IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පාකිස්තානය (01-01) විස්සයි-20 තරගාවලිය සම කරයි

සහීඞ් අෆ්රීඩිගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (03) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්වු දෙවනි තරගයෙන්  ලකුණු 23 ක ජයක් අත්කර ගැනිමට පාකිස්තාන පිල සමත් විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත  ඕවර 20 තුළදී කඩුලූ 6 දැවී ලකුණු 122 රැස් කළ අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායමට  ඕවර 19.2 තුළදී සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 99 පමණි. පාකිස්තාන පිලට ලකුණු අවශ්‍යම මොහොතේ ක‍්‍රීයාත්මකවු සහීඞ් අෆ්රීඩි පන්දු 33 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 52 ලබා ගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරමින් පන්දු වාර 4 කදී ලකුණු 17 කට කඩුලූ 02 ක් බිද හෙළිමටද සමත් විය. අවසන් තරගයේ වීරයා ලෙස සහීඞ් අෆ්රීඩිද තරගාවලියේ වීරයා ලෙස සොහේල් තන්වීර් සම්මාන දීනා ගත්හ. මෙම තරගයට ශ්‍රී ලංකා නිත්‍යය නායක මහේල ජයවර්ධන සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ක‍්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට චාමර කපුගෙදර සහ ඉසුරු උදාන කණ්ඩායමට කැධවනු ලැබිය. මේම තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දැරු පළමු තරගය වන අතර ශ්‍රී ලංකාවෙන් බිහි වු දෙවන ලාබාලතම නායකයාද වේ. කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකු ලකුණු 20 සීමාව පසුකර යැමට සමත් නොවිය. පාකිස්තාන පිල  ඕවර 20 කඩුලූ 6 දැවී 122 ( මොහොමඞ් හෆීස් 24, ෂොයිබ් මලික් 27, සහීඞ් අෆ්රීඩි නොදැවී 52, නුවන් කුලසේකර 13/2, කෞෂල්‍ය ලොකුආරච්චි 31/2) ශ්‍රී ලංකා පිල  ඕවර 20 කඩුලූ 7 දැවී 132 ( ටී. එම්. ඩිල්ෂාන් 18, චාමර කපුගෙදර 19, ළහිරු තිරිමාන්න 18, සොහේල් තන්වීර් 15/1, මොහොමඞ් සමී 15/3, සහීඞ් අෆ්රීඩි 17/2, යසිර් අර්ෆත් 17/2)  



අදහස් (0)

පාකිස්තානය (01-01) විස්සයි-20 තරගාවලිය සම කරයි

දමිත් Tuesday, 05 June 2012 07:53 AM

පොඩි එකෙක්ට දුන්නත් මේ ළකුණු ටික ගහයි

:       0       0

දිල්ශාන් Tuesday, 05 June 2012 05:54 PM

යෙෂාන් මහතා, ඔයාගෙ කතාව නිකං නටන්න බැරි මිනිහට පොලව ඇදයි කිව්ව වගේනෙ...

:       0       0

sss Monday, 04 June 2012 09:11 AM

ඇත්තටම මේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහන්න පුළුවන්ද?

:       0       0

සිසිර Monday, 04 June 2012 09:12 AM

මම හිතන්නේ පාකිස්තානයට දිනන්න දුන්නා කියලා

:       0       0

ලසාන් Wednesday, 06 June 2012 07:14 PM

මම පලමු තරගයට දාපු ‍කමෙන්ට් එක මේනක, ඉතාලි කියලා මේකෙ දාලා මේක හරි අසාධාරනයි

:       0       0

යේෂාන් Monday, 04 June 2012 12:01 PM

කාසියේ වාසිය දිනපු පිල තරගයත් ජය ගන්නවා.. එකයි වෙනස.. ලංකාවේ පිට්ටනි නම් අන්තිමයි..

:       0       0

මේනක, ඉතාලි Monday, 04 June 2012 03:44 PM

ලංකාවෙ තණතීරු සකස් කිරීම අන්තිමයි ‍. ඉදිරි ලෝක කුසලානයේදීත් නියමිත ප‍්‍රමිතියට තණතීරු සකස් නොකලහොත් ලංකාව දැඩි දෝෂ දර්ශණයකට ලක්වේවි. අවම වශයෙන් ලකුණු 150 ක් වත් ලබා ගත හැකි තණතීරු සකස් කල යුතුය.

:       0       0

ධනුශ්ක Thursday, 07 June 2012 10:26 AM

මේක පැරදුනාට ගනන් ගන්න එපා....අපේ අය හොඳට සෙල්ලම් කරා.....

:       0       0

ජගත් Monday, 04 June 2012 04:09 PM

මම මේකෙනුයි දන්නේ මෙහේ මැච් එකක් තිබුණ බව..

:       0       0

කපිල Tuesday, 05 June 2012 12:38 PM

දිනන දාට කොල්ලෝ මල් මාල දානවා.... එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ.. මොකද්ද මේ කලේ අහනවා......

:       0       0

යේෂාන් Tuesday, 05 June 2012 10:53 PM

දිල්ශාන් මහතා, අන්තිමට තිබුන තරග 2 බලපු ඕනෑම පොඩි එකෙකුට උනත් මම කියපු දේ තේරෙනවා.. 122ක් කියන්නේ දිනන්න පුළුවන් ගණක උනාට ලංකාවේ හම්බන්තොට අමාරුයි.

:       0       0

ගාමිණී Monday, 04 June 2012 05:46 PM

ප්‍රේමදාස පිටියේ ගහන්න හරිම ලේසියි. ලකුණුත් ඕනෑතරම්. රාජපක්ෂ පිටියේ ගහන්න හරිම අමාරුයි. ලකුණු ඇත්තේම නෑ. හැබැටම මොකක්ද මේ වෙනස.

:       0       0

බණ්ඩා Tuesday, 05 June 2012 12:59 PM

දැන්ද පුහුණුවෙන්නෙ...

:       0       0

සදුන් Tuesday, 05 June 2012 02:54 PM

අනාගතේ ගැන හිතල නම්කළ කණ්ඩායමක් නිසා පැරදුනාට මොකද ප්‍රතිඵල අනාගතේදී ලැබෙයි. අපේ කණ්ඩායමට ජය....

:       0       0

පියුමාල් Tuesday, 05 June 2012 02:20 PM

මාත් මුලින්ම මෙකෙන් තමයි දැනගත්තේ. එල එල ලංකාදිප.

:       0       0

ෂෙරීෆ් Monday, 04 June 2012 12:23 AM

අපේ කණ්ඩායමට තුන් ඉරියවු ක්‍රීඩකයෝ වැඩි වෙලානේ.ඒකයි

:       0       0

විනීත් Sunday, 03 June 2012 11:52 PM

ළදරුවොද මන්දා.ලැජ්ජාවේ බෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 109 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 460 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 492 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 309 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 898 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site