IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘පුතාගේ ප්‍රශ්නයට අගමැති කමත් පටලවාගෙන‘

තම පුතාට ඇප ලබාගැනීමට පැය අටක් කල්කුඩා පොලිසියේ ගත කළ බවත් පොලිසියට කිසිම බලපෑමක් නොකළ බවත් එහෙත් ලංකාවේ සියලුම පුවත්පත් වල එම සිද්ධිය මුල් සිරස්තලය සේ පළවූ බවත් එසේ සිදු වූයේ කෙසේ දැයි තමා දන්නා බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ විජේරාම මාවතේ නිල නිවසේ කොරිඩෝවේ දී පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කෙළේය.

‘මා අගමැතිකම පරිත්‍යාග කළ මිනිහෙක්. මගේ පුතාගේ සිද්ධියට අගමැති කමකුත් පටලවාගෙන මගේ ප්‍රතිරූපය නැති කරනවා‘ යැයි ද ඔහු කීවේය.

ඔහු චෝදනා කරන්නේ රජයට දැයි මාධ්‍යවේදීන් ඇසුවිට ‘මටත් හිතා ගන්න බෑ‘ යනුවෙනි. කල්කුඩාවේදී ඇමැති පුත් දහම් සිරිසේන (20) නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරගේ පුත් අසේලට (27) පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ තම ප්‍රතිරූපය කෙළෙසීම සඳහා මාධ්‍ය ඔස්සේ කුමන්ත්‍රණයක්  ක්‍රියාත්මක වන බවයි. එම කුමන්ත්‍රණය අසාර්ථක වුවහොත් තමා ඝාතනය කිරීම ඊළඟ පියවර බවත් තමාට දැනට ම මරණ තර්ජන එල්ලවී ඇති බවත් ඇමැති කීවේය. අර්නස්ට් හෙමින්වේ නම් ඇමරිකා ලේඛකයා ගේ කියමනක් උපුටා දක්වමින් ඇමැති සඳහන් කෙළේ ‘මිනිහකු පරාජය කළ නොහැකියි. එහෙත් විනාශ කළ හැකිය යන්න‘ මේ සිද්ධියේ දී පෙනෙන බවත් කොටි සංවිධාන පස් වතාවක් තමා මරන්නට හැදූ නමුත් අන්තිමෙදී කොටියන් විනාශ වූ බවත් චන්ද්‍රිකා කුමාරතුංග ජනපති සමයේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූයේ තමාගේ යෝජනවක් අනුව බවත් ඒ අනුව ඔහු ජනාධිපති වී කොටියන්ද පරාජය කළ බවත් ඇමැතිවරයා කීවේය. චන්ද්‍රිකා කුමාරතුංග සමයේ අගමැති පදවියට තිදෙනකුගේ නම් යෝජනා වි යැයි ද අනුර බණ්ඩාරනායක, ලක්ෂ්මන් කදීර්ගාමර් හා මෛත්‍රිපාල සිරිසේන එම නම් තුන යැයි ද ‘මෛත්‍රි මගේ මල්ලිට මම ඇගමැති කම දෙන්නේ කොහොමද‘ යනුවෙන් ඇය එදා ඇසූවේ යැයි ද අගමැතිකම් වලට සුදුස්සන්ගේ නම් යෝජනාකරමින් ජනතා විමුක්ති පෙරමුණෙ ලේකම් ටිල්වින් සිල්වා එදා ඉදිරිපත් කළ ලිපියක් ද පෙන්වමින් සිරිසේන මහතා කරුණු දැක්වීය.

මුහුදු වෙරළෙදි කොල්ලන් පිරිසක් ගහගෙන තියෙනවා. ඒක එතැනින් ඉවරයි. මම කිසිම බලපෑමක් කෙළේ නැහැ. ඩී.අයි.ජීට මං කිව්වේ ඕනෑ විදියට පරීක්ෂණ කර ගන්න කියලයි. ඒ දරුවත් බලන්න මම රෝහලට ගියා. ඔහු කීවේ අංකල් කිසිම ප්‍රශ්නයක් නෑ කියලයි‘. ඇමැතිගේ පුතා ඇතුළු පිරිස නිරුවතින් සිටියේ දැයි ඇසූ විට ඔහු කීවේ  හැබැයි පොලිසියට පැමිණිලි දාන්න ගියාම දෙපැත්තම  කරන්නේ තමන්ගේ වාසිය පැමිණිල්ල ඉදිරිපත් කිරීම බවයි. ‘මා එහේ නොසිටි නිසා ඒ ගැන මට කියන්න බෑ. ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රකින බව තමා විශ්වාස කරන බවත් ඒ අනුව හැම විටම ක්‍රියාකරන බවත් ඇමැති කීවේය.

 



අදහස් (0)

‘පුතාගේ ප්‍රශ්නයට අගමැති කමත් පටලවාගෙන‘

ගමගේ Wednesday, 27 February 2013 02:00 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

චාලුක Wednesday, 27 February 2013 02:04 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

අශෝක Wednesday, 27 February 2013 02:02 PM

අද දවසේ කාටුන් ඒකතමයි නියම, ආඩම්බරකාර තාත්තා වරු (දී)

:       0       0

බමුණූසිංහ Wednesday, 27 February 2013 05:57 PM

එයාගේ තරුණකම රටේ අනෙක් අයට පෙන්නන්න ගිය එක වැරදියි. (නි)

:       0       0

සුරේෂ් Wednesday, 27 February 2013 02:10 PM

මොකද්ද ඒ අගමැති ප්‍රශ්නේ (දී)

:       0       0

විමල් Wednesday, 27 February 2013 05:57 PM

මේක ගැන මම හිතන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලෙසයි. (නි)

:       0       0

අමිල Thursday, 28 February 2013 07:53 AM

පොලිස් ලොක්කෙක් ගේ පුතෙකුට හෝ ප්‍රසිද්ධ කෙනෙකුට ගැහුවම නේ පත්තරේ හරි යන්නේ. අහිංසක මිනිස්සු කී දෙනෙකුට ඇමති පුත්තු කරදර කරනවා ඇති ද. ඒවා ප්‍රසිද්ද වෙන්නෙත් නැහැනේ.(නදී)

:       0       0

නිමල් Wednesday, 27 February 2013 02:13 PM

මේ ප්‍රශ්නය අලලා නොහොබිනා චෝදනා කරන්න එපා (දී)

:       0       0

රකිත් Thursday, 28 February 2013 07:57 AM

කොල්ලන් පිරිසක් ගහගෙන තියෙනවද? නැත්නම් එක කොල්ලෙකුට කොල්ලන් පිරිසක් ගහලා තියෙනවද? එහෙමත් නැත්නම් එක කොල්ලෙක් කොල්ලන් පිරිසක් ලවා තමාටම ගහගෙන තියෙනවද? (නි)

:       0       0

රත්න Wednesday, 27 February 2013 02:18 PM

මේ ප්‍රශ්නේ කොතනද වැරැද්ද තියෙන්නේ (දී)

:       0       0

සහන් Wednesday, 27 February 2013 02:14 PM

පුතා වරදකරුනම් නිසි දඬුවම් දෙන්න කියාපු එක ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

ජගත් Wednesday, 27 February 2013 06:17 PM

දහම් කියලා කියන්නේ ධර්මයේ හැසිරෙන නිසා වෙන්න ඇති. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 28 February 2013 08:13 AM

ගරු ඇමතිතුමනි, කෙසේවෙතත් ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙන්නේ කෙසේදැයි පුතාට ඉගැන්විය යුතුයි. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 27 February 2013 02:19 PM

තාත්තාගේ බලය පාවිච්චි කරන්නේ පුතානේ (දී)

:       0       0

නිකුක Wednesday, 27 February 2013 02:16 PM

මොකද්ද ඒ කතාව (දී)

:       0       0

මැල්කම් Wednesday, 27 February 2013 06:31 PM

මේ ගැටලුව ගැන තවත් සොයා බැලිය යුතුයි. (නි)

:       0       0

අනුර Thursday, 28 February 2013 08:29 AM

මේ සිද්ධිය සාමාන්‍ය පුද්ගලයකුට වුනානම්... ඔහු ඇමති පුතෙක් හෝ වෙනත් උසස් නිලධාරියකගේ පුතෙක් නොවුණා නම්... මොනවා වෙයිද? (නි)

:       0       0

තරිඳු Wednesday, 27 February 2013 02:22 PM

තාත්තා මොනවා කරන්නද (දී)

:       0       0

සමීර Friday, 01 March 2013 02:51 PM

අගමැති නම මේ දවස්වල නිතරම කතා වෙනවා (දී)

:       0       0

ශ්‍රියා Wednesday, 27 February 2013 02:24 PM

මම කියලා මොනවා කියන්නද (දී)

:       0       0

රත්නා Wednesday, 27 February 2013 02:24 PM

ඇමති තුමා කියන තර්ජන මොනවද (දී)

:       0       0

හේමන්ත Wednesday, 27 February 2013 02:25 PM

ළමයි ළමයිම විසදා ගද්දෙන් (දී)

:       0       0

චන්න Wednesday, 27 February 2013 06:44 PM

මට මොකුත් මතක නැහැ (දී)

:       0       0

උපුල් Thursday, 28 February 2013 08:15 PM

ඇමතිතුමා පවු! (නි)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Wednesday, 27 February 2013 06:44 PM

දැන් ඉතින් කාටවත් දොස් කියලා පලක් නැහැ.(නදී)

:       0       0

රනා Wednesday, 27 February 2013 02:24 PM

ඒවා හරි නැති වැඩ (දී)

:       0       0

සමන් Wednesday, 27 February 2013 02:30 PM

අයියෝ දැන් මොකද කරන්නේ (දී)

:       0       0

කෝට්ටගේ Wednesday, 27 February 2013 02:28 PM

කරන දෙයක් පරිස්සමෙන් (දී)

:       0       0

හේරත් Wednesday, 27 February 2013 02:30 PM

පියවරුන්ගේ බලය අනිසි ලෙස යොදා ගැනීමක් (දී)

:       0       0

දුමින්ද Wednesday, 27 February 2013 02:31 PM

මදැයි වෙච්ච දේ (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 27 February 2013 02:32 PM

ජෙෂ්ට ඇමති කෙනෙක්ගේ පුතෙක් නේද මේ (දී)

:       0       0

අමරවීර Wednesday, 27 February 2013 07:06 PM

මෙහි සත්‍ය දන්නේ කොල්ලෝ දෙන්නා විතරයි. නිකන් නැති ප්‍රශ්ණ ඇති කරන්න එපා.(නදී)

:       0       0

චන්ද Wednesday, 27 February 2013 02:37 PM

මේ වගේ වැඩ නීති විරෝධී වැඩ නොවෙයි කියලා කියයිද දන්නේ නැහැ (දී)

:       0       0

ජීවන්ත Wednesday, 27 February 2013 02:35 PM

අයි. ඕ. සිරිසේන. (දී)

:       0       0

රවිදු Wednesday, 27 February 2013 07:17 PM

මොකද්ද මේ වැඩේ (දී)

:       0       0

දිනුක Thursday, 28 February 2013 10:08 AM

අනේ අපි මොකටද නිකන් අපේ ‍ලේ පුච්චා ගන්නේ? (නි)

:       0       0

බණ්ඩා Wednesday, 27 February 2013 02:43 PM

ඇමතිතුමාගේ පුතා අහිංසක ඇති. (නි)

:       0       0

සකු Wednesday, 27 February 2013 07:33 PM

මොකද්ද මේ වැඩ වල තේරුම (දී)

:       0       0

සමන් Wednesday, 27 February 2013 02:42 PM

රට හදන්න ප්‍රථම තමන්ගේ දරුවන් යහපත්ව හැදිය යුතුයි. (නි)

:       0       0

අරවින්ද Wednesday, 27 February 2013 02:48 PM

පොලිස් පුතා එයාටම ගහගත්තාදෝයි මට දැන් හිතෙනවා. (නි)

:       0       0

උපාලි Wednesday, 27 February 2013 07:38 PM

අමිමො! මේ සිද්දිය පිටිපස්සේ තියෙන දේවල්.(නදී)

:       0       0

සුමිත් Thursday, 28 February 2013 10:17 AM

ඇමතිතුමාලට ළමයි හදන්න විතරයි පුළුවන් හොඳ නරක කියා දෙන්න වෙලාවක් නැහැ. ඒ එයාලා කාර්යබහුල අය නිසා (ස)

:       0       0

ෆැන්සි Wednesday, 27 February 2013 02:50 PM

හැමදාම මොකාක් හරි කතා කරන්න පුළුවන් දෙයක් ලංකාවේ තියෙනවා (දී)

:       0       0

උදය Wednesday, 27 February 2013 02:51 PM

මෙතන තියෙන්නේ ළමයි ළමයි ප්‍රශ්නයක්ද , තත්තා තාත්තා ප්‍රශ්නයක්ද (දී)

:       0       0

සේනාධීර Wednesday, 27 February 2013 02:52 PM

මේ ප්‍රශ්නයත් සමග මෛත්‍රී සහ දහම් යන නම් වල ඇති සම්බන්ධය කුමක්ද? (නි)

:       0       0

කපිල වසන්ත Wednesday, 27 February 2013 02:52 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (ස)

:       0       0

සන්ජිවා Wednesday, 27 February 2013 02:51 PM

අනේ මන්දා, මට මොකුත් කියන්න බැහැ (දී)

:       0       0

සංක Wednesday, 27 February 2013 02:55 PM

කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

සනත් Thursday, 28 February 2013 10:24 AM

ඔක්කොම තරහා පිට කරනවා වගේ (දී)

:       0       0

ලලිත් Wednesday, 27 February 2013 02:57 PM

දන්නෝ ඇත්ත දනිති. (නි)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 08:01 PM

ළමයි බේ ප්‍රශ්න වලට තාත්තලා ගාව ගන්න එපා (දී)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 08:08 PM

අනුමත කරන්න බැහැ (නි)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 02:54 PM

එනකොට ප්‍රශ්න එන්නේ පෝලිමේ (දී)

:       0       0

ලාල් Thursday, 28 February 2013 10:34 AM

පුතාගේ දේවල් වලට තාත්තාව ගව ගන්න එපා (දී)

:       0       0

තරිඳු Wednesday, 27 February 2013 02:56 PM

ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඒකයි මේවගේ දේවල් ඇති වෙන්නේ (දී)

:       0       0

තිස්ස Wednesday, 27 February 2013 02:57 PM

සමාජයේ ප්‍රශ්න නැතිවට (දී)

:       0       0

ගීතානි Wednesday, 27 February 2013 03:02 PM

ඇමතිතුමා වෙලා මෙහෙම නම් අගමැති වුණා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

ටිකිරි Wednesday, 27 February 2013 08:33 PM

බැරි වෙලවෙත් අපි වගේ අසරණ මිනිහෙකුට ගැහුවහම අපියි කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

සංජනා Thursday, 28 February 2013 03:22 PM

මටත් දැන් හිතෙන්නේ මේක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් (නි)

:       0       0

බණ්ඩා Wednesday, 27 February 2013 08:35 PM

දෙමාපියන්ට බලය, ධනය කොතරම් තිබුණත් ඉන් දරුවෙකුගේ යහපත් චරිතය ගොඩනගන්න බැහැ. (නි)

:       0       0

රුහුණු Wednesday, 27 February 2013 03:02 PM

පහත තැනින් යයි ගලා ජලේ (දී)

:       0       0

සරත් Wednesday, 27 February 2013 08:39 PM

ප්‍රාදේශීය මන්ත්‍රීලා නීතිය අතට අරගෙන කරන දේවල් වලට පාර්ලිමේන්තු මන්ත්‍රීලා මොනවා කරන්නද? (නි)

:       0       0

උපුල් Thursday, 28 February 2013 10:43 AM

මේ ඇමතිතුමා කියලා තියන්නෙත් අරයා කියපු දේමනේ. එයත් කිව්වේ කොලු කමට ගහගත්තට ඒක ගණන් ගන්න එපා කියලනේ. අර කියමනක් තියෙනවනේ මිනිසෙක් ඝාතනය කළත් ඔහුගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා. ඒ නිසා ඇමතිතුමාට දොස් කියන එකත් වැරදිඑ යි. ( මේ මගේ අදහස . ඕනෑ කෙනෙකුට එකග වෙන්න , නොවෙන්න පුළුවන් ) (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 27 February 2013 03:03 PM

ඇමති පුතුන් දැනගන්න ඕනෑ තමන්ගේ දෙමවුපියන්ගේ ප්‍රතිපත්ති විනාශ නොවෙන විදියට වැඩකරන්න. (නි)

:       0       0

ටිරාන් Wednesday, 27 February 2013 08:43 PM

දෑන් රටේ නීති හදන්නේ ඇමති පුතුන්ද? (නි)

:       0       0

කීර්ති Wednesday, 27 February 2013 08:45 PM

එතකොට ඒ තරුණයාට දැඩි සත්කාර ඒකකයේ ඉන්න ගැහුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින්ද? (නි)

:       0       0

විමුක්ති Wednesday, 27 February 2013 08:50 PM

"මුහුදු වෙරළෙදි කොල්ලන් පිරිසක් ගහගෙන තියෙනවා. ඒක එතැනින් ඉවරයි." ඒඅසරණයා ගුටි කාලා මැරුණා නම් එතකොටත් ඒක එතැනින් ඉවරයිද? (නි)

:       0       0

upul meegamuwa Thursday, 28 February 2013 10:49 AM

අමිල , ඔතනදි මේකනේ වෙන්නේ අපි වගේ පොඩි යට එකට ශක්තියක් ඇති කියල මම හිතන්නේ න .

:       0       0

තිලක් Wednesday, 27 February 2013 08:52 PM

ඉහළම තැන සිට පහළම තැනට ගත්තොත් වැඩිහරියක් අද ඉන්නේ චණ්ඩියෝ. (නි)

:       0       0

රතු Thursday, 28 February 2013 10:56 AM

එතනත් අගමැති කම (දී)

:       0       0

දනුක Wednesday, 27 February 2013 03:12 PM

තාත්තා කියුවානේ වරද කරුනම් ඕනෑම දඩුවමක් දෙන්න කියලා, තව මොකටද ඒ මනුස්සයාට් කැගහන්නේ (දී)

:       0       0

තුෂාර Wednesday, 27 February 2013 03:16 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. බරපතල ලෙඩෙක් රෝහල් ගත කරලා ඉන්නකොට, ලෙඩා රෝහලෙන් පිට වෙනකල් හදිසි අනතුරකදීවත් ඇප දෙන්නෙ නැහැ නේද? (නි)

:       0       0

නිරාන් Wednesday, 27 February 2013 03:17 PM

විනයගරුකව පුතා හදාගත්තා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ. (නි)

:       0       0

ඩේවුඩ් Wednesday, 27 February 2013 03:19 PM

අපිට නම් දෙයිද පොලිස් ඇප? (නි)

:       0       0

ජීවන් Wednesday, 27 February 2013 03:17 PM

මම ගැහුවෙ නැහැ... මට මතක නැහැ... ඔච්චරයි අන්තිමට වෙන්නේ. (නි)

:       0       0

දම්මි Wednesday, 27 February 2013 09:24 PM

මොනවා නැතත් තමන්ගෙ පුතාව හදාගන්න ඕනෑ නේද? (නි)

:       0       0

ගාමිණී. Wednesday, 27 February 2013 03:22 PM

ගොඩක් ඇමතිවරුන්ගේ පුත්තු දගකාරයි. ඒත් බලන්න අපේ ජනාධිපතිතුමාගේ පුතුන් කොපමණ වැදගත් විදියට සිටිනවාද කියලා. (නි)

:       0       0

ශ්‍රීමාලි Wednesday, 27 February 2013 03:23 PM

කොල්ලෝ පිරිසක් එකතුවෙලා තනි කොල්ලෙකුට ගහන එක වැරදියි. (නි)

:       0       0

ගුනේෂ් Wednesday, 27 February 2013 03:27 PM

ගොඩක් ඇමති පුතුන් වගේම ඇමතිවරුත් උපාසක බළලුන් තමයි. (නි)

:       0       0

දේශප්‍රිය Wednesday, 27 February 2013 03:29 PM

මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යතුමාට මාධ්‍ය කරන විනාශය නම් හරිම කණගාටුදායකයි. (නි)

:       0       0

වරුණ Wednesday, 27 February 2013 03:33 PM

අනවශ්‍ය දේවල් වලට කට දානවට මේවා හොද පාඩම් (දී)

:       0       0

බමුණූසිංහ Wednesday, 27 February 2013 03:39 PM

වැදගත් ළමයි රණ්ඩුවලට පැටළෙන්න යන්නෙ නැහැ. (නි)

:       0       0

ජූඩ් Thursday, 28 February 2013 11:26 AM

බොහොම ලැජ්ජයි. තරාතිරම නොබලා ගතයුතු ක්‍රියාමාර්ග ගන්න. (නි)

:       0       0

ගයාන් Thursday, 28 February 2013 11:28 AM

දැන් එතකොට කවුද වැරදි ? (ස)

:       0       0

අමිල Saturday, 02 March 2013 02:28 AM

දෙමවුපියන් කාටත් තමන්ගේ දරුවාව වටිනවා. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 28 February 2013 11:39 AM

හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගෙයිනේ... (නි)

:       0       0

පාලිත Wednesday, 27 February 2013 03:46 PM

ළමයින්ගේ ප්‍රශ්න වලින් කරදර විදින්නේ තාත්තලා (දී)

:       0       0

සාලමුල්ලා Wednesday, 27 February 2013 03:48 PM

නොසැළී ඉන්න ඇමතිතුමනි. (නි)

:       0       0

සංජීව Wednesday, 27 February 2013 10:52 PM

දැන් මේවා අහලා පුතා ආයිත් රෙදි නැතුව ඉදීද දන්නෙ නැහැ. (නි)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 03:51 PM

ඔය විපක්‍ෂෙ අය අද බොරුවට කෑගැහැව්වාට ඒ අය බලයට ආවාමත් කරන්නේ ඔය ටිකම තමයි. (නි)

:       0       0

ගමගේ Wednesday, 27 February 2013 03:48 PM

මොකද දැන් කරන්න හිතන් ඉන්නේ (දී)

:       0       0

සාගර Wednesday, 27 February 2013 03:52 PM

වෙන වැඩ නැහැනේ ඒකයි (දී)

:       0       0

අශෝක Wednesday, 27 February 2013 03:53 PM

මොන වරද කළත් කාටත් තමන්ගෙ ළමයි වටිනවා. ඒකට දේශපාලකයො, සාමාන්‍ය ජනතාව කියලා වෙනසක් නැහැ. (නි)

:       0       0

සුදත් Wednesday, 27 February 2013 03:58 PM

ඇයි මේ පැය 48 නීතිය මේකට පටලවා ගන්නෙ. ඒක ක්‍රියාත්මක වෙන්නෙ මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම් වැනි බරපතල අපරාධ කළ සැකකරුවන්ට. (නි)

:       0       0

වසන්ත Thursday, 28 February 2013 12:01 PM

වැරැද්දක් කරන්න හොදයි. මාධ්‍යවල යන්න නරකයි. (නි)

:       0       0

අනුර Wednesday, 27 February 2013 04:04 PM

අනේ මන් දන්නේ නෑ මේවා.... අපි සාමාන්‍ය මිනිස්සු... (ස)

:       0       0

පද්මි Thursday, 28 February 2013 12:07 AM

මේ හෙළයින්ගේ රටේ ඇමති පුතෙක් නිරුවතින් සිටීම වරදක් නොවේ. (නි)

:       0       0

කුමාර Wednesday, 27 February 2013 04:09 PM

නුඹ නාඩන් නුඹ නාඩන්... නුඹට ඕවා හොද පාඩම්... (නි)

:       0       0

තිලක් Wednesday, 27 February 2013 04:23 PM

අන්න ඒ වැඩේ නම් වැරදි (දී)

:       0       0

සිරිපාල Thursday, 28 February 2013 12:42 PM

තුවාලකාරයා පහරදීපු පුද්ගලයන්ව දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්විය යුතුයි. නමුත් විත්තිකාරයාගේ තාත්තා පොලිසියේ ඇප දෙනකම් වාඩිවෙලා ඉඳලා පෙරට්ටුවක් නැතිව ගෙදර අරගෙන යනකොට තව මොන බලපෑම්ද ? (නි)

:       0       0

ලලිත් Thursday, 28 February 2013 01:04 AM

ඇමතිතුමාට තියෙන්නේ මේවගේ පුතෙක් හදපු එකග ැන ප්‍රසිද්ධියේ මහජනතාවගෙන් සමාව ඉල්ලන්න. ඒකයි මහත්මා දේශපාලනය කියන්නේ. මොකද අම්මලා තාත්තලා ළමයින්ට කියලා දෙන්න අවශ්‍යයි බලය ඇති අය වගකීමේන් ආදර්ශමත්ව හැසිරෙන විදිය! (නි)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 04:23 PM

බලාගෙන යනකොට මෙතුමා විතරනේ හොද කෙනෙකුට ඉන්නේ. (නි)

:       0       0

අනුර Wednesday, 27 February 2013 04:28 PM

මෛ්වගේ දේවල් වලින් අපේ මහජනතාවට එපා වෙනවා හැම කෙනෙක්ම (ස)

:       0       0

ශාන් Monday, 04 March 2013 05:55 AM

අයියෝ! (නි)

:       0       0

රකිත් Thursday, 28 February 2013 03:18 AM

අන්තර්ජාතික කුමන්ත්‍රණයක්ද? මේක දැන් සෑහෙන කාලෙක ඉඳන් ගහන පදයක්නේ, මට නම් මේකට නටලා, නටලා ඇතිවෙලා. වෙන එකක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

පිටිගල Wednesday, 27 February 2013 04:47 PM

අනේ අපේ ඇමතිතුමාව බේරගන්න කවුරුත් නැද්දෝ... (නි)

:       0       0

පිටිගල Thursday, 28 February 2013 04:48 AM

ඇයි ඇමතිතුමා මරන්න බලාගෙන ඉන්න අයව පොලිසිය අත්අඩංගුවට ගන්නෙ නැත්තේ? (නි)

:       0       0

කුමාරි Friday, 01 March 2013 07:35 AM

නියම කතාව. කදුළු හැලෙන්න දුන් කතාවක්. (නි)

:       0       0

නාලක Wednesday, 27 February 2013 05:02 PM

අපේ කැළණිය පැත්තෙ හිටපු කෙනාට මේ ප්‍රශ්නය විසදන්න දෙමු. (නි)

:       0       0

ඩෙන්සිල් Thursday, 28 February 2013 05:48 AM

15 දෙනෙක්ගෙන් ගුටි කැවා නම් මෙයා‍ගේ තත්ත්වය මීට වැඩිය බරපතළ වෙන්න ඕනෑ. ඒ නිසා මේ චෝදනාව ගැන මට සැකයි. (නි)

:       0       0

සංක Wednesday, 27 February 2013 01:32 PM

දැන් මොකද කරන්නේ (දී)

:       0       0

නාලක Wednesday, 27 February 2013 01:36 PM

ඇමති උනත් ප්‍රශ්න ඇති වෙනවා (දී)

:       0       0

සූකිරි Wednesday, 27 February 2013 01:33 PM

වෙන කෙනෙක් ලවා බලපෑම් කළෙත් නැද්ද... විශ්වාසද? (ස)

:       0       0

උපාලි Thursday, 28 February 2013 07:10 AM

ඇමතිලා කරන හොද මාධ්‍යයට දාන එක හොද වැඩක් නම්, ඇමති පුතෙක් මෙහෙම වැඩක් කළ එක මාධ්‍යයට දාන එක කුමන්ත්‍රණයක්ද? (නි)

:       0       0

පද්මා Wednesday, 27 February 2013 01:34 PM

එතකොට අර පැය 48 නීතියට මොකද උනේ (ස)

:       0       0

අසේල Wednesday, 27 February 2013 01:35 PM

ඒක හොද නැහැ (දී)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 28 February 2013 07:08 AM

මේ වැරැද්ද කළ පළමුවැනියා මේ ඇමතිතුමාගේ පුතා විතරක් වගෙයිනේ කට්ටියගේ කතාව. (නි)

:       0       0

දුශාන් Tuesday, 05 March 2013 03:04 PM

අනේ මොන විකාරද මේ (දී)

:       0       0

සිසිර Wednesday, 27 February 2013 05:15 PM

දැනවත් තේරෙනවනේ ව්‍යාපෘතිය මොකක්ද කියලා.(නදී)

:       0       0

රංග Wednesday, 27 February 2013 01:35 PM

ඒ මොකටද (දී)

:       0       0

රීටා Wednesday, 27 February 2013 01:40 PM

ඔන්න වැඩ (දී)

:       0       0

ලොකු Wednesday, 27 February 2013 01:41 PM

කාටද අපි වැරදි ,කියන්නේ උනේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ (දී)

:       0       0

රනිල් Wednesday, 27 February 2013 01:43 PM

අයියෝ මෛත්‍රී (දී)

:       0       0

රූපා Wednesday, 27 February 2013 01:44 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ධමිත් Wednesday, 27 February 2013 01:45 PM

අන්තිමේදි කවුරුත් කියන්නේ ඔහොම තමයි... මම ගැහුවෙ නෑ... මට මතක නෑ... අයියෝ සල්ලි... (ස)

:       0       0

රූපා Thursday, 28 February 2013 07:29 AM

ඇමති බලය ඇති අය කළ යුතු වන්නේ ආදර්ශමත්ව හැසිරෙන විදියට පුතාලා හැදීමයි. සිද්ධියට සමාව ඉල්ලන්න. නිකන් නැති ප්‍රශ්ණ ඇති කරන්න එපා. මහත්මා දේශපාලනය කියන්නේ ඒක තමයි. (නි)

:       0       0

චන්දන Wednesday, 27 February 2013 01:45 PM

පුදුම වැඩක්, මීට කලින් කොල්ලෝ වැල්ලේ ගහගෙනම නැත්ද? පොලිසි ගිහින් සමාදාන කරගෙන නැත්ද? (ස)

:       0       0

රංග Wednesday, 27 February 2013 01:45 PM

වැරදි කරන්න ඕනේ මිනිස්සුන්ගේ හිතවත් කම බලන්න (දී)

:       0       0

විශ්ව Wednesday, 27 February 2013 05:17 PM

ඇමතිකෙනෙකුගේ පුතෙක් කියලා තරුණකම අඩුවෙන්නේ නැහැනේ. එයාලත් අපේ රටේ දරුවෝ. මේ වගේ දේවල් සාමාන්‍යකරණය කරන්න වෙනවා.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 03 March 2013 03:52 PM

අනේ මේ පොඩි කොල්ලෝ දෙන්නෙක් ගහගෙනනේ... (නි)

:       0       0

නිහාල් Wednesday, 27 February 2013 01:47 PM

තාත්තා තමයි අන්තිමට වැරදි මෙතන (දී)

:       0       0

චන්දික Wednesday, 27 February 2013 01:55 PM

අනවශ්‍ය ප්‍රශ්න ගාව ගන්න එපා (දී)

:       0       0

උපුල් Wednesday, 27 February 2013 01:55 PM

ළමයින්ගේ වැරදි වලට දෙමාපියෝ වන්දි ගෙවන්න ඕනේ. (දී)

:       0       0

තරුක Wednesday, 27 February 2013 01:52 PM

ඔයිට කලින් සිද්දි මතකයි අපිට (ළමයි ළමයි ගහගත්තු වෙලාවල් ) (දී)

:       0       0

සංජීව Wednesday, 27 February 2013 05:33 PM

ඔයා හොදයි. අපි තමයි මෝඩ. (නි)

:       0       0

සුමිත් Wednesday, 27 February 2013 01:53 PM

මමනම් මොකුත් කියන්නේ නැහැ ඔන්න (දී)

:       0       0

රොහාන් Wednesday, 27 February 2013 01:57 PM

ඒ වැඩේනම් හරි නැහැ නේ ද (දී)

:       0       0

රෝ Wednesday, 27 February 2013 05:39 PM

මට දරුවෝ ධාර්මිකව හදාගෙන්න බැරිවුණොත් මට නම් ඒ ගැන ලැජ්ජයි. බලන්න අපේ ජනාධිපතිතුමාගේ දරුවෝ දිහා. අපුරුවට ඉන්නේ... (නි)

:       0       0

නවුෂාඩ් Wednesday, 27 February 2013 05:45 PM

අනේ මම දන්නේ නැහැ මේවා. අන්තිමට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.... (නි)

:       0       0

වසා Wednesday, 27 February 2013 05:47 PM

මේක මහ කුමන්ත්‍රණයක්ද කොහෙද? මට පෙනෙන්නෙ ඉන්දියාවත් සම්බන්ධයි. (නි)

:       0       0

රොෂාන් කොඩිකාර Saturday, 02 March 2013 10:58 PM

කිතුලට ගිය මිනිහාටත් කියන්න දෙයක් තිබුණා ආයුබෝවන්න (අ)

:       0       0

කමල් Wednesday, 27 February 2013 02:00 PM

මොකද මේ ප්‍රශ්න වලට ඇමති පුත්තුම පැටලෙන්නේ (දී)

:       0       0

සෙනරත් Wednesday, 27 February 2013 05:49 PM

අයියෝ! (නි)

:       0       0

දිල්කි Wednesday, 27 February 2013 02:01 PM

අවස්තාව ආවහම හැම පැත්තෙන්ම ගහනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 2 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 20 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 910 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1357 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2030 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 503 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site