පාකිස්තානු එක්දින ක‍්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවකු වන නසීර් ජම්සෙඞ් ආබාධයකට ලක්වීමෙන් ඔහුට ශ්‍රී ලංකාවේ තරග සංචාරය අහිමිව තිබේ. ජම්සෙඞ්ගේ වම් අතේ දබරැගිල්ල බිදීමක් සිදුව තිබෙන අතර ඔහුට සති හයක පමණ විවේකයක් ලබා ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.
22 හැවිරිදි ජම්සෙඞ් එක්දින තරග 16 කදී ශතකයක් සහ අර්ධ ශතක පහක් සමගින් ලකුණු 546 ක් ලබා සිටියි.
පාකිස්තානු ක‍්‍රිකට් කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි/20 තරගාවලි තුනකට සහභාගි වීම සඳහා මේ මස 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි/20 තරගය ජුනි මස 1 වැනිදා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ජුනි මස 7 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd