පාකිස්තානයේ පෙෂාවොර් නුවර, පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තුවාල ලබා රෝහල්ගත කළ ගණන 120 ක් යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
බෝම්බය පිපිරී යෑමෙන් මුස්ලිම් පල්ලියට පමණක් නොව, පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට ද දරුණු ලෙස හානි සිදුවුණු බව ද පැවැසෙයි.
ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවුණු තුවාලකරුවන් බේරා ගැනීම ලහිලහියේ සිදුවිය.
එය සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් අයි.එස්. ත්රස්තයන්ගේ ප්රචණ්ඩ ක්‍රියාවක් යැයි අනුමාන කෙරේ.
පාකිස්තානයේ සුන්නි සහ ෂියා මුස්ලිම් ආගමික ගැටුම් බහුලය. පසුගිය වසරේ මාර්තු මාසයේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
එම බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනකු ජීවිතක්ෂයට පත්විය. එම ප්‍රහාරය එල්ල කළේ අයි.එස්. ත්රස්තවාදීන්ය.
(එන්.ඩී.ටීවී.)
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්තාන පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්