IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි

(නිමල කොඩිතුවක්කු)
 
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක‍්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට අද(15) දැනුම් දුන්නේය.
 
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ඉහත දැනුම් දීමට අනුව දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවේ නායකත්වයට අදාළ පරිච්ඡේවල විශාල සංශෝධනයන් ඉදිරියේදී කිරීමට නියමිතය.
 
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට පැවරී තිබෙන බලතල සහ වගකීම් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අරමුණ වී පවතී.
 
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණුද සැලකිල්ලට ගෙන පක්ෂ නායකත්වයට හිමිවෙන බලතලෙ, වගකීම් සහ ධූර කාලය සංශෝධනය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙයට පෙර ප‍්‍රකාශ කර තිබුණි.
 
මෙයට අමතරව පක්ෂ නායකත්වයේ බලතල සහ කාර්යභාර්යයේ වියයුතු වෙනස්කම් පිළිබ`දව තරුණ මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සියල්ල සැලකිල්ලට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට ලබාදුන් උපදෙස්වල වැඩිදුරටත් ස`දහන් වේ.

 

 

 

 

 

 

 



අදහස් (29)

පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි

Rasika Pradeep Sunday, 15 December 2019 07:42 AM

ලොක්කට බය හිතිලා ඊළගට එන කෙනා මෙයාගේ රෙකෝඩ් එක කඩයි කියලා.

:       2       169

GalaparaMonday, 16 December 2019 02:38 AM

ලජ්ජා කියලා එකක් තියෙනවනම් දැන්වත් නම්බු පිටින් ගෙදර යන්න. පක්ෂය වලපල්ලට යවල ඉවරයි.

:       0       124

ලුම්බිණි Sunday, 15 December 2019 07:52 AM

අවශ්‍ය එකම සංශෝධනයයි. පක්ෂ නායකයා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඡන්දයෙන් තෝරාගන්න එක. ජේ.ආර් වෙනස් කරන්න කලින් තිබුන ක්‍රමය ගේන්න.

:       27       75

Sus Sunday, 15 December 2019 07:55 AM

බයිලා ගහන්නැතුව ගිහින් මොලේ පරීක්ෂා කර ගන්න.

:       129       235

මුණසිංහ Sunday, 15 December 2019 08:58 AM

දැන් මගේ කාලය ඉවරයි. ඊළඟට එන අයට මං කරපු සෙල්ලම් දාන්න දෙන්න බෑ. අවුරුදු 2ක් විතර හිටියාම ඇති. ඊට පස්සේ තව කෙනෙකුට දිය යුතුයි. එහෙම නොකළොත් අකිලට ගන්නත් බැරුව යනවා.

:       35       122

de silva Sunday, 15 December 2019 08:58 AM

කරුණාකර ගෙදර යන්න.

:       21       126

MaheshSunday, 15 December 2019 09:41 AM

දුම්මල ගහලාවත් එළවන්න බෑ මෙයා නම්...

:       33       99

දිනේෂ් මාතර Sunday, 15 December 2019 04:24 PM

ලංකාවේ බහුතර දේශපාලකයන් තුළ "power to convince" හැකියාවක් ඇත්තේම නැත. පරීක්ෂකයා කියන්නේ කුමක්ද? ඉල්ලන්නේ කුමක්ද නොව සත්‍ය වශයෙන්ම කළයුත්තේ කුමක්ද කියා මහජනතාවට තේරුම් කරදීමට සිල්වලාට, පෙරේරල‍ාට, පතිරණලාට, සේනසිංහලාට, නානායක්කාරලාට, ප්‍රනාන්දුලාට තේරෙන්නෙම නැත. සිල්ලර දේශපාලකයින්ගේ හැටි එහෙමයි. සජිත්ව පරාද කිරීමේ වගකීම ඔවුන් සතුයි..

:       2       0

Mahesh Sunday, 15 December 2019 09:40 AM

යන්න අදහසක් නෑ වගේ. හොඳම දේ එයාට බෝඩ් එක තියාගන්න කියලා අලුත් පක්ෂයකින් ඡන්දෙට එන එක...

:       1       70

Anura Sunday, 15 December 2019 09:40 AM

මේ පක්ෂය දැන් විහිළුවක් වේගෙන යන්නේ..., පරණ එක්කෙනක්ටවත් රට ගැන කිසිම හැඟීමක් නැහැ.

:       28       521

MaheeSunday, 15 December 2019 11:01 AM

පළමුවැනි වාක්‍යය නම් 100% ඇත්ත. හැබැයි ඔබේ දෙවැනි වාක්‍යය මෙහෙම වුණා නම් වඩාත් ගැලපෙනවා "එක්කෙනෙකුට වත් රට ගැන හැඟීමක් නැහැ". මං ඒකට එකතු කරන්න කැමතියි "රට ගැන හිතනවා තියා "මේ කවුද, මොනවද කරන්නේ" කියලා එක්කෙනෙකුටවත් තේරුමක් නැහැ. අන්ධකාරෙ අතගානවා වගේ. එ්කේ ප්‍රතිඵලය මහා මැතිවරණයේදී ඔන්න බලාගන්න පුළුවන් වෙයි.

:       2       34

ajith paris Sunday, 15 December 2019 11:02 AM

තවත් කාලේ කන්නේ නැතුව රනිල් මහත්තයෝ යන්න කරුණාකරලා. කරදරයක් වෙන්නේ නැතිව...

:       15       217

sunil Sunday, 15 December 2019 11:27 AM

දැන් යන්න.

:       1       106

හොරුන් 225 එලවමු Sunday, 15 December 2019 11:50 AM

තණ්හාය ජායතී ශෝකෝ...

:       0       39

Hafeel Sunday, 15 December 2019 12:02 PM

මෙයා නම් කල්මරන්න සූරයා...

:       0       81

Buddika Sunday, 15 December 2019 02:06 PM

දෙයියන්ගේ නාමෙන් දැන්වත් ඉවත්වෙලා සජිත්ට තැන දෙන්න. ඊළඟපාර ඡන්දෙදී රනිල් නායකත්වයේ හිටියොත් එජාප මිනිස්සු ඡන්දය වර්ජනය කරයි. හැමදාම කළේ කොමිටි දාලා එකඑකා ගෙට දාලා කල්මැරීමයි. එහි ප්‍රතිඵලය වුණේ දවසින් දවස පක්ෂය විනාශ වීමයි. හොරා ඇල්ලුවේ නැහැ. ඒ නිසාම හොරු වීරයෝ වෙලා ඡන්දෙත් දිනුවා. බැඳුම්කර හොරු ආරක්ෂා කළා. ප්‍රශ්නවලට විසඳුම් දුන්නේ නැහැ. ඒ සියල්ලට රනිල් වගකිව යුතුයි.

:       31       173

sumil Sunday, 15 December 2019 02:07 PM

එන ඡන්දෙදීත් කෙලවෙනකම් ඔහේ කල් මරමින් සිටියි.

:       0       75

Ruwan Sunday, 15 December 2019 02:46 PM

ඔය පට්ටම සජිත්ට දීලා ඔයා යන්නකෝ... පක්ෂයට වගතුවක් නැත්තෙත් ඔයා හින්දා.

:       117       82

nimalMonday, 16 December 2019 06:21 AM

රනිල් 2015 මහ මැතිවරණය දිනලා අගමැති වුණේ 5,25,000 මනාප සමග... ඒක ඉතිහාසයේ කාටත් බිඳින්න බැරි වාර්තාවක්.... ඔහු 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා පැරදුණේ ඉතා සුළු ඡන්ද ගණනකින්... උතුරු නැගෙනහිර ඡන්ද නැතුව... ඉතිහාසයේ ඕනෑතරම් උදාහරණ තියෙනවා. රනිල්ව එළවලා බලමු. සජිත් වගේ අවියත් පුද්ගලයෙක් පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන්නේ කොහොමද කියලා...

:       0       0

Appuhami Sunday, 15 December 2019 02:49 PM

කොහොමද කල් මරන්න ගහන ගේම්? මෙයා මේක දාලා යන්නේ නැහැ.. මළාට... පක්ෂ නායකත්වය සජිත්ට දුන්නොත් ඉර අනික් පැත්තෙන් පායනවා සිකුරුයි.

:       0       10

විනිවිද Sunday, 15 December 2019 03:03 PM

එක්සත් ජාතික පක්ෂය මීලග මැතිවරණය සඳහා පෙරමුණු 3 සූදානම් කළයුතුයි. මෙම පෙරමුණු 3ම සටන්වදින්නේ එක අරමුණකින් විය යුතුය. එම පෙරමුණු ඔවුනොවුන් කිසිම අාකාරයක විවේචනය නොකළ යුතු අතර පක්ෂ නායකත්වය නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිරය පිටුපස සියලු කටයුතු කළයුතුය. 1. සජිත් ඔහුගේ ගම් මට්ටම සහ බිම්මට්ටමට කතාකරමින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යායුතුය. 2. කරු ජයසූරිය භික්ෂූන් වහන්සේලා සමග කතිකාවක් ඇතිකර ගැනීමට කටයුතු කළ යුතුය. 3. ඉදිරි මහමැතිවරණයේදී ප්‍රබල හඬක් නැගීමට හැකි උගත්, බුද්ධිමත් කාන්තාවක් පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරකට පත්කොට මධ්‍යම පන්තියට, කාන්තාවන්ගේ ඓතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමට ඉදිරිපත් වුවහොත් බහුතර අාසන ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව පවතී. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ දැනට සිටින සුදුස්සා බව මම සිතමි.

:       0       4

Sunil gikiyanage Sunday, 15 December 2019 03:13 PM

එහෙම තමයි වෙන්න ඕනේ... හිටපු පක්ෂ නායකයාගේ අනුමැතියෙන් හා හිටපු පක්ෂ නායකයට අවශ්‍ය ලෙස වර්තමාන නායකයා ක්‍රියාකළ යුතුයි වගේ සංශෝධනයක් ගෙන ආ යුතුයි.

:       3       0

Upali Sunday, 15 December 2019 03:29 PM

තව ඔළුගෙඩි මාරුවකට අරාඳින්න බව නම් පේනවා.

:       0       4

කපුරුහාමි Sunday, 15 December 2019 03:48 PM

අපේ රටේ දේශපාලුවන් ගැන නම් කියලා වැඩක් නැහැ. කෝලම් මඩුවක් වෙලා එකාට එකා කුලල් කා ගන්නවා. බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ. පක්ෂය ශක්තිමත් කරන්න කාටවත් වුවමනාවක් නැහැ. මෙහෙම ගියොත් මොනවයින් මොනවා වේවිද කියලා හිතාගන්නවත් බැහැ.

:       0       0

කීර්තිරත්න Sunday, 15 December 2019 04:05 PM

සිරිසඟබෝ රජතුමා හිස දන්දුන්නා වගේ මෙයත් තමන්ට තියෙන තනතුරු දන් දිදී යනවා. අනේ වාසේ...!

:       0       0

karthini Sunday, 15 December 2019 04:58 PM

එක්සත් ජාතික පක්ෂය තුළ නායකයන් ඇත. නමුත් ආකර්ශනීය නායකයන් නොමැත..!

:       0       4

nihal Sunday, 15 December 2019 05:54 PM

මෙයා යන්නේ නැත්නම්... නව එක්සත් ජාතික පක්ෂය ගොඩ නගා අලි දෙන්නා හෝ ඇතා ලකුණින් සජිත් පෙරට පැමිණිය යුතුයි...

:       18       26

banda Sunday, 15 December 2019 08:29 PM

රනිල් ඔයා දැන් යන්න...

:       0       0

Chandima Sunday, 15 December 2019 11:47 PM

රටේ ජනතාවගේ කැමැත්ත නොමැතිව සංසෝදන ගහ ගහ රටේ විධායක බලතල පවරගන්න ගිහින් අන්තිමේ රටේම මිනිස්සුන්ට එපා වුනා. පක්ෂේත් නැතිකළා. දැන් පක්ෂ සාමාජිකයින්ගේ කැමැත්ත නැතිව තියෙද්දී නායක කමේ එල්ලිලා ඉන්න, පරණ ක්‍රමේටම, සංසෝධන ගෙනෙන්න හදනවා. ඕක පක්ෂයක්ද? නැතිනම් කාගේවත් බුදලයක්ද? පව් අර සාමාජික මුදල් ගෙවල සාමාජිකයෝ වෙලා ඉන්න මිනිස්සු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1446 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 283 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 535 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 768 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 552 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site