IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පකිස්ථාන හිටපු ජනපති අත්අඩංගුවේ

පකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනාසිර් භූතෝ ඝාතනයට සැකපිට පකිස්ථාන හිටපු ජනපති ජනරාල් පර්වේස් මුෂාරෆ් එරට ෆෙඩරල් පොලීසිය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ඔහුගේම ගොවිපොළේ රඳවාගෙන සිටින අතර සිකුරාදා (24) රාවල්පින්ඩි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2007 වසරේ දෙසැම්බර් 27 වැනිදා රාවල්පින්ඩි නගරයේදී බෙනාසීර් භූතෝ ඝාතනය කැරුණේ ඡන්ද රැළියක් අතරතුරේදීය.

වසර ගණනක් පිටුවහල් වී සිටි මුෂාරෆ් ගිය වසරේ පාකිස්ථානයට පැමිණියේ 2013 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහාය.

ඔහු තෝරා ගත් ආසන හතරම එරට මැතිවරණ කොමිසම ඔහුට අහිමි කළේය.

ඔහු බලයේ සිටියදී පාකිස්ථාන අගවිනිසුරු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ සිට බෙනාසීර් බූතෝගේ ඝාතනය දක්වා නොනිමි චෝදනා ලැයිස්තුවක් ඔහු පසුපස හඹා ආවේය.

 



අදහස් (0)

පකිස්ථාන හිටපු ජනපති අත්අඩංගුවේ

සමන් Thursday, 25 April 2013 09:49 PM

ජනරාල් පර්වේස් මුෂාරෆ් කියන්නේ මම කැමතිම නායකයෙක්. එතුමන් පකිස්ථානයේ ජනපතිව සිටියා නම් පකිස්ථානයට මේ වගේ ගැටළු වලට මුහුණ දීමට වෙන එකක් නෑ. දැන් දැන් පකිස්ථානය යන්නේ අන්තවාදය දෙසට. අල්කයිඩා ත්‍රස්‌තවාදය රැකවරණය ලැබෙනවා. මේක ආසියාවටම තර්ජනයක්.(නදී)

:       0       0

සිල්වා Thursday, 25 April 2013 09:50 PM

මේගොල්ලන් හිතන්න පුරුදු වෙන්න ඕනේ බලය තිබෙන්නේ ටික කාලයකට කියලා. අලගිය තැන මුල ගිය තැන ඔයලා පොලිත් සමග ගන්න.(නදී)

:       0       0

විශාඛා Thursday, 25 April 2013 09:54 PM

ඔය නීති අපේ රටේ තිබුනානම් මෙලහකට හිටපු ඔක්කොම හිරේ. (නදී)

:       0       0

හේරත් Friday, 26 April 2013 12:55 AM

මෙයා කතා කියන්නේ නඩු කරය වගේ. අපේ අයට " ඔහුගේම ගොවිපොළේ" ඉඩ නෑ බබෝ.(නදී)

:       0       0

නෙතුමි Friday, 26 April 2013 01:29 PM

කාට උනත් වැරැද්දක් කලානම් අනිවාර්යෙන්ම නිසි දඬුවම් දෙන්නම ඕනා. හොඳ ක්‍රියාවක් අගය කල යුතුයි, අපේ රටවලටත් මේවා ආදර්ශයක් කරගත යුතුයි.(නදී)

:       0       0

චින්තක Friday, 26 April 2013 01:38 PM

රකිත්, යුද්ධ වලදී මිනුස්සු මැරෙනවා. තුවක්කුවෙන්ද, ගෑස් වලින්ද කියන එක නෙවේ ප්‍රශ්නේ. ඉස්කෝලේ මොකක්ද?(නදී)

:       0       0

රකිත් Friday, 26 April 2013 04:01 AM

රජකම් කලත් කළ කම් පල දෙනවා. සදාම් හුසේන්ට, ගඩාපිට අත් වුනෙත් ඒ ඉරණම තමයි. (නි)

:       0       0

ජ.හේරත් Friday, 26 April 2013 04:04 AM

අපේ රටේ අයට නම් බය නැතුව ඕනෑ දෙයක් කරන්න බලය දීලානේ තියෙන්නේ (නි)

:       0       0

ලසන්ත Friday, 26 April 2013 01:54 PM

ඇවිල්ලා කර ගත්තා මදැයි

:       0       0

දම් Friday, 26 April 2013 04:45 AM

දහස් ගණන් ජනයා අනේක දුක් විදිද්දී ඔහු සැපට සිටියේ කෙසේද? මෝඩයින්ට ඔහු වීරයෙකි (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 26 April 2013 06:18 AM

අනේ සමන් මල්ලි ,ඔයා අපේ රටට හොඳ නායකයා තෝරලා දෙන්නකෝ! අහක තියෙන පකිස්ථානයට ඔයාගේ බුද්ධිය යොදන්නේ නැතුව (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 26 April 2013 02:16 PM

දම්, ඔයාගේ කතාව 100% අපේ රටේ මෝඩයින්ට නම් හොදටම ගැලපෙනවා.(නදී)

:       0       0

සෙන්තිල් Friday, 26 April 2013 02:17 PM

රකිත්, සදාම් හුසේන් ඉන්නකොටත් ඉරාකයත් එක්ක අපේ රට හොඳට වෙළඳාම් කළා. රට ඉඳි, පෙට්‍රල් ලාබෙට අපට එහෙන් ලැබුනා. ඉරාක් වල කිසිම යුද්ධයක් තිබුනේ නැහැ. ලංකාවේ අය ගොඩාක් එහෙ වැඩත් කළා (නි)

:       0       0

පෙරේරා Friday, 26 April 2013 06:43 AM

තමන්ගේ කල් ඉකුත් වුනාට පස්සේ ඕනෑම රටක නායකයෙකුට මේ වගේ ඉරනම් අත්‍ වෙන්ඩ පුළුවන් කියල උදාහරණ ලෝකය පුරහම තියෙනවා. (නදී)

:       0       0

බණ්ඩා Friday, 26 April 2013 02:18 PM

රකිත්, ඒත් සදාම් හුසේන්ගේ පුතාලට අපේ රටේ පුතාලා කරපු දේවලින් බාගක්‍යක්වත් කරන්න බැරි වුනා. (නි)

:       0       0

මුරුගන් Friday, 26 April 2013 02:23 PM

පකිස්තානෙට විතරක් නෙමෙයි, මැද පෙරදිග එමිරේට්,සවුදි,බහරේන් වගේ හැම රටකටම අල්කයිඩා බලපෑම් තියනවා. ඇමරිකාවයි එහි තාක්ෂණයයි නැතිනම් මෙලාකටත් මේ සාමකාමී රටවල් අල්ලාගෙන. (නි)

:       0       0

සුනිල් Friday, 26 April 2013 06:55 AM

බලාගෙන ගියාම පකිස්ථානේ ලංකාවට වැඩිය හොදයිනේ! (නි)

:       0       0

මොහොමඩ් Friday, 26 April 2013 07:16 AM

ඇමෙරිකාවට පාර කැපුවේ මුෂාරෆ් තමයි. ඔහු හොදයි කියලා කියන්න බැහැ. ජෝජ්ගේ බුෂ්ට් උදව් කළේ ඔහු තමයි. (නි)

:       0       0

යසන්ත Friday, 26 April 2013 08:13 AM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Friday, 26 April 2013 08:23 AM

බලය නැති උනාම කාටත් ඔහොම වෙන බව අපේ කට්ටියත් තේරුම් නොගන්න එකයි ප්‍රශ්නේ බලය කියන එක සදාකාලික දෙයක් නොවන බව තේරුම් ගත යුතුයි.(නදී)

:       0       0

ෂාන් Friday, 26 April 2013 09:09 AM

පාකිස්ථානය කියන්නේ රටක් නෙවෙයි අපායක්. ඒ කේ ඉන්න බහුතරයක් හොරු.(නදී)

:       0       0

චින්තක Friday, 26 April 2013 09:44 AM

රකිත්, ඔයා දන්නවද සදාම්ගේ මරණයෙන් පසු සහ ගඩාපිගේ මරණෙන් පසු එම රටවලට මොකද උනේ කියල? අන්තිමට එම රටවල් බෙදෙලත් ගියා. ඔහොම ගියොත් පකිස්තානෙට වෙන්නෙත් ඔය ටික තමයි . ඔයගොල්ලෝ හිටියොත් ලංකාවට වෙන්නෙත් ඕකමයි.(නදී)

:       0       0

සම්පත් Friday, 26 April 2013 09:46 AM

ඇමෙරිකාවට පාර කැපුවානම් ඔහු හොද නායකයෙක්. ජය වේවා!(නදී)

:       0       0

සම්පත් Friday, 26 April 2013 10:14 AM

කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.(නදී)

:       0       0

රකිත් Monday, 29 April 2013 04:10 AM

චින්තක, නිරායුධ අහිංසක තමන්ගේම රටේ පුරවැසියන් ඝාතනය කිරීම යුද්ධයක් නොව සාපරාධි ක්‍රියාවක්. යුද්ධයක් වුණත් කළ යුතු ආකාරය පිළිබඳව ලොව පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. අපේ ආරක්ෂක හමුදා අවුරුදු 30ක් කුරිරු ත්‍රස්තවාදීන් සමග කළ සටන් වලදී කවදාවත් රසායන අවි භාවිතා කළේ නැත. මේක තේරුම් ගන්න බැරිනම් මට අහන්න තියෙන්නේ ගියේ මොන ඉස්කෝලෙටද කියලා නෙමෙයි. ඇත්තටම ඉස්කෝලේ ගියාද කියලයි. (නි)

:       0       0

රකිත් Monday, 29 April 2013 04:21 AM

සෙන්තිල්, සදාම් හුසේන් කියන්නේ ප්‍රභාකරන් වගේ තම විරුද්ධවාදීන් විනාශ කරමින් ඒකාධිපති පාලනයක් ගෙන ගිය කෙනෙක්. ඇමෙරිකාව කරපු දේ හරි කියලා මම කියන්නේ නැහැ. නමුත්, මම කියන්න උත්සාහ කළේ වැරදි කළොත් එහි පලවිපාක කාට වුණත් ලැබෙන බවයි. (නි)

:       0       0

කුරුනේරු Friday, 26 April 2013 11:32 AM

ආසියාව කියන්නේ අන්තිම වනචාරී කලාපයක්. ලංකාව, ඉන්දියාව පකිස්ථානය කියලා ලොකු වෙනසක් නැහැ. ලංකාවේ තාම බ්‍රිතාන්‍යයන් ගෙනාපු ශිස්ටාචාරය පොඩ්ඩක් ඉතිරිවෙලා තියෙනවා. ඒකයි වෙනස (නි)

:       0       0

රකිත් Friday, 26 April 2013 11:33 AM

අනේ චින්තක, ඔයා දන්නවද සදාම් හුසේන් කියන්නේ තමන්ගේම මිනිස්සු ගෑස් ගහලා ඝාතනය කරපු කෙනෙක් කියලා. එයාගේ පුතාලා දෙන්නා කරපු දේවල් දන්නවද? ඔයා වගේ වන්දිභට්ටයෝ ඉන්නකන් අපේ රට හැමදාමත් වලේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 11 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 795 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1509 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1369 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 388 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 347 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38453 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site