IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පට දරු විරෝධයට කිසිවෙක් ඇහුම්කම් නොදෙති

පිළිගත හැකි සාධාරණ සේවා  ව්‍යවස්ථාවක් උපාධිධාරීන් සඳහා ද, උසස්වීම් පටිපාටියක් සකසා සාධාරණ වැටුප් වැඩි වීමක් ද, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය සංවිධාන කළ විරෝධතාවක් කොළඹ ටොරින්ටන් හි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී අද පැවැත්විණි. බොරැල්ල කැම්බල් පිටියේ සිට අමාත්‍යංශය දක්වා  ඔවුහු ආහ.  අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ඔවුන් සමග  සාකච්ඡා කිරීමට නොපැමිණි නිසා ඔවුන් මහා පාරේ වාඩිවීම නිසා ටොරින්ටන්, බෞද්ධාලෝක මාවත ඇතුළු ප්‍රධාන මංසන්ධි කීහිපයක දැඩි රථවාහන තදබදයක් ඇති විය.



අදහස් (0)

පට දරු විරෝධයට කිසිවෙක් ඇහුම්කම් නොදෙති

චාතුර්යා Thursday, 02 August 2012 11:24 AM

මමත් භාග්‍යාට එකගයි. (නි)

:       0       0

අතුල Thursday, 02 August 2012 11:25 AM

මේවට තමයි කියන්නේ කුහකකම කියලා.උසස් පෙළ කරද්දි හැමෝගෙම හීනේ සරසවිය. ඒක බැරුව ගියාම කුහකකමින් වෛරයෙන් උපාධිධාරියාව පෑගීම තරම් තවත් සැනසීමක් ඒ පුද්ගලයන්ට නැහැ. අනිත් එක තමයි තමයි සියළුම දේවල් දේශපාලනයට ලගු කිරීම. (නි)

:       0       0

ශිවකුමාර Wednesday, 01 August 2012 12:01 AM

රස්සාවක් දුන්නට කළගුණ සළකන විදිය තමයි මේ. (නි)

:       0       0

ආනන්ද අබේරත්න Wednesday, 01 August 2012 01:21 AM

ඉහත ඒවා ලියපු අය මතුපිටින් බලලා විතරයි ඒවා ලියලා තියෙන්නේ .මෙතන ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා . ඒකයි මේ විරෝධය පැවැත්වූවේ . (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 02 August 2012 11:45 AM

මාර්තුකාව පච දරු කියලා වෙනස් කරමුද?(නු)

:       0       0

නන්දන Wednesday, 01 August 2012 07:37 PM

උපාධධාරීන්ට වඩා අඩු සුදුසුකම් වලින් රාජ්‍ය සේවයට එන අයටත් උසස්වීම් තියෙද්දී අපට විතරක් උසස්විම් නැති එක අසාධාරණ නැද්ද? (නි)

:       0       0

සෙනරත් Thursday, 02 August 2012 12:39 PM

අතුල කියපු කථාව හරියටම හරි. මිදි ඇඹුල් කියපු නරියා වගේ.(නු)

:       0       0

අමිල කටුනායක Wednesday, 01 August 2012 06:55 AM

අයියෝ පියුමි.. ඔයා දන්නෙ නැද්ද පට දරු කියන්නෙ මොකද්ද කියලා.. ඒකනෙ කියනනෙ.. මම දන්නෙත් නැහැ....!!(නු)

:       0       0

නාමල් Wednesday, 01 August 2012 07:25 AM

මොකක්ද මේ 'පට දරු' කියන්නේ? සිංහල ශබ්ද කෝෂයක් ඕනෑ වෙයි වගේ අපිට. (නි)

:       0       0

අමිල Wednesday, 01 August 2012 07:27 AM

ධම්මක ඔය කියන විභාගය මමත් මහ ඉහළින් සමත් වූණා. නමුත් හැකියාවට රැකියාවක් කෙසේ වෙතත්, මහන්සියේ හැටියට ආදායමක් ලබා මම අද ජීවිතය විදිනවා. (නි)

:       0       0

විජය Wednesday, 01 August 2012 07:56 AM

පට දරු.......???? (නි)

:       0       0

තාරුක Wednesday, 01 August 2012 08:57 PM

උගත්කමට කුහක විදියට සළකන අය අද රටේ වැඩියි. අසාධාරණය රජ කරන රටක්. උගත් අය (විශ්වවිද්‍යාල ආචාර්යවරු)අද මහමග. උගතුන් අද රට දාලා යනවා. රටේ සල්ලි නාස්ති නොකර විශ්ව විද්‍යාල වහලා දාන්න. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 01 August 2012 09:29 AM

අනේ මොකද්ද 'පට දරු' කියන්නේ කියලා කියන්නකෝ. (නි)

:       0       0

අනුර එස් ලියනගේ Wednesday, 01 August 2012 09:37 AM

(පට දරු විරෝධයට කිසිවෙක් ඇහුම්කම් නොදෙති) මොකක්ද මේ 'පට දරු' කියන්නේ.........? කරුණාකර අපට පැහැදිලි කරන්න... (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 01 August 2012 10:13 AM

මම අඳුනන කීපදෙනකුත් තමන් කරමින් සිටි පුද්ගලික අංශයේ හොඳ රැකියා අතහැර දමා මේ පත්වීම් ගන්න ඇවිත් අද පිකටින් කරමින් ඉන්නවා. ඔවුන්ගෙන් මම විමසුවා 'අයි අර තරම් හොඳ රැකියා අවස්ථා අතහැරියේ..' කියලා . හිත යටින් ලජ්ජා වෙමින් ඔවුන් දෙන පොදු පිළිතුර, 'ඒ තැන්වල වැඩ කරද්දී වගේ මැරෙන්න ඕනැ නැහැනේ ආණ්ඩුවේ රස්සාවක් ලැබුනාම...' ඔන්න ඕකයි ඇත්ත හේතුව. කඩා බිඳගෙන ඇවිත් රැකියාව බාරගන්නකොට දන්නේ නැත්ද මේවා දේශපාලන රැවටිලි මිස පවතින වැඩ නොවෙයි කියලා? කිසිදු වග විභාගයක් නැතුව නැතුව මෙහෙම රැවටෙන මොවුන්ගේ උගත් කමේ තරම මෙයින්ම පෙනේ. රටේ මිනිසුන්ගේ මුදලින් නිකන් ඉඳන් පඩිගන්න අයට මෙය හොඳ පාඩමකි. උපාධියේ ලොකුකම හා රටට සේවය කිරීමේ ආසාව ගැන කියන ලොකු කතා බයිලා මිස අනෙකක් නොවේ. (නි)

:       0       0

අමිල Wednesday, 01 August 2012 10:17 PM

මල්ලිලා ඇයි පාරේ විදවන්නේ? ඇයි නැද්ද කා.කා.ස. කෙනෙක්වත්? (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 01 August 2012 10:46 AM

මේ අය එළියට දාලා රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දුන්නානම් ඉවරනේ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 01 August 2012 12:05 PM

ඉගෙනගත්තට රස්සා දෙන්න ඕනෑ කියලා නීතියක් කොහේවත් නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 July 2012 06:50 PM

ඉස්සර නම් කෑ ගැහුවෙ රැකියා නැහැ කියලා..!!(නු)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 01 August 2012 12:26 PM

මමත් 1995 උපාධිධාරී බඳවාගැනීම් යටතේ රාජ්‍ය සේවයට එක්වූ නමුත් පසුකාලීනව ඇතිවූ කළකිරීම මා උපාධියට වඩා ඉහළ අධ්‍යාපන සුදුසුකම් මත වෙනත් රැකියාවක නිරතව සිටින කෙනෙක්.ඔය ප්‍රශ්නය එදා මටත් ඔය විදිහටම බලපෑවා.මමත් ඔය විදිහටම කට්ට කෑවා.පිකට් කලා.තාමත් මගේ නියම සුදුසුකමට ගැලපෙන රැකියාවක් නෙවෙයි මම කරන්නේ.මම විශ්වවිද්‍යාල උපාධි, පශ්චාත් උපාධි 6 ක්,දර්ශනපති හා ආචාර්ය උපාධි අත ඇතිව උගත්කමට ගැලපෙන රැකියාවක් නොමැතිව දුක් විඳිනවා.මම ගිය සම්මුඛ පරීක්ෂණවලදී මට වඩා ඉතා පහළ මට්ටමේ වූ කිසිදු සුදුසුකමක් නැති අය රස්සාවලට තෝරා ගත්තා.දේශපාලන හයියක් නැති නිසා මාව එළියට විසි වුණා. (නි)

:       0       0

නාරද Tuesday, 31 July 2012 07:05 PM

මේවා මේ විශ්වවිද්‍යාල වලින් පුරුදු වෙච්ච නරක පුරුදු.. හැමදේටම දියව් දියව්.. කොච්චර දුන්නත් මදි....!!(නු)

:       0       0

ලුම්බිණි Wednesday, 01 August 2012 01:31 PM

ඉන්ද්‍රජිත්, මේ අයට වඩා රටේ මිනිසුන්ගේ මුදලින් නිකන් ඉඳන් පඩිත් අරන්, රටේ සල්ලිත් නාස්තිකරමින් රට විනාශ කරන කණ්ඩායමක් ඉන්නවා නේද? (නි)

:       0       0

කුමාර Wednesday, 01 August 2012 01:54 PM

අපිට එදා සිට(1994) අද දක්චා(2012) කිසිම උසස්චිමක් හෝ චෙනන් දෙයක් නැතිව වී ඇති අසාධාරණය ඔයාලා දන්නෙත් නැහැනේ. (නි)

:       0       0

පෙත්තා Tuesday, 31 July 2012 08:11 PM

මේ ඡායාරූපෙ ඉන්න අයගෙ රැවුල් විලාසිතාවෙන්ම පේනවා මෙහෙයෙව්වෙ කවුද කියලා...!!!(නු)

:       0       0

භාග්‍යා Thursday, 02 August 2012 09:08 AM

අමිල කියන දේවල් හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට. (නි)

:       0       0

ධම්මික Tuesday, 31 July 2012 08:53 PM

අම්ල හා නාරද වෙත, උපාධීධාරීන්ට මේ රටේ වෙන අසාධාරණය ඔයාලා වගේ උගත්කමට කුහක විදියට සලකන අයට තේරුම් ගන්න බැහැ. දක්වන අදහස් වලින්ම ඔය අය‍ගේ හිතේ උගත්අය ගැන ති‍යෙන කුහක ආකල්පය අපට පේනවා. සැබෑ තත්වය නොදැන හැම දේ ගැනම අදහස් දක්වන්න එපා. විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙන්නේ මේ රටේ අමාරුම විභාගයකින් වැඩිම ලකුණු ගන්න අය. ඔයාලට ඒක අමතක එක ගැන ලැජ්ජා වෙන්න. (නි)

:       0       0

පියුමි ලියනගේ - මුල්ලේරියාව Tuesday, 31 July 2012 10:00 PM

මොකද්ද මේ පට දරු?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6548 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4958 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 923 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1321 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3181 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4154 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40181 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site