තමා විවාහ කැරගෙන ඇමෙරිකාවට ගොස් මධුසමය ගතකරන බව කියමින් ඇමෙරිකාවේ උගෙන ගන්නා නීති ශිෂ්‍යයකු බව කියාගත් පොලිස් කොස්තාපල්වරයකු තමාගෙන් රුපියල් ලක්ෂ 14 කට වැඩි මුදලක් වංචා කළැයි අවිවාහක උපාධිධාරි ගුරුවරියක කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඉදිරිපිට සාක්කි දෙමින් පැවසුවාය.
කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශය වලිමුණි ගුණරත්න අබේරත්න සිල්වාට එරෙහිව මේ නඩුව පවරා තිබේ.
පුවත්පතක පළවූ මංගල යෝජනාවකින් ඔහු ඇය හඳුනාගෙන ඇත්තේ ජංගම දුරකථනයෙනි. ඇගෙන් රුපියල් ලක්ෂ දහයක් ඉල්ලාගෙන ඇත්තේ වීසා හදාදීමටයි. ඇගේ මෝටර්රිය ද ඔහු ටිකකාලයක් පාවිච්චි කර ඇත. ඔහු ඇයට දුන් මහනුවර ලිපිනයද ව්‍යාජ බවත් මාරාවිල පදිංචිකරුවකු වන ඔහු තුන්දරු පියෙකු බවත්, විවාහ වන බව කියා ඔහු මීට පෙර නීතීඥවරියකටද වංචා කළ බවත් උසාවියේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක පීසී කෙනෙක්. මොකද එයා ණයට නෙමෙයිනේ කසාද බදින්න පොරොන්දු වුණේ, සල්ලි අරගෙනනේ. (නි)
ගුරුවරු අවංකයි..ඒ හින්දයි රැවටෙන්නේ...(ස)
උපාදියක් ගත්තු කෙනෙක් උනාම දැනගන්න ඕනෙ පොලිසියෙන් බේරෙන්න. එයාල උපාධි ධාරීයො එක්ක තරහයිනේ කොහොමත්...(ස)
ගුරුතුමිය මෙච්චරටම මෝඩද අනේ? (නි)
ආදරේ අන්දයි...(ස)
කොහොම උනත් මධුසමය ගතකරන්න ගියෙ නැති නිසා බේරුනා කියල හිතාගන්න..(ස)
අයියෝ සල්ලී..(ස)
ඇමරිකාවේ යන්නේ නැතුව ලංකාවෙම මධුසමය ගත කරන්න හිතුවා නම් හරිනේ. (නි)
නුවණ හැදි මිටේ තරමට කිව්වට අබ ඇටයක් තරම්වත් නෑනේ. (නි)
සමහර විට උපකාරක පන්ති වලින් උපයපු මුදල් වෙන්න ඇති..(ස)
ගුරු පොලිස් තරුව..(ස)
උපාධිධාරී ගුරුවරියක් වෙලා .... මේ රටේ වැසියෙක් වෙලා... මෙහෙමත් රැවටෙනවද? පොලිස් හොරෙකුට ... පත්තර කියවන්නැද්ද ටීචර්...? ඔබ ගැන කණගාටුයි...(ස)
උපාධිධාරී උනාට සාමාන්‍ය දැනුම අතින්නම් අන්තිමයි..(ස)
ගුරුවරිය පැත්තකට දාමු. නීතීඥවරියකුත් රැවටිලානේ..(ස)
කැම්පස් එකේදි කොහොමට අහු වෙන්න ඇතිද...අයියෝ...
පොලිදස් හොරා ගුරුවරියගේ කනෙන් රිංගලා..(ස)
එල්ලන්න වටිනවා (දී)
ශ්රී ලංකා පොලිස්. මහජන සේවය දෝරෙ ගල යනවා (දී)
කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ අවට සමාජය ගැන දැනුම පොඩ්ඩක්වත් දැනුවත් නැත්නම්.. ඒකනෙ පොතට සීමාවූ ගොඩක් අයට ඒ ඉගනගත්ත දේවල් ප්‍රයෝජනයට ගන්න බැරි..!! (නු)
ගුරුන්ටත් අකුරු වරදී කියල කියමනක් තියෙනවනේ.......................(ස)
ආයෙමත් රැවටෙන එකක් නෑ නේද ටීචර් . පී.සී ගේ ජොබ් එකත් ඉවරයි....දැන් පරක්කු වැඩියි...(ස)
අපේ රටේ උපාධියයි බුද්ධියයි අතරේ වෙනස හිතාගන්න පුළුවන් නේද ? (ස)
ඕක මිනිස්සුන්ගේ වරදක් නෙමෙයි.. හේතුව හරි හමන් නීතියක් ක්‍රියාත්මක නොවීමයි.. (ස)
ගුරුවරියකටයි,තීඥවරියකටයි වංචා කළා...ආ.... පොලිසියෙනේ ජොබ් එක කරන්නේ (දී)
පිස්සු (දී)
සාදු.....සාදු.....සාදු..... හොද වැඩේ (දී)
ඒ නංගිත් අන්තරේ බැහැලා වැඩ කරපු කෙනෙක් (ස)
ඉස්කෝලෙ ලමයින්ට උගන්වන්න යන එක නතර කරලා ආපහු පෙර පාසලේ ඉදගෙනම ඉස්කෝලෙ යන්න පටන් ගන්න. මේ කැකුලියට සහේට ගන්න හාදයෙක් නැතුව ඉන්න ඇත්තේ.... (දී)
ගුරුන්ටත් අකුරු වරදී කියල කියමනක් තියෙනවනේ ..(ස)
මේ පී. සී නම් ලංකාවේ විකාශනය වෙන මෙගා ටෙලි නාට්‍යයක රඟපාන්න හොඳයි..(ස)
ඕක සුළු දෙයක්..මේක දැන් ලංකාවේ විලාසිතාවක් වෙලා....(ස)
මේ ගෑනු ළමයි මොනවටද දන්නෙ නැහැ උපාධි අරගෙන තියෙන්නෙ අද රටේ ඉන්න ලෝක හොරු ගැන නොදන්නව වගේ වැඩ කරන්නෙ!.(ස)
ඕවා හොඳ පාඩම්. හොඳට හොයලා බලන්නේ නැතුව මෝඩයෝ වගේ රැවටෙන්නේ මෙහෙම හොරු ලංකාවේ ඉන්න බව දන්නේ නැතුවද ??.(ස)
උපාධි ධාරී උනාට සාමාන්‍ය දැනුම අතින්නම් අන්තිමයි.....(ස)
මරු උසයෑම පුදුම ගුරුවරයෙක් (අ)
ගුරුවරියක් වෙලාත් මෙයා මෙච්චර මෝඩ නම් ළමයින්ට මොනවා උගන්නනවා ඇත්ද ???
හොඳ වෙලාවට බේරුනේ....නැත්නම් ඇගිලි සලකුණෙන් තමයි නතර වෙන්නේ....(ස)
කොච්චර උගත් උනත් මෝඩ කමට බෙහෙත් නෑ .....(ස)
ගුරුතුමිලාට හොඳට සල්ලි තියෙනවානේ (අ)
සමහරු ලිපියවත් හරියට කියවලා නෑ වගේ..ගුරුවරිය නිවැරදියි.....(ස)
මෙයාට මේ තරම් මොලේ තියෙන්නේ කොහෙන් ගත්ත උපාධියක්ද මන්දා ??????????? .(ස)
ඇත්තටම මෙයා උපාධිධාරී ගුරුවරියන්ද ?දැන් තියෙන්නේ බන්ධනාගාරේ මධුසමය ගතකරන එකයි...අපරාදෙනේ ලක්ෂ 14....(ස)
එලවලා දාන්න ඕන මේ වගේ අයව ! මේ අයගේ වැඩ නිසා පොලීසියටත් අගෞරවයක් වෙන්නේ...(ස)
මම හිතන්නේ ගුරුවරිය හරි හෑටි උපාධිය හදාරලා නැහැ වගේ. නෑත්නම් ඔහොම දෙයක් වෙන්නේ නැහැනේ. ඔයින් ගියා ඇති නේද? (නි)
ගුරු සිත නොරිදවා - බැති පෙම් උපදවා....අනේ අපේ රටේ ආශ්චර්‍යය...(ස)
මොන උපාධියක්ද ?සාමාන්‍ය දැනුමවත් නැත්නම් .......අබ ඇටයක් තරම්වත් මොලේ නැද්ද මන්දා....(ස)
උපාධිය ගත්තේ කොහොමද කියලා සැකයි....(ස)
අනේ මෙහෙමත් පිරිමි.....(ස)
හොර පී.සී. අදුනාගන්න බැරි කෙනා ළමයින්ට උගන්වන්නේ කොහොමද? (නි)
ගුරුවරියගේ වරද ? හොයලා බලන්න තිබුණ නේද ? (ස)
අනේ මෝඩ ගුරු.... (ස)
වරද තියෙන්නේ මේ වගේ අය ලෝකෙට බිහි කරපු අයගේ. (නි)
මෙයා අන්තිම විභාගය ලිවුවේ කොහේද දන්නේ නැහැ, මෙච්චරටම මොළේ නැත්තේ? (නි)
අද පොලිසිය තමයි අපරාධ, දූෂණ සහ වංචා වලට මුලපුරන්නේ. ඒ බව මැනවින් ඔප්පු වෙනවා මෙවැනි පුවත් වලින්. (නි)
අද කාලේ අයට මොලේ පෑදෙන්නේ පෙරහැර ගිහාමයි.. (ස)