IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පුංචි තිරයේ සකී

2016-11-11-ent-64

සකී කියන්නෙ පිටිසර දුෂ්කර ගම්මානයක ජීවත්වෙන පුංචි දැරියක්. ඉගෙනීමට බොහෝ සෙයින් දක්ෂ ඇය ගෙවන්නේ ඉතා අවාසනාවන්ත ජීවිතයක්. කුඩා කාලයේම සිදුවූ පියාගේ අභාවයෙන් පසු තම මව දෙවැනි වර විවාහ කර ගන්නා මහතුන් නමැති බාප්පාගේ වෙනස්කම් මැද ඇය ගෙවන්නෙ දුෂ්කර ජීවිතයක්. ඒ වෙනස්කම් මැද වුවත් සකීගෙ මව වන නයනා බොහෝ සෙයින් උත්සහ ගන්නෙ ඇයට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට. නමුත් කිසිදිනෙක මහන්සි වී වැඩක් නොකරන මහතුන්ට අවශ්‍ය වෙන්නේ හැකි ඉක්මනින් සකීගෙන් මිදෙන්නට. වැවේ මාළු බෑම ජීවිකාව කරගත් සකීගේ සීයාගේ අසීමිත ආදරය මැද ජීවත්වෙන මේ දැරියට සීයා නිතරම පවසන්නේ ඇයගෙ පියා හඳේ ජීවත්වෙන බව. ඒ නිසයි සකී නිතරම සඳට කතා කරන්නෙත්. එමඟින් ඇයගේ ඇස්වලට ලොකු බලයක් ලැබෙනවා. ඒ බලයෙන් රෝගීන් සුවපත් කිරීමේ සුවිශේෂී හැකියාවක්ද කාලයත් සමග ඇයට පවතිනවා.

 

සකීට ලැබුණු අත්භූත බලය පිටුපස ඇති රහස කුමක්ද?

ඇයගේ අධ්‍යාපනයට කුමක් වේද?

මේ සියලූ හැලහැප්පීම් මැද සකී සිය ජීවිතය කෙසේ ජය ගනීද?

 

2016-11-11-ent-63මෙවන් වූ ගැටලූ ගණනාවක් සමගින් ඉදිරියට ගලා යන සකී සෑම සතියේ දිනකම පස්වරු 6.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙනවා. රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්‍ෂණයෙන් තරංග දිසානායක නිෂ්පාදනයෙන් ඉදිරිපත් කරන මෙහි ප‍්‍රධාන චරිතය වන ‘සකීට’ පණ පොවන ළමා රංගන ශිල්පිනිය තමයි හිමායා විතාරණ.

ඒ පුංචි රංගන ශිල්පිනිය වෙනුවෙන් ‘‘සකී’’ ගැන කතා කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.

 

‘‘සකී’’ ඔයාගෙ ඇත්ත නම මොකක්ද

හිමායා සමුදි විතාරණ

 

දැන් වයස කීයද?

අවුරුදු 11යි

 

සකී කියන්නෙ ඔයා රඟපාන පළවෙනි ටෙලි නාට්‍යයද

නෑ. මගෙ පළවෙනි ටෙලිනාට්‍යය සුජාතා

 

සුජාතා එකේ කාටද රඟපෑවෙ.

මම සුජාතා එකේ මලිතිට රඟපෑවෙ.

 

ඉස්සෙල්ලම කැමරාවට මුහුණදෙද්දි මොකද හිතුණෙ? බය හිතුණෙ නැද්ද?

ටිකක් බය හිතුණා. ඒත් ඒ ටෙලිනාට්‍යයේ රවීන්ද්‍ර මාමා ඇතුළු ඒකෙ වැඩ කරපු හැමෝම මට ගොඩක් උදව් කළා.

 

තව මොන නිර්මාණවලටද සම්බන්ධ වුණේ.

‘‘බ්ලැක් මේල්’’ කියලා සහ සිදු චිත‍්‍රපටයක හිටියා. තව ‘‘ලොකු අප්පච්චි’’ කියන නාට්‍යයටත් හිටියා.

 

සිª එකේ හිමායා කාටද රඟපාන්නෙ.

මම සිඟිතිට තමයි රඟපෑවෙ. ඒත් දැන් මම ඒකෙ නෑ.

 

එතකොට දැන් ඇවිල්ලා තියෙන ටෙලිනාට්‍යයෙ ප‍්‍රධාන චරිතය කරන්නෙ හිමායා නේද?

ඔව්

 

ඒ නාට්‍යයෙ චරිතය ගැන ටිකක් කියමුද?

මම රඟපාන්නෙ ‘සකීට’ සකී කියන්නෙ බලයක් තියෙන ළමයෙක්. ගොඩක් දුෂ්කර ගමක ජීවත්වෙන්නෙ. ඉගෙනගන්න ගොඩක් දක්ෂයි. ඒ වුණත් ඒ දේවල්වලට ඉඩක් ලැබෙන්නෙ නෑ. ගොඩක් අවාසනාවන්ත ජීවිතයක් ගත කරන්නෙ. ඒත් එයාට ලැබිලා තියෙන බලයෙන් හැමදේම ජයගන්නවා.

 

ඔයාටත් බලයක් තියෙනවද?

නෑ අනේ... කතාවෙ සකීට තමයි බලයක් තියෙන්නෙ.

 

ඒ චරිතෙ කරද්දි බය හිතුණෙ නැද්ද?

නෑ. මම ගොඩක් ආසාවෙන් ඒක කරන්නෙ. මට හැමෝම උදව් කරනවනෙ. ඉතින් බය නෑ.

 

කව්ද හිමායව මේ චරිතෙට තෝරගත්තෙ?

මේ කතාව අධ්‍යක්‍ෂණය කරන රවීන්ද්‍ර විජේරත්න මාමයි, නිෂ්පාදනය කරන තරංග දිසානායක මාමයි තමයි මට කතා කළේ.

එතකොට හිමායට උදව් කරන්නෙ කව්ද මේ චරිතය හොඳට කරන්න.

රවීන්ද්‍ර මාමා, තරංග මාමා, ප‍්‍රියන්ත රණසිංහ මාමා ඇතුළු මේ නාට්‍යයෙ ඉන්න ඔක්කොම මාමල, නැන්දලා මට ගොඩක් උදව් කරනවා. එතකොට මට නාට්‍යය උගන්වන පාලිත ලොකුපෝතාගම සර්වත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ.

 

හිමායාගෙ ඉස්කෝලෙ මොකද්ද?

පන්නල ජාතික පාසලේ තමයි මම ඉගෙනගන්නෙ.

 

ඔයා රඟපාන්න ඇවිල්ල ඉද්දි ඉස්කෝලෙ වැඩ පාඩු වෙන්නෙ නැද්ද?

නෑ. ඉස්කෝලෙ ප‍්‍රින්සිපල් සර් ඇතුළුව අපේ පන්තිභාර ලක්මාලි මිස්, ජානක සර්, ස්වර්ණා මිස්, උපාලි සර් ඒ හැමෝම උදව් කරනවා. මගෙ යාලූවොත් ගොඩක් උදව් කරනවා. අක්කයි, අක්කගෙ යාලූවොත් උදව් කරනවා.

 

ඉස්කෝලෙ ඔයාගෙ හොඳම යාළුවා කව්ද?

ඔක්කොම යාළුවො. හොඳම යාළුවා හෂීතා. ඒත් එයා දැන් නෑ. ඉස්කෝලෙන් අස්වුණා.

 

හිමායා රඟපාන්න ගොඩක් කැමතිද?

ඔව් ගොඩක් කැමතියි.

 

ඔයාව රඟපාන්න යොමු කළේ කව්ද?

අම්මයි තාත්තයි පාලිත ලොකුපෝතාගම සර් ළඟට මාව යොමු කළා. නාට්‍යය ඉගෙනගන්න. ප‍්‍රියන්ත මාම තමයි මාව නාට්‍යවලට දැම්මෙ.

 

හිමායාට ගෙදර තව කව්ද ඉන්නෙ?

අක්කයි, අම්මයි, තාත්තයි, මමයි තමයි ගෙදර ඉන්නෙ.

 

ඔයාව ඔඪ එකේ දකිද්දි යාළුවො මොනවද කියන්නෙ?

ලස්සනට රඟපෑවා ගොඩක් හොඳයි කියලා කියනවා.

 

එතකොට ඔයාට මොකද හිතෙන්නෙ?

මට ගොඩක් සතුටුයි.

 

ඔයා ඉස්කෝලෙදි ඉගෙනගන්න වැඩිපුරම කැමති විෂය මොකක්ද?

මම ගොඩක් විෂයන්වලට කැමතියි. ඉතිහාසය, සෞඛ්‍ය, නැටුම්, ඉංග‍්‍රීසිවලට කැමතියි.

 

එතකොට වැඩියෙන්ම ලකුණු තියන්නෙ මොනවටද?

පුරවැසි අධ්‍යාපනයට

 

හිමායා ලොකු වුණාම කව්රු වෙන්නද කැමැති?

පශු වෛද්‍යවරියක් වෙන්න.

 

ඇයි ඒ?

මම සත්තුන්ට ගොඩක් ආදරෙයි. එතකොට එයාලා ලෙඩ වුණාම මට පුළුවන්නෙ බෙහෙත් කරලා හොඳ කරන්න.

 

ඔයා ඉදිරියෙදිත් රඟපාන්න බලාපොරොත්තු වෙනවද?

ඔව් මම ගොඩක් ආසයි රඟපාන්න.

 

ධනු විජේරත්න

 

2016-11-11-ent-65
2016-11-11-ent-62
2016-11-11-ent-61



අදහස් (0)

පුංචි තිරයේ සකී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 0 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2014 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1642 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 364 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 610 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 765 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39891 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site