සහීඞ් අෆ්රීඩිගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (03) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්වු දෙවනි තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කර ගැනිමට පාකිස්තාන පිල සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත ඕවර 20 තුළදී කඩුලූ 6 දැවී ලකුණු 122 රැස් කළ අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 19.2 තුළදී සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 99 පමණි.
පාකිස්තාන පිලට ලකුණු අවශ්‍යම මොහොතේ ක‍්‍රීයාත්මකවු සහීඞ් අෆ්රීඩි පන්දු 33 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 52 ලබා ගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරමින් පන්දු වාර 4 කදී ලකුණු 17 කට කඩුලූ 02 ක් බිද හෙළිමටද සමත් විය. අවසන් තරගයේ වීරයා ලෙස සහීඞ් අෆ්රීඩිද තරගාවලියේ වීරයා ලෙස සොහේල් තන්වීර් සම්මාන දීනා ගත්හ.
මෙම තරගයට ශ්‍රී ලංකා නිත්‍යය නායක මහේල ජයවර්ධන සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ක‍්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට චාමර කපුගෙදර සහ ඉසුරු උදාන කණ්ඩායමට කැධවනු ලැබිය. මේම තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දැරු පළමු තරගය වන අතර ශ්‍රී ලංකාවෙන් බිහි වු දෙවන ලාබාලතම නායකයාද වේ. කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකු ලකුණු 20 සීමාව පසුකර යැමට සමත් නොවිය.
පාකිස්තාන පිල ඕවර 20 කඩුලූ 6 දැවී 122 ( මොහොමඞ් හෆීස් 24, ෂොයිබ් මලික් 27, සහීඞ් අෆ්රීඩි නොදැවී 52, නුවන් කුලසේකර 13/2, කෞෂල්‍ය ලොකුආරච්චි 31/2)
ශ්‍රී ලංකා පිල ඕවර 20 කඩුලූ 7 දැවී 132 ( ටී. එම්. ඩිල්ෂාන් 18, චාමර කපුගෙදර 19, ළහිරු තිරිමාන්න 18, සොහේල් තන්වීර් 15/1, මොහොමඞ් සමී 15/3, සහීඞ් අෆ්රීඩි 17/2, යසිර් අර්ෆත් 17/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි එකෙක්ට දුන්නත් මේ ළකුණු ටික ගහයි
මේක පැරදුනාට ගනන් ගන්න එපා....අපේ අය හොඳට සෙල්ලම් කරා.....
මම පලමු තරගයට දාපු කමෙන්ට් එක මේනක, ඉතාලි කියලා මේකෙ දාලා මේක හරි අසාධාරනයි
දිල්ශාන් මහතා, අන්තිමට තිබුන තරග 2 බලපු ඕනෑම පොඩි එකෙකුට උනත් මම කියපු දේ තේරෙනවා.. 122ක් කියන්නේ දිනන්න පුළුවන් ගණක උනාට ලංකාවේ හම්බන්තොට අමාරුයි.
යෙෂාන් මහතා, ඔයාගෙ කතාව නිකං නටන්න බැරි මිනිහට පොලව ඇදයි කිව්ව වගේනෙ...
මාත් මුලින්ම මෙකෙන් තමයි දැනගත්තේ. එල එල ලංකාදිප.
අනාගතේ ගැන හිතල නම්කළ කණ්ඩායමක් නිසා පැරදුනාට මොකද ප්‍රතිඵල අනාගතේදී ලැබෙයි. අපේ කණ්ඩායමට ජය....
දැන්ද පුහුණුවෙන්නෙ...
දිනන දාට කොල්ලෝ මල් මාල දානවා.... එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ.. මොකද්ද මේ කලේ අහනවා......
අපේ කණ්ඩායමට තුන් ඉරියවු ක්‍රීඩකයෝ වැඩි වෙලානේ.ඒකයි
ප්‍රේමදාස පිටියේ ගහන්න හරිම ලේසියි. ලකුණුත් ඕනෑතරම්. රාජපක්ෂ පිටියේ ගහන්න හරිම අමාරුයි. ලකුණු ඇත්තේම නෑ. හැබැටම මොකක්ද මේ වෙනස.
මම මේකෙනුයි දන්නේ මෙහේ මැච් එකක් තිබුණ බව..
ලංකාවෙ තණතීරු සකස් කිරීම අන්තිමයි . ඉදිරි ලෝක කුසලානයේදීත් නියමිත ප‍්‍රමිතියට තණතීරු සකස් නොකලහොත් ලංකාව දැඩි දෝෂ දර්ශණයකට ලක්වේවි. අවම වශයෙන් ලකුණු 150 ක් වත් ලබා ගත හැකි තණතීරු සකස් කල යුතුය.
කාසියේ වාසිය දිනපු පිල තරගයත් ජය ගන්නවා.. එකයි වෙනස.. ලංකාවේ පිට්ටනි නම් අන්තිමයි..
මම හිතන්නේ පාකිස්තානයට දිනන්න දුන්නා කියලා
ඇත්තටම මේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහන්න පුළුවන්ද?
ළදරුවොද මන්දා.ලැජ්ජාවේ බෑ