IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු වේ?

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

දිගින් දිගටම කල්යමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ලකුණක් හෝ දක්නට නොලැබෙන බැවින් ,නාමයෝජනා අවලංගු කර මැතිවරණය කැඳවූ පසුව නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බව උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ද පෙන්වා දී ඇත.

ඒ අනුව,පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙනව් ඒමට දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදි තීන්දුවකට පැමිණ ඇත.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර,ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී සිටිති.

මහ නගර සභා 24ක් ,නගර සභා41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සදහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති.

 



අදහස් (11)

පුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු වේ?

දාස Monday, 12 June 2023 07:53 AM

මේ මිනිහා ජනතා අයතීන් කප්පාදු කරනවා දකින කොට ඇතිවෙන්නේ මහ ක්‍රෝධයක්..., කිසිම ජනවරමක් නැති කෙනෙක්...

:       7       30

Shashika519 Monday, 12 June 2023 09:13 AM

අයියෝ සල්ලි... පුංචි හෑවා...

:       3       22

jagath Monday, 12 June 2023 09:51 AM

ජනාධිපතිවරණය පේනවා... පුංචි ඡන්දය අවලංගු කිරීම... මේවා රනිල්ගේ ගැට... ගැට කිඹුලෙක්...

:       4       24

sriyal Monday, 12 June 2023 11:01 AM

රජයට ලොකු වන්දියක් දෙන්න වේවි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා

:       1       20

ටිකෝරිස් දාපනේ Monday, 12 June 2023 11:52 AM

ආර්ථික අර්බුදයක් තියෙනවා කියමින් මෙහෙම ජනතා මුදල් නාස්ති කිරීම සාධාරණ නැහැ. මෙහෙම දේවල් කරන්න තීන්දු තීරණ ගත් පිරිසෙන් වැයවූ සියලු මුදල් අයකරන්න ඕනෑ.

:       1       16

pradeep Monday, 12 June 2023 12:02 PM

මහජන සල්ලි කිසිම වගකීමක් නැතිව කාබාසිනියා කරන හැටි... එන්න අපි තව ටැක්ස් ගෙවමු..

:       1       12

ranjith Monday, 12 June 2023 12:06 PM

යහපත් පාලකයො පත්වෙවා කියල ඒ්ක තමා කියන්න තියෙන්නෙ

:       1       9

SAM Monday, 12 June 2023 01:01 PM

පසුගිය සති කිහිපය තුළ පක්ෂ විපක්ෂ දේශපාලන රැස්වීම නිරීක්ෂණය කිරීමේදී තරුණ සහභාගීත්වය ඉතාම අඩු වශයෙන් දක්නට ලැබිණි, බොහෝ තරුණයින් 18 - 30 අතර වර්තමාන දේශපාලනය පිළිබඳ දැඩි කලකිරීමකින් සිටියි. එමනිසා රටට වෙනසක් අවශ්‍ය නම් තරුණ දායකත්වය සහ සහභාගීත්වය අවශ්‍ය වේ. එම නිසා පවත්වන්නේ කුමන මැතිවරණයද කියලත් රටට වෙනසක් ලබාදිම ආරම්භ කළහැකි වන්නේ කුමන මැතිවරණයකින් පසුවදැයි සිතා බැලීම වැදගත් වේ.

:       7       6

සත්‍ය ගවේෂී. Monday, 12 June 2023 03:51 PM

තරුණයන් කිව්වාට, කඩ සාප්පු, මහජන දේපළ හා ගෙවල් දොරවල් ගිනි තියන්න දක්ෂ, අසංවර දඩබ්බරයින් ලොරි ගණන් පිරුණු සෙනගින් වැඩක් වෙන්නේ නැහැ. වෙන්නේ අවැඩක්මයි. රට බංකොළොත් වීම නිසා රටේ මහජනතාව පාරට බැස්සා. ඒ අතරට ඔය කියන දඩබ්බර නරුමයින් ලිස්ට් එකකින් මැති ඇමැති වරුන්ගේ ගෙවල් ගිණි තියන්න පටන් ගත්තා. ඊට පස්සේ සිදුවුණේ අර සැබෑ මහජන හඬ යටපත් වී එයට වෙනත් දෙයක් ආදේශ වුණා. ඔන්න ඔය නරුමයන් කළ අපරාධය...

:       3       4

Bamunuarachchi Monday, 12 June 2023 04:42 PM

අවලංගු කරන්න මේක ඡන්දෙ තියන්න අවස්ථාවක්‌ නොවෙයි...

:       3       3

චන්දිම ෆොන්සේකා Monday, 12 June 2023 05:02 PM

ජනාධිපති රනිල් තම බලය අයුතු ලෙස යොදා ගනිමින් මැතිවරණය පැහැර හැරියා. එය බරපතල මානව හිමිකම් උල්ලංඝනයක්. යම් දවසක ඔහු තනතුරෙන් පහ වූ දිනක ඔහුටද සිරිසේනට වුණා වගේ නඩු පැවරෙනවා. මොකද එතකොට මුක්තිය නැහැනේ. සාධාරණය ඔප්පු වුණොත් ඔහුට අනිවාර්යයෙන්ම හිර දඬුවම් ලැබෙනවා. හිරේ යන්න වෙනවා. පින් ජනපතිකමේ බෝනස් එක එහෙම තමයි ලැබෙන්න ඕනෑ. නමුත් රනිල් තමයි එතැනට තල්ලු නොවෙන්න කළහැකි සියලු උප්පර වැට්ටි දානවා. මේ සමහර අශික්ෂිත හිවලුත් එකතු කරගෙන මේ කරන්නේ එවැනි උප්පර වැට්ටියක්...

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 374 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 194 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 297 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 363 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 212 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 142 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site