IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පාඨලී මාධ්‍ය දුක සොයා බලයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන බොහොමයක් දැඩි ආර්ථික අභියෝගවලට මුහුණදී සිටින හෙයින් එම ගැටලු විසඳීම සඳහාවූ යෝජනා රටේ ආර්ථික ගැටලු විසඳීම සඳහා පිහිටවූ ජාතික සභාවට නොබෝ දිනකින් ඉදිරිපත් කරන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

බොහෝ සමාගම් සිය වෙළෙඳ දැන්වීම්  සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණයන් ආර්ථික ගැටලු හේතුවෙන්  සියයට 70 කින් පමණ අඩු කර ඇති බව  එම අනු  කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.

ආර්ථික අර්බුද හේතුවෙන් ජනමාධ්‍ය ආයතනවලටද අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඇතැයි ජනමාධ්‍යවේදීහු පිරිසක් එම කමිටුව හමුවේ පැවසූහ.

ආර්ථික අර්බුදය හමුවේ ජනමාධ්‍ය ආයතනවල ගැටලු සහ ඊට අදාළ විසදුම් සහ යෝජනා සාකච්ඡා කිරීම සදහා  පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන්  ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව පසුගිය 15 වැනිදා රැස්විය.

රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත්  ආයතන මෙන්ම වෙබ් මාධ්‍ය, සහ සමාජ මාධ්‍යවල  ජනමාධ්‍යවේදීහු පිරිසක් මෙම කමිටුව හමුවට කැඳවනු ලැබ සිටියහ.

රූපවාහිනි ආයතනවලට වෙළෙද දැන්වීම් ලැබෙන ප්‍රමාණය රාත්‍රී ප්‍රමුඛ කාලය තුළ (Prime time) සිදුවන විදුලි කප්පාදුව නිසා  පහතවැටී ඇති බවත්  වත්මන් ආර්ථිකය තුළ වැඩසටහන් නිෂ්පාදනය සදහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවත්  මෙහිදී කරුණු අනාවරණය විය.

කඩදාසි හිඟය ඇතුළු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා පුවත්පත් ඇතුළු ප්‍රකාශන කර්මාන්තවල විශාල පසුබෑමක් සිදුව ඇති බව පුවත්පත් නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීහූ කරුණු පෙන්වා දුන්හ.

මෙම තත්වය නිසා පුවත්පත්වල පිටු සීමා කිරීමට සහ පුවත්පත්වල   මිල ඉහළ දැමීමට සිදුව ඇති බව ප්‍රකාශ කළ ඔවුහු පුවත්පත් මුද්‍රණය සියයට 60ත් 70ත් අතර  ප්‍රමාණයකින් අඩුවී ඇති බවද  වැඩිදුරටත් ප්‍රකාශ කළහ.



අදහස් (1)

පාඨලී මාධ්‍ය දුක සොයා බලයි

ANURA ROME Friday, 16 December 2022 02:51 PM

මෙයා පාට ලීයක් නෙවෙයි දිරච්ච ලීයක්.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 471 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 857 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 458 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1233 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 697 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3027 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site