IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පටිනැති රියදුරා එළියට විසිවී මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ මැද යකඩවැට කඩාගෙන අනිත් පැත්තට හැරුණු ඩබල්කැබ් රියක සිටි ගාල්ල දංගෙදර රියදුරා ආසනයෙන් ඉවතට විසිවී පාරට වැටී රියට යටවී මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. කොන්ත්‍රාත්කරුවකු වන ඔහු ආසන පටිය නොපැළඳ සිටි බව ද කැබ් රථයේ වායු රයිපලයක් සහ විශාල මන්නා පිහියක් තිබූ බව ද පොලීසිය පවසයි. මෙය අධිවේගී මාර්ගයේ තුන්වැනි මාරක අනතුරයි.



අදහස් (0)

පටිනැති රියදුරා එළියට විසිවී මරුට

කේ.ඇලෙක්සැන්ඩර් Saturday, 28 July 2012 04:48 PM

ප්‍රගීත් අධිවේගී මාර්ගයක ගිහින් තියනවාද? 100 කියන්නේ ගොඩක් රටවල සම්මතයක්. ඒකෙන් කියන්නේ නෑ 100 ටම යන්න කියලා. 80-90 අතර ගියාම යන්න පුළුවන් හොඳින්ම. මෙහෙ කටාර් වලත් හයිවේ එක කියන්නේ නිතර අනතුරු වෙන තැනක්. ඒ මාර්ගෙත් 100 තමා උපරිම වේගේ. (අ)

:       0       0

සෑම් Saturday, 28 July 2012 04:57 PM

ජිව මොනාද දන්නේ අදිවේගී මාර්ග කියන්නේ දියුණු රටවල තියන සාර්ථක ප්‍රවාහන ක්‍රමයක් අදිවේගී මාර්ග ආරම්භ කරන්නේ කිලෝමීටර් 100 න්තමයි නැත්නම් මොකටද අදිවගි කියන්නේ. මාර්ග පාවිච්චි කරන අය අනිවාර්යයෙන්ම නීති පිළිපැදීම කරන්න ඕනේ. අදිවේගී මාර්ගයක වෙන වෙනෙම වාහන වලට වේග හදුන්වාදීම ප්‍රයෝගිකව කළනොහැකි දෙයක් (නු)

:       0       0

ලසිත Monday, 30 July 2012 03:46 PM

වටිනා ජීවිතයක් ,පව් ! (දී)

:       0       0

රේමන් Saturday, 28 July 2012 06:12 PM

වේගය වැඩි කරන්න වේගය මැදි

:       0       0

කින් බෙනට් Saturday, 28 July 2012 07:40 AM

ඔහු විසින්ම කරගත් නියම ක්‍රියාවක්.විශිෂ්ඨයි! (නි)

:       0       0

අමිල Saturday, 28 July 2012 07:44 AM

පටි නැති නිසා පටි රෝල් වූ අවස්ථාවක්. හරිම දුකයි! (නි)

:       0       0

නීල් Saturday, 28 July 2012 07:49 AM

තමන්ගේම නොසැළකිල්ල. හරිම කණගාටුයි. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 28 July 2012 07:56 AM

මම හිතන්නේ වරද කළ කෙනාට ස්වභාව ධර්මය විසින්ම දඬුවම් ලබා දීලා තියෙනවා. රජය මඟින් මෙවැනි නීතියක් පණවා ඇත්තේ කුමන කාරණයකට කියන දේ වටහා ගැනීමට අගනා අවස්ථාවක් මේක. මොකද සමහරුන් තර්ක කරනවා ආණ්ඩුව සල්ලි හම්බ කරන්න මිනිස්සුන්ගෙන් දඩ ගහන්න නීති රීති ගේනවා කියලා. නමුත් දැන් හැමෝටම තේරෙනවා නේද නීතියක් තියෙන්නේ මොකටද කියලා.නීතිය කැඩුවට ඒකේ අමිහිරි ප්‍රතිවිපාකට ඒ වෙලාවේදීම ලැබුනා. (නි)

:       0       0

ජගත් Saturday, 28 July 2012 07:12 PM

අනේ අපොයි.... මේවා හොද පාඩම් අපේ අයට... වාහනවල මෙ පටිය තියෙන්නේ ජනතාවගේ ආරක්ෂාවට ඒක නොදා ගියොත් අනතුරක් තමයි ඉතිං....(නු)

:       0       0

නිශාඩ් පෙරේරා Saturday, 28 July 2012 08:41 AM

ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකර අවාසනාවන්ත ලෙස අහිමි කරගත් ජීවිතයක්... (ස)

:       0       0

ප්‍රවීන් Saturday, 28 July 2012 08:58 AM

කියන දේ නාහන ගුරු ඉහල ගියත් එකයි පහළ ගියත් එකයි කියලා කියනවනේ..... (ස)

:       0       0

රෝහණ Saturday, 28 July 2012 09:04 AM

කව්රු මොනවා කීවත් ඔය දේවල් තිය්වෙන්නේ අපේ ආරක්ෂාවට (දී)

:       0       0

බෙන් ‍ටෙන් Saturday, 28 July 2012 09:34 AM

දැන් තිබෙන පුරස්නවල හැටියට ඔහුට සීට් බෙල්ට් දාන්න අමතක වුනාද? ‍මාර්ග පිවිසුමේ දී හෝ පොලීසිය මේවා ගැන නොබැලුවාද? වරද කාගේ වුවත් මරණය ලංවෙනකොට ඔහු සීට් බෙල්ට් නෙවෙයි ඉතා ශක්තිමත්ව ඉදිකරන ලද ගොඩනැගිල්ලක මැද සිටිය වුනත් මරණය ඔහු වැළද ගන්නවමයි. අවාසනාවන්ත ලෙස මියගිය ඔහුට නිවන් සුව පතමි. මෙවන් මරණ ‍මින් ඉදිරියට නොවෙවයි ද පතමු. (දී)

:       0       0

රුවන් ගමරාලගේ Saturday, 28 July 2012 09:35 AM

කොහොම උනත් ශෝක ජනකයි ....මගේ බලවත් ශෝකය ..... (දී)

:       0       0

නාලක Tuesday, 31 July 2012 08:48 AM

තරහ වෙන්න එපා. හොද වැඩේ (දී)

:       0       0

ෆරු Saturday, 28 July 2012 09:50 AM

හරිම කණගාටුයි...!!(නු)

:       0       0

ෂෙරිෆ් Saturday, 28 July 2012 09:41 PM

නත්ථි ජාතස්ස අමරණං...!!!(නු)

:       0       0

මාලා Saturday, 28 July 2012 09:45 PM

දේශපාලන අරමුණු වලින් තොරව ප්‍රශ්න දෙස බැලීමට අප සියළු දෙනාම පුරුදු විය යුතුයි. (නි)

:       0       0

ෂ්‍යාම් Saturday, 28 July 2012 10:48 PM

මම යෝජනා කරනවා 'අධිවේගී' කියන වචනය ඉවත් කරන්න. මිනිස්සු වේගය වැඩි කරන්න පෙළඹෙන්නේ ඔය වචනය නිසා තමයි. (නි)

:       0       0

වසන්ත පළිහවඩන Saturday, 28 July 2012 11:01 AM

කොන්ත්‍රාත්කරුවකු කිවේ???(නු)

:       0       0

සංජය පෙරේරා Saturday, 28 July 2012 11:16 AM

හිරිම කණගාටුයි..!!! ඔයට නිවන්සුව ලැබේවා..!!(නු)

:       0       0

පාලිත Saturday, 28 July 2012 11:31 PM

මාර්ගය අධිවේගී වූ පමණින් අපි අධිවේගී විය යුතු නැත...(නු)

:       0       0

රුවන් Saturday, 28 July 2012 11:34 AM

ඉවසීම නැත්නම් එතන අනතුරක් අනිවාර්‍යයි .. අපේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද දන්නේ නැහැ .. වාහන එලවද්දී පුදුම හදිස්සියක් තියන්නේ... තමන් වෙන වාහනයකට ඉස්සර කලාම ලොකු දෙයක් කියල හිතන්නේ. මම හිටන්නේ ඒක මානසික ලෙඩක් . අධි වේගේ මාර්ගයේ කව්රු හරි යනවනම් තමන්ගේ වහනය කොච්චර හොද උනත් 100 වඩා වේගය වැඩි කරන්න එපා . .. පාර ලිස්සනව. මමත් ඔය පාරේ ගිය නිසා ඒක දන්නවා. වහනයක් නවත්වල යද්දී හෑන් බ්රේක් අදාල යන්න කව්රුත් පුරුදුවෙලා ඉන්නවා වගේම වහනයට නැග්ග හැටියේම සීට් බෙල්ට් ඒක දාන්නත් අනිවෙර්යේන්ම පුරුදු වෙන්න ඕනේ.. මම මොන කල්පනාවක හිටියත් වහනයට නැග්ග හැටිය අත යන්නේ සීට් බෙල්ට් එකට. මොකද මට ඒක පුරුදු වෙලා තියන්නේ. කොහොමහරි හොද ජීවිතයක් නැතිවෙලා තියනවා ඉතා සුළු වැරැද්දකින් ... මගේ සංවේගය ... (ස)

:       0       0

ජිව Sunday, 29 July 2012 10:10 PM

අනේ අපි නම් අධිවේගී මාර්ගවල ගිහිල්ලා නැහැ.නමුත් සමහර මහත්තුරු නම් කියනවා ඒ අය ඉන්න රටවල තිනෙබ අධිවේගී මාර්ගවල ඉතාමත් වේගෙන් යන්න පුළුවන් කියලා. ඒවා ඉතින් දියුණු රටවල් වෙන්න ඇතිනෙ.ඒ රටවලට අධිවේගී මාර්ග ඇවිල්ල අවුරුදු ගණනාවක් වෙනවා. ඒ අයත් දැන් තියෙන ගාණට ටික ටික තමා වේගය වැඩි කර ගන්න ඇත්තෙ.දියුණු රටවල් කරන හැම දෙයක් ම අපට කරන්න බැහැ.අපට අධිවේගී ආවෙ ඊයෙ පෙරේදා.මේ ටිකට මේ විදියට මරා ගන්නවා නම් තව වේගය වැඩි කෙරුවොත් කොහොම හිටියි ද.පිටරට ඉන්න අයට අධිවේගී වල ගිහින් හොඳට පළපුරුදු ඇති.නමුත් මේ අධිවේගයේ යන්නෙ වැඩි දෙනෙක් ලංකාවෙ අය.ඒ අයත් ටික කාලයක් ගියාම කියයි මේ වේගය මදි කියලා. අන්න එතකොට වේගය වැඩි කෙරුවට කමක් නැහැ. ඊට ඉස්සෙල්ලා කාට හරි ඉගිලෙන්න ඕනෙ නම් දකුණු පැත්තෙන් ඉස්සර කරගෙන ඉගිලුනාට කමක් නැහැ.ඒකට නෙ එක පැත්තට මං තීරු දෙකක් තියෙන්නෙ.කොහොම වුණත් ඕව හරියට ම දන්නෙ ඕවායේ ඉන්න අයම තමයි. (නි)

:       0       0

බන්දු Tuesday, 31 July 2012 05:04 PM

අපි තවම වැද්දොද? ප්‍රා‍යෝගිකව හිතන්න මෙවැනි දේ ගැන...(නු)

:       0       0

සුජිත් බණ්ඩාර ඩුබායි Saturday, 28 July 2012 11:44 AM

චේතනාහං භික්කවේ කම්මං වදාමි.. පර පණ නැසීමේ අදහසින් ගිය ගමනක්ද දන්නෙ නැහැනෙ..(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 28 July 2012 12:01 PM

ආසන පටි නීතිය. කිසිම සමාවක් නැහැ. වාහනයක යන සියළු දෙනාම ආසන පටි පැළඳිය යුතුයි. මෙම නීතිය රථවාහන හිමිකරුවන් තේරුම්ගත යුතුයි. (ස)

:       0       0

සුදේශ් Saturday, 28 July 2012 12:11 PM

පව්.......... (ස)

:       0       0

ජීව Saturday, 28 July 2012 01:04 PM

කවුරු කොහොම කිව්වත් ඔය අධිවේගී මර්ගයට දීල තියෙන වේගය බොහොම වැඩියි.වේගය උපරිම වෙන්න ඕනෙ පැයට කිලෝමීටර් 80යි.මේ වේගය උපරිමය මිසක් හැමවිටම තබා ගතයුතු වේගයක් නොවෙයි.කෙනෙකුට මාර්ගයේ වම් පැත්තට බරව 60ත් 70ත් අතර වේගයකින් යාමට අවස්ථාව තිබිය යුතුයි.80ට යන කෙනාට දකුණු පැත්තෙන් ඉස්සර කර යා හැකියි.වේගය පැයට කිලෝ මීටර් 100ක් කියන්නෙ මාරක වේගයක්.මර්ගයක හැම වාහනයකට ම එකම වේගයක් හඳුන්වා දීමත් වැරදියි.බස් රථ වැනි ලොකු වාහන වලට එක වේගයකුත් පොඩි වාහන වලට තව වේගයකුත් තිබිය යුතුයි.අනිත් එක තමයි 100 වේගයට හැම විටම තබා ගන්න කීම.මේක මෝඩ කතාවක් මෙන්ම මිනී මැරීමට අනුබල දීමක්.තව දෙයක් තමයි විශාල වේගයකින් ඔය මාර්ගයේ යන්නෙ වාහන ටිකයි.එහෙම වුනාම ඔය මාර්ගය හදන්න ගත්ත ණය ගෙවන්න මේ පයින් යන අපටත් සිද්ද වෙනවා. (ස)

:       0       0

සනත්ය් ඉන්දික Sunday, 29 July 2012 03:53 AM

අධිවේගී මාර්ගයක් කියන්නේ 100 වඩා වේගෙන් යන්න ඕනේ නැත්නම් එක අදිවේගී වෙන්නේ නැහැ.මම ඉන්න රටේ අදිවේගේ පටන්ගන්නෙම 100 න් පලවෙනි මන්තිරුව 2 වෙනි මන්තිරුව 140 3 වෙනි මන්තිරුව 180 දක්වා යන්න පුළුවන් වැරැද්ද නීතියක් තියනවනම් එක පිළිනොපදින එකයි කොහොම උනත් මෙයාගේ වියෝව ගැන මගේ බලවත් කණගාටුව ඔබට නිවන් සුව අපේ රටේ මිනිස්සු ඉන්නෙම වැරදි හොයන්න බලාගෙන මොනවා කෙරුවත් බලන්නෙම වැරද්දක් කියන්න අනේ මන්ද්චා කවදා මේ මිනිස්සු හැදෙයිද කියල මේ මනසිකත්වේ නිසා අපි හැමදාම ලෝකෙත් එක්ක පරම්පරා තුනකට පිටිපස්සේ ඉන්නේ (නු)

:       0       0

මදූ Saturday, 28 July 2012 01:12 PM

මරණය කාට උනත් කොහේ හිටියත් පොදුයි.... (ස)

:       0       0

තරංග Saturday, 28 July 2012 01:14 PM

හිරිම කණගාටුයි..!!! (ස)

:       0       0

දයා Monday, 30 July 2012 01:24 AM

පටි නොදැම්මේ එයාගේ වෙලාව නිසයි.එයා ඒ වෙලාවේ ගෙදර හිටියත් ගහක් කඩා වැටිලා හරි මැරෙනවා. (නි)

:       0       0

සජී Saturday, 28 July 2012 01:20 PM

60 -70 අතරේ යන්න ඕන නම් අධිවේගී මගක් මොකටද ?? (ස)

:       0       0

රජිත මංජුල Saturday, 28 July 2012 01:57 PM

උෂ්ණාධික අපේ රටේ මින්ස්සු කමිසයට ටයිපටිය දාන්න තියෙන උනන්දුව අනතුරකදි අවදානම අවම කරගන්න වාහන බදපටිය දාගන්න කැමති නැහැ..!!(නු)

:       0       0

රවි Saturday, 28 July 2012 02:00 PM

60 -70 අතරේ යන්න ඕන නම් පරණ ගාලු පාරෙන්ම යන එකනෙ ඇත්තෙ... (ස)

:       0       0

ප්‍රගීත් Sunday, 29 July 2012 08:11 AM

කේ ඇලෙක්සැන්ඩර්, කටාර් වල අධිවේගී මාර්ග ගැන හිතා ගන්න පුලුවන්.එහෙම නැත්නම් ඔබගේ නොදන්නා කම."සනත් ඉන්දික" ගේ කතාව හරි. (නි)

:       0       0

ගිහාන් Saturday, 28 July 2012 02:29 PM

මාර්ගය අධි වේගී උනත් නැතත් නිවැරදිව ගමන් කිරීමට කවුරුත් ඉගෙන ගත යුතුයි. මොන රටකින් වුනත් හරිදේ ඉගෙන ගත යුතුයි. වැරැද්ද ඉගෙන ගන්න නම් තමන් වැරදි කරන බව මුලින් පිළිගත යුතුයි. මම දකින විදිහට, පාරේ නියමිත වේගයෙනුයි රිය පදවන්න ඕනේ. 70 වේගයට 60 ට වත් 80 ට වත් යාම වැරදි. එහෙම හැමෝම නියමිත වේගයෙන් යනකොට ඉස්සර කිරීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එතකොට මානසික ආතතිය අඩු වෙනවා. කොළඹ රිය පදවනකොට තියෙන ලොකුම අමාරුව තමයි, කොයි මොහොතේ අතුරු පාරකින් වාහනයක් දමයිද කියන එක. බලන්න මොන අසීලාචාර කමක්ද? පටු පාරක නම් ඉදිරියෙන් එන වාහනයට ඉඩ දීමක් නැහැ. කාන්තාවක්, මහලු කෙනෙක් රිය පදවනකොට කියන ඇනුම් පද අනෙක් වාහනවල ඉන්න උදවිය. රිය පදවන උදවිය දැන්වත් හිතට ගත යුතු දේ දෙකකි. - ඉවසීම, අන් අයට ගරු කිරීම (වාහනය මොකක් උනත් , රියදුරු කවුරු උනත්). - උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව දැනගන්නේ. (ස)

:       0       0

ලකින්දු Sunday, 29 July 2012 08:59 AM

පටි නැතුව ගිහින් පටි රෝල් වුණාට හොද වැඩේ. (නි)

:       0       0

ප්‍රගීත් Saturday, 28 July 2012 03:10 PM

පාරක් හැදුව කියල උදම් ඇනුවට වැඩක් නෑ.කට්ටියගේ හැටි අපි නොදන්නවයැ.නියම ප්‍රමිතියන්ට සංයුතියන්ට අනුව හැදුවනම් පොඩි වැස්සකට,වතුර පාරකට ලිස්සන්නෙ නෑ.වන සත්තු ඇතුල්වෙන ප්‍රදේශ තියනවනම් ඒ තැන් දැල් වලින් ආවරණය කරන්න ඕනෙ.අනික ඇක්සිඩන්ට් එකකදි පාරට අලාභහානියක් උනොත් ඒකත් ගෙවන්න ඕනෙ.එතකොට මොකටද ගේට් වලදි ටිකට් කඩන්නෙ.අනික හිමින් යන්නනම් මොකටද අධිවේගී මාර්ග.100 වේගයත් මදි.අඩුම ගානෙ 120-130 වත් වෙන්න ඕනෙ. (ස)

:       0       0

තරංග Monday, 30 July 2012 09:04 AM

පිට රට දේ නැතුව අපේ දේ අගය කරන්න පුරුදු වෙන්න....(ස)

:       0       0

බෙත්මගේ දොන් ශාන්ත විජේවර්ධන Saturday, 28 July 2012 03:44 PM

මට පෙනෙන හැටියටනම් මේ රියදුරා කොහෙහරි අපරාධයක් කරන්න ගියාද දන්නෙ නැහැ.. මොකද වාහනයේ තිබිල තියෙනවා තුවක්කුවක් සහ මන්න පිහියකුත්.. හිතේ බයට පටිය පළදන්න අමතක වෙන්න ඇති.. බයෙන් යන නිසා වේගය ගැනත් අමතක වෙන්න ඇති..(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 29 July 2012 10:13 AM

"සුජිත් බණ්ඩාර ඩුබායි 2012-07-28 11:44:10 චේතනාහං භික්කවේ කම්මං වදාමි.. පර පණ නැසීමේ අදහසින් ගිය ගමනක්ද දන්නෙ නැහැනෙ..(නු)"බෙත්මගේ දොන් ශාන්ත විජේවර්ධන 2012-07-28 15:44:59 "මට පෙනෙන හැටියටනම් මේ රියදුරා කොහෙහරි අපරාධයක් කරන්න ගියාද දන්නෙ නැහැ.." 'දන්නේ නැති' දේවල් ගැන කමෙන්ට් දාන එක තමයි වසංගතයක් වෙලා තියෙන්නේ. මේ මනුස්සයා හේනක් ගොවිතැන් කරන්න ගිය ගමනක්ද කවුද දන්නේ? මොකද මන්නය සහ වායු රයිපලය ඕනෑවෙන්නේ මිනී මැරීමට නොව වගා කටයුතු වලටයි. මේ පුවතට මෙම ආයුධ ගැන ඇතුලත් කල එකත් අනවශ්‍ය වැඩක්. මොකද මේවා මොලේ නැති අය කියවලා රටේවත් නැති නිගමන වලට එනවා. (දී)

:       0       0

මියගිය අය Sunday, 29 July 2012 10:24 AM

"ලකින්දු 2012-07-29 08:59:35 පටි නැතුව ගිහින් පටි රෝල් වුණාට හොද වැඩේ... " ඔබ වැනි සතුන් අතර වෙසෙනවාට වඩා මියයාම සැපතකි. ඔබ කවදාවත් නොමැරී ඔහොමම ඉන්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 228 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 385 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 199 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 644 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site