හුඟක් කරදර වේවි.(නදී)
මේ පාගමනට වනජීවී ඇමති තුමත් සම්බන්ධ උන එක අගය කල යුතුයි. මොකද විදුලි බිල අඩුකළා වගේම, විදුලි එළියේ බලයත් අඩු කළා නම් පැණි කොමඩු කන්න ආපු අලියාව මියයාම වලක්වා ගන්න තිබුනා.(නදී)
තවම මොංගල් චරිත රගපාන දේශපාලන හෙන්චයියෝ ටිකක් ඉන්න නිසා රජය අනිත් මහජනතාව ගොනාට අන්දනවා.(නදී)
අතිගරු ජනාධිපතිතුමාට ජය වේවා! අපි ඔබ සමගයි (නි)
හදවට එකගවද ආවේ කියලා තමාගේ හදවතින්ම තට්ටුවක් දමලා අහන්න.(නදී)
හූඌඌඌඌඌ... සෙනග නැහැනේ (නි)
ඔතන ඔක්කොම ඉන්නේ 2005 න් පස්සේ රජයේ පත්වීම් ගත්ත අහිංසක කොල්ලෝ කෙල්ලෝ උන්ට ඒවාට යන්න අනිවාර්යකරලා නැත්නම් ජොබ් ඔක්කොම හබක්. පව් උන් දෙපෙතෙන්ම තැලෙනවා.(නදී)
ඇත්තටම ලංකාවේ ඔක්කොම මිල වැඩි කරලා පුන්නක්කු පිදුරු මිල අඩු කරන්න කියලා මේ පෙළපාලි යන්නේ.(නදී)
කවදාවත් හොඳක් නොවේවා.(නදී)
විදුලිය නැති ගෙවල් වල අයද දන්නේ නැහැ, මේ පාරට බැහැලා තියෙන්නේ. මොකද එයාලට ගානක් නැහැනේ විදුලි බිල ගැන. (නි)
මොන කොල්ලෝ ටිකක්ද මේ? (නදී)
බත් කන හරක් කියලා කියන්න පුළුවන්.(නදී)
මෝඩකමට ඡන්දෙ දීලා දැන් තවත් තමන්ගේ කාලය කාගෙන එක එක්කෙනාගේ පස්සේ යනවා. අනේ මෙහෙම මෝඩයෝ ඉන්න රටක්. (නි)
රටට ආදරය කරන විපක්ශයක් හිටියා නම් මේ වගේ නාඩගම් බලන්න වෙන්නෙ නැහැ. (නි)
සොච්චමක් අඩුකරලා මෙහෙම යනවා නම් තව ටිකක් අඩු කලොත් මේ අය නිරුවතිනුත් යයි. (නි)
අයියෝ මෙච්චරද සෙනග? (නි)
මේ වගේ මිනිස්සු ඉන්නකන් රජ මගුල් ඉතින් ලොකු අයට (නි)
අමිල කටුනායක, මගේ ප්‍රාර්තනාවත් ඒකයි.(නදී)
මට නාගගුරුලා නාට්‍යය මතක් වෙනවා (නි)
මේ පෙළපාලියේ යන සේරටම තණකොළ කන්න දීල ගොම ගත්තා නම් හරි පැලයකට හරි දාන්න තිබුනා.(නදී)
හරිම ලැජ්ජයි මහත්තයෝ (නි)
එතකොට අර විදුලිබිල වැඩිකල කෙනාට විජිත් විජයමුණි සොයිසා මහතා මොකද කරන්නේ? විස්වාස භංගයේදී එකඟව චන්දය දෙනවාද? (නදී)
සහය දෙන එක නිකන් වීරයෝ වගේ යයි පොලිස් ආරක්ෂාව එක්ක. විරුද්ධව යන අයට තව ටිකක් ඉස්සරහට යන විට හම්බ වෙයි ජාල ප්‍රහාර හා කදුළු ගෑස් (නි)
කවුද හරි කවුද වැරදි? (ස)
අයියෝ මෙහෙම ආණ්ඩු දෙකක්. රට කන්න එපා.(නදී)
මේක දාන්න ඕන දෙයියෝ සාක්කි එකටනේ. (ස)
ඔය මැති ඇමතිවරු විදුලිබල අඩුකල ප්‍රණාමය ජනපතිට පුද කලා ට , වැඩි කලේ අනික් පෙලපාලිය යන කට්ටිය වෙන්න ඇති නේද? විස්වාස භංගයේදී වැඩිකල කෙනා පරද්දනවාද? (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ.. (ස)
සාමාන්‍ය ජනතාව මෝඩ වෙලා ඉවරයි. ලොකු කට්ටිය හෝටල් වලට ගියාම මාර සතුටින් කනවා, බොනවා, හිනාවෙනවා, සින්දු කියනවා එකම මේසයක වාඩ්වෙලා. අසරණ ජනතාව බොරුවට එලියට අරගෙන අන්දනවා. කොටි හිටියනම් හොදයි නේද එහෙම හිතෙන්නේ නැතිද කාටවත්.(නදී)
අපේ මිනිස්සු මෝඩයි. වෙන කියන්න දෙයක් නෑ මේවා දකිද්දි. (ස)
වැඩිය සෙනග නැහැනේ. (නි)
මිනිස් පැය කීයක් අපතේ ගිහින්ද මේකද කාර්යක්ෂමතාවය රට ආශ්චර්ය කර යන ගමන අඩාල වෙන්නේ මේවිදිහට. (ස)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. කවුද හරි? කවුද වැරදි? ආශ්චර්යයේ තවත් පැත්තක්. (නි)
විදුලි බිල අඩු කරනවා කිව්වට අඩු කරලත් නැහැ. වැඩි කරනවා කිව්වට වැඩි කරලත් නැහැ . අද අපේ මනු කියවන්න ආවා. පරණ විදියටමයි බිල හැදුවේ. අපිට පොඩි වාසියකුත් වුණා. මොකද විදුලි යුනිට් 120 පැන්නොත් බිල වැඩිවෙයි කියලා,මේ මාසේ විදුලිය පාවිච්චිය අඩු කළා. ඒක නිසා වෙනදාටත් වඩා විදුලි බිල ටිකක් අඩු වුණා. (නි)
මේ විදුලිබිල වැඩිකරන්න කැමති අයගේ බිල ගෙවන්නේ අපේ බදු වලින්නේ (නි)
අපේ සෙනගයි එයාලගේ සෙනගයි කොහොමද හදුනාගන්නේ? (නි)
අපරාදේ මිනිස් පැය කීයක් නිරපරාදේ අපතේ යනවද? (නි)
අරක්කු 1/4 යි, බත් පැකට් එකයි, රු. 500 යි ලැබුනාම විදුලි බිල හඳේ ගියත් මොකෝ? (නදී)
වනජීවී ඇමතිට මොන විදුලියක්ද? කලාවේ ඉන්න එක්කෙනෙක්නේ.(නදී)
එතකොට විදුලි බිල වැඩිකලේ "විපක්ෂය"ද? නැත්නම් " මහජනයා"ද? "තණකොල කෑවට උම්බෑ කියන්න එපා" කියලා කතාවක් තියනවා. (නි)
අයියෝ මේවා කාට කියන්නද ? මේ වගේ අය ඉන්නකොට රටට දෙයියන්ගේම පිහිටයි (නි)
යු.එන්.පී එකේ මෝඩකම හැරෙන්ඩ වෙන මොනවද. මීට පස්සෙවත් සුළු පිරිසක් උනත් කමක් නැහැ කලින් නොකියා එක පාරටම පාරට එන්න. එතකොට ඔය අනු පෙළපාලි වලට විසඳුමක් හොයන්න පුළුවන්.(නදී)
දෙගොල්ලොම කොටුවට ගිහිල්ලා මරා ගත්තනං හරි.(නදී)
ඒකත් හොදයි
සලකලා මදි, සලකලා මදි ජනතාව දැව් බුද්ධිමත්.(නදී)
මට මේවා දකිනකොට හැම පැත්තෙන්ම හිනා යනවා. (නි)
ඔන්න මුනුත් එක්කම බලාගන්න ලංකාවේ ජනතාව.. (ස)
දැන් පැය 8 ක් වැඩ කරලා එලියට එන මහජනයා ගෙදර යන්නේ කොහොමද? (ස)
මේවා පිස්සු වැඩ. (ස)
විදුලි බිල වැඩි කළාට සහය දෙන උද්ඝෝෂකයන්ගේ සටන් පාඨ... " අපි මාසික පඩියවාදියෝ.. කුමක් කර කියා ගන්නද කියල තේරුම් ගන්න බැරියෝ... ඒ නිසා විධුලි බිල වැඩි කරපියෝ..." වගේ ඒවා වෙන්න ඇති (නි)
විදුලි බිල වැඩි කරලා අසීමිතව, සනසවන්න සීනි බෝල දෙනවා. නුගත් සමහරු රැවටුනාට අපි රැවටෙන්නේ නැහැ (නි)
වැඩි කළේ අපිද ? (ස)
විදුලි බිල වැඩි කරේ කවුද ? (ස)
පිස්සු මිනිස්සු.(ස)
අපි ඔක්කොම රජවරු ...ඔක්කොම වැසියෝ ..තුන් සිංහලයම අම්බරුවෝ..තුන් සිංහලයම අම්බරුවෝ...... ලා ..ලා ...ලලා..ලා..ලා.. (නි)
මේ ඔක්කොටම පිස්සු. (ස)
වැඩි කරන්න කැමති අය 7777 ට කෙටි පණිවිඩ යොදා තමන්ගේ පමණක් විදුලි බිල වැඩි කර ගන්න. (ස)
ලංකාවේ තවම බත් කන අහවල් වර්ගයේ අය ඉන්නවා. එහෙම අය ඉදිද්දි රටක් හදන්නේ කොහොමද? (නි)