බදුල්ලේ විනීතගම වියදිගුණ ගෙදරක නව හැවිරිදි දරුවෙක් උදේ පහට අවදවී හය හැවිරිදි මල්ලීට ද කවා පොවා, ඇඳුම් අන්දවා සැතපුම් එක හමාරක් දුර පාසලට පයින් යයි.
ලිප පත්තු කිරීමට උස මදි නිසා පුටුවක් උඩට නැඟ ලිප පත්තු කරයි.
උදේ හතට මල්ලීද සමග පාසල් යන ඔහු මල්ලීද සමග සවස ගෙදර එයි.
ඔහුගේ මව කොළඹ රෝහලක කණිටු සේවිකාවකි.
පියා ගැන තොරතුරක් නැත.
දරුවන් සමග සිටීම සඳහා මව බදුල්ලට මාරුවක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව කියති.
මව මාසයකට දෙකකට වරක් ගෙදර එන්නීය. දරුවනට අවශ්‍ය කෑම බීම සපයා යළි කොළඹ යන්නීය. පියදිගම විදුහලේ විදුහල්පති ඇකිරියේ ධම්මරතන හිමියෝද, ගුරුවරු ද, ඇසල්වැසියෝ ද මේ දරු දෙදෙනා පත්වී සිටින ඉරණම දනිති.
බදුල්ල පොලීසිය අද ඔවුන් පොලීසියට රැගෙන ආවේ ඔවුන්ට ආරක්ෂාව සැලසීම සඳහාය.
වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතා ඒ පියවර ගත්තේය.
බත් හැලියක් ද එළවළුවක් ද කුස්සියේ තුබූ බව පොලීසිය කියයි..
දරු දෙන්නා බදුල්ල උසාවිය මගින් පරිවාස බාරයට පත් කිරීමට නියමිතය.
ඇගේ ලොකු දරුවන් (12/7) දෙන්නා බදුලුපිටියේ මිත්තණිය ළඟය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියට කරන්න පුළුවන් උසාවිය මගින් පරිවාස බාරයට පත් කිරීමට වඩා දරුවන්ගේ දෙමාපියන් ලගට යවන්න පිළිවලක් හැදුවොත් හොදයි කියලයි මටනම් හිතෙන්නේ. (ස)
පළාත් සභා, ප්‍රාදේශීය සභා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ඇමති වරු වැනි අය කී දෙනෙක් මේ පළාතෙන් පොරකාගෙන මහජනයාට සේවය කරන්න ඉදිරියට එනවද. ඔය එක හොරෙක්ට වත් මේ ළමයට උදව්වක් කරන්න බරිවුනාද?(නදී)
මේ කතාව කියවපු මට විශාල දුකක් අැති වුනා වගේම ඇමරිකාවේ ජීවත්වන තිලක්ගේ කථාව කියවන කොට ඇස් දෙකට කලුදු ආවා. තිලක් ඔබට ජය.(නදී)
දැන් කාලෙ පරිවාසෙ වෙන්නෙත් බාල බිහිසුණු අපරාධ. එහෙම එකේ මේ ළමයිගෙ අම්මට ලඟ රෝහලකට මාරුවක් හදලා දුන්නනම් හරි. පරිවාසෙන් කරන්නේ අසරණ ළමයි ටිකක් හොයාගෙන හිර කරලා ඒ දරුවන්ගේ අනාගතය කාබාසිනියා කරලා අමත්‍යන්සයේ කොමසාරිස් , ඇමති, වැඩකරන ලොක්කෝ රට සවාරි යනවා,සොක්කෝ ඕ.ටී. බටා ගෙන නිකන් ඉන්නවා. වාහන වලින් ඒ අයගේ ළමයි ඉස්කෝලේ යනවා. හොදයි , පරිවාසේ ඇමතිට කියන්න පුලුවන්ද මේ ගිය අව්රුද්දෙ ළමයි එක්කෙනෙක්වත් යහපත් විදියට සමාජ ගත කරලා තියෙනවද කියලා? (නදී)
කලින් සුව ඇමති ඔය පළාතේ නේද? බඩ ලොකු නිසා පයින් යන්න බැරි නිසා හොයල බලල නැහැ. ඒ උනාට කාන්තාවෝ ගැන හරියට හොයනවා.(නදී)
වගකීමක් දරන්න පුළුවන් නායකත්වයේ ලක්ෂණ තමා මේ දරුවා පෙන්වන්නේ. (නදී)
ජීවත් වෙන්න ඒ තරම් දිරිය ගන්න දරුවන් වෙනුවෙන්. මේකද ඒ ළමුන්ට ලැබුණු සහනය,කළයුත්ත අම්මට මාරුවක් දීම.(නදී)
ලමයින් දෙන්නට අම්මා එක්ක ඉන්න ක්‍රමයක් හදල දෙන්න.(ස)
අවු ,9 ළමයෙක් උයන්නේ කොහොමද? රෙදි හෝදන්නේ,සොයුරාව පිරිසිදු කරන්නේ, සහ ගෙදරක ඇති වැඩ ගොඩක් ?(ස)
මෙය ආදර්ශමත් පුවතක් බව ඇත්ත. නමුත් මීට වැඩිය දේවල් මෙරටේ වෙන්නෙ නැද්ද? අපිත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන කැම්පස් ගියේ හරි අමාරුවෙන්. නමුත් මගේ ජීවිත කතාව ගැන කවුරුවත් කතා කළේ නැහැ. (නි)
කැකිල්ලෙ තීන්දුවක්. අම්මව දරුවන් ලගට එවන ක්‍රමයක් ගැන නොසොයා ලමයිව පරිවාසෙට දාලා. ලංකාවෙ නිලධාරි වාඩිවෙන්නෙම මොලේ උඩ. (නදී)
රනිල් ලියනවා මොනවද ලියන්නේ කියලා එයාවත් දන්නේ නැ. මඩම්, පල්ලි වල කරන දෙවල් අපි දැක්කා. අම්මට ස්ථාන මාරුවක් ලබදුන්නනම් හරි. (ස)
විහිළු නැතුව, මවට මාරුවීමක් හදල දුන්න නම් හරිනේ සරලව කරන්න පුළුවන් ඔක්කොම පටලව ගන්න එක තම අපි හැමද කරන්නේ. දැන් පරිවාසේට ගත්ත කියල මොනවද අලුතෙන් ලැබෙන්නේ. (ස)
පළාත් සභා යටතේ පවතිනකොට මධ්‍යම ආණ්ඩුව මොනවා කරන්නද? මේ සිස්ටම් එකේ ප්‍රශ්න නිසා තමයි මේ ඔක්කොම (නි)
මේක තමා ඇති නැති පරතරය බලයක් නැති තැන ශක්තියක් නැහැ හරියට නිව්ටන් මාමගේ නියමය වගේ. (ස)
කෝ මේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා නිදිද ?(නදී)
පින්තුර නැත්නම් පිළිගන්න බැහැ.(නදී)
කිරිමුහුදට හඳ පැව්ව වගේ අහිංසක කම දොරේ ගලන පැටව් දෙන්නෙක්. සිංහල ජාතිය වඳ වේගන යනවා කියල කෑ මොර දෙන්නේ. මේ දරුවන්ට අම්මගේ රැකවරණය ලබා දෙන්න.මෙය අපේ වගකීම නේද? (ස)
මේ දරුවන්ගේ දුක අපගේ විමල් විරවංශ ඇමතිතුමාගේ නෙතට ලක්වේවා. අනුන්ගේ දුක දන්නේ එතුමා පමණයි. (ස)
දරු දුක දන්නේ මවක් පමණි.සමහර මැති ඇමතිවරු පොලිස් මහත්වරු කතා කරන්නේ ඒ අය ඉබේ පහල වෙච්ච අය වගේ. කරන්න ඕනෑ එකම දේ අම්මට මාරුවක් හදා දීලා දරුවෝ දෙන්නා ලඟට යවන්න. (නි)
දැන් ඉන්න නිලධාරීන්ගේ මොළේ තියෙන්නේ ඇළේද ? (ස)
අපගේ සියලුම දුක් කරදර දිවකනින් ඇසීමට ජනපතිතුමාට හැකියාවක් නොමැති බැවින් මෙපුවත එතුමාට දකින්නට ලැබී අහිංසක දරුවන් දෙදෙනාට තමුන්ගේ මව සමග ජීවත් වීමට ඉඩ සලසත්වා! (නි)
ලෙඩේට නෙමෙයි බෙහෙත් .මේක තමයි ලංකාවේ තත්ත්වය. අම්මාට මාරුව හදලා දරුවෝ දෙන්නා බාර දෙන්නේ නැතුව, ප්‍රශ්නය තව ටිකක් පැටලෙන විදියටයි විසදන්නේ.පවුලක් කඩා ඉහිරනවා වගේ විසදුමක්නේ මේක. ඇත්තටම ප්‍රශ්නෙට නෙමේ උත්තරේ. (නි)
කලයුතු වන්නේ එක්කෝ අම්මා ලගට දරුවන් යැවීම හෝ අම්මට මාරුවක් ලබා දී දරුවන් වෙත යැවීම. අම්මාට නිල නිවාසයක් ලබාදී කුඩා දරුවන් එක්ක ඉන්න සලස්වන්න. පරිවාසේ ගැන නම් මගෙත් කිසිම පැහැදීමක් නැහැ. ඒ අය පඩි අරගෙන දුෂිත වැඩ කරමින් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමා කෙරන්නේ. (නදී)
පපුව පැලෙන හදවත කඩා වැටෙන කට්ටිය මෙහෙම දෙයක් වෙනවද කියල දන්නෙත් නැ (දැනගත්තත් මොකවත් කරන්නෙත් නැ තමයි) මේ මිනිස්සු මේ කතාව එලියට ගෙනත් පරිවාසේට හරි මේ ළමයි දෙන්න නොදුන්නා නම්.(නදී)
යම් අයකුට පුලුවන් නම් මේ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරි පිළිබද තොරතුරක් ලබාදෙන්න ඉතුරුටික අපි බලාගන්නම්. මෙවැනි නිලදාරීන් රාජ්‍ය සේවයට අනවශ්‍යයි (නි)
යම් අයකුට පුලුවන්නම් මේ පැත්ත භාර ග්‍රාමනිලදාරියා පිළිබද තොරතුරක් ලබාදෙන්න මෙවැනි නිලදාරීන් රාජ්ජය සේවයට අනවශ්‍යයි.(නදී)
හදවත කඩා වැටෙනවා මේවා අහනකොට. අනේ මේ අම්මට මාරුවක් දෙන්න බැරිද ? මේ දරුවෝ දෙන්නට කරදරයක් වුණොත් ඔය දේශපාලුවෝ කිබුල් කදුලු හලාවී. (නි)
නදී කියපු කතාව හරියටම හරි (නි)
ඉහත අදහස් දක්වපු අයට ස්තුති කරනවා.(නදී)
මෙය ප්‍රචාරය කරන්න හොදම විදිහ තමා අහිංසක මව සහ දිරිය දරු දෙදෙනා. දරුවනේ ඔබලාට දෙයියන්ගෙම පිහිටයි.(නදී)
රනිල් ක්‍රිස්තියානි පල්ලියෙන් විතරද ඒ ළමයන්ට සහනයක් සලසන්න පුළුවන්? හැම දෙනාම ආගම වාසි ගන්න හදන්නෙපා. ඔවුන්ගේ අම්මට මාරුවක් සාදලා දුන්නනම් ප්‍රශ්නේ ඉවරයි.(නදී)
අසරණයන්ගේ දුක කාටවත් පෙන්නේ නැද්ද. ඇයි ඒ අම්මට මාරුවක් දෙන්න බැරි. බලදරයන්ට මේ වගේ අහිංසකයන්ගේ දුක පෙන්නේ නැද්ද. හැකි ඉක්මනට මේ අම්මට මාරුවක් ලබා දෙන්න ඇස් ඇරේවා කියල ප්‍රර්ථනා කරනවා.(නදී)
දරුවන්ගෙන් අම්මව ඇත් නොකර ඔක්කොම එකට ඉදලා ජිඉවත් වෙන්න මර්ගයත් සලසා දෙන්න.(නදී)
කරුණාකර මේ පවුලේ විස්තර දැනගන්න සලස්වන්න. මෙයාට සේවයෙන් ඉවත් වී දරුවන් සමග ජීවත් වියහැකි තරමේ අදායමක් සපයා දීමට කටයුතු කරන්නම්.(නදී)
පාදඩ දේශපාලනය සහ කාලකන්නි පොලීසිය.(නදී)
සාදාරන විසදුම අම්මට මාරුවීමක් සාදා දීමයි. (ස)
මෙ රටේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැහැ.(නදී)
අපි අපි ගැනම ලජ්ජා විය යුතුයි.(නදී)
මේ දරුවන් ගැන හැබෑ සංවේදී ඇත්නම් මවට බදුල්ලට මාරුවක් හදලා දෙන්න. (නි)
මේ දරුවන් ක්‍රිස්තියානි පල්ලියකට හෝ මඩමකට භාර දුන්නා නමි ළමයින්ෙග් අධ්‍යාත්මික, අධ්‍යාපනික කටයුතු වගේම අවශ්‍යය සියලු පහසුකමි සැලසෙනවා.(නදී)
මොන විකාර වැඩක්ද මේ? ඇයි අම්මට මාරුවක් හදලා දෙන්නේ නැතුව ලමයි පරිවාසෙට දාන්නේ? (නි)
මාරුවක් ඉල්ලපවහම නොදෙන්නා ඇත්තේ දේශපාලන බලයක් නැති හින්දා වෙන්න ඇති (නි)
අහිංසක කුඩා දරුවන්ට මවු සෙනෙහස මිසක් පරිවාසයෙන් ලැබෙන සෙනෙහසක් නැහැ. දරුවන්ගේ මවට බදුල්ලට මාරුවීමක් ලබා නොදෙන නිලධාරීන්ට දරු සෙනෙහසක් නොදැනෙන එකයි මෙතන තිබෙන ප්‍රශ්නය. අතිගරු ජනාධිපතිතුමනි, පින් සිදුවෙයි මේ දරුවන්ට සහනයක් ලබා දෙන්න (නි)
කියන්න වචන නැහැ. ,පරිවාසයෙන් හරියට ළමයි දෙන්නා බලාගත්තොත් හොදයි. දැන් තියෙන ළමා නිවාස ළමා මෙහෙකාර සේවය කරවාගන්නවා. දුප්පත් කම අභාරණයක් කරගෙන මේ දරුවෝ ටික අනාගතේදී සමාජයේ ඉහලින්ම වැජබෙන්න හොද පුරවැසියන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.(නදී)
ඇයි මේ අම්මට මාරුවක් දෙන්නේ නැතිව පරිවාසේට ළමයා බාරදුන්නේ. හරිම අසාධාරනයි. ඒ මනුස්සයා කොහොමද රස්සාවක් නැතිව දරුවෝ හදාගන්නේ.(නදී)
අපේරටේ වගකිවයුත්තෝ හිටියට ජනතාවට ඇති කිසිම සෙතක් නැහැ. මේ සිදුවෙන අපරාධ වලට රජය විශේෂයෙන් වගකීම බර ගන්න ඕනෑ. මේ දරුවන්ට වහාම රජයේ අවධානය යොමුවී , මොවුන්ගේ මවට දරුවන් සමග නිවසේ සිට රැකියාවට යාම සදහා සුදුසු පියවරක් ගැනීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු වනතුරු අපි බලා සිටිමු (නි)
මේ අම්මවයි දරුවන්වයි අසරණ කරලා තාත්ත වෙනත් විවාහයක් කරගන නම් එයාට නිසි දඩුවම් දිය යුතුයි. දරුවෝ දෙන්නගේ ආරක්ෂාව ගැන බලපු එක නම් ගොඩක් වටිනවා.(නදී)
මේ වගේ දරුවන් ඉන්න අම්මා කෙනෙකුට ස්ථාන මාරුවක් දෙන්න බැරි නිලධාරීන්ද අපේ ආසියාවේ ආස්චර්ය. ළමයි පරිවාසෙට දාලා සදා වෛරක්කාරයෝ කරන්නේ නැතිව දරුවගේ අම්මට මාරුවක් හදා දෙන්න කටයුකු කළොත් හොදයි නේද?(නදී)
දිරිය දරුවෙක් ජාතියටම ආදර්ශමත්. පරිවාස ගතකිරීම තුලින් දෙදෙනාටම යහපතක් වනවානම් හොඳයි.(නදී)
අනේ දෙයියනේ.(නදී)
මේ වගේ දරුවෙක් පවුලකට සිටීම ලොකු වාසනාවක්. කෙසේ හෝ මේ අයගේ අධ්‍යාපනයට බාදාවක් නොවන ලෙසට කටයුතු කරන්න. දරුවන්ට සහනයක් ලබා දෙන්න ඔබලාට ජය.(නදී)
මේ වගේ දරුවන් රටටම වාසනාවක්. දුක දිනුවේ මොවුන් නේද? ඇමතිතුමාගේ ඇස් ඇරේවා. (නි)
අවශ්‍යම කෙනාට අවශ්‍ය දේ නැත. මෙම ළමුන් අනාත නොකර මවගේ ස්ථාන මාරුව වහාම ලබාදීමට වගකිවයුත්තන්ගේ ඇස් කන් ඇරේවා! (නි)
අනේ ආශ්චර්යමත් මේ රටේ මේ අය කටුනායක ඉදලා මත්තලට ප්ලේන් එකේවත් ගිහිල්ලා නැද්ද? වැඩක් නැහැනේ. (නි)
සෞඛ්‍ය ඇමති තුමනි මේ සේවිකාවට මාරු වීමක් දෙන්න ලොකු පිනක්. පරිවාසෙට නොදා දරුවය අම්මත් එක්ක එකට ඉන්න අවස්ථාව හදල දෙන්න.(නදී)
පරිවාස බාරයට පත් කරනවට වඩා හොදයි මවට ස්ථාන මාරුව හදලා දෙන එක. පවු අහිංසක දරුවෝ දෙන්නා. (නි)
මේ වැඩේ කරන්න ඇමැති කම් ඕනේ නැහැ. මේ නිලධාරීන් හරියට වැඩ කරනවා නම් ඔය වගේ ප්‍රශ්න නැහැ.(නදී)
මේ අහිංසක යථාර්තයමයි මටත් තිබුනේ. තාත්ත නැති වුණා. අම්මා අපිව දාලා ගියා. මට අවුරුදු නමයයි. උදෙන්ම නැගිටලා උයනවා. නංගිට මල්ලිට උයලා කෑම දෙනවා. තුන්දෙනාම පාසල් යනවා. රාත්‍රියට බය හිතෙනවා . මම පන්තියේ පළවෙනියා. දැන ඉන්නේ ඇමෙරිකාවේ (නි)
කදුළු එනවා අහපුවහම,(නදී)
ලේකම්ලා අධ්‍යක්ෂකලාට ඩියුටි ෆ්‍රී කාර් දෙන රටේ සුළු සේවකයෙකුට මාරුවක් හදලා දෙන්න මෙච්චර අමාරුද? (නි)
අම්මට මාරුවක් හදා දුන්නා නම් නරකද (නි)
කරුණාකරලා මේ අම්මට මාරුව හදලා දෙන්න ඇමතිතුමනි. අපට විශ්වාසයි ඔබතුමා ඒක කරයි කියලා. (නි)
මානුෂිකව හිතතන්න පුරුදු වෙන්න. මේ දරුවන්ගේ අම්මට රැකියා මාරුවක් දෙන්න. මගේ ජීවිතයේ දවසකට හැතැප්ම අටක් ඇවිද්දා අපේ ඉස්කෝලෙට. (නි)
ඉතාමත් කණගාටුදායක සිදුවීමක්. කරුණාකර ඔවුන්ගේ විස්තර නිවැරදිව දක්වන්න. එමගින් ඔවුන්ට අවශ්‍ය යම් සහන ලබාදීමට විදේශවල රැකියාකරන අපට හැකියාවක් ඇත. (නි)
මෙවන් සේවයක් කරන පොලිසියට මිනිසුන් ගරහන්නේ කුමක් නිසාද?(නදී)
දැන් කාලෙ පරිවාසෙ වෙන්නෙත් වැඩි හරියක් බාල අපරාධ. එහෙම එකේ මේ ළමයිගෙ අම්මට ලඟ රෝහලකට මාරුවක් හදලා දුන්නනම්, ඒ ළමයි ඒක්ක මේ අම්මා කොහොම හරි ජීවිකාව ගැට ගහගනී. ආසියාවේ ආශ්චර්ය.(නදී)
පරිවාසයට මේ ළමයින් බාර දෙන්න එපා. මවට මාරුවීම දෙන්න. පරිවාසයට මේ වගේ ළමයින් බාර දීම නුසුදුසුයි. මවට මාරුවීමක් නොදී ළමයින් පරිවාසයට දුන්නා නම් වැරදියි (නි)
ඔන්න ලංකාව... නමින් ශ්‍රී ලංකා. කරන්නෙම ශ්‍රී වැඩ නෙවෙයි, අනිත් වැඩ. ලොක්කන්ට මෙවැනි මානුෂීය දේවල් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ. (නි)
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක්.(නදී)
මෙම අහිංසක දරුවන් පරිවාස භාරයට පත් කලොත් ඔවුන් ළමා නිවාසයකට යවාවි. ඔවුන් මානසික හා ශාරීරික පීඩාවලට ලක් වේවි. ඊටවඩා හොඳයි නේද එම අහිංසක දරුවන්ගේ මවට බදුල්ල රෝහලට මාරුවක් ලබා දීම? ගරු සෞඛ්‍ය ඇමතිතුමා කාරුණික හා සාධාරණ පුද්ගලයකු බව දනිමි. මෙය එතුමාගේ අවධානයට යොමුවේවා! දරුවන්ට යහපත් අනාගතයක් බිහිවේවා!. (නි)
දරුවන්ගේ වගකීම සමාජගත කළ යුතුයි (නි)
මෙම දරු දෙදෙනා ලිංගික අපරාධකරුවන්ට ගොදුරු වෙන්න පුළුවන්. ජනාදිපතිතුමනි, මෙම අසරණ දරු දෙදෙනා වෙනුවෙන් මවට එම ගම් පළාතට මාරුවක් හදා දෙන්න බලදාරීන්ට දැනුම් දෙන්න. රටේ අනාගත සුරතල් වියේ පසුවන දරුවන්ගේ අනාගතය විනාශ වෙන්න ඉඩ දෙන්න එපා (නි)