ධීවර හා ජලජ සම්පත් ආඥා පනතින් අපනයනය තහනම් කර ඇති කුඩා ජීවී පොකිරිස්සන් 669 ක් සහිත පෙට්ටි 8 නීති විරෝධී ලෙස වියට්නාමයට යැවීමට උත්සහ කළ ව්‍යාපාරිකයෙක් සහ ඒ සඳහා සහය දුන් වාප්පු ලිපිකරුවෙක් රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් අද අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු මීගමුව ප‍්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් අපනනයන සමාගමක හිමිකරුවෙකු බව රේගුව කියයි.
සෙන්ටිමීටර් හයට අඩු කුඩා පොකිරිස්සන් අපනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් ප‍්‍රමාණයෙන් විශාල පොකිරිස්සන් බලපත‍්‍රයක් යටතේ අපනයනය කළ හැකි වුවත් අදාල සමාගමට ඒ සඳහා හෝ බලපත‍්‍ර නොමැති බව රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා කීවේය.
මෙලෙස නීති විරෝධී ලෙස කුඩා පොකිරිස්සන් අපනයනය කිරීමට යාමෙන් පොකිරිස්සන් ගහනය අඩුවී මෙරට පරිසර පද්ධතියට බලපෑම් එල්ලවිය හැකි බවත් කීය.
මෙම පොකිරිස්සන් සහිත පෙට්ටි ආහාරයට ගන්නා මාළු වශයෙන් රේගුවට ප‍්‍රකාශ කර වියට්නාමයට යැවීම සඳහා සූදානම් කර තිබියදී රේගු ජෛව විවිධත්ව ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් භාන්ඩ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොකිරිස්සන් සහිත පෙට්ටිවල බර කිලෝග‍්‍රෑම් 136 කි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත රේගු සමාජ ආරක්ෂන අංශයේ අධ්‍යක්ෂක කේ ඞී නිකොලස් සහ රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්සක ඞී. විජේසිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප‍්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරීවරුන් වන සහන් ජයසිංහ, අසංක ප‍්‍රියදර්ශන, තිලංක සමරවීර යන නිලධාරීහු සිදු කළහ.
මේ පිළිබඳව රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී. විජේසිරිවර්ධන මහතා විසින් සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ එක හමාර බැගින් රුපියල් ලක්ෂ තුනක දඩ නියම කළ අතර පොකිරිස්සන් 669 දෙනා ගැඹුරු මුහුදට මුදා හැරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොකිරිස්සො ඩෙවල් කරල කන්නේ නැහැ. පව් මේ සත්තු උයන්නෙ පන පිටින්. මරලා උයන්නේ නැහැ කොහෙවත් හෝටල් වල. හරිම අසරන සත්තු. මේක බලන්න. https://www.youtube.com/watch?v=6Ndw8upyJKo (නි)
මේක පළවෙනි වතාව වෙන්න බැහැ. සල්ලි හොයන මගවල්. නීතියේ දුර්වලකම ,දේශපාලන අතදීම තමයි. (නි)
ආයතනයේ නම,පුද්ගලයාගේ නම සඳහන් කරන්නේ නැත්තේ මන්ද?අපිත් ආසයි දැනගන්න. (නි)
මම නම් හිතන්නේ මේක මේ පළවැනි වතාවට වෙන්න බැහැ. කොතනක හරි අවුලක් වෙන්න ඇති. (නි)
ඔය පොකිරිස්සෝ ඔක්කොම මුහුදටම යනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙලෝ රහක් නැහැ මුන් (නි)
ග්‍රෑම් 100 ට අඩු ඉස්සෝ අල්ලන්නත් තහනම්. බිත්තර දාන්න ඉන්න ඉස්සොත් අල්ලන්න තහනම් (නි)
පෙරේතකම තමා. (ස)
කනකොට ඊය ගාන එකක් නෑ. (ස)
ඊය මුන්ගේ හැටි. (ස)
මරු ඩෙවල් එක. (ස)
මරු ඩෙවෙල් එක. (ස)
පොඩි එකානේ
කියා දුන්නට ස්තුතියි. (ස)
මුන්ගේ දිග මනින්නේ කොහොමද ? (ස)
අල්ලපු කට්ටියට හරි සන්තෝෂයි වගේ අපරාදෙ ඩෙවල් කරල ගත්තනම් කියල හිතෙනවද දන්නෙ නෑ. (ස)
අනේ ඒ වැඩේ නම් 100 හොදයි
මේ පොකිරිස්සෙකුට පැය 6 කට වඩා වතුර නැතුව ඉන්න පුළුවන්. පැය කිහිපයක් තුල මුහුද තිබෙන දිශාව සොයාගෙන කිලෝමීරට කිහිපයක් ගමන් කර මුහුද සොයාගන්නත් පුළුවන්.(ස)
පොකිරිස්සෙක්වත් කොහේ ඉතුරු වෙන්නද ? (ස)
මුන්ට වතුර නැතුව ඉන්න පුලුවන්ද ? (ස)
මුන්ගේ දිග මනින්නේ කොතන ඉදන් කොතනටද ? (ස)
මුන් සෙන්ටිමීටර් 6 ට වඩා නම් දිගයි. (ස)
මුහුදද දමන්න තිබුනේ පොකිරිස්සන්ව විතරක් නෙමෙයිනෙ ? (ස)