IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පුංචි පුතා ලොකු වැඩක් කරයි

බදුල්ලේ විනීතගම වියදිගුණ ගෙදරක නව හැවිරිදි දරුවෙක් උදේ පහට අවදවී හය හැවිරිදි මල්ලීට ද කවා පොවා, ඇඳුම් අන්දවා සැතපුම් එක හමාරක් දුර පාසලට පයින් යයි.

ලිප පත්තු කිරීමට උස මදි නිසා පුටුවක් උඩට නැඟ ලිප පත්තු කරයි.

උදේ හතට මල්ලීද සමග පාසල් යන ඔහු මල්ලීද සමග සවස ගෙදර එයි.

ඔහුගේ මව කොළඹ රෝහලක කණිටු සේවිකාවකි.

පියා ගැන තොරතුරක් නැත.

දරුවන් සමග සිටීම සඳහා මව බදුල්ලට මාරුවක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව කියති.

මව මාසයකට දෙකකට වරක් ගෙදර එන්නීය. දරුවනට අවශ්‍ය කෑම බීම සපයා යළි කොළඹ යන්නීය. පියදිගම විදුහලේ විදුහල්පති ඇකිරියේ ධම්මරතන හිමියෝද, ගුරුවරු ද, ඇසල්වැසියෝ ද මේ දරු දෙදෙනා පත්වී සිටින ඉරණම දනිති.

බදුල්ල පොලීසිය අද ඔවුන් පොලීසියට රැගෙන ආවේ ඔවුන්ට ආරක්ෂාව සැලසීම සඳහාය.

වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතා ඒ පියවර ගත්තේය.  

 බත් හැලියක් ද එළවළුවක් ද කුස්සියේ තුබූ බව පොලීසිය කියයි..

දරු දෙන්නා බදුල්ල උසාවිය මගින් පරිවාස බාරයට පත් කිරීමට නියමිතය.

ඇගේ ලොකු දරුවන් (12/7) දෙන්නා බදුලුපිටියේ මිත්තණිය ළඟය.

 

 



අදහස් (0)

පුංචි පුතා ලොකු වැඩක් කරයි

හේරත් Saturday, 11 May 2013 08:24 AM

කදුළු එනවා අහපුවහම,(නදී)

:       0       0

පනික් Saturday, 11 May 2013 06:28 PM

කරුණාකර මේ පවුලේ විස්තර දැනගන්න සලස්වන්න. මෙයාට සේවයෙන් ඉවත් වී දරුවන් සමග ජීවත් වියහැකි තරමේ අදායමක් සපයා දීමට කටයුතු කරන්නම්.(නදී)

:       0       0

තිලක් Saturday, 11 May 2013 08:28 AM

මේ අහිංසක යථාර්තයමයි මටත් තිබුනේ. තාත්ත නැති වුණා. අම්මා අපිව දාලා ගියා. මට අවුරුදු නමයයි. උදෙන්ම නැගිටලා උයනවා. නංගිට මල්ලිට උයලා කෑම දෙනවා. තුන්දෙනාම පාසල් යනවා. රාත්‍රියට බය හිතෙනවා . මම පන්තියේ පළවෙනියා. දැන ඉන්නේ ඇමෙරිකාවේ (නි)

:       0       0

ලෙස්ලී Saturday, 11 May 2013 08:29 AM

මේ වැඩේ කරන්න ඇමැති කම් ඕනේ නැහැ. මේ නිලධාරීන් හරියට වැඩ කරනවා නම් ඔය වගේ ප්‍රශ්න නැහැ.(නදී)

:       0       0

උපුල් Friday, 17 May 2013 09:55 AM

දැන් ඉන්න නිලධාරීන්ගේ මොළේ තියෙන්නේ ඇළේද ? (ස)

:       0       0

අසේල Friday, 10 May 2013 07:31 PM

දිරිය දරුවෙක් ජාතියටම ආදර්ශමත්. පරිවාස ගතකිරීම තුලින් දෙදෙනාටම යහපතක් වනවානම් හොඳයි.(නදී)

:       0       0

කමල් Friday, 10 May 2013 07:43 PM

මේ වගේ දරුවන් ඉන්න අම්මා කෙනෙකුට ස්ථාන මාරුවක් දෙන්න බැරි නිලධාරීන්ද අපේ ආසියාවේ ආස්චර්ය. ළමයි පරිවාසෙට දාලා සදා වෛරක්කාරයෝ කරන්නේ නැතිව දරුවගේ අම්මට මාරුවක් හදා දෙන්න කටයුකු කළොත් හොදයි නේද?(නදී)

:       0       0

චමින්ද Saturday, 11 May 2013 08:46 AM

පරිවාස බාරයට පත් කරනවට වඩා හොදයි මවට ස්ථාන මාරුව හදලා දෙන එක. පවු අහිංසක දරුවෝ දෙන්නා. (නි)

:       0       0

බන්දුල-කටාර් Friday, 10 May 2013 07:55 PM

මේ අම්මවයි දරුවන්වයි අසරණ කරලා තාත්ත වෙනත් විවාහයක් කරගන නම් එයාට නිසි දඩුවම් දිය යුතුයි. දරුවෝ දෙන්නගේ ආරක්ෂාව ගැන බලපු එක නම් ගොඩක් වටිනවා.(නදී)

:       0       0

විමල් Tuesday, 14 May 2013 01:18 PM

අපගේ සියලුම දුක් කරදර දිවකනින් ඇසීමට ජනපතිතුමාට හැකියාවක් නොමැති බැවින් මෙපුවත එතුමාට දකින්නට ලැබී අහිංසක දරුවන් දෙදෙනාට තමුන්ගේ මව සමග ජීවත් වීමට ඉඩ සලසත්වා! (නි)

:       0       0

රූපා Saturday, 11 May 2013 09:21 AM

නදී කියපු කතාව හරියටම හරි (නි)

:       0       0

දයා අලහාහෝකන් Saturday, 11 May 2013 09:38 AM

මේ දරුවන්ගේ දුක අපගේ විමල් විරවංශ ඇමතිතුමාගේ නෙතට ලක්වේවා. අනුන්ගේ දුක දන්නේ එතුමා පමණයි. (ස)

:       0       0

ධම්මිකා සෞදි Saturday, 11 May 2013 07:57 PM

දරුවන්ගෙන් අම්මව ඇත් නොකර ඔක්කොම එකට ඉදලා ජිඉවත් වෙන්න මර්ගයත් සලසා දෙන්න.(නදී)

:       0       0

පද්මිණී Saturday, 11 May 2013 09:59 AM

කිරිමුහුදට හඳ පැව්ව වගේ අහිංසක කම දොරේ ගලන පැටව් දෙන්නෙක්. සිංහල ජාතිය වඳ වේගන යනවා කියල කෑ මොර දෙන්නේ. මේ දරුවන්ට අම්මගේ රැකවරණය ලබා දෙන්න.මෙය අපේ වගකීම නේද? (ස)

:       0       0

තිලක් Friday, 10 May 2013 08:23 PM

මෙ රටේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැහැ.(නදී)

:       0       0

සම්පත්. Saturday, 11 May 2013 08:02 PM

අසරණයන්ගේ දුක කාටවත් පෙන්නේ නැද්ද. ඇයි ඒ අම්මට මාරුවක් දෙන්න බැරි. බලදරයන්ට මේ වගේ අහිංසකයන්ගේ දුක පෙන්නේ නැද්ද. හැකි ඉක්මනට මේ අම්මට මාරුවක් ලබා දෙන්න ඇස් ඇරේවා කියල ප්‍රර්ථනා කරනවා.(නදී)

:       0       0

ෂාන් Saturday, 11 May 2013 10:04 AM

පින්තුර නැත්නම් පිළිගන්න බැහැ.(නදී)

:       0       0

උදය Saturday, 11 May 2013 10:17 AM

කෝ මේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා නිදිද ?(නදී)

:       0       0

සම්පත් Saturday, 11 May 2013 08:22 PM

රනිල් ක්‍රිස්තියානි පල්ලියෙන් විතරද ඒ ළමයන්ට සහනයක් සලසන්න පුළුවන්? හැම දෙනාම ආගම වාසි ගන්න හදන්නෙපා. ඔවුන්ගේ අම්මට මාරුවක් සාදලා දුන්නනම් ප්‍රශ්නේ ඉවරයි.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 11 May 2013 10:18 AM

මේක තමා ඇති නැති පරතරය බලයක් නැති තැන ශක්තියක් නැහැ හරියට නිව්ටන් මාමගේ නියමය වගේ. (ස)

:       0       0

කමල් Saturday, 11 May 2013 10:20 AM

පළාත් සභා යටතේ පවතිනකොට මධ්‍යම ආණ්ඩුව මොනවා කරන්නද? මේ සිස්ටම් එකේ ප්‍රශ්න නිසා තමයි ‍‍මේ ඔක්කොම (නි)

:       0       0

ජෝන් Saturday, 11 May 2013 10:33 AM

විහිළු නැතුව, මවට මාරුවීමක් හදල දුන්න නම් හරිනේ සරලව කරන්න පුළුවන් ඔක්කොම පටලව ගන්න එක තම අපි හැමද කරන්නේ. දැන් පරිවාසේට ගත්ත කියල මොනවද අලුතෙන් ලැබෙන්නේ. (ස)

:       0       0

නිශාන්ත Saturday, 11 May 2013 10:35 AM

රනිල් ලියනවා මොනවද ලියන්නේ කියලා එයාවත් දන්නේ නැ. මඩම්, පල්ලි වල කරන දෙවල් අපි දැක්කා. අම්මට ස්ථාන මාරුවක් ලබදුන්නනම් හරි. (ස)

:       0       0

ධම්මිකා Saturday, 11 May 2013 08:36 PM

මෙය ප්‍රචාරය කරන්න හොදම විදිහ තමා අහිංසක මව සහ දිරිය දරු දෙදෙනා. දරුවනේ ඔබලාට දෙයියන්ගෙම පිහිටයි.(නදී)

:       0       0

හේරත් Saturday, 11 May 2013 10:39 AM

පොලීසියට කරන්න පුළුවන් උසාවිය මගින් පරිවාස බාරයට පත් කිරීමට වඩා දරුවන්ගේ දෙමාපියන් ලගට යවන්න පිළිවලක් හැදුවොත් හොදයි කියලයි මටනම් හිතෙන්නේ. (ස)

:       0       0

හරීන් Saturday, 11 May 2013 10:51 AM

මෙය ආදර්ශමත් පුවතක් බව ඇත්ත. නමුත් මීට වැඩිය දේවල් මෙරටේ වෙන්නෙ නැද්ද? අපිත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන කැම්පස් ගියේ හරි අමාරුවෙන්. නමුත් මගේ ජීවිත කතාව ගැන කවුරුවත් කතා කළේ නැහැ. (නි)

:       0       0

සෑම් Friday, 10 May 2013 09:29 PM

ඇයි මේ අම්මට මාරුවක් දෙන්නේ නැතිව පරිවාසේට ළමයා බාරදුන්නේ. හරිම අසාධාරනයි. ඒ මනුස්සයා කොහොමද රස්සාවක් නැතිව දරුවෝ හදාගන්නේ.(නදී)

:       0       0

අරුණ Saturday, 11 May 2013 11:06 AM

අවු ,9 ළමයෙක් උයන්නේ කොහොමද? රෙදි හෝදන්නේ,සොයුරාව පිරිසිදු කරන්නේ, සහ ගෙදරක ඇති වැඩ ගොඩක් ?(ස)

:       0       0

රුවිනි Monday, 13 May 2013 05:59 AM

කලයුතු වන්නේ එක්කෝ අම්මා ලගට දරුවන් යැවීම හෝ අම්මට මාරුවක් ලබා දී දරුවන් වෙත යැවීම. අම්මාට නිල නිවාසයක් ලබාදී කුඩා දරුවන් එක්ක ඉන්න සලස්වන්න. පරිවාසේ ගැන නම් මගෙත් කිසිම පැහැදීමක් නැහැ. ඒ අය පඩි අරගෙන දුෂිත වැඩ කරමින් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමා කෙරන්නේ. (නදී)

:       0       0

පූජිත Saturday, 11 May 2013 11:18 AM

ලමයින් දෙන්නට අම්මා එක්ක ඉන්න ක්‍රමයක් හදල දෙන්න.(ස)

:       0       0

නාලක Sunday, 12 May 2013 02:38 PM

පපුව පැලෙන හදවත කඩා වැටෙන කට්ටිය මෙහෙම දෙයක් වෙනවද කියල දන්නෙත් නැ (දැනගත්තත් මොකවත් කරන්නෙත් නැ තමයි) මේ මිනිස්සු මේ කතාව එලියට ගෙනත් පරිවාසේට හරි මේ ළමයි දෙන්න නොදුන්නා නම්.(නදී)

:       0       0

චන්දු Saturday, 11 May 2013 09:13 PM

ඉහත අදහස් දක්වපු අයට ස්තුති කරනවා.(නදී)

:       0       0

විරාජ් Friday, 10 May 2013 09:53 PM

කියන්න වචන නැහැ. ,පරිවාසයෙන් හරියට ළමයි දෙන්නා බලාගත්තොත් හොදයි. දැන් තියෙන ළමා නිවාස ළමා මෙහෙකාර සේවය කරවාගන්නවා. දුප්පත් කම අභාරණයක් කරගෙන මේ දරුවෝ ටික අනාගතේදී සමාජයේ ඉහලින්ම වැජබෙන්න හොද පුරවැසියන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 10 May 2013 10:08 PM

අහිංසක කුඩා දරුවන්ට මවු සෙනෙහස මිසක් පරිවාසයෙන් ලැබෙන සෙනෙහසක් නැහැ. දරුවන්ගේ මවට බදුල්ලට මාරුවීමක් ලබා නොදෙන නිලධාරීන්ට දරු සෙනෙහසක් නොදැනෙන එකයි මෙතන තිබෙන ප්‍රශ්නය. අතිගරු ජනාධිපතිතුමනි, පින් සිදුවෙයි මේ දරුවන්ට සහනයක් ලබා දෙන්න (නි)

:       0       0

සිසිර Friday, 10 May 2013 10:11 PM

මාරුවක් ඉල්ලපවහම නොදෙන්නා ඇත්තේ දේශපාලන බලයක් නැති හින්දා වෙන්න ඇති (නි)

:       0       0

කුමාර Friday, 10 May 2013 10:12 PM

මොන විකාර වැඩක්ද මේ? ඇයි අම්මට මාරුවක් හදලා දෙන්නේ නැතුව ලමයි පරිවාසෙට දාන්නේ? (නි)

:       0       0

රෝෂිනි Saturday, 11 May 2013 12:16 PM

ජීවත් වෙන්න ඒ තරම් දිරිය ගන්න දරුවන් වෙනුවෙන්. මේකද ඒ ළමුන්ට ලැබුණු සහනය,කළයුත්ත අම්මට මාරුවක් දීම.(නදී)

:       0       0

රනිල් Friday, 10 May 2013 10:22 PM

‍මේ දරුවන් ක්‍රිස්තියානි පල්ලියකට හෝ මඩමකට භාර දුන්නා නමි ළමයින්ෙග් අධ්‍යාත්මික, අධ්‍යාපනික කටයුතු වගේම අවශ්‍යය සියලු පහසුකමි සැලසෙනවා.(නදී)

:       0       0

ආනන්ද ආර් Friday, 10 May 2013 10:22 PM

මේ දරුවන් ගැන හැබෑ සංවේදී ඇත්නම් මවට බදුල්ලට මාරුවක් හදලා දෙන්න. (නි)

:       0       0

රෝහණ Friday, 10 May 2013 10:34 PM

අපි අපි ගැනම ලජ්ජා විය යුතුයි.(නදී)

:       0       0

රූපවතී Friday, 10 May 2013 10:36 PM

අපේරටේ වගකිවයුත්තෝ හිටියට ජනතාවට ඇති කිසිම සෙතක් නැහැ. මේ සිදුවෙන අපරාධ වලට රජය විශේෂයෙන් වගකීම බර ගන්න ඕනෑ. මේ දරුවන්ට වහාම රජයේ අවධානය යොමුවී , මොවුන්ගේ මවට දරුවන් සමග නිවසේ සිට රැකියාවට යාම සදහා සුදුසු පියවරක් ගැනීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු වනතුරු අපි බලා සිටිමු (නි)

:       0       0

සම්පත් Saturday, 11 May 2013 12:53 PM

වගකීමක් දරන්න පුළුවන් නායකත්වයේ ලක්ෂණ තමා මේ දරුවා පෙන්වන්නේ. (නදී)

:       0       0

නිලංකා Saturday, 11 May 2013 01:00 PM

කලින් සුව ඇමති ඔය පළාතේ නේද? බඩ ලොකු නිසා පයින් යන්න බැරි නිසා හොයල බලල නැහැ. ඒ උනාට කාන්තාවෝ ගැන හරියට හොයනවා.(නදී)

:       0       0

මුදිත Saturday, 11 May 2013 01:04 PM

දැන් කාලෙ පරිවාසෙ වෙන්නෙත් බාල බිහිසුණු අපරාධ. එහෙම එකේ මේ ළමයිගෙ අම්මට ලඟ රෝහලකට මාරුවක් හදලා දුන්නනම් හරි. පරිවාසෙන් කරන්නේ අසරණ ළමයි ටිකක් හොයාගෙන හිර කරලා ඒ දරුවන්ගේ අනාගතය කාබාසිනියා කරලා අමත්‍යන්සයේ කොමසාරිස් , ඇමති, වැඩකරන ලොක්කෝ රට සවාරි යනවා,සොක්කෝ ඕ.ටී. බටා ගෙන නිකන් ඉන්නවා. වාහන වලින් ඒ අයගේ ළමයි ඉස්කෝලේ යනවා. හොදයි , පරිවාසේ ඇමතිට කියන්න පුලුවන්ද මේ ගිය අව්රුද්දෙ ළමයි එක්කෙනෙක්වත් යහපත් විදියට සමාජ ගත කරලා තියෙනවද කියලා? (නදී)

:       0       0

සිල්වා Friday, 10 May 2013 10:56 PM

මෙම දරු දෙදෙනා ලිංගික අපරාධකරුවන්ට ගොදුරු වෙන්න පුළුවන්. ජනාදිපතිතුමනි, මෙම අසරණ දරු දෙදෙනා වෙනුවෙන් මවට එම ගම් පළාතට මාරුවක් හදා දෙන්න බලදාරීන්ට දැනුම් දෙන්න. රටේ අනාගත සුරතල් වියේ පසුවන දරුවන්ගේ අනාගතය විනාශ වෙන්න ඉඩ දෙන්න එපා (නි)

:       0       0

මනෝහරන් Friday, 10 May 2013 11:12 PM

දරුවන්ගේ වගකීම සමාජගත කළ යුතුයි (නි)

:       0       0

තමරා Saturday, 11 May 2013 11:56 PM

දරු දුක දන්නේ මවක් පමණි.සමහර මැති ඇමතිවරු පොලිස් මහත්වරු කතා කරන්නේ ඒ අය ඉබේ පහල වෙච්ච අය වගේ. කරන්න ඕනෑ එකම දේ අම්මට මාරුවක් හදා දීලා දරුවෝ දෙන්නා ලඟට යවන්න. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 11 May 2013 01:40 PM

‍මේ කතාව කියවපු මට විශාල දුකක් අැති වුනා වගේම ඇමරිකාවේ ජීවත්වන තිලක්ගේ කථාව කියවන කොට ඇස් දෙකට කලුදු ආවා. තිලක් ඔබට ජය.(නදී)

:       0       0

සමන් - ඕමානය Saturday, 11 May 2013 12:06 AM

මෙම අහිංසක දරුවන් පරිවාස භාරයට පත් කලොත් ඔවුන් ළමා නිවාසයකට යවාවි. ඔවුන් මානසික හා ශාරීරික පීඩාවලට ලක් වේවි. ඊටවඩා හොඳයි නේද එම අහිංසක දරුවන්ගේ මවට බදුල්ල රෝහලට මාරුවක් ලබා දීම? ගරු සෞඛ්‍ය ඇමතිතුමා කාරුණික හා සාධාරණ පුද්ගලයකු බව දනිමි. මෙය එතුමාගේ අවධානයට යොමුවේවා! දරුවන්ට යහපත් අනාගතයක් බිහිවේවා!. (නි)

:       0       0

රංජනී Sunday, 12 May 2013 05:18 AM

හදවත කඩා වැටෙනවා මේවා අහනකොට. අනේ මේ අම්මට මාරුවක් දෙන්න බැරිද ? මේ දරුවෝ දෙන්නට කරදරයක් වුණො‍ත් ඔය දේශපාලුවෝ කිබුල් කදුලු හලාවී. (නි)

:       0       0

ඇන්ටන් Saturday, 11 May 2013 12:28 AM

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක්.(නදී)

:       0       0

පෙරේරා Saturday, 11 May 2013 12:30 AM

ඔන්න ලංකාව... නමින් ශ්‍රී ලංකා. කරන්නෙම ශ්‍රී වැඩ නෙවෙයි, අනිත් වැඩ. ලොක්කන්ට මෙවැනි මානුෂීය දේවල් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ. (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Saturday, 11 May 2013 02:53 PM

පළාත් සභා, ප්‍රාදේශීය සභා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ඇමති වරු වැනි අය කී දෙනෙක් මේ පළාතෙන් පොරකාගෙන මහජනයාට සේවය කරන්න ඉදිරියට එනවද. ඔය එක හොරෙක්ට වත් මේ ළමයට උදව්වක් කරන්න බරිවුනාද?(නදී)

:       0       0

මුනාෆ් Saturday, 11 May 2013 01:24 AM

පරිවාසයට මේ ළමයින් බාර දෙන්න එපා. මවට මාරුවීම දෙන්න. පරිවාසයට මේ වගේ ළමයින් බාර දීම නුසුදුසුයි. මවට මාරුවීමක් නොදී ළමයින් පරිවාසයට දුන්නා නම් වැරදියි (නි)

:       0       0

දෙව්මිණි ස්වීඩන් Tuesday, 14 May 2013 02:31 AM

ලෙඩේට නෙමෙයි බෙහෙත් .මේක තමයි ලංකාවේ තත්ත්වය. අම්මාට මාරුව හදලා දරුවෝ දෙන්නා බාර දෙන්නේ නැතුව, ප්‍රශ්නය තව ටිකක් පැටලෙන විදියටයි විසදන්නේ.පවුලක් කඩා ඉහිරනවා වගේ විසදුමක්නේ මේක. ඇත්තටම ප්‍රශ්නෙට නෙමේ උත්තරේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 May 2013 06:12 PM

ඉතාමත් කණගාටුදායක සිදුවීමක්. කරුණාකර ඔවුන්ගේ විස්තර නිවැරදිව දක්වන්න. එමගින් ඔවුන්ට අවශ්‍ය යම් සහන ලබාදීමට විදේශවල රැකියාකරන අපට හැකියාවක් ඇත. (නි)

:       0       0

සුසන්ත-ඉතාලිය Saturday, 11 May 2013 01:58 AM

දැන් කාලෙ පරිවාසෙ වෙන්නෙත් වැඩි හරියක් බාල අපරාධ. එහෙම එකේ මේ ළමයිගෙ අම්මට ලඟ රෝහලකට මාරුවක් හදලා දුන්නනම්, ඒ ළමයි ඒක්ක මේ අම්මා කොහොම හරි ජීවිකාව ගැට ගහගනී. ආසියාවේ ආශ්චර්ය.(නදී)

:       0       0

රාජා Saturday, 11 May 2013 04:05 PM

කැකිල්ලෙ තීන්දුවක්. අම්මව දරුවන් ලගට එවන ක්‍රමයක් ගැන නොසොයා ලමයිව පරිවාසෙට දාලා. ලංකාවෙ නිලධාරි වාඩිවෙන්නෙම මොලේ උඩ. (නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 11 May 2013 01:59 AM

මෙවන් සේවයක් කරන පොලිසියට මිනිසුන් ගරහන්නේ කුමක් නිසාද?(නදී)

:       0       0

චමී Saturday, 11 May 2013 02:05 AM

සෞඛ්‍ය ඇමති තුමනි මේ සේවිකාවට මාරු වීමක් දෙන්න ලොකු පිනක්. පරිවාසෙට නොදා දරුවය අම්මත් එක්ක එකට ඉන්න අවස්ථාව හදල දෙන්න.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 10 May 2013 06:33 PM

අනේ ආශ්චර්යමත් මේ රටේ මේ අය කටුනායක ඉදලා මත්තලට ප්ලේන් එකේවත් ගිහිල්ලා නැද්ද? වැඩක් නැහැනේ. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 10 May 2013 06:35 PM

අවශ්‍යම කෙනාට අවශ්‍ය දේ නැත. මෙම ළමුන් අනාත නොකර මවගේ ස්ථාන මාරුව වහාම ලබාදීමට වගකිවයුත්තන්ගේ ඇස් කන් ඇරේවා! (නි)

:       0       0

තිස්ස Saturday, 11 May 2013 04:45 PM

සාදාරන විසදුම අම්මට මාරුවීමක් සාදා දීමයි. (ස)

:       0       0

ලංකාසිරි Saturday, 11 May 2013 05:24 AM

මානුෂිකව හිතතන්න පුරුදු වෙන්න. මේ දරුවන්ගේ අම්මට රැකියා මාරුවක් දෙන්න. මගේ ජීවිතයේ දවසකට හැතැප්ම අටක් ඇවිද්දා අපේ ඉස්කෝලෙට. (නි)

:       0       0

රනිල් Saturday, 11 May 2013 05:47 AM

කරුණාකරලා මේ අම්මට මාරුව හද‍ලා දෙන්න ඇමතිතුමනි. අපට විශ්වාසයි ඔබතුමා ඒක කරයි කියලා. (නි)

:       0       0

සිල්වා Friday, 10 May 2013 07:01 PM

මේ වගේ දරුවන් රටටම වාසනාවක්. දුක දිනුවේ මොවුන් නේද? ඇමතිතුමාගේ ඇස් ඇරේවා. (නි)

:       0       0

දිසානායක Sunday, 12 May 2013 11:14 AM

යම් අයකුට පුලුවන්නම් මේ පැත්ත භාර ග්‍රාමනිලදාරියා පිළිබද තොරතුරක් ලබාදෙන්න මෙවැනි නිලදාරීන් රාජ්ජය සේවයට අනවශ්‍යයි.(නදී)

:       0       0

දිසානායක Sunday, 12 May 2013 11:14 AM

යම් අයකුට පුලුවන් නම් මේ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරි පිළිබද තොරතුරක් ලබාදෙන්න ඉතුරුටික අපි බලාගන්නම්. මෙවැනි නිලදාරීන් රාජ්‍ය සේවයට අනවශ්‍යයි (නි)

:       0       0

දම්මි Saturday, 11 May 2013 07:29 AM

අම්මට මාරුවක් හදා දුන්නා නම් නරකද (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Friday, 10 May 2013 07:18 PM

මේ වගේ දරුවෙක් පවුලකට සිටීම ලොකු වාසනාවක්. කෙසේ හෝ මේ අයගේ අධ්‍යාපනයට බාදාවක් නොවන ලෙසට කටයුතු කරන්න. දරුවන්ට සහනයක් ලබා දෙන්න ඔබලාට ජය.(නදී)

:       0       0

සදුනි Friday, 10 May 2013 07:18 PM

අනේ දෙයියනේ.(නදී)

:       0       0

අසාද් Saturday, 11 May 2013 06:13 PM

පාදඩ දේශපාලනය සහ කාලකන්නි පොලීසිය.(නදී)

:       0       0

ලලිත් Saturday, 11 May 2013 07:58 AM

ලේකම්ලා අධ්‍යක්ෂකලාට ඩියුටි ෆ්‍රී කාර් දෙන රටේ සුළු සේවකයෙකුට මාරුවක් හදලා දෙන්න මෙච්චර අමාරුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1561 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 265 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4459 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 475 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 629 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2180 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site