IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පී.සී. දෙන්නාගේ වැඩ තහනම්

කොළඹ කුරුඳුවත්ත පොලිසිය අසල දී, බැසිල් රාජපක්ෂ ආර්ථික කටයුතු ඇමැති හා  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මරුන් පැමිණි උත්සව භූමියට අනවසරයෙන් යතුරු පැදිකරුවකුට ඇතුළුවීමට ඉඩදීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. තුරග තරගපිටියේ පැරැණි ගොඩනැගිලි නවීකරණය කර ප්‍රේක්ෂකාගාරයක් හා සාප්පු සංකීරණයක් විවෘත කිරීම නිමිත්තෙන් එම උත්සවය පැවැත්විණි. වැඩ තහනමට ලක්වූවෝ කොළඹ වේල්ල වීදිය කොස්තාපල්වරු දෙදෙනෙක් වෙති.



අදහස් (0)

පී.සී. දෙන්නාගේ වැඩ තහනම්

දිසානායක Monday, 22 October 2012 04:28 PM

පහත් තැනින් යයි ගලා ජලේ (ස)

:       0       0

එරංග Monday, 22 October 2012 04:29 PM

මදැයි ඔයින් ගියා !! අපේ රටේ මේ දේවල් වෙලාවට, කලාවට, අකුරට, වෙනවනම් කොච්චර දෙයක්ද ?? (ස)

:       0       0

නිෂාන්ත Monday, 22 October 2012 04:31 PM

පතෝල කොරටුවක් මුර කිරීම සඳහා දඩුම් නියම කරන්න (ස)

:       0       0

ලහිරු Monday, 22 October 2012 04:46 PM

එහෙම දෙයක් වෙලාද? මට මතක නෑනේ... (ස)

:       0       0

සිල්වා Monday, 22 October 2012 05:12 PM

ඩියුටි.... ඩියුටි.... (නි)

:       0       0

පනාගොඩ Monday, 22 October 2012 05:16 PM

වදින තරමක් වදින්නේ පොඩි මිනිස්සුන්ටම තමයි. (නි)

:       0       0

ජයන්ත Monday, 22 October 2012 05:08 PM

පොලිස් ලොක්කා මොකද කරේ මේ දේවල් වෙද්දි (ස)

:       0       0

අනුර Monday, 22 October 2012 05:08 PM

ගොඩක් ඔය වගේ දේවල් වෙන්නේ කලින් හොඳට පරීක්ෂා කරලා සේවයට නොයැව්ව නිසයි (ස)

:       0       0

අරවින්ද Tuesday, 23 October 2012 07:11 AM

ත්‍රස්තවාදීන් සුපර් ස්ටාර්ලා වී, යුධ කළ සෙබලුන් ගල් කඩන යුගයක ඉදිරියේදී මේවා තවත් සුලභව දක්නට ලැබේවි. (නි)

:       0       0

අචිනි Monday, 22 October 2012 05:21 PM

මීට වැඩිය දඩුවම් දියයුතු අය ඕනෑතරම් අද නිදැල්ලේ. ජය වේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

තුෂාර Tuesday, 23 October 2012 07:34 AM

රාළහාමිලට ලේකම්තුමා ගැනවත් හිතන්න තිබුණා (ස)

:       0       0

සිල්වා Monday, 22 October 2012 05:34 PM

ලංකාව ලෝකයේ සාමකාමීම රට නම් යතුරුපැදිකරුටත් ඇයි බය? (නි)

:       0       0

නන්දි Monday, 22 October 2012 05:39 PM

රාජකාරිය හරියට කළා නම් ඉවරනේ. (නි)

:       0       0

උමාලි Monday, 22 October 2012 06:10 PM

රාළහාමිට මේ වතාවට සමාව දෙමු. (නි)

:       0       0

ජනිත Tuesday, 23 October 2012 08:57 AM

ඇයි මේ කොස්තාපල් දෙන්නෙක්ගේ වැඩ තහනම් කරන්නේ? වගකීම් ඇති පුද්ගලයන් හොයා දඩුවම් දෙන්න. (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 23 October 2012 09:01 AM

ඇයි යතුරුපැදියට ඔය තරම් දඩුවමක්. ඔයිට වඩා වැරදි කරන අය නැද්ද. සාධාරණයි කියලා හිතනවද. පොලිසියේ ලොකු මහත්වරුන් කරන්න ඕන තමන්ගේ නිළධාරියා රැක ගැනීම. සාධාරණය ඉටු කරන්න. 2 ගෙ වැඩ තහනම් කලාට කී දෙනෙක් බඩගින්නේ ඇද්ද. රු. 15000 ට කඹුරන තරම මදිද (ස)

:       0       0

තුල්සි Tuesday, 23 October 2012 09:15 AM

නම් දැරූ කොටි නායකයින් රටේ ඉහලම තැන් වල වඩා හිඳවූ රට නෙවෙයි නේද මේක?(ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 22 October 2012 06:44 PM

යතුරුපැදිකරුත් වැරදීනේ. තැනේ හැටියට ඇණේ ගැහුවානම් කාටත් හොදයි. යතුරුපැදිකරු අශ්වයෙකුගේ පිටේ ගියානම් හරි.අහිංසක පොලිස් කොස්තාපල්ලා දෙන්නත් එහෙනම් පාඩුවෙ ඉදියි. (නි)

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 23 October 2012 09:22 AM

යතුරුපැදි කරුගෙන් ප්‍රභූ ආරක්ෂාවට සිදු වූ තර්ජනය කුමක්ද ??? අපි කැමතියි දැන ගන්න (ස)

:       0       0

සූරා Monday, 22 October 2012 07:23 PM

දෑන් රට සාමකාමියි නේද???? (නි)

:       0       0

වරුණ Tuesday, 23 October 2012 09:54 AM

මේකට වගකියන්න ඕනි පොලීසියද ? ප්‍රභූ ආරක්ෂක අංශයද?? (ස)

:       0       0

කීර්ති Monday, 22 October 2012 07:32 PM

දැන් රටේ ත්‍රස්තවාදයක් නැහැ කියලනේ කියන්නේ. (නි)

:       0       0

කීර්ති Monday, 22 October 2012 07:33 PM

ලෝකයේ සාමකාමීම රට ලංකාවයි. (නි)

:       0       0

රවී Tuesday, 23 October 2012 10:04 AM

පිස්සු නැත්නම් ෂොක් නේද ? (ස)

:       0       0

ලලිත් Tuesday, 23 October 2012 10:22 AM

කොටි නිදහසේ සතුටු වෙද්දී අපේ ආරක්ෂක විරුවන් දුක් විදින එකේ, මේවා මොනවද? (නි)

:       0       0

නිහාල් Monday, 22 October 2012 08:17 PM

මර්වින්ට බාර දෙන්න ගස් බන්දන්න (අ)

:       0       0

රකිත Tuesday, 23 October 2012 10:46 AM

අමු අමුවේ මිනිසුන් ඝාතනය කළ අයට ඇමතිකම් දෙන රටක් නෙමේක..!(නු)

:       0       0

ගාමිණි Monday, 22 October 2012 09:13 PM

‍කොටි නැතිකරපු වීරෝධාර සෙන්පතියන් ඇයි ඔච්චර බයවෙන්නේ? (නි)

:       0       0

අමිල Tuesday, 23 October 2012 10:48 AM

මෙයාල පිස්සුද ? (ස)

:       0       0

ස්ටෙෆාන් Tuesday, 23 October 2012 11:06 AM

මේ වගේ පොඩි දෙයකට වැඩ තහනම් කරාම ඔක්කොම හරියයිද? වෙන දඩුවමක් ඇත්තෙම නැද්ද? පව්.ඒ රාළහාමිලා දෙන්නගේ පවුල් වල කී දෙ‍නෙක් මේ නිසා දුක් වෙනවා ඇතිද? මහත්වරුනි, නීතිය සහ යුක්තිය කියලා දෙකක් තියනවානේ.නීතිය ඉටු කරන්න කලින් යුක්තිය ගැනත් කල්පනා කරනවානම් හොදයි නේද? (ස)

:       0       0

සංජු Wednesday, 24 October 2012 11:06 AM

යතුරුපැදි කරුගෙන් ප්‍රභූ ආරක්ෂාවට සිදු වූ තර්ජනය කුමක්ද ??? දැන් රට සාමකාමියි නේද? කොටි නිදහසේ සතුටු වෙද්දී අපේ ආරක්ෂක විරුවන් දුක් විදින එකේ, මේවා මොනවද? අපි කැමතියි දැන ගන්න (ස)

:       0       0

අශාන් Tuesday, 23 October 2012 11:35 AM

වැරදි කරන මිනිස්සු තමයි ගොඩක් බය (ස)

:       0       0

අශාන් Tuesday, 23 October 2012 11:27 AM

වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි.... (නි)

:       0       0

විපුල Monday, 22 October 2012 10:01 PM

අනේ මෙයාලගේ ආරක්ෂාව.... අපි නොදන්නවායැ? (නි)

:       0       0

හේමන්ත Tuesday, 23 October 2012 11:39 AM

මේක බරපතල වරදක්. සමහර විට පෙර හුරුවක් වෙන්නත් පුළුවන්. කොටි නැතිඋනාට කොටින්ගේ උවමනාවල් තවම තියනවා. ආරක්ෂක ලේකම් තුමා ආරක්ෂා කරන්න බැරි පොලිසිය අපිව ආරක්ෂා කරයිද? දඬුවම සාධාරණයි. නපුරක් උනානම් මේ අදහස් පලකරන අයම තමයි පොලිසියට බනින්නේ.(ස)

:       0       0

ටිකිරි Monday, 22 October 2012 10:32 PM

ඔය විදියට බයේ ජීවත් වෙන්නේ කාගේ වුවමනාවකටද? (නි)

:       0       0

සුදත් Monday, 22 October 2012 11:41 PM

කවුරු කරන වැඩද මේවා (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 23 October 2012 01:53 AM

අපිව බලාගන්න කවුරුවත් නෑනෙ කියලා තමා කියන්න තියෙන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 687 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1357 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 297 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site